Home විදෙස් පුවත් අගුළු දමා තිබූ නිවසකින් සොයාගත් සිව් හැවිරිදි දැරිය

අගුළු දමා තිබූ නිවසකින් සොයාගත් සිව් හැවිරිදි දැරිය

by Hela news

ඔස්ට්‍රේලියාවේ දුරබැහැර ප්‍රදේශයකදී අතුරුදන් වූ අවුරුදු 4ක් වයසැති දැරියක් නිරුපද්‍රිතව සොයාගෙන තිබේ.

ඒ ඇය අතුරුදන් වී දින 18කට පසුවය.

ක්ලියෝ ස්මිත් නමැති එම දැරිය සිය පවුලේ සාමාජිකයන් සමග බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පිහිටි කාර්නවොන් නගරයේ කඳවුරු භූමියකට ගොස් තිබුණි.

එහි කූඩාරම් බැඳ සිටියදී දැරිය අතුරුදන් වී තිබුණේ ඔක්තෝබර් 16 වනදා ය.

ඒ සමග දැරිය සොයා දැවැන්ත සෝදිසි මෙහෙයුමක්  ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ස්මිත් දැරිය ගැන තොරතුරක් ලබාදෙන අයෙකුට ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් ලබාදෙන බවටත් බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය නිවේදනය කර තිබුණි.

ඒ සෝදිසි මෙහෙයුමට දායක වූ පොලිස් නිලධාරීන් සහ හදිසි සේවා භටයන් සංඛ්‍යාව සීයකට අධිකය.

ගොඩබිම් මෙහෙයුමට අමතරව ඇය සොයා ගුවන් හා සාගර මෙහෙයුමක්ද ආරම්භ කර තිබුණි.

දැවැන්ත සෝදිසි කිරීමකින් පසු ක්ලියෝ ස්මිත් සොයාගෙන තිබුණේ කාර්නවොන් නගරයේම පිහිටි අගුළු දමා තිබූ නිවසක් තුළ සිටියදීය.

නිවසේ දොර කඩා ඊට ඇතුළු වූ පොලිසිය දැරිය මුදාගෙන තිබුණි.

සිදුවීම සම්බන්ධයෙන් සැකපිට 36 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් ප්‍රශ්න කරන බව ඔස්ට්‍රේලියා පොලීසිය පැවසීය.

දැරිය මේ වන විට ඇයගේ මව්පියන් භාරයට පත්කර තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment