ස්ටොයිනිස් බිග්බෑෂ් වාර්තාවක් තබයි

0
110


ජන 14, 2020 01:00

ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් තරගාවලියේ නව වාර්තාවක් බිහිකිරිමට මාකස් ස්ටොයිනිස් සමත්විය. ඔහු පෙරේදා සිඩ්නි සික්සර්ස් පිලට එරෙහිව ලකුණු 44ක ජයක් අත්කර ගත් මෙල්බර්න් ස්ටාර්ස් පිල වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරතවෙමින් නොදැවී ලකුණු 147ක් රැස් කරමින් මේ වාර්තාව තැබුවේය.

පන්දු 79කට මුහුණ දුන් ස්ටොයින්ස් හතරේ පහර 13ක් සහ හයේ පහර 8ක් එල්ල කිරිමට සමත්වූ අතර එය වාර්තාපොතට එක්වූයේ බිග්බෑෂ් තරග බිමේ මෙතෙක් වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසිනි. ඊට පෙර 2018 වසරේදී හරිකේන් පිලට ක්‍රීඩා කළ ඩි ආර්සි ෂෝර්ට් බ්‍රිස්බේන් හීට් පිලට එරෙහිව නොදැවී ලකුණු 122ක් රැස් කරමින් මේ වාර්තාව තබා තිබිණි.

මීට අමතරව ඔහු හිල්ටන් කාර්රයිට් සමග එක්ව පළමු කඩුල්ලට ලකුණු 207ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර එය බිග් බෑෂ් තරග බිමේ වාර්තා වූ ඉහළම සම්බන්ධතාව ද විය.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here