Home විදෙස් පුවත් මෙක්සිකෝව – ඇමරිකාව එකඟතාවයකට

මෙක්සිකෝව – ඇමරිකාව එකඟතාවයකට

0
81


අවි ආයුධ, මත්ද්‍රව්‍ය සහ නීති වරෝධී මුදල් ජවාරම් මැඩපැවැත්වීමේ සැලසුමක් සඳහා මෙක්සිකෝව සහ ඇමරිකාව එකඟවී ඇති බව මෙක්සිකානු රජය පවසයි.

ඇමරිකා එක්සත් ජනපදයේ නීතිපති විලියම් බාර් සහ මෙක්සිකෝවේ ඉහළ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකින් පසු මෙම අදහස් පලකර තිබේ.

මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීමටත් ඒවාට ඇබ්බැහි වීම මැඩපැවැත්වීම සඳහාත් රටවල් දෙක එකඟ වූ බව එම නිවේදනයේ සඳහන් වේ.

ආයුධ හා පතරොම් ගෙනයෑම නැවැත්වීම සඳහා දේශසීමාවේ තාක්ෂණික මෙහෙයුම් ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධවද සාකච්ඡා කර තිබේ.

මෙක්සිකෝවේ උතුරු දිග ඇමරිකානු – මෙක්සිකෝ සම්භවයක් සහිත කාන්තාවන් නවදෙනකු සහ ළමුන්  ඝාතනය කිරීම ඇතුළු ආරක්ෂක අක්‍රමිකතා ගනනාවකට පසු ඇමරිකානු ජනාධිපතිවරයා තර්ජනාත්මකව පවසා සිටියේ මෙක්සිකෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ත්‍රස්ත කණ්ඩායමක් ලෙස නම් කරන බවයි.

මෙම තර්ජනයත් සමඟ මෙක්සිකෝව විසින් සාකච්ඡා කඩිනම් කළ බව පැවසේ.

මධ්‍යම ඇමරිකාවේ සිට මෙක්සිකෝවේ උතුරු ප්‍රදේශ වලට සංක්‍රමණිකයන් ගලා ඒම වැළැක්වීම සඳහා දේශ සීමා ආරක්ෂාව දැඩි කිරීම සම්බන්ධව ද සාකච්ඡා කර තිබේ.

(රොයිටර් පුවත් ඇසුරිණි – 085)

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here