20 අති භයානකයි – හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා

0
115

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉතා භයානක බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ, අදට (26) යෙදෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, නිර්මාතෘ දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මහතාගේ 61 වැනි ගුණ සමරු උත්සවයට එක්වෙමිනි.

දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මහතාගේ 61 වැනි ගුණ සමරුව අද පෙරවරුවේ ගම්පහ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසල දී පැවැත්විය.

ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහ සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

ආගමික වතාවත් සිදුකර දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මහතාට පිං පැමිණවීමෙන් අනතුරුව බණ්ඩාරනායක සමාධියට පුෂ්පෝපහාර දැක්වීම සිදුකෙරුණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, හිටපු කථානායක කරූ ජයසූරිය හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

එම අවස්ථාවේ දී මාධ්‍යවේදීන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්බන්ධයෙන් නැගු ප්‍රශ්නවලට පිළිතුරුදෙමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සිය පවුලේ බූදලයක් ලෙස නොසලකන බවය.

පොදු ජනතාවගේ නායකයෙකුට පක්ෂය දුන් නමුත් ඔහු නිසි ලෙස කටයුතු නොකළ බවත් එම නායකයා පක්ෂය කෑලි කෑලිවලට ඉරා දැමු බවත් හිටපු ජනාධිපතිනිය පැවසුවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here