Home කාලීන පුවත් අඛණ්ඩව දෙවැනි සතියේත් ලොව ශීඝ්‍ර එන්නත්කරණයේ පළමු තැන ශ්‍රී ලංකාවට

අඛණ්ඩව දෙවැනි සතියේත් ලොව ශීඝ්‍ර එන්නත්කරණයේ පළමු තැන ශ්‍රී ලංකාවට

by Hela news

කෝවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනේ පිට පිට දෙවැනි සතියටත් ශ්‍රී ලංකාව ලෝකයේම පළමුවැනි ස්ථානයට පත්ව තිබේ. එන්නත්කරණය අතින් ශ්‍රී ලංකාව පසුගිය සතියේදී ද ලෝකයෙන්ම පළමු ස්ථානය ගෙන තිබිණි. මෙරට ජනගහනයෙන් සියයට එකොළහයි දශම හයක ප්‍රතිශතයකට පසුගිය සතියේදී පමණක් එන්නත දී ඇති බවට ගෝලීය කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක වාර්තා ඉදිරිපත් කරන අවර් වර්ල්ඩ් ඉන් ඩේටා වෙබ් අඩවියේ දත්ත විශ්ලේෂණ අංශයේ ප්‍රධානි එඩ්වඩ් මැතිව් ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් එහි සඳහන් කර තිබේ.

අවර් වර්ල්ඩ් ඉන් ඩේටා වෙබ් අඩවියේ වාර්තාවට අනුව නවසීලන්තය හා කියුබාව පිළිවෙළින් දෙවැනි සහ තුන්වැනි ස්ථානයේ පසුවන අතර, ඉක්වදෝරය සහ පැනමා රාජ්‍ය සිව් වැනි සහ පස් වැනි ස්ථානවල පසු වේ.

කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 1,416,691ක්, දෙවැනි මාත්‍රාව 888,441ක්, සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 10,384,291ක්ද දෙවැනි මාත්‍රාව 8,115,632ක්ද, ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව 159,088ක්ද දෙවැනි මාත්‍රාව 43,450ක්ද, ෆයිසර් එන්නත් පළමු මාත්‍රාව 395,945ක්ද දෙවැනි මාත්‍රාව 236,556ක්ද මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව 772,741ක්ද දෙවැනි මාත්‍රාව 710,410ක්ද ඊයේ (9) අලුයම 6.00 වන විට දී ඇත.

0 comment
0

Related Posts

Leave a Comment