පළාත් කිහිපයකට අදත් වැසි

0
74

බස්නාහිර, මධ්‍යම, සබරගමුව,දකුණු, වයඹ සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර සහ දකුණු පලාත්වලත් පුත්තලම, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදීත්වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

මේ අතර දකුණු අන්දමන් මුහුද සහ ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වී ඇති අතර, එය තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් ගැඹුරු මුහුදු ප්‍රදේශ වල ධීවර හා නාවුක කටයුතු වල යෙදීමේදී මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටීයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here