Home උණුසුම් පුවත් අත්අඩංගුවට පත් වීම වළක්වන ලෙස ඉල්ලන සිරිල් ගාමිණී පියතුමාගේ පෙත්සම කැඳවීම 8 දා

අත්අඩංගුවට පත් වීම වළක්වන ලෙස ඉල්ලන සිරිල් ගාමිණී පියතුමාගේ පෙත්සම කැඳවීම 8 දා

by Hela news

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමා අත්අංඩගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින් එය වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ආචාර්ය සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 08 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ දී කැදවීමට නියමිතය.

ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා හට එම පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමා කැදවා අතැයි පෙත්සම්කාර පියතුමා සඳහන් කර සිටිති.

මේ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ විශේෂ ඒකකයේ ස්ථානාධිපති , ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත දිසානායක, අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ රොහාන් ප්‍රේමරත්න , නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.තිලකරත්න, පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න, ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුරේෂ් සලේ, නීතිපති ඇතුළු අට දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

මේ අතර පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා වූ ගෝලීය සංසදය මඟින් ඉකුත් ඔක්තෝබර් 26 සූම් තාක්ෂණ ඔස්සේ යුරෝපයේ සිටින ශ්‍රී ලාංකිකයන් සමඟ පැවැත්වූ සාකච්ඡාවට පෙත්සම්කරුද සහභාගී විය.

එහිදී ස්ටීව් මුලර් නමැති ලාංකීය විද්වතෙකු අසන ලද ප්‍රශ්නයකට පෙත්සම්කරු දුන් පිළිතුරෙහි රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා ගේ නම් සඳහන් කෙරිණ.

එම ප්‍රකාශයට එරෙහිව මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරි කරමින් සඳහන් කර ඇත්තේ පෙත්සම්කරුගේ ප්‍රකාශය හේතුවෙන් ජාතික සමගියට හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බවය.

එසේම එම ප්‍රකාශය මඟින් ඔහුට අපහාසයක් සිදු වී ඇති බවද සඳහන් කර ඇත.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් සිදු කරන ලෙසද පොලිස්පතිවරයා දැනුම් දී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගියහොත් තමා අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බවට පෙන්වා දෙන පෙත්සම්කරු මේ තත්ත්වය තුළ තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ විය හැකි බව ට සඳහන් කරයි.

එබැවින් මේ පෙත්සම විභාගයට ගෙන අවසන් වනතුරු තමා අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද, තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප්‍රකාශ කරන ලෙසද, අධිකරණයට සුදුසු වන්දි මුදලක් ප්‍රකාශයට පත් කරන ලෙසද පෙත්සම්කාර පියතුමා අධිකරණයෙන් ඉල්ලා සිටිති.

0 comment
0

Related Posts

Leave a Comment