බුදුපිළිම කැඩිමේ සිද්ධිය – සැකකරුවන් යළි රිමාන්ඩ්

0
87

2018 වසරේ දී මාවනැල්ල ප්‍රදේශයේ පිහිටි බුදුපිළිමවලට හානි කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 16 දෙනෙකු යළි මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

ඔවුන් ලබන ජුලි මස 13 වනදා තෙක් නැවත රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ බව අප වාර්තාකරු පවසයි.

2018  වසරේ දෙසැම්බර් මස 26 වනදා මාවනැල්ල  නිදුලවත්ත,  මහන්තේගම, රන්දිවල , හිඟුල යන ප්‍රදේශවල බුදුපිළිමවලට හානි කිරිම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 45දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතරින් සැකකරුවන් දහසය දෙනෙකු  මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ලබන මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here