සුදු වෑන් වල හුලං බසී.. විපක්ෂයට දෙන්න ගෙනා සුදු වෑන් කරේ තබාගෙන එජාප මන්ත්‍රිවරුන් ආපසු යති..

0
94


දෙරණ වාදපිටිය වැඩසටහන සඳහා එජාපය නියෝජනය කරමින් රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුලාල් බණ්ඩාරිගොඩ යන මහත්වරුන් එක්වූ අතර නීතිඥ උදය ගම්මන්පිල සහ අරුන්දික ප්‍රනාන්දු යන මන්ත්‍රිවරුන් විපක්ෂය වෙනුවෙන් වැඩසටහනට එක්විය.

මෙහිදී ආණ්ඩුපක්ෂයෙන් නැගුණු ප්‍රධානතම තර්කය වූයේ පසුගිය මහින්ද රාජපක්ෂ යුගයේ සුදු වෑන් සංස්කෘතියක් පැවති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණීමෙන් අනතුරුව එම සුදුවෑන් සංස්කෘතිය යළි හිස ඔසවනු ඇති බවත්ය.

විවාදය හා එක් වූ නීතිඥ උදය ගම්මන්පිල මහතා පෙන්වා දුන්නේ සුදු වෑන් සංස්කෘතිය මහින්ද රාජපක්ෂ යුගයේ නොව එජාප රජයක් යටතේ ආරම්භ වූ බවයි. මෙහිදී සුප්‍රකට බටලන්ද කොමිෂන් සභා වාර්තාව උපුටා දක්වමින් සිය අදහස් ප්‍රකාශ කළ ගම්මන්පිල මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රභල අමාත්‍යවරයෙකු වූ 87/89 භීෂණ යුගයේ සුදු වෑන් වලින් තරුණයන් පැහැර ගත් බවට කොමිෂන් සභා වාර්තාවෙන් ඍජුවම චෝදනා එල්ල වන බවයි.

එමෙන්ම ගම්මන්පිල මන්ත්‍රිතුමන් පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයකට ගයන්ත කරුණාතිලක අමාත්‍යතුමා විසින් 2016.03.18 ලබා දුන් පිළිතුර ඇතුලත් හැන්සාඩ් වාර්තාව පෙන්වමින් ගම්මන්පිල මන්ත්‍රිතුමන් පැවසුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දෙවන ධුර කාලය තුළ මාධ්‍යවේදීන් පැහැර ගැනීම් අතුරුදහන් වීම් කිසිවක් සිදු නොවුණු බවයි. මේ අනුව එජාපය ආරම්භ කළ සුදු වෑන් සංස්කෘතිය මහින්ද රාජපක්ෂ මහතා විසින් අවසන් කළ බව උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම රජය යටතේ පොලිස් නිලධාරියකු හෝ හමුදා නිලධාරියකු අතින් සිදුවන වරදකට එම නිලධාරීන් මිස රජයේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවට ප්‍රකාශ කරන ආණ්ඩුව ම මහින්ද රාජපක්ෂ සමයේ සිදුවූ එවැනි සිද්ධීන්වලට ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ මහින්ද රාජපක්ෂ මහතා වග කිව යුතුයැයි පවසන්නේ කුමන පදනමකින්දැයි විවාදයට එක්වූ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රිවරයා ආණ්ඩු පාර්ශවයෙන් ප්‍රශ්නකර සිටියේය.

සම්පූර්ණ වැඩසටහන මෙතනින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here