සමාජය තුළ කොවිඩ් ආසාදිතයින් අඩුකළ හැටි හමුදාපති හෙළිකරයි

0
83

සමාජය තුළ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 300කට  පමණ සීමාකර ගැනීමට හැකි වූයේ කොවිඩ් නයින්ටීන් වැළැක්වීම සම්බන්ධයෙන්  ශ්‍රීලංකාව ගෙන ගිය වැඩපිළිවෙල බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දෙරණ “Big Focus” වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

යුද හමුදාපතිවරයා එහිදී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව අනුගමනය කළ ක්‍රමවේදය ලොව වඩාත් සාර්ථක ක්‍රමවේදය  බවට බොහෝදෙනා පිළිගන්නා බවය.

මේ අතර කොවිඩ් – 19 තත්ත්වය පාලනයට ආරක්ෂක හමුදාව මුල් අදියරේදීම යොදවා ගැනීමට ජනාධිපතිවරයා බුද්ධිමත් තීරණයක් ගත් බව ඒ මහතා වැඩිදුටත් පැවසීය.

හමුදාපතිවරයා කියා සිටියේ, චීනයේ වූහාන් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් හමුවීමත් සමග මෙරට තුළ ජනාධිපති කාර්යසාධක බලකාය ජනවාරි මස 26 වනදා පත්කළ බවය.

කොවිඩ් – 19 තත්ත්වය පාලනයට සිදුකරන සම්පූර්ණ ක්‍රියාවලිය ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here