Home උණුසුම් පුවත් අගමැතිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පලවන වාර්තා ගැන ඇත්ත

අගමැතිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පලවන වාර්තා ගැන ඇත්ත

by Hela news

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පලවන වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ලේකම් පවසනවා..

ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා වල දැක්වුණේ කොරෝනා වෛරසය ආසාදනයවූ අග්‍රාමාත්‍යවරයා කොළඹ පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයකයට ඇතුලත් කර ඇති බවයි.

අරුණ වෙබ් අඩවිය මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්/අධ්‍යක්ශ – විජයානන්ද හේරත්ගෙන් විමසා සිටියා.

එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ අග්‍රාමාත්‍යවරයා සෞඛ්‍ය සම්පන්නව සිටින බවත්, අරලියගහ මන්දිරයට වී තම රාජකාරි කටයුතුවල යෙදෙමින් සිටින බවයි.

එමෙන්ම අද පැවති කොවිඩ් මර්ධන කමිටු රැස්වීමටද අග්‍රාමාත්‍යවරයා සහභාගී වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්/අධ්‍යක්ශ – විජයානන්ද හේරත් වැඩිදුරටත් කියා සිටියා.

0 comment
0

Related Posts

Leave a Comment