රාජිත සිංගප්පූරු ගෙන යන්න සූදානම් කෙරේ.. රටින් යන්න අධිකරණයෙන් අවසර ඉල්ලයි..

0
52


හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා ඉදිරි දිනවල කිහිපයේදී ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලා යාමට සූදානමක් ඇතිබව ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා සඳහන් කරයි.

මේ වන විට ඔහුගේ විදෙස් ගමන් සදහා තහනමක් පනවා තිබුණද එය ඉවත් කරන ලෙස හෙට දිනයේ අධිකරණයෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

වෛද්‍ය වාර්තා අනුව රාජිත සේනාරත්න මහතාගේ හාද රෝගියෙක් බවක් ඔහුට මෘද සැත්කමක් පවා සිදුකර ඇති බවත් නීතිඥවරයා සඳහන් කෙළේය.

ඒ අනුව අවශ්‍ වුවහොත් සිංගප්පූරු බලා ඔහු ගෙන යාම සඳහා සූදානමින් සිටින බවද ඔහු පැවසීය.

අධිකරණය ඉදිරියේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව සදහන් කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here