Home දේශීය පුවත් අධ්‍යාපන ඇමැති සමඟ කළ සාකච්ඡා සාධනීයයි

අධ්‍යාපන ඇමැති සමඟ කළ සාකච්ඡා සාධනීයයි

by Hela news

ජෝසප් ස්ටාලින් කියයි

ගුරු – විදුහල්පති ගැටලුව සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැතිවරයා සමඟ පැවති සාකච්ඡා සාධනීය බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

නව අධ්‍යාපන ඇමැතිවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා පත් වීමෙන් පසු ගුරු වෘත්තීය සමිති සමඟ පළමුවරට සාකච්ඡාවක් පෙරේදා (26) පැවැත්විණි.

ගුරු – විදුහල්පති ගැටලුව පිළිබඳ ඇමැති අනුකමිටුව ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳ අනිද්දා පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී තීරණයක් ගැනීමේදී අනිවාර්යයෙන්ම ගුරු සංගම්වල යෝජනා ද ඇතු‍ළත් කර නිර්දේශ ඉදිරිපත් කරන ලෙස වෘත්තීය සමිති ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවද ස්ටාලින් මහතා පැවසීය.

0 comment
0

Related Posts

Leave a Comment