නුවන් සොයිසා වැරදිකරුවෙක් – අයිසීසී

0
93

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නෙක් වන නුවන් සොයිසා ක්‍රිකට් දූෂණ සම්බන්ධ වැරදි තුනක් සඳහා වැරදිකරු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි.

මීට වසර දෙකකට පමණ පෙර අයි සී සී දූෂණ විරෝධී සංග්‍රහය යටතේ ඔහුට එරෙහිව චෝදනා එල්ල විණි.

2017 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති T 10 තරඟාවලියේ “ටීම් ශ්‍රී ලංකා” කණ්ඩායමේ පන්දුකරණ පුහුණුකරු ලෙස ඔහු කටයුතු කළේය.

එහිදී සිදුවූයේ යැයි පැවසෙන සිදුවීම් සම්බන්ධයෙන් සැකය සොයිසා වෙත එල්ලවී තිබුණි.

මේ වනවිට ඔහුට එරෙහිව තාවකාලික තහනමක් පනවා ඇති අතර ඔහුට එරෙහි දඬුවම් අයිසීසී ය විසින් නුදුරේදීම නිවේදනය කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here