Home උණුසුම් පුවත් අධ්‍යාපන කාර්යසාධක බළකායට නව සාමාජිකයෝ 8ක්

අධ්‍යාපන කාර්යසාධක බළකායට නව සාමාජිකයෝ 8ක්

by Hela news

මෙරට අධ්‍යාපන කටයුතු පිළිබඳ කාර්යසාධක බළකාය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව සාමාජිකයන් 8 දෙනකු පත් කර තිබේ.

උප කුලපතිවරයකු වන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්. පී. මහලියනආරච්චි, මහාචාර්ය එම්. ඩී. ළමාවංශ, මහාචාර්ය පී. එම්. සී. තිලකරත්න, මහාචාර්ය ඒ. රමීස්, මහාචාර්ය ආර්. යූ. එස්. කේ. රත්නායක, ආචාර්ය ජේ. එල්. රත්නසේකර, දීපා ලියනගේ සහ ඕෂධ සේනානායක යන මහත්ම මහත්මීන් නව සාමාජිකයන් ලෙස පත් කර තිබේ.

මීට අමතරව නැඟෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකාය සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මිනුම්පතිවරයා ද නම් කර ඇත

0 comment
0

Related Posts

Leave a Comment