Home දේශීය පුවත් අදත් ප්‍රදේශ රැසකට තද වැසි

අදත් ප්‍රදේශ රැසකට තද වැසි

by Hela news

දකුණු පළාතේ සහ කළුතර දිස්ත්‍රික්කයේත් අද (29) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දපොර්තමේන්තුව සඳහන් කරන්නේ, සෙසු ප්‍රදේශවල පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිනිය හැකි බවය.

සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවේ.

උතුරු සහ නැගෙනහිර පළාත්වලත් උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

0 comment
0

Related Posts

Leave a Comment