2020 පෘථිවියට එන උල්කාවෙන් බේරෙන හැටි

0
150


මේ වසර (2020) අවසන් වනවිට පෘථිවියට උල්කාපාතයක් කඩාවැටෙන බවට ලොව විද්‍යාඥයන් ප්‍රකාශ කර ඇති අතර බලශක්ති උපයෝගීිකර ගනිමින් එයට මුහුණදිය හැකි නව සොයා ගැනීමක් ඩුබායි රාජ්‍යයේ ගුවන් යානා හා විදුලි දුම්රිය ඉන්ජිනේරුවරයකු ලෙස සේවය කරන ශ්‍රී ලාංකිකයකු වූ මනතුංග ශෙරාන් දීප්ති ජීවකාන්ත ද සිල්වා (42) මහතා විසින් සිදුකර ඇත.

චුම්බක ශක්තිය, න්‍යෂ්ටික බලය හා සූර්ය බලය යන බලශක්ති තුනක් උපයෝගී කරගනිමින් පෘථිවියට කඩාවැටෙන බවට විද්‍යාඥයන් සඳහන් කරන උල්කාපාතයේ ගමන් මාර්ගය වෙනස් කරලීම මොහු විසින් සොයාගත් නව සොයා ගැනීම වේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මනතුංග ශෙරාන් දීප්ති ජීවකාන්ත ද සිල්වා (42) මහතා මෙසේ කීය.

“උල්කාපාතය හදිසියේ හරි පෘථිවිය හා ගැටුණොත් පෘථිවියෙන් සියයට දහයක් (10%) විනාශ වී යන බව පවසනවා. එසේම මුහුදට වැටුණොත් සුනාමි තත්ත්වයක් ඇවිත් ගොඩබිම් ප්‍රදේශ යටව විනාශ වෙන්න පුළුවන් යැයි විද්‍යාඥයන් පවසනවා. උදාහරණයක් ලෙස මාලදිවයින, ශ්‍රී ලංකාව වැනි දූපත් රටවලට එමඟින් බලපෑම වැඩියි. පෘථිවියේ සියයට හැත්තෑවක් (70%) පමණ සාගරයෙන් වැසී පවතින අතර ලොව කොහේ හෝ මුහුදු ප්‍රදේශයකට එය වැටුණත් මුහුද ආශ්‍රිත රටවලට එහි බලපෑම සිදුවිය හැකිය. මෙයට පෙර සුනාමි ආවා වගේ ඇවිත් ප්‍රදේශ සේදී යන්නට පුළුවන්. නැතිනම් ඇතැම් ප්‍රදේශ සදාකල් ජලයෙන් යටව පැවතිය හැකිය.

බි්‍රතාන්‍ය තාරකා විද්‍යාඥයන් කියා තිබෙනවා අපි ඒ වගේ දෙයකට සූදානම් විය යුතු බව.

මොකද විද්‍යාඥයන් පවසන විධියට උල්කාපාතය උණ්ඩයක වේගයෙන් තමයි පෘථිවිය දෙසට පැමිණෙන්නේ. ඒ නිසා අප එයට සූදානම් විය යුතුයි. එසේම අපට මීට පෙර සිදුවූ දේවල් මතක තබාගත යුතුයි කියා ඔවුන් පවසනවා.

ලොව විද්‍යාඥයන් විසින් මීට පෙර ලෝක විනාශයක් සිදුවූ බවට සඳහන් කර තිබෙනවා. ඩයිනෝසිරස් යුගයේ සිට මිනිසා පරිණාමයක් වුණු ආකාරයත් හිටපු ඩයිනෝසිරස්ලාට මොකද වුණේ යන ප්‍රශ්නයට විද්‍යාඥයන් කියන්නේ උල්කාපාතයක් පෘථිවියට පතිත වීම නිසා විනාශ වුණු බවයි. විද්‍යාඥයන් විවිධ මත පළ කරනවා. ඩයිනෝසිරස් විනාශ වෙලා අලුතින් ලොව ඇති වූ බව සඳහන් කර තිබෙනවා.

අපි එයට පිළියමක් සොයා ගත යුතුයි. ඒ සඳහා ලොව සිටින විද්‍යාඥයන්ට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙසට ආරාධනා කර තිබෙනවා. මා විද්‍යාඥයකු නොවුණත් මගේ දැනුමත් උපයෝගී කරගෙන විද්‍යාඥයන් කියන පරිදි තවම පෘථිවියේ කුමන දෙසට පතිත වෙයිද කියා කියන්නට බැරි මේ උල්කාපාතයට ජීවීන් බොහෝමයක් බිලිවේවි. උල්කාපාතය වේගයෙන් එන්නේ. ඒ නිසා අන්තිම මොහොත වෙනකම් කියන්නට බැහැ කුමන ප්‍රදේශයට පතිත වෙනවාද කියා.

මෙය කඩාවැටුණොත් පෘථිවියෙන් සියයට දහයක් නටබුන් බවට පත්වන බව පවසනවා. ඒ නිසා අපි එකතුවී ඒ සඳහා පිළියම් සෙවිය යුතුයි. එයට ගන්න විසඳුම් තීරණ මොනවාද එය වළක්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳව ඔවුන් විමසා තිබෙනවා. ඒ සඳහා සහායක් වශයෙන් තමයි මගේ අදහස් හා පරීක්ෂණ පිළිබඳව සඳහන් කරන්නේ.

මෙහිදී විද්‍යාඥයන්ට ගැටලු රැසක් ඇතිව තිබෙනවා මෙය කෙසේද විසඳගන්නේ කියා. ලොව අද දියුණුයි. චන්ද්‍රයාට, සූර්යාට පවා චන්ද්‍රිකා යවනවා. එවැනි දියුණු තාක්ෂණයක් ලොව පවතිද්දී එය භාවිත කිරීමට දන්නේ නැති නම් එය ලොකු අපරාධයක්. එය භාවිත කරන්න දැනගත යුතුයි.

උල්කාවක් කියන්නේ අභ්‍යවකාශයේ පාවෙන දෙයක්. කිලෝමීටර දහයක් හරි සියයක් හරි විශාල වුවත් පාවෙන දෙයක්, එය ගමන් කරනවා. පෘථිවියත් ගමන් කරන දෙයක්. උල්කාපාතය අධික වේගයෙන් පෘථිවිය කරා ළඟා වෙනවා කියා විද්‍යාඥයන් කියන්නේ. මෙය පෘථිවියේ ගැටෙන්නේ නැතිව වැළැක්වීමට කළ හැකි එක දෙයයි තිබෙන්නේ. එය එන ගමන් මාර්ගය වෙනස් කිරීම පමණයි.

කොහොමද අපි මේ ගමන් මාර්ගය වෙනස් කරන්නේ. ක්‍රම තුනකට එය වෙනස් කළ හැකියි. එම ක්‍රම තුන සොයා ගැනීම සඳහා මට පර්යේෂණ හතරක් සිදුකරන්නට අවශ්‍යයි. ඉන් දෙකක් පොළොව මතුපිටත් අනෙක් පරීක්ෂණ දෙක අභ්‍යවකාශයේත් සිදු කරන්නට අවශ්‍යයි. ලංකාවට එවැනි පර්යේෂණ සිදුකිරීමට පහසුකම් නෑ. ලොව රටවල් කිහිපයයි තියෙන්නේ එවැනි පහසුකම් දිය හැකිය. ඉන් එකක් ඇමෙරිකාවේ නාසා ආයතනය, සෝවියට් රුසියාව, ජපානයේ වැනි රටවල් කිහිපයක පමණක් බවද හෙතෙම පැවැසීය.

තවද මෙම උල්කාව පෘථිවිය මඟහැර නිකම් යවන්නෙත් නෑ. අපට අභ්‍යවකාශයේ ලබාගන්න පුළුවන් උපරිම තොරතුරුත් ලබා ගත හැකිය. එයට ලොකු ක්‍රමයක් තියෙනවා. අවස්ථාවක් දෙනවා නම් මෙපමණ කල් විද්‍යාඥයන්ට තිබුණු සෑම ප්‍රශ්නයක්ම විසඳගන්න පුළුවන්. කොහොමද? අභ්‍යවකාශය කොපමණ දුරක් තියෙනවද? ඒ ප්‍රශ්නයටම පිළිතුරු සොයා ගැනීමට මට මේ උල්කාපාතය යොදවා ගන්නට හැකියි. මෙය ඒ සඳහා ලැබෙන ලොකු අවස්ථාවක් බවත් ඉන් උපරිම ප්‍රයෝජනය ලබාගත යුතු බවත් ඉන්ජිනේරු මනතුංග ශෙරාන් දීප්ති ජීවකාන්ත ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මනතුංග ද සිල්වා මහතා තවත් පේටන් බලපත්‍ර කිහිපයකට හිමිකම් ඇති අයෙකි. උග්‍ර වන අලි-මිනිස් ගැටුමට විසඳුම් ලබා දිය හැකි ‘ශබ්ද තරංග භාවිතයෙන් අලි පලවා හැරීමේ නව උපකරණයක්ද’ මේ වනවිට නිෂ්පාදනය කර තිබේ. ඔහු ලංකාවේ විදුලිය අර්බුදයට විසඳුමක් ලෙස මුහුදු ජලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමට නව ක්‍රමවේද සොයා ගැනීම් කර ඇති අතර ඉන් අතිරික්ත විදුලිය නිෂ්පාදනය කර අනෙකුත් රටවලටද විදුලිය විකිණිය හැකි බවද පෙන්වාදෙයි. තවද අකුණකින් විදුලිය නිෂ්පාදනය කර ගත හැකි ක්‍රමවේද පිළිබඳවද පරීක්ෂා කිරීම් කර ඇත. එසේම වැව්වලට, ඇළ මාර්ගවලට වාහන වැටී සිදුවන ජීවිත හානිය වළක්වාලීමට වාහන ජලයේ පාවෙන ක්‍රමයක් සොයාගෙන තිබේ. රටේ ආරක්ෂාව නංවාලිය හැකි ඕනෑම අපරාධකරුවකු තත්පර ගණනකින් අල්ලාගත හැකි ආරක්ෂිත පද්ධතියක් නිෂ්පාදනය කිරීමේ හැකියාවද ඔහු සතුව පවතී.

හිදෝගම අමිල ප්‍රභාත්
Source – මව්බිම



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here