රිය අනතුරකින් ඉන්දියාවේ සංක්‍රමණිකයින් 24 දෙනෙක් මිය යයි

0
122

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේදී ට්‍රක් රථයක් අනතුරට ලක්වීමෙන් සංක්‍රමණිකයින් 24 දෙනෙකු මියගොස් තිබේ.

කොවිඩ් නයින්ටීන් වෛරස් තත්ත්වය හේතුවෙන් රැකියා විරහිතව සිටි සංක්‍රමණිකයින් පිරිසක් ආපසු සිය නිවෙස් බලා ගමන් කරමින් සිටියදී අනතුරට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

තිරිගු පිටි ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථයක සංක්‍රමණිකයින් පිරිස ගමන් කර ඇති අතර එය තවත් ට්‍රක් රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබේ.

මෙම සිද්ධියෙන් පසුව උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය යෝගී ආදිත්‍යන් පවසන්නේ සංක්‍රමණිකයින්ට කලබලයට පත් නොවී අනාරක්ෂිත ආකාරයෙන් ගමන් කිරීමෙන් වැලකී සිටින ලෙසයි.

ඔවුන්ට ආපසු සිය නිවෙස් වෙත ගමන් කිරීම සදහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් නොමිලයේ සැපයීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සදහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here