ශ්‍රී ලංකාව තුළ බලපෑමක් ඇති කළ කැරලිකාර සංගීතය මුසු ගීත…

0
91

මා ප්‍රේමය කුමක් ද කියා දැන ගත්තේ සංගීතයෙන්. හුඟක් දෙනෙක් මගේ ජීවිතයට ආව ගියා . ඒත් සංගීතය මගේ ජීවිතේ හැමදාම රැඳිලා තිබුණා.ඒ වගේම සංගීතය එක්ක මගේ තියෙන බැඳීම ගොඩක් සමීපයි. සංගීතය කියන්නේ ප්‍රබල මාධ්‍යයක් .කෙනෙක් තමන් ජීවත්වන සුවපහසු කලාපයේ ඉඳන් තමන් නොසිතපු යථාර්ථ හා සිතුවිලි සිතීමට පෙලඹවීමේ බලවත් මාධ්‍යයක් ලෙස තමයි  මම සංගීතය දකින්නේ .

ලංකාවේ අපිට නම් කැරලිකාර සංගීතය ගැන හොඳ ඉතිහාසයක් තියෙනවා.යටත් විජිත කාලේ ලංකාවේ හිටපු කෆීර් වහලුන් එයාලට හිරිහැර කරන අයට විරුද්ධව කතා කරන්න “බයිලා” යොදාගෙන තියෙනවා.60 වෙනි දශකයේ cancer සංගීත කණ්ඩායම rock and roll music හඳුන්වා දුන්නා මේ වගේ අවස්ථාවලට මුහුණ දෙන්න .80 වෙනි දශකයේ ශ්‍රී ලංකාවේ තිබුණු දේශපාලන අස්ථාවරත්වය හා සිවිල් යුද්ධ නිසා සිංහල සම්භාව්‍ය ගීතත් දේශපාලනික මුහුණුවරක් ගත්තා .

Rebel music හෙවත් කැරලිකාර සංගීතය මෑත දශක ගානක් තුළ වර්ධනය වුණත් ,කාලයක් එක්කම එක එක අරමුණු නිසා එය විවිධ පැතිවලට විසිරුණා.
අපේ ජාතියේ “කැරලිකාර සංගීත” මුහුණුවරක් ගත් ගීත 5ක් ගැනයි අපි අද කතා කරන්නේ.

ලංකාවේ

 

අපේ ලංකාවට නම් “බයිලා” කිව්වොත් ලෝකෙ කොහේ කොනක ඉන්න ලාංකිකයෙක් වුණත් “ජිප්සීස්” කියන නම නම් හොඳට පුරුදුයි .අද වෙද්දි Gypsies ලගේ ගීත ” Happy Music” ලෙස හඳුන්වලා දුන්නොත් ,බයිලා ගීතයකම දේශපාලනික කොනක් තිබුනා.මේ සංගීත කාණ්ඩායමේ පෙරමුණ කරු විදියට සුනිල් පෙරේරා හැම ප්‍රසංග වේදිකාවකදී ම කියන්නේ.” කියන දේ අපි කෙලින්ම කියනවා” කියලයි .

ජිප්සීස් ලා ගයපු ලංකාවේ ගීතෙන් ඒක හොඳට පේනවා .සුනිල් පෙරේරා හීනයක් දකිනවා .එයා ගුරුවරයෙක් විදියට දරුවන්ට උගන්වනවා .ඔහු ළමයින්ගෙන් මෙහෙම ප්‍රශ්න අහනවා .
රැකියා ප්‍රශ්නෙට විසදුම් සොයා ගත්තේ මොන රටේද?,
ඇමතිලා පයින් යන්නේ මොන රටේ ද ?,
කහ ඉර මැද්දෙ මිනිසුන් මැරිලා වැටුනේ මොන රටේ ද?  කැම්පස් වල තරුණ කොල්ලෝ මරාගත්තේ මොන රටේ ද? වගේ කාලීන ප්‍රශ්න ගානක් අහනවා . ලාංකිකයන්ට යථාර්ථය පැහැදිලි කරන්න මේ වගේ ගීත ඔවුන් යොදා ගත්තා .
“ලංකාවේ” සින්දුව මෙතැනින් අහන්න .
Blues in Black

නැවත 2007 ට, බුද්ධි ද මෙල් හා freedom fira පාසල් යන කාලේ ,එයාලගේ හිත් පිරිලා තිබ්බේ music වලින් විතරයි .ඒ දෙන්නාට දෙන්නා මුණ ගැහුණු මුල් දවසේ ඉදන් ගොඩක් එකතු වුණා.ඒ හමුවීම wagon park සංගීත කණ්ඩායමේ ආරම්භය වුණා. එයාලා local music වලට අලුත් රසයක් එකතු කලා.එයාලගේ ගීත වල සිංහල ,ඉංග්‍රීසි භාෂා දෙකම තිබුණා.හැම ගීතයක්ම හදලා තිබුණේ තරුණයින්ට.

ඔවුන් ගායනා කරපු Blues in Black ගීතේ ,තරුණයින්ට මෙහෙම කතා කරනවා ” අපි කාලයක් බයෙන් හිටියා යුද්දේ නිසා , හැබැයි අපි තවමත් බයෙන් ඉන්නවා ඒ දුප්පත්කම නිසා”.එදා වේල කන්න ගැටගහගන්න හදන මිනිස්සු වෙනුවෙන් මේ සංගීත කණ්ඩායම කතා කරා . දුප්පත්කමින් නිදහස් වෙන්න ඔනේ කියලා පණිවිඩයක් තරුණයින්ට දුන්නා. Blues in Black ගීතේ අවසන් හරියේ තරුණයින්ගෙන් ඔවුන් අහනවා ..” ඔයාලට මතකද අපේ පොඩි කාලේ වීරයෝ? අරවින්ද ද සිල්වා, ක්ලෙරන්ස් විජේවර්ධන , H.R.ජොතිපාල වගේ අපේ ජාතියේ වෙනසක් ඇති කරපු අය ?අපේ මුල දැන ගන්නැතුව අපි කොහොමද අනාගතයක් හදන්නේ? .

 

දෙවියන්ගේ බාරේ

 

wagon park නිර්මාණ වන අවුරුද්දෙම බස්නාහිරින් වෙනස්ම විදිහේ සංගීත විප්ලවයක් සිද්ධ වුනා ඒ තමයි Drill Team එක.මෙයාලා සිංහල මාධ්‍යයෙන් තමයි රැප් කරන්නේ.ප්‍ රධාන ධාරාවේ සංගීත වල රසයක් නොදැනෙන තරුණයන්ට සංගීත රටාවට හඬක් එකතු කර රසාස්වාදයක් ලබාදිම තමයි අරමුණ.

“දෙවියන්ගේ බාරේ” ගීතයෙන් සඳහන් කරන්නේ සුදු හුණු ගාලා තියෙන සමාජයක ඇතුළාන්තය ගැන. ගීතයෙන් සූදුව ගැන තමා වැඩිපුර කතා කරන්නේ.අපි දන්නවා මෑතකදී කැසිනෝ ගණනාවක්ම විවෘත වුණා.නගරාසන්න වල ඕන තරම් ඔට්ටු අල්ලන මධ්‍යස්ථාන අපි දැකලා තියෙනවා.ඒ සමාජයක ජීවත්වන තරුණයන්ගේ දුක් ස්භාවය ගැන තමා මේ ගීතයෙන් කතා කරන්නේ.මෙහි පුංචි කොටසක සුනිල් එදිරිසිංහයන් ගායනා කරපු ගීතයෙන් කොටසක් තියෙනවා. “මිනිසෙකු පිට නැගි අසරුවෙකි” සූදුව මිනිසාට කළ ඇති බලපෑම එයින් හොඳින් ඉස්මතු කර තිබෙනවා.

Deaf Blind Dumb

Paranoid Earthling කියන්නේ උඩරටින් ආරම්භ කල ග්‍රන්ජ් සහ Rock N Roll සංගීත කණ්ඩායමක්. රටකට දියුණු වෙන්න තියෙන බාධක ගැන තමා ඔවුන් සංගීතයෙන් කතා කරන්නේ. විශේෂයෙන්ම රටේ ආර්ථිකය, දේශපාලනය සහ සමාජීය කාරණා නිසා තරුණයන්ගේ ජීවිතවලට වෙන බලපෑම සංගීතවත් කරනවා. ඔවුන්ගේ “Rock n roll is my anarchy” ගීතය ඇහුවට පස්සේ මටත් හිතුනා “ඇයි මේ හැමදෙයක්ම එකම විදිහට තියෙන්නෙ” කියලා.

තරමක් අපේ සංස්කෘතියට නොගැලපෙන මියුසික් වීඩියෝ එකක් තමයි Deaf and Dumb කියන්නේ.මේකෙන් මාධ්‍ය වාරණය ගැන තමයි කතා කරන්නේ.ඒ කියන්නේ රජය සහ විවිධ ආයතන සත්‍යය සහ ප්‍රචාරය කිරීමට අපහසු තොරතුරු ගලා ඒම පාලනය කිරිම ගැනයි. මේ ගීතයේ කොටසක “guns blow when you word-f**k the stereo, washing my brains with the speaker inside, this evolution’s going to the monkeys, army of religion shot your friendly fire…”. මෙහෙම සඳහන් කරනවා. ඒකෙන් තේරුම් කරන්නේ යම්කිසි වාතාවරණයක් සම්බන්ධව සත්‍ය සිදුවීම සඟවා අසන්නාගේ මානසිකත්වය වෙනස් කිරීම සඳහා ප්‍රචාරණය සිදු කරන විදිය ගැනයි.
මේ ගීතයෙන් “ප්‍රජාතන්ත්‍රවාදී කොඩියේ පාට වෙනස් කරන විදිය නොදකින තරම් මමත් ඔබත් අන්ධ වෙලාද?”කියලා ප්‍රශ්න කරනවා.

 

උඩගු ලියන් ගොතා බඳින

 

ශ්‍රී ලංකා සම්භාව්‍ය සංගීත ඉතිහාසයේ සංගීත රාජිනියක් නම් ඒ නන්දා මාලිනියයි. ඇමරිකානු සංගීතඥවරියක් වන නීනා සීමොන්ට තරමක් ඈ සමානයි. 80 වේ මැද භාගයේදී වගේ නන්දා මාලනිය ප්‍රසංග 1000ට වගේ සහභාගි වුණා. සරසවි හා ජනාධිපති සම්මාන රැසක් ඇයට ලබාගන්නත් වාසනාව ලැබුණා.

80දශකයෙන් පස්සේ ඇගේ ගීත දේශපාලනික හා කැරලිකාර ස්වභාවයක් ගත්තා. මේ නිසා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් නන්දා මාලිනියගේ “පවන” ගීත එකතුව ප්‍රචාරණය තහනම් කළා. ඇයගේ උඩඟු ලියන් ගොතාබදින ගීතයෙන් “මලක් ” කතා කරනවා ගීතවත් කරලා තියෙනවා. ගීතයෙන් කියවෙන්නේ ඒ කාලේ තිබුණු පංති භේදය ගැනයි.
ගීතයෙහි මල මෙහෙම කියනවා හිස් මිනිස්සුන්ගේ බඩ පුරවන, සතුටින් කතා කර කර ඉන්න මේසයක් උඩ සුවඳ හමන්න නෙමෙයි මම මේ දෙරණේ පිපුණේ,යුද්ධයෙන් මිය ගිය සොල්දාදුවෙක් වෙනුවෙන් විසිකරන මලක් වෙලා ඒ දූවිලි පාරේ පෙළපාලියේ යන මිනිස්සුන්ගේ පයට පෑගී මිය යන්නයි කියලා.
ඇත්තටම මේ ගීතයේ ප්‍රබල තේරුමක් තියෙනවා. මටනම් අවුරුදු ගානකින් පස්සේ මේ සිංදුව අයේ ඇහුවත් ආපහු ඇසට කඳුළුක් එනවමයි.

කියමනක් තියෙනවනේ උපදෙස් අඩුවෙන් සංගීතය වැඩියෙන් කියලා.මාත් ඒකට එකඟයි. ජීවත් වන ලෝකය ගැන,මගේ අනාගතය ගැන මම අරමුණු කරගත් දේවල් වලින් මං ඈත් වෙන වෙලාවල් වලට ආපහු මගේ ජීවිත මාර්ගය හොයාගන්න සංගීතය මට ගොඩක් උදව් වෙලා තියෙනවා.සංගීතය විදින්න. ඒක ඔයාලගේ ජීවිත ගමනටත් උදව්වක් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here