යාපනයේ වෛද්‍ය සිසුවියගේ සම්පුර්ණ ඇත්ත කතාව මෙන්න

0
131


යාපනය, වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලබමින් සිටි වෛද්‍ය සිසුවියක් ඊයේ (22දා) දහවල් යාපනය පන්නෙයි පිහිටි ව්‍යායාම මංතීරුව ප්‍රදේශයේදී දිවිතොර වී ඇති බව යාපනය පොලිසිය පවසයි.

පොලිසිය පැවැසුවේ බේරුවල බඳනාගොඩ ජනපදය පදිංචි හපුහෙට්ටිගේ ‍දෝන රෝෂනී කාංචනා නමැති (29) සිසුවියක් එලෙස දිවිතොර කර ඇති බවයි.

මේ සිසුවිය බේරුවල, වලතර, බඳනගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි විවාහක කාන්තාවකි. ඇය යාපනය මහ රෝහල වෙත රැගෙන යෑමේදී අවසන් හුස්ම හෙලා ඇතැයි පැවැසේ.

යුද හමුදා වෛද්‍ය බළකායේ රාජකාරි කරන බේරුවල, කාලවිල දන්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සමඟ ඇය විවාහ වී ඇති අතර දෙදෙනා අතර නිතර නිතර පවුල් ආරවුල් ඇතිවීම හේතුවෙන් වෛද්‍ය සිසුවිය මීට වසරකට පමණ පෙර තම නිවෙසේ පදිංචියට පැමිණ ඇතැයි පවුලේ ඥාතියෙක් පැවැසීය.

මෙය සිදුකළ පුද්ගලයා යාපනය 662 වැනි බළසේනා මූලස්ථානයේ වෛද්‍ය අංශයේ රාජකාරි කරන ලාන්ස් කෝප්‍රල් දිලිප් කුමාර නමැති 30 වියැති අයකු වන අතර ඔහු බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධියෙන් පසු අවට සිටි දමිළ වැසියන් විසින් සැකකරු අල්ලා යාපනය පොලිසියට භාරදී තිබේ.

වෛද්‍ය සිසුවියගේ පියා කළුතර කොට්ඨාස පොලිස් අධිකාරි කාර්යාලයේ කාර්යාල කාර්ය සහායකයකු ලෙස සේවය කරන අයෙකි.

දරුවන් සිවුදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමලා වන ඇයට බාල සහෝදරයන් දෙදෙනකු හා බාල සහෝදරියක්ද වන බව පොලිසිය කියයි.

සිසුවිය යාපනය විශ්වවිද්‍යායේ වෛද්‍ය පීඨයේ අවසන් වසර සිසුවියක් වන බවද ආරක්ෂක අංශ පවසයි.

අදාළ සිසුවිය සැකකරු හමුවීමට යාපනය කොටුවට පැමිණ ඇති බවටත්, එහිදී දෙදෙනා අතර වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් මෙම සිද්ධිය සිදුවී ඇත.

මේ ශිෂ්‍යාවගේ බවට සැක කෙරෙන කුඩයක්, ජංගම දුරකථනයක්, සෙරෙප්පු දෙකක් හා මුදල් පසුම්බියක් අසල තිබී හමුවී තිබේ.

සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසියෙක් සිද්ධිය මෙසේ විස්තර කළේය.

“ව්‍යායාම් මංතීරුවේ පෙම්වතුන් හමුවීම සාමාන්‍ය දෙයක්. මේ දෙන්න ඉන්නවත් අපි දැක්කා. එකවරම දෙන්න අතර කලබලයක් වගේ අපිට තේරුණා. ඒත් අපි විපරම් කර බැලුවේ නෑ. එකවරම තරුණිය කෑගහන ශබ්දයක් ඇසුණා. ඉන්පසු තරුණිය පහළට තල්ලු කර දමා ඔහු පැනයන්න හදද්දී කට්ටිය ඔහු ලුහුබැඳ ගොස් අල්ලාගෙන පොලිසියට භාරදුන්නා.”

Source – මව්බිම



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here