Home ක්‍රීඩා පුවත් අගමැති මහින්ද රාජපක්ෂ කුසලානයට ශ්‍රී ලංකාවේදී සිව්කොන් පාපන්දු තරගාවලියක්

අගමැති මහින්ද රාජපක්ෂ කුසලානයට ශ්‍රී ලංකාවේදී සිව්කොන් පාපන්දු තරගාවලියක්

by Hela news

රටවල් 4ක සහභාගිත්වයෙන් අන්තර්ජාතික සිව්කොන් පාපන්දු තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සූදානම් වෙයි. මෙවැනි තරගාවලියක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර, ඒ සදහා ශ්‍රී ලංකාව, මාලදිවයින, බංග්ලාදේශය හා සීශෙල්ස් පාපන්දු කණ්ඩායම් එක් වේ. අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලිය ලෙස මෙය හැදින්වෙන අතර, විදෙස් රටවල් තුනම මේ වන විට පැමිණීම තහවුරු කොට ඇත. තරගාවලියේ ජයග්‍රාහි කණ්ඩායමට අමෙරිකානු ඩොලර් 5000ක් හා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නමින් වූ කුසලානය පිරිනැමේ. කුසලානය පිරිනැමීමට

සියලු තරග කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වෙන අතර, පළමු තරගය නොවැම්බර් 8 දා පැවැත්වේ. දෙවැනි තරගය නොවැම්බර් මස 11, තෙවැනි තරගය නොවැම්බර් මස 14 හා සිව්වැනි තරගය නොවැම්බර් මස 17 දා පැවැත්වීමට කටයුතු යොදා ඇත. මාලදිවයිනේ පැවැත්වෙන දකුණු ආසියා පාපන්දු තරගාවලිය නිමා වී සති තුනකින් මේ තරගාවලිය ආරම්භ වන බැවින් උණුසුම් තරගාවලියක් දැක බලා ගැනීමේ අවස්ථාව මෙරට ප්‍රේක්ෂකයන්ට උදා වන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා ‘දිනමිණට’ පැවසීය.

ආරක්ෂිත ජෛව බුබුළු ක්‍රමවේදය යටතේ අන්තර්ජාතික සිව්කොන් පාපන්දු තරගාවලිය පැවැත්වෙන අතර, තරගාවලිය විදෙස් ප්‍රේක්ෂකයන්ට විවර කිරීමට බලාපොරොත්තු වේ. ඒ සඳහා කොළඹ තරු පහේ හොටල් සමඟ සාකච්ඡා කොට ‘පැකේජයක්’ සංචාරකයන් වෙනුවෙන් හඳුන්වා දෙන බව පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා පැවසීය. මේ තරගාවලියෙන් පාපන්දු ක්‍රීඩාවේ සංවර්ධනය මෙන්ම රටට විදේශ විනිමය රැගෙන ඒම යන කරුණු දෙකම සාර්ථක කර ගැනීම අපේක්ෂාව වේ.

තරගාවලියට සහභාගි වන මාලදිවයින ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ 158 වැනි ස්ථානයේ පසු වන අතර, බංග්ලාදේශය 188 වැනි ස්ථානයේ හා සීශෙල්ස් 199 වැනි ස්ථානයේ සිටිති. නවතම ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 205 වැනි ස්ථානයේ සිටී.

0 comment
0

Related Posts

Leave a Comment