බ්‍රාවෝ කොදෙව් පිලට යළි එක්වෙයි

0
81


අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගාවලියට වසර 3කට පසුව කොදෙව් පිලට තුන්ඉරියව් ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝ ඇතුළත් කර තිබේ. අවසන් වරට 2016දී පාකිස්තානයට එරෙහිව විස්සයි20 තරගයට ක්‍රීඩා කළ බ්‍රාවෝ මේ තරගාවලියට කැඳවා ඇත්තේ මේ වසරේ දී ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමිනි. කොදෙව් – අයර්ලන්ත විස්සයි20 තරගාවලියේ පළමු තරගය හෙට (15) පැවැත්වෙන අතර දෙවැනි තරගය 19 වැනිදා සහ අවසන් තරගය 20 වැනිදා පැවැත්වෙයි.

කොදෙව් විස්සයි20 කණ්ඩායම මෙසේය.

කිරන් පොලාර්ඩ් (නායක), ඩ්වේන් බ්‍රාවෝ, ශෙල්ඩන් කෝට්රේල්, ෂිම්රන් හෙට්මේයර්, බ්‍රෙන්ඩන් කිං, එවින් ලුවිස්, කාරි පිරේ, නිකොලස් පූරන්, රෝමන් පවෙල්, ශෙර්ෆේන් රදර්ෆර්ඩ්, ලෙන්ඩ්ල් සිමන්ස්, හේඩ්න් වෝල්ෂ්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here