Home කාලීන පුවත් අධිකරණ සේවා කොමිසම පැවරී ඇති බලතලවලට පිටින් යන්නේ නෑ

අධිකරණ සේවා කොමිසම පැවරී ඇති බලතලවලට පිටින් යන්නේ නෑ

by Hela news

අධිකරණ සේවා කොමිෂන් සභා‍වට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල හා කාර්යභාරයන්ට පරිබාහිරව කිසිදු කාර්යයකට මැදිහත් නොවන බව අධිකරණ අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් අධිකරණ සේවා කොමිෂන් සභාව පිළිබඳෙ නැඟු ප්‍රශ්න කිරීමට පිළිතුරක් වශයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළ සම්මන්ත්‍රණය අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පැවැත්වූවක් නොව එය ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනය සතු බලතල හා කාර්යභාරය අනුව පැවැත්වූවක් බව ද එම නිවේදනයෙන් පෙන්වා දෙයි. විවිධ අවස්ථාවලදී කාලීනව වැදගත් වන කරුණු සම්බන්ධයෙන් විනිසුරුවරුන්ට මෙවැනි සම්මන්ත්‍රණ පවත්වන බවත්, ‍විශේෂයෙන් කොවිඩ් වසංගතය හමුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ, වසංගත තත්ත්වය යටතේ අධිකරණ ක්‍රියාවලිය පවත්වාගෙන යෑම, නිරෝධායන පනත, අපරාධ නඩු විධාන සංග්‍රහය, දණ්ඩ නීති සංග්‍රහය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන අනුව මහජන පීඩා පිළිබඳ නෛතික තත්ත්වය විශ්ලේෂණය ආදි වැදගත් විෂයයන් එහිදී සාකච්ඡා කර ඇති බවත් අදාළ නිවේදනයේ සඳහන් වේ. ඉහත කී ක්‍රියාවලිය සම්බන්ධයෙන් රජයට කිසිදු සම්බන්ධයක් නොමැති අතර, අධිකරණයේ ස්වාධීනත්වය හෝ විනිසුරුවරුන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් රජය කිසිදු මැදිහත් වීමක් නොකරන බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඉදිරිපත් කර ඇති ප්‍රශ්නය සඳහා වැඩිදුර කරුණු දක්වමින් අධිකරණ ඇමැති, ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලි සබ්රි මහතා ඉදිරි දිනකදී පාර්ලිමේන්තුවේදී පිළිතුරු දෙනු ඇති බවත් එහි දක්වා තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment