ලොවම කම්පා කරමින් කුහරයක සිරවූ සුජිත් මිය යයි – (video)

0
81


ඩි 100ක් ගැඹුරු අත හැර දැමූ ලිං කුහරයක සිර වූ දකුණු ඉන්දියානු දරුවා සුජිත් විල්සන් මිය ගිය බවට එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ අනුව මුදාගැනීමේ මෙහෙයුමද නතර කර දැමීමට බලධාරීන් තීරණය කර තිබේ.

සුජිත් විල්සන් නැමැති මෙම දරුවාගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඉන්දීය බලධාරීන් විශාල උත්සහයක් ගත්තත් ඒ සඳහා අපේක්ෂා කළ කාලයට වඩා කාලය ගත වූවා. ඒ දරුවා සිරවී සිටින ළිං කුහරය වටා ඇති  ඝණ පාෂාණ තට්ටුව හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම මන්දගාමී වීම හේතුවෙනි.

ළිදේ විවරය තුලින් දුගදක් පැමිණ ඇති අතර ඒ පිළිබඳ සෝදිසි කළ බලධාරීන් සඳහන් කර ඇත්තේ ඊට අනුව දරුවා මියගොස් යම් කාලයක් ගත වී ඇති බවයි.

කුහරය තුළින් දරුවාගේ කිසිඳු ප්‍රතිචාරයක් නොමැතිවීමද හේතු කොටගෙන මෙහෙයුමේ නිරත බලධාරීන් තීරණය කර ඇත්තේ මුදා ගැනීමේ මෙහෙයුම් නතර කර දැමීමට බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

සුජිත් ගලවා ගැනීමේ මෙහෙයුම දෙස ලොවෙහිම අවදානය හිමි වූ අතර මේ හේතුවෙන් ඔහුගේ වියෝව සමස්ත ලෝකයම කම්පනයට පත් කිරීමට සමත්ව තිබේ.







LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here