බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම එන්න බෑ කියයි

0
70

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ජුලි මස ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා බංග්ලාදේශ ක්‍රිකට් තරඟාවලිය නොපැවැත්වීමට දෙරටෙහි ක්‍රිකට් පාළක මණ්ඩල එකඟ වී තිබේ.

සිය ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකට සහභාගී වීමට සුදුසු වාතාවරණයක් තවමත් උදාවී නොමැති බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ඉදිරියේ දී එම තරඟාවලිය පැවැත්වීමට කටයුතු කරන බවය.

එම තරඟාවලිය යටතේ දෙරට අතර ටෙස්ට් තරඟ 3ක් පැවැත්වීමට නියමිතව තිබුණි.

මේ අතර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් සහභාගී වූ තවත් පුහුණු සැසියක් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරඟ සඳහා සූදානම් වීමක් ලෙස මෙම පුහුණු සැසිය සංවිධානය කර තිබූ අතර කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන පුහුණු සැසිය මෙය වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here