මාලිංග LPL තරගාවලියෙන් ඉවත් වෙයි

0
80

ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වී තිබේ.

ඒ එම තරගාවලිය සදහා සූදානම්වීමට ප්‍රමාණවත් කාලයක් නොමැති බව පවසමින්.

මේ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩයා ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල් ද ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරවාලියට සහභාගි නොවන බවට දැනුම් දී ඇත.

ඒ කායික ආබාධයකට ලක්වීම හේතුවෙනි.

ක්‍රිස් ගේල් තෝරා තෝරා ගැනුනේ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම වෙනුවෙන්වීම ද විශේෂත්වයක්.

මේ අතර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන විදේශීය ක්‍රීඩකයින්, කාර්ය මණ්ඩල සහ තරගාවලි සංවිධාකයින් මේ වන විට දිවයිනට පැමිණෙමින් සිටියි.

තරගාවලිය ලබන 26 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here