වියට්නාමයේ පළමු කොවිඩ් මරණය වාර්තා වෙයි

0
49

කොරෝනා වෛරසය හේතුවෙන් වියට්නාමයේ සිදුවූ පළමු පුද්ගල මරණය වාර්තා වී තිබේ.

70 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය සඳහන් කර තිබේ.

පසුගිය ජනවාරි මාසයේ දී පළමු වෛරස ආසාදිතයා වාර්තා වීමත් සමඟ සිය දේශ සීමා වසාදමමින් දැඩි නිරෝධායන නීති පැනවීම සහ රෝගීන් සෙවීමේ කටයුතු ආරම්භ කිරීමට වියට්නාම රජය පියවර ගෙන තිබුණි.

කෙසේවෙතත් පසුගිය දින කිහිපය තුළදී ඩා නන්ග් නමැති වෙරළාශ්‍රිත ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වී ඇති අතර එහි වෛරසය ව්‍යාප්ත වූ ආකාරය පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන්ය.

වියට්නාමයෙන්ගත වූ පැය 24 තුළ කොවිඩ්-19 ආසාදිතයින් 45 දෙනෙකු වාර්තා වී තිබේ.

ඒ අනුව එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 509 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here