පොලිස් භාරයේ සිටි තහනම් සංවිධාන ක්‍රියාකරුවන් බවට සැක 11ක් TID යට

0
122


මෙරට තුළ තහනම් සංවිධානයක් වන ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහිම් සංවිධානයේ කටයුතු කර ඇති බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයන් 11 දෙනෙකු, වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත භාරදී තිබේ.

අම්පාර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් ඊයේ(10) දින ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත භාරදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුනසේකර මහතා පැවසීය.

රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරු මත අත්අඩංගුවට ගෙන සිටින මෙම පිරිස සම්බන්ධව දින 90ක රැඳවුම් නියෝග මත විමර්ශන කටයුතු කිරීමට නියමිතය.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here