මිය යන තුරු රනිල් එජාප නායකයා වී ඉන්නවාට අපි කැමතියි – අන්තිමේ සජිත් පිල කියයි

0
64


නිල් වික්‍රමසිංහ මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මියයන තුරුම තබා ගන්නා ලෙස ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අභයසිංහ මහතා සඳහන් කළේය.

කෙසේ නමුත් මීළඟ මැතිවරණය සඳහා තමන් ඇතුළු එජාප මන්ත‍්‍රීවරුන් වැඩි පිරිසක් ඉදිරිපත් වන්නේ සන්ධානයකින් බවත් එහි නායක සජිත් ප්‍රේමදාස මහතා බවත් ඔහු කියා සිටියේය.

එනිසා මීළඟ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් නොව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවත් එහි බලය සජිත් ප්‍රේමදාස මහතාට සහ යෝජනා කර ඇති මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාට හිමිවන බවද ඔහු පැවසීය.

සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.











LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here