සෑම තත්පර 17කට වරක් යුරෝපයෙන් කොවිඩ් මරණයක්

0
85

ගතවන සෑම තත්පර 17කට වරක් යුරෝපයෙන් කොවිඩ් මරණයක් වාර්තාවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

යුරෝපයට පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් තත්ත්වය තරමක් පාලනය වී ඇති බව එම සංවිධානය සඳහන් කරයි.

එම සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරන්නේ ඉදිරි හය මාසය යුරෝපයට ඉතාමත් අසීරු කාලසීමාවක් වනු ඇති බවය.

ගතවූ සතියේදී පමණක් යුරෝපයෙන් වාර්තා වී ඇති මරණ ගණන 30,000කට ආසන්නය.

තත්ත්වය පාලනයට කලාපීය රටවල් රැසක් මේ වනවිටත් දැඩි සංචරණ සීමා හඳුන්වාදී ඇති අතර ඒ හේතුවෙන් වාර්තාවන ආසාදිතයින් සහ මරණ පහළ යමින් පවතින බව ද එම සංවිධානය පවසයි.

මීට පෙර සතියේදී කලාපයෙන් ආසාදිතයින් මිලියන 2 ඉක්මවා වාර්තා වෙන විට ගෙවුනු දින 7 තුළ කලාපයෙන් වාර්තා වී ඇත්තේ ආසාදිතයින් මිලියන 1.8ක් පමණය.

ප්‍රංශය, ඉතාලිය, එක්සත් රාජධානිය ඇතුළු යුරෝපයෙන් ආසාදිතයින් ලක්ෂ 150කට ආසන්න පිරිසක් හඳුනාගෙන ඇති අතර, ඔවුන් අභිබවා ගොස් ආසාදිතයින් හමුවන්නේ අමෙරිකානු කලාපයෙන් පමණය.

කෙසේවෙතත් කඩාවැටී ඇති ගෝලීය ආර්ථිකය ගොඩගැනීමට ලොව රටවල් වහාම ක්‍රියාත්මක වියයුතු බව ලෝක බැංකුව පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here