මෙක්සිකෝවේ කොවිඩ් මරණ ලක්ෂය ඉක්මවයි

0
87

මෙක්සිකෝ රාජ්‍යයේ කොවිඩ් නයින්ටීන් ආසාදිත මරණ සංඛ්‍යාව ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

දිනයේ එරටින් වාර්තා වූ නව කොවිඩ් ආසාදිත මරණ 576ත් සමග සමස්ත මරණ සංඛ්‍යාව100,104 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව ලොව කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂයේ සීමාව පසු කළ සිව් වන රට බවට මෙක්සිකෝව පත්වේ.

මේ වන විට එරටින් කොවිඩ් ආසාදිතයින් 1,019,543ක් වාර්තා වී ඇති අතර ඉන් 766,361 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here