සල්වා නසර්ට තාවකාලික තරග තහනමක්

0
94

ලෝක මීටර් 400 ධාවන ශූරී බහරේනයේ සල්වා නසර්ට තාවකාලික තරග තහනමක් පැනවීමට ලෝක මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ.

ඒ තහනම් උත්තේජක පරීක්ෂණ මඟ හැරීමේ චෝදනාව හේතුවෙන්.

22 හැවිරිදි වියේ පසුවන සල්වා නසර් පසුගිය වසරේ පැවැති ලෝක ශූරතා තරගාවලියේ මීටර් 400 ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වූයේ තත්පර 48යි දශම 1යි 4ක දක්ෂතාවයක් දක්වමින්.

එය වාර්තා වුණේ මෙතෙක් ඉතිහාසයේ ක්‍රීඩිකාවක් එම ඉසව්වෙන් වාර්තා කළ තුන්වන හොඳම කාලය ලෙසයි.

ඉන් අනතුරුව තරග නොපැවැත්වෙන කාලයේදී තහනම් උත්තේජක පරීක්ෂණ මඟ හැරීමේ චෝදනාව යටතේ මෙම තරග තහනම පැනවීමට ලෝක මලල ක්‍රීඩා සංගමයේ තහනම් උත්තේජක නිවාරණ ඒකකය තීරණය කර තිබේ.

කෙසේ වෙතත් ඇයට ලබා දෙන දඩුවම සම්බන්ධයෙන් කිසිවෙක් මේ දක්වා මාධ්‍යට ප්‍රකාශයක් නිකුත් කර නැහැ.

නයිජීරියාවේ දී උපත ලබා බහරේනයේ නියෝජනය කරන සල්වා නසර් ආසියානු ක්‍රීඩා උළෙලේදී වාර්තාවක් සමඟින් මීටර් 400 ඉසව්වේ රන් පදක්කම දිනා ගත් අතර මීටර් 100 සහය දිවීමේ ඉසව්වේ රන් පදක්කමද දිනා ගැනීමට ඇය සමත් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here