නොතෙසි අනුව මේජර් ජෙනරාල් ප්‍රියංකර ප්‍රනාන්දු ඇතුළු යුධ හමුදා නිලධාරින් අධිකරණය හමුවට

0
16


හැටන් මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර තිබු නොතෙසි අනුව ශ්‍රි ලංකා යුධ හමුවේ 58 වෙනි බලසේනාවේ බලසේනාධිපති මේජර් ජෙනරාල් ප්‍රියංකර ප්‍රනාන්දු මහතා ඇතුළු  එම බලසේනාවේ යුධ හමුදා නිලධාරින් රැසක් (15) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනි සිටිහ.

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ තම සේවාදායකයෙකුට කොළඹ වානිජ මහා අධිකරණය මගින් ලබා දුන් නියෝගයක් මත නාගරික සංවර්ධන අධිකාරිය මගින් බදු පදනම මත ලබා දි ඇති ඉඩමකට සහ ගොඩනැගිලි වලට 58 වෙනි බලසේනාවේ යුධ හමුදාවේ භට පිරිසක් තම සේවාදායකයාගේ අවසරයකින් තොරව ජුලි මාසයේ සිට නිරෝධාන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට අවශ්‍යය බව පවසමින් බලහත්කාරයෙන් යුධ හමුදා කදවුරක් ස්ථාපනය කර ඇති බව චෝදනා කරමින් ජනාධිපති නිතිඥය මෛත්‍රි ගුණරත්න මහතා විසින් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ දණ්ඩ නිති සංග්‍රහයේ 66 වගන්තිය යටතේ නඩුවක් පවරා තිබුණි. 

එම නඩුවේ වග උත්තරකරුවන් ලෙස 58 වන බලසේනාවේ බල සේනාධිපති මේජර් ජෙනරාල් ප්‍රියංකර ප්‍රනාන්දු මහතා , නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු 58 වෙනි බලසේනාවේ යුධ හමුදා නිලධාරින් කිහිප දෙනෙකු වග උත්තරකරුවන් ලෙස නම් කර තිබුණි.

යුධ හමුදාව වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනි සිටි රජයේ අධි නිතිඥය ජයකිත් මාතුරත්න මහතා  සහ යුධ හමුදා නිති  අංහයේ නිතිඥයින් විවෘත අධිකරණය හමුවේ කියා සිටියේ යුධ හමුදාව වෙත මෙවැනි නඩුවක් මෙම අධිකරණය විභාග කල නොහැකි බවයි.

දෙපාර්ශවයේ නිතිඥයින් දැක් වු කරුණු සලකා බැලු හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ට්‍රොස්කි මහතා විවෘත අධිකරණය හමුවේ වග උත්තර පාර්ශවයට කියා සිටියේ මුලික විරෝධතාවය නම් එය ලිඛිතව මේ මස (29) දින අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙසයි.

යලිත් මෙම නඩුව මේ මස (29) දින කැදවිමට නියමිතය.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here