Lanka Lead News – න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා අවසන්

0
48


December 8, 2019 5:27 pm | Lanka Lead News

එක්සත් ජාතීන්ගේ උතුරු කොරියානු නියෝජිතයා ඵලදායි ස්ථිරසාර න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡාවක් සඳහා වොෂින්ටනය කළ ඉල්ලීම තව දුරටත් සාකච්ඡා මේසයට ගතයුතු මාතෘකාවක් නොවන බව පවසමින් සාකච්ඡා වලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

ඊයේ(07) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින් උතුරු කොරියාවේ එක්සත් ජාතීන්ගේ නියෝජිතයා වන කිම් සොන්ග් මහතා “ට්‍රම්ප්ට් පාලනය න්‍යෂ්ටික අවිහරණ වැඩපිලිවෙළ ලෙස හඳුන්වන සාකච්ඡා ඉදිරියේදී පැවැත්වීමට නියමිත අමෙරිකානු ජනාධිපතිවරණය ඉලක්ක කරගත් කල් මැරීමේ උපක්‍රමයක්” යැයි පවසා සිටියේය.

සොන්ග් මහතාගේ අදහස් දැක්වීමෙන් පසුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට් සහ දකුනු කොරියානු ජනාධිපති මූන් ජායින් මහතා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ වී සාකච්ඡා කර ඇත්තේ සාමූහික සාකච්ඡා මාර්ගයෙන් උතුරු කොරියාව සමඟ නැවත රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා අලුත් කළ යුතු බවයි.

එක්සත් ජාතීන්ගේ උතුරු කොරියානු නියෝජිත සොන්ග් ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප්ට් පවසා ඇත්තේ ” අපි බලමු” යනුවෙනි.
එසේම ට්‍රම්ප්ට් මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ උතුරු කොරියාව සතුරන් ලෙස කටයුතු කළහොත් තමන් පුදුමයට පත් වන බවය.
පියොන්ග් (උතුරු කොරියාවේ අගනුවර ) පාලනය අමෙරිකා එක්සත් ජනපදයට දන්වා ඇත්තේ ඒක පාර්ශවීය න්‍යෂ්ටික අවිහරණ යෝජනාව අත්හැර දමන ලෙසත් එසේ නැතහොත් උතුරු කොරියානු නායකයා වෙනත් ප්‍රවේශයක් ගැනීමට ඉඩ ඇති බවත්ය.පසුගිය අඟහරුවාදා නිවේදනයක් නිකුත් කරමින් උතුරු කොරියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය රයි තයි සොන්ග් ප්‍රකාශ කර සිටියේ,” තමන්ගේ නත්තල් තෑග්ග කුමක්දැයි තෝරා බේරාගැනීම සම්පූර්ණයෙන්ම අමෙරිකාවේ කටයුත්තක්” බවයි.මේ අතර අමෙරිකානු රාජ්‍ය මාධ්‍ය වොෂින්ටනයට අවවාද කර සිටියේ ඕනෑම අවස්තාවක රටවල් දෙක යුද්දයකට අවතීර්න වීමට ඉඩ ඇති බවයි.

උතුරු කොරියාවේ වත්මන් හැසීරීමට එරෙහිව 2017දී මෙන් ප්‍රහාරාත්මක ප්‍රකාශ නොකළ අතර ඒ වෙනුවට,” අප කළ යුතු නම් බලවත් අමෙරිකානු හමුදාව ඔහුට එරෙහිව භාවිතා කරන්නෙමු” යැයි පැවසීය.

පසුගිය ජූනි මාසයේ සිට කිම් සහ ට්‍රම්ප්ට් අවස්තා තුනකදී එකිනෙකා හමුවිය.පියොන්ග් පාලනය මේ වනවිට මිසයිල අත්හදා බැලීම් ආරම්භ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here