නිව්යෝර්ක් මැරතන් තරගය අවලංගුයි

0
68

මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබූ නිව්යෝර්ක් මැරතන් තරගය අවලංගු කිරීමට එම තරග සංවිධායකින් තීරණය කර තිබේ.

ඒ ගෝලීය වසංගතයක් වු කොවිඩ් – 19 වෛසරය ව්‍යාප්තිය හේතුවෙන්.

2020 වසරේදී නිව්යෝර්ක් මැරතන් තරගය ආරම්භ කිරීමට නියමිතව තිබුණේ මේ වසරේ නොවැම්බර් මස පළමු වැනි දායි.

ලොව වැඩිම තරගකරුවන් පිරිසක් සහාභාගී වන මෙම තරගය ගෝලීය වසංගතයක් වු කොවිඩ් – 19 හේතුවෙන් අවලංගු කර දැමීමට එම තරග සංවිධායකින් තීරණය කර තිබේ.

මෙවර එම තරගයේ 50 වන සැමරුම සටහන් කරමින් පැවැත්වීමට නියමිතව තිබූ අතර අවසන් වරට 2019 වසරේ පැවැති නිව්යෝර්ක් මැරතන් තරගය සඳහා තරගකරුවන් 53,640ක් සහභාගී වුණි.

කෙසේ වෙතත් මේ වසරේ පැවැත්වීමට නොහැකි වු නිව්යෝර්ක් මැරතන් තරගය 2021 වසරේ නොවැම්බර් මාසයේ පැවැත්වීමට බලාපොරොත්තු වන බව තරග සංවිධායකයින් පවසයි.

එමෙන්ම තරග සංවිධායකින් වැඩිදුරටත් සඳහන් කළේ මේ වසරේ එම තරගාවලිය අවලංගු කිරීම බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු සුන් කර දැමීමක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here