සිරගත සවුදි කුමරිය මාමාගෙන් සමාව අයැදී

0
49


සවුදි අරාබියේ සිරගතව සිටින ප්‍රධාන පෙළේ රජ කුමාරියක් තමන්ට සමාව දෙන ලෙස සිය මාමා වන සල්මන් රජුගෙන් ඉල්ලා ට්වීටර් ගිණුමේ පණිවුඩයක් පළකර තිබේ. බස්මා බින්ට් සවුද් කුමරිය ට්වීට් පණිවුඩයක් නිකුත් කරමින් තමන් අත්තනෝමතික ලෙස අල් හෙයාර් සිරගෙදර රඳවා සිටින බවත් තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට හැරෙන බවත් කියයි.

තමන් කිසිදු වරදක් සිදුකර නොමැති බැවින් තමන්ට එරෙහිව නැඟෙන චෝදනා නැවත සලකා බලා තමන්ව නිදහස් කරන්නැයි බස්මා කුමරිය රජු සහ ඔහුගේ පුතා වන ඔටුන්න හිමි මොහොමඩ් කුමරුගෙන් ඇය තවත් ට්වීට් පණිවුඩයකින් ඉල්ලා ඇත. සවුදි බලධාරීන් මේ සම්බන්ධව කඩිනම් ප්‍රතිචාරයක් දක්වා නොමැත. 56 හැවිරිදි බස්මා කුමරිය 1953 සිට 1964 දක්වා සවුදි අරාබිය පාලනය කළ සවුද් රජුගේ බාලම දියණියයි.

බස්මා කුමරිය මානව හිමිකම් ප්‍රශ්න සම්බන්ධව සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධව රජ පවුලේ ප්‍රමුඛතම නීති උපදේශිකාවක ලෙස කටයුතු කළාය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here