හෙල Gossip

මලයාලම් චිත්‍රපට දෙකකට ආරාධනා ලැබුණා

ඇය සුන්දර සිනහවකට හිමිකම් කියන තාරකාවියක්. දකුණේ වගේම උතුරේත් ඇයට ඇත්තේ පුදුම ළෙන්ගතුකමක්. සිහංල ගුරුතුමිය නමින් ඇය කළ ඡායාරූප අන්තර්ජාලය හරහා යාපනයේ දෙමළ ජනතාවගේ හදට කතා කළා පමණක් නොව ඉන්දියාවේ කේරළයේ මලයාලම් සිනමාවේ දොරටුද ඇය නමින් විවෘත වුණා. අපි ඒ ගැන හිරුෂි වසුන්දරාගෙන්ම අසා දැන ගමු… මුලින්ම කියන්න ඔබ සිංහලද, දෙමළද මම ශ්‍රී ලාංකිකයි. හැබැයි […]

හිට්ලර් විසින් ඝාතනය කෙරුණ​ නාසි එස්.ඒ. නායකයා – අර්නස්ට් රොඅම්

පෝලන්තය, ඔස්ට්‍රියාව හා චෙකොස්ලෝවැකියාව ආක්‍රමණය කරමින් රුසියාව ආක්‍රමණය කිරීම දක්වා හිට්ලර්ගේ නායකත්වය මත හිට්ලර් අසළින්ම සිට ඔහුට පක්ෂපාතිව කටයුතු කළ යුධ නායකයන් කිහිපදෙනෙක් නාසි පාලන කාලය තුළදී අපට හමුවෙනවා. නාසි ගුවන් හමුදාව භාරව කටයුතු කළ හර්මන් ගෝරිං, ජර්මනියේ ප්‍රචාරක ඇමති ගොබෙල්ස් මෙන්ම මුල් කාලයේ සිට අවසන් සමය දක්වා හිට්ලර් සමඟ රැදී සිටි හිම්ලර් එවැනි නාසි […]

රාත්‍රියේ ගොදුරු සොයා ආ, රිචඩ් රමිරෙස්

ඇමෙරිකා එක්සත් ජනපදය පසුගිය සියවස තුළ දාම ඝාතකයින් කිහිපදෙනෙකු ම බිහි කර තිබෙනවා. එයිනුත් ‘රිචඩ් රමිරෙස්’ට හිමිවන්නේ ප්‍රමුඛතම ස්ථානයක්. 1980 දශකයේ කැලිෆෝනියා ප්‍රාන්තය ම බියවැද්දූ ඔහු, රාත්‍රී කාලයෙහි ගොදුරු සොයා යන්නෙකු සේ පරසිදු ව සිටියා. කෙසේ නමුත්, ඉක්මනින් ම ඔහු ව අත්අඩංගුවට ගන්නට බලධාරීන් සමත් වූ අතර, අවසානයේ ස්වභාවධර්මයෙන් ම ඔහුට දඬුවම් ලැබුණා. මේ ඔහුගේ […]

රුසියාවේ උමතු ඝාතකයා: ආන්ද්‍රෙයි චිකටිලෝ

1982 වසරේ දී රුසියානු බලධාරීන් එක්තරා දාම ඝාතකයෙකු සොයමින් ගම් නියම්ගම් පීරා සිය මෙහෙයුම් දියත් කර තිබුණා. මේ කාලය වනවිට එකම ආකාරයකට ඝාතනය කොට ඉන් පසු විකෘති කරන ලද මළසිරුරු දුසිම් කිහිපයක් රුසියාවේ රොස්ටොව් ප්‍රදේශයෙන් හමු වී තිබුණා. ඒවා කපා කොටා තිබූ අන්දමෙහි සමානතාව නිසාම මේ සියල්ලක්ම එක් අයෙකු විසින් සිදුකරන ලද ඝාතන බවට රුසියානු […]

දේව ආශිර්වාදයෙන් මරණය ජයගත් තරුණයා

අනාදිමත් කාලයක සිට සම්ප්‍රදායානුකූල නොවන පුද පූජාවන්ට ගරු කිරීමට මිනිසා පුරුදුව සිටියේය. යම් තැතිගැන්මක් හෝ බියකට පත් වූ ආදිතමයා ගස්, වැල් ඇළ දොළ, ග්‍රහතරු වන්දනා කිරීමටත්, එහි පිහිට ලබාගැනීමටත් උත්සුක විය. ඉතා විශ්වාසයෙන් යුතුව කරන ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල ලබාගත් බවද සත්‍යයකි. ලෝකය කාර්මීකරණය තුළ මංමුළා වුණු සමහර මිනිසුන් බුද්ධි ගෝචර නොවන විවිධ භක්තිවාද පිටුපස යෑමෙන් අපට […]

නිශාචර නාසි ගුවන් නියමුවා – වර්නර් ස්ට්‍රයිබ්

දෙවන ලෝක යුධ සමයේදී රාජකීය ගුවන් හමුදා නියමුවන් හා ඇමරිකානු එක්සත් ජනපද ගුවන් නියමුවන්ට වඩා නාසි ගුවන් හමුදාවේ (Luftwaffe) නියමුවන් දක්ෂතාව අතරින් ඉදිරියෙන් සිටි බව ගුවන් සටන් වලදී සාර්ථක ලෙස ප්‍රතිවිරුද්ධ ගුවන් යානා බිම හෙලන ලද ගුවන් නියමුවන්ගේ ලැයිස්තුව පරික්ෂා කිරීමේදී තර්ක කරන්නට පුළුවන්. දෙවන ලෝක යුද්ධ ජයග්‍රහණය මිත්‍ර පාර්ශවය වෙත හිමි වූ බැවින් ජර්මානු […]

කෙල්ලෙක්ට තනියම සංචාරය කරන්න පුළුවන් රටවල් 10ක්

විසිතුරු විදියට හැඩ වැඩ දාපු ගවුම් ඇඳගෙන මැහුම් ගෙතුම් කරගෙන ගෙදරට වෙලා හිටපු ගෑනු ළමයි මේ වෙනකොට ජේන් ඔස්ටින්ගේ නවකතා පොත්වලට ම විතරක් සීමා වෙලා. දැන් ඉන්න කෙල්ලෝ පරණ මතිමතාන්තර පැත්තකට දාල උසස් අධ්‍යාපනය ලබන්න, රැකියා කරන්න විතරක් නෙමෙයි රට රටවල සංචාරය කරන්නත් පටන් අරගෙන. එහෙම සංචාරය කරන්න කැමති ගැහැනු ළමයින්ට කාගෙන්වත් කරදරයක් නැතු ව […]

හඳපානේ රඟපාන්න ගිය සිරිල් වික්‍රමගේ

සිනමාවේ භාග්‍යයකට පෑයූ චරිතාංග නළුවෙකු වන ශ්‍රී ලාංකීය රංගන ක්ෂේත්‍රයේ අද වන විට සිටින ජ්‍යෙෂ්ඨතම රංගන ශිල්පියා ලෙස සිරිල් වික්‍රමගේ හඳුන්වන්න පුළුවන්. ජීවිතේ සැඳෑ සමය ගත කරන මෙතුමන් කලා ජීවිතේ තැබූ පළමු පියවර ගැන මතක සටහනයි මේ…. මගේ ගම බොහෝම පිටිසර. කුරුණෑගලින් හැතැප්ම දහයක් විතර ඈත. ගමේ මුල් නම තලම්පිටිය. දැන් නම් කියන්නේ කොහිල ගෙදර […]

පමාවෙලා ආ උමාරියා

ඇය නමින් උමාරියා සිංහවංශයි. ඉතාමත් හිමින් ලස්සන ගමනක් යමින් සිටින ඇය මේ මොහොත වන විට ශ්‍රී ලංකාවේ ජනප්‍රියම චරිතයක් බවට පත්වෙලා සිටිනවා. ඒ ඇගේ සුමිහිරි හඬ පමණක් නිසාම නොව, ඇය කාන්තාවක් හැටියට ඇගේ ඉලක්කයන්වලට එඩිතරව මුහුණදෙමින් සිටින නිසාවෙනි. ඇය ගායනා කළ ‘මන්ද පමා’ ගීතය මේ වනවිට නැරඹුම් වාර මිලියන 5 පසුකර ඇත. ‘මන්ද පමා’ මෙතරම් […]

911 ස්ථාපනයට හේතු සැපයූ කිටී ජෙනොවීස් ඝාතන සිද්ධිය

විසි වන සියවසෙහි ඇමෙරිකා එක්සත් ජනපදයෙහි සිදු වූ මනුෂ්‍ය ඝාතන අතුරින් කිටී ජෙනොවීස් ඝාතන සිද්ධිය ඉතා සුප්‍රසිද්ධ සිදුවීමක්. විශේෂයෙන් මේ සිද්ධියේ දී අසල්වාසීන්ගේ හැසිරීම ඉතා දැඩි ලෙස විවාදයට තුඩු දුන් කාරණාවක් වුණා. ඝාතන සිද්ධිය 1964 වසරේ ඇමෙරිකනු මාධ්‍ය මඟින් නිතර නිතර කතා කළ එක් පුවතක් තිබුණා. ඒ තරුණ කාන්තාවක්, නිව්යෝක් නුවර පිහිටි සිය නිවස ඉදිරිපිට […]

සනී ලියෝන්ගේ ජීවිතයේ නොදුටු පැත්ත

සනී ලියොන් හැඳින්වෙන්නේ ඉන්දියානු සිනමාවේ ගිනි සිළුව ලෙසටයි. සරාගී චරිත නිරූපණයට ප්‍රකටව සිටින ඇය බොලිවුඩ් සිනමාව වෙනත්ම තලයකට රැගෙන ගිය නිළියක් වශයෙන් සැලකෙනවා. සනී සම්බන්ධයෙන් පසුගියදා අලුත්ම පුවතක් වාර්තා වුණා. ඒ ඇය නිවුන් දරු  දෙදෙනකුගේ මවක් වූ බවයි. සනීගේ සාර්ථක විවාහය මේ වන විට 36 වැනි වියේ පසුවන සනී ලියොන් විවාහ වී සිටින්නේ 39 හැවිරිදි […]

ඇඳුම් තෝරන යුවතියන්ට වැදගත් කරුණු 6 ක්

කාන්තාවන් කොතරම් තෝරා ඇදුම් ගෙනාවත් නිවසට පැමිණි පසු හෝ පැළඳගෙන යනවිට එහි තවත් අඩුපාඩු ඔවුන්ට පේන්න ගන්නවා. පිරිමින්ට නම් මෙය කෝපය ගෙනඑන සිද්ධියක්. මිලදී ගත්තාට පසු ආයෙත් මාරු කරන්නට වීම හෝ ඇදුම සුදුසු පරිදි නොගැලපීම අනවශ්‍ය ලෙස කාලය කා දැමිමක්. ඒ වගේම පර්ස් එකටත් මනසටත් ඒක වදයක්. ඉතින් අද අපි බලමු ඇදුම් පැළදුම් ගන්න කලින් […]

වික්ටෝරියා රැජිනගේ අසම්මත බැඳීම – මුන්ෂි

ලොවෙන් අඩකම අධිරාජිනිය වූ වික්ටෝරියා රැජින රළු පාලනයක් ගෙන ගිය තැනැත්තියක ලෙස ඉතිහාසගතව ඇත. ඇල්බට් කුමරුන්ගේ බිරිඳ ද ගෞරවණීය රැජිනක ද ලෙස රාජය ඉතිහාසයේ ලියවුණ ද, ඇයගේ ජීවිතේ සැඟවූ පැතිකඩක් සේම, රජ පවුලේ අපකීර්තිමත් නින්දිත මතකයක් සේ ද මුන්ෂිගේ කතාව කියවෙයි. රජ පවුලේ පිළිකුලට සහ වෛරයට ලක් වූ අබ්දුල් කරීම් හෙවත් මුන්ෂි, වසර සියයකට අධික […]

හිට්ලර්ට පෙර ජර්මනියේ නායකයා වූ ෆීල්ඩ් මාර්ෂල් හින්ඩන්බර්ග්

ෆීල්ඩ් මාර්ෂල් පෝල් ෆොන් හින්ඩන්බර්ග් මෑත කාලීන ජර්මන් ඉතිහාසයෙහි ජීවත් වූ සුප්‍රකටම යුධ සෙන්පතියක්. එමෙන්ම ඇඩොල්ෆ් හිට්ලර් චාන්සලර් ධුරයට පත් කළේ ද හින්ඩන්බර්ග් විසින්. එහෙත්, හින්ඩන්බර්ග් මියගිය විට ඔහුගේ අන්තිම කැමැත්ත හිට්ලර් යටගැසූ බව විශ්වාස කෙරෙනවා. මුල් හමුදා සේවය​ හින්ඩන්බර්ග් උපන්නේ එකල ප්‍රශියාවෙහි පිහිටි, අද පෝලන්තයට අයත් පෝසන් ප්‍රදේශයේ, 1947 ඔක්තෝබර් 2 වන දා යි. […]

ලොවක් හඬවා නිහඬ වූ චෙස්ටර්

‘ලින්කින් පාර්ක්’ සංගීත කණ්ඩායම කිව්වම ලෝකේ නොදන්නා කෙනෙක් නෑ. නමුත් පසුගිය දා එම කණ්ඩායමේ නියාමක ගායකයා වූ චෙස්ටර් බෙනින්ටන් හදිසියේම මිය යනවා. ඔහු සිය දිවි නසා ගෙන, නමුත් මේක ඝාතනයක් කියලා සැකයකුත් තිබෙනවාලු. ඔහුගේ මරණය සමඟ ලොව පුරා සිටි ඔහුගේ රසික පිරිස් දැඩි ශෝකයට පත්ව සිටිනවා. ලංකාවෙත් ගොඩාක් අය ගායකයා නොදන්නවා වුණාට ඔහුගේ ගීත නම් හොඳට දන්නවා කියලයි අපිට […]

පෞද්ගලික ජීවිතය තරම් කිසිවක් වටින්නෙ නැහැ

පුංචි තිරයේ සහ සිනමාවේ හැඩකාරිය තාරුකා වන්නිආරච්චි දැන් සූදානම් වෙන්නේ ලෝකයේ උතුම්ම පදවිය වන මව් පදවිය ලබන්න. ඉතින් පිනිපලස අපි ඇයගේ ගෙදරට ගොඩවුණේ මේ අලුත් අත්දැකීම ගැන කතා බහ කරන්න. තාරුකා කොහොමද මේ දවස්වල කාලය ගතවෙන්නේ මම කරපු කැලෑ හඳ ටෙලි නාට්‍ය ජාතික රූපවාහිනියේ විකාශය වෙනවා. ඒකත් බලාගෙන මේ ඉන්න තත්ත්වෙත් එක්ක ගෙදරට වෙලා තමා […]

හිපොක්‍රටීස්ටත් පෙර ශල්‍යකර්ම සිදු කළ අාසියානු වෙෙද්‍යවරයා

අතීතයේ සිට අාසියානු රටවල වෙෙද්‍ය විද්‍යාව දියුණු වී පැවතිය ද එ්වා බොහෝ විට සැලකෙන්නේ ඉපැරණි බෙහෙත් ක්‍රම ලෙසයි. එසේ හැඳින්වීමට ඔවුන් යොදා ගන්නා තර්කය වනුයේ සංකීර්ණ ශල්‍යකර්ම වැනි දෑ පිළිබඳව එම වෙෙද්‍ය ක්‍රමවල දක්නට නොතිබීමයි. මේ නූතන වෛද්‍ය විද්‍යාවේ පිතෘත්වය අප සොයා බැලීමකින් තොරවම ලබා දෙන්නේ හිපොක්‍රටිස් (ක්‍රි. පූ. 460-370) වෙතට යි. නමුත් ඒ සත්‍ය […]

ලිංගික විෂමාචාර චෝදනා නිසා කල් දැමුණු සාහිත්‍යය සඳහා වන නොබෙල් ත්‍යාගය

ලොව දීර්ඝ ඉතිහාසයක් ඇති අග්‍රගණ්‍ය සම්මානයක් වන නොබෙල් ත්‍යාගය සාහිත්‍යය සඳහා මෙම වසරේදී ලබා නොදීමට ගෙන තිබෙන තීරණය ආන්දෝලනාත්මක එකක් බවට පත්ව තිබෙන්නේ ස්වීඩනයේ පමණක් නොවේ. ලොව සාහිත්‍ය ලෝකයේ විශිෂ්ටයින් අතරද මේ සම්බන්ධයෙන් විවිධ පරස්පරතා ගොඩනැගෙමින් තිබෙන අන්දමක් දක්නට හැක. සමහරු මෙය නොබෙල් ත්‍යාගයේ අවසානය දැයි ප්‍රශ්න කරති. කෙසේ නමුත් නොබෙල් සම්මානයක් පිරි නැමීම සිදු […]

ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරනව කියන එක ලොකු අවදානමක්

රන්තිලිවැව ටෙලි නාට්‍යයේ ශීලා ඔබ දැන් හොඳට හඳුනනව. ඒත් එක්ක පසුගිය සතියේ හදවතේ කතාවට එකතුවුණ සංවේදී මවත් ඇයමයි. නුවනි වලිමුනි තිරයේ බොහෝ චරිතවලට හිමිකාරියක් නොවුණත් සැබෑ දිවියේ සමාජයේ අවධානයට ලක්වන චරිත කිහිපයක අයිතිකාරිය වී සිටින නුවනි, තිරය මත සේම තිරයෙන් එහාත් විශේෂිත වූ වගකීම් දරන්න තරම් ශූර චරිතයක්. ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක් ලෙස ඔබේ වර්තමානය හා […]

නිවාඩුව ගතකරන්න හොඳම තැන් 5ක්

  දකුණු ලක මුහුදු සුවය විඳින්න Weligama Bay Resort දකුණු ලකෙහි දෙවුන්දර තුඩුවත්, වැලිගම් බොක්කත් අතර පිහිටා ඇති Weligama Bay Resort නිකේතනයට කොළඹ සිට ඇත්තේ කි.මී. 143 යි. රමණීය වෙරළ තීරයක් ඔබ්බෙහි පිහිටා ඇති මෙය සංචාරක ආකර්ෂණය ද දිනාගන්නට සමත්ව තිබෙනවා. ප්‍රංශ ජාතික භූ අලංකරණ ශිල්පියෙකු, ගෘහ භාණ්ඩ නිර්මාණකරුවකු මෙන්ම ස්වයං නිර්මාණකරුවකු වූ කවුන්ට් ඩි […]

ගම්පහ සොබා සුන්දරත්වය විඳින්න

කොළඹට නුදුරින් පිහිටි ගම්පහ සොබාදහමේ සුන්දරත්වය නැරඹීමටත් ඉඩ සලසන ප්‍රදේශයක් බව ඔබ සමරවිට ‍නොදන්නවා ඇති.  දිනක චාරිකාවකට කදිම එවැනි තැන් දෙකක් ගැන කියා දෙන්නයි මේ සූදානම. ඒ අගනුවරට ළඟම උද්භිද උද්‍යානය සහ ජාතික වනෝද්‍යානය ගැන තොරතුරුයි ඒ. ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය ගම්පහ නගරයේ සිට මිනුවන්ගොඩ පාරේ කි. මී. එකහමාරක් ගමන් කරන විට මාර්ගයේ වම්පසින් හෙනරත්ගොඩ […]

තම පාසැල් ගුරුවරිය හා විවාහ වූ ජනාධිපති අපේක්ෂකයා

ප්‍රංශ ජනාධිපතිවරණ සටන උණුසුම් වෙද්දී එහි ඉදිරියට පැමිණ සිටින තරුණ ස්වාධීන අපේක්ෂක එමානුවෙල් මැක්‍රොන් පිළිබඳ ජනමාධ්‍ය නිතර කතාබහ කරනවා. මේ අතර ඔහුගේ ආදර කතාවට ද හිමි වන්නේ විශේෂ ස්ථානයක්. මැක්‍රොන් ප්‍රේමයෙන් බැඳෙන්නේ ඔහුට වඩා අවුරුදු 20 ක් වැඩිමල් ඔහුගේ ගුරුවරියක සමඟ වීම මෙම විශේෂත්වයට හේතුවයි. එම ආදර කතාව දැනට අවුරුදු 24 ක ඉතිහාසයක් ඇති එකක්. […]

කවදාවත් මෝස්තර නිරූපණය කරලා නැහැ

ස්ටෙෆනි සිරිවර්ධන කියන්නේ 2011 වසරේ ශ්‍රී ලංකා විශ්ව රූ රැජින කිරුල හිමි කර ගැනීමට සමත් වූ සුන්දර යුවතියයි. ඉන් පසුව ස්ටෙෆනි එම වසරේම බ්‍රසීලයේ පැවැති විශ්ව රූ රැජින තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට ද සමත් වූණා. ඒ විතරක් නෙවෙයි 2013 වසරේ ශ්‍රී ලංකා ආසියා පැසිපික් ලෝක රූ රැජින කිරුළ හිමිකරගත්තේද ඇය. ස්ටෙෆනි උපාධිධාරිනියක් මෙන්ම ක්‍රියාශීලී […]

සැමියාට මානසික වද දුන් බිරිඳට දිවියෙන් වන්දි ගෙවන්න වෙයි

සරසවි සිසුවකු වූ මුණසිංහට මාගරට් මුණ ගැසෙන්නේ ඔහු නැවතී සිටි ගංගොඩවිල බෝඩිමේදීය. උපාධියට අමතරව බෝඩිමේ ඇන්ටිගේ දියණියද හිමිකර ගැනීමට මුණසිංහ සමත් විය. කොටින්ම කිවහොත් ගම්බද අහිංසකයෙකු වූ මුණසිංහගේ ගතෙහි මාගරට්ගේ මව විසින් සටකපටකමින් සිය දියණිය එල්ලන ලද්දේය.   මවට නොදෙවෙනි කට්ට සූත්තරකාරියක වූ මාගරට් ව්‍යාජ සෙනෙහසින් මුණසිංහ පමණක් නොව ඔහුගේ ඥතීන් ද දිනා ගත්තාය. ගමේ මහගෙදර […]

ප්‍රසිද්ධියට අකමැති ප්‍රසිද්ධ පොප් තරුව – සියා

සියාගේ ළමා කාලය  දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයේ, 1975 දෙසැම්බර් 18 වන දින සියා කේට් ඉසබෙල් ෆර්ලර් නම් වූ දැරියක් උපත ලබනවා. ඇගේ මව චිත්‍ර ගුරුවරියක් වූ අතර පියා ගිටාර් වාදන ශිල්පියෙකු වුණා.  කුඩාකල සිටම ප්‍රසිද්ධ රංගන ශිල්පීන්, සංගීත කණ්ඩායම්, සහ සර්කස් ශිල්පීන් ඇසුරු කරමින් හැදී වැඩුණු සියා වයසින් වැඩෙත්ම තේරුම් ගත්තා තමන්ගේ ඉදිරි ගමනට වඩාත්ම […]

ෆේස්බුක් උපන් හැටි නිර්මාතෘ කතා කරයි

මාර්ක් සකර්බර්ග් අප කවුරුත් හොඳින් හඳුනන්නේ ෆේස්බුක් නිර්මාතෘවරයා ලෙසය. 1984 මැයි 14 වැනිදා උපන් 36 හැවිරිදි සකර්බර්ග් ඇමෙරිකානු පරිගණක ක්‍රමලේඛකයෙකි. අන්තර්ජාල ව්‍යවසායකයෙකි. ෆේස්බුක් පමණක් නොවෙයි, වර්තමානයේ ජනප්‍රිය සමාජ මාධ්‍ය ලෙස සැලකෙන ඉන්ස්ටග්‍රෑම්, වොට්ස්ඇප් පමණක් නොව අපට වැඩිය හුරුපුරුදු නැති ඔකලස් සමාගමේ ද හිමිකාරීත්වය ඇත්තේ ෆේස්බුක් සතුවය. පසුගිය වසරේ, එනම් 2019 මාර්තු 6 වැනිදා සකර්බර්ග් ආන්දෝලනාත්මක […]

යසෝදරා තරම් උතුම් ළඳක් ලෝකයේ තවත් නෑ…

ඔහුව දැක්ක ගමන් මගේ මතකයට ආවේ.. එයා ගායනා කරපු සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන් මල් සින්දුව…  දැන් දන්නවා මේ කවුරු ගැනද කතා කරන්නෙ කියලා…    ඔව්… ඔව්.. චන්දන ලියනආරච්චි තමයි… එයා අපිව සුන්දර හිනාවකින්ම පිළිගත්තා… ආයුබෝවන්… ආයුබෝවන්… අහන් ඉන්න චන්දන කතා කරන්නේ මොකක් ගැනද කියලා… ඊට කලින් චන්දන ලියනආරච්චි මේ දවස්වල කරන වැඩකටයුතු […]

බොලිවුඩ් නිළි රේඛාගේ නිවසට මුද්‍රා තබයි

ඉන්දියාවේ සුප්‍රකට නිළියක වන රේඛාගේ නිවසට මුද්‍රා තැබීමට මුම්බායිහි නගර බලධාරීන් පියවර ගෙන ඇති බැව් වාර්තා වෙයි. මෙවැනි පියවරක් ගෙන ඇත්තේ ඇයගේ ආරක්‍ෂක නිලධාරියෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බැව් අනාවරණය වීමත් සමගය. නිවස අවට ප්‍රදේශයද යම් යම් සීමාවන්ට යටත් කර ඇති බැව් සඳහන්ය. මේ වනවිට 65 වැනි වියෙහි පසුවන රේඛාට වයිරසය ආසාදනය වී ඇත්ද […]

අපි දෙන්න කසාද බැන්ද කියන කෑල්ල ලොකුවට අදාළ නැහැ

සම්මානනීය නිළියක වන සමනලී ෆොන්සේකා සිය රංගන දායකත්වය ලබාදී ඇති ‘ඇවිළෙන සුළුයි’ සිනමා නිර්මාණය මේ දිනවල ප්‍රේක්ෂකාගාරයට විවර වී තිබෙනවා. ඒ වගේම පසුගිය දේශපාලන සමයේ සමනලී කතා කරන චරිතයක් බවට පත්වුණා. සමනලී මේ දිනවල මොකද කරන්නේ කියලා අපි සොයා බලමු. මෙහි ඔබේ චරිතය මෙතෙක් කළ චරිතවලට වඩා වැඩි වගකීමත් පැවරුණ චරිතයක්ද? මම ඒ චරිතය වෙනුවෙන් […]

වැසුණු සිනමාවට මුක්කු ගසන ෆේස්බුක් ගෲප්

සමාජ මාධ්‍ය වෙබ් අඩවි අද වනවිට ලොව පුරා ප්‍රධානතම මාධ්‍යක්ව පවතියි. එය කොතෙක් දුරට ව්‍යාප්තව ඇත්දැයි යන්න පැහැදිලි කරනවා නම් අහම්බෙන් හමුවූවෙකු දුරකථන නාමාවලිය තුළින් සොයා ගන්නවටත් වඩා මුහුණු පොතේ සොයා ගැනීම පහසු වන තත්ත්වයටම පැමිණ තිබේ. ගෙවුණු කොරෝනා අවදානම් මාස කිහිපය හේතුවෙන් අඩියටම ඇද වැටුණු සිනමාව යම් තාක් දුරකට හෝ ඔසවා තබන්නට මෙම සමාජ […]

කළු හමෙන් කෝටි ගණන් සොයන ඇ​ෙමරිකාවේ කළු නිරූපිකාව

‘කොවිඩ් 19’ හෙවත් කොරෝනා වසංගතය මැද, ඇමෙරිකාවේ විරෝධතා පැවැත්වෙන්නේ, කළු ජාතිකයන්ගේ ජීවිතවලට වටිනාකමක් ඉල්ලමිනි. අවිවාදයෙන් කිව යුතු කරුණක් නම් කළු පැහැයට ඉහළ වටිනාකමක් ඇත. සිරිපා අඩවියේ වසර ගණනාවක් සැඟවී ජීවත් වූ, මිනිස් ඇස ගැටීමත් සමඟ අවාසනාවන්ත අයුරින් මියගිය දුර්ලභ කළු දිවියා ගැන අප තවමත් කම්පා වන්නේ ද ඒ නිසාය.  සමේ පැහැය කාන්තා පාර්ශ්වයට ඉතා වැදගත්ය. […]

හොලිවුඩ් යන රොබෝ නිළිය

කොවිඩ් 19’ වයිරස වසංගතය හේතුවෙන් සිනමා කර්මාන්තය ද දැඩි අර්බුදයකට ලක් විය. හොලිවුඞ් සිනමාව පමණක් නොව බොලිවුඩය ද කඩා වැටුණි. දින ප‍්‍රමාද වෙමින් චිත‍්‍රපට ප‍්‍රදර්ශනය ඇරැුඹීම මේ වනවිට ආරම්භ වී ඇත්තේ ඉතා මන්දගාමීවය.  නව සිනමා නිර්මාණ බිහිවන්නේ සෞඛ්‍ය උපදෙස් සහ සෞඛ්‍ය නීතිවලට අනුවය. කොරෝනා වයිරසය හේතුවෙන් සිප ගැනීමේ දසුන්, ලිංගික දසුන් මින් ඉදිරියට රූගත නොකෙරෙන […]

ගෝඨාගේ කෑම මේසයේදී සාම සාකච්ඡාවක්

රනිල් දන්න රහසක් තවමත් හෙළි කළේ නැතිලු කුරුණෑගල – මාතර – ගම්පහ පොහොට්ටුවේ උග්‍ර මනාප සටන් මහින්දට හිසරදයක් වෙයි තම පක්ෂයේ හොරු නැතැයි සජිත් කියයි ප්‍රසන්න – ශ්‍රී.ල.නි.ප. වාග් සංග්‍රාමය වහා නතර කරන ලෙස නියමයක් වජිරත් ජාතික ආණ්ඩු කතාවක් කියයි මහ මැතිවරණයෙන් ජ.වි.පෙ.ට ලැබෙන ජයග්‍රහණ ගැන අනුර හඬ අවදි කරයි රටේ සාමාන්‍ය දේශපාලන කටයුතු මේ දිනවල […]

කප්පම් ගත්ත ඔක්කොම ඇමැතිවරු මගේ මිත්‍රයෝ තමයි

රටේ අලුත් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක විජයද‌ාස රාජපක්ෂ මහතා සමග කළ සාකච්ඡාවකි.   ප්‍රශ්නය – ඔබත් හිටපු යහපාලන ආණ්ඩුවට තිබුණ බරපතළ චෝදනාවක් තමයි දේශපාලන පළිගැනීම් කළා කියන එක. මේ ආණ්ඩුව කරන්නෙත් ඒකමයි.   දේශපාලන පළිගැනීම් කියන්නේ වරදක් නැතිව අත්අඩංගුවට ගැනීම්. වරදක් කරපු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම කොහොමද දේශපාලන පළිගැනීමක් වෙන්නේ? ප්‍රශ්නය […]

දීප්තගේ ප්‍රංශ පෙම්වතිය වෛද්‍ය ශිෂ්‍යාවක්

තණමල්විල කොල්ලෙක්’ අවසන් වුවත් එහි මතකය බොහෝ කාලයකට අප අතර පවතිනු ඇත. ඒ, එහි හැම චරිතයක්ම අප හදවත් තුළ රැඳෙමිනි. දීප්තගේ ප්‍රංශ පෙම්වතියට පණ දුන් වැනේසා ගාල්ලගේ අපට හමුවන අලුත් රංගන ශිල්පිනියකි. මේ ඇය සමග කළ පුංචි කතාබහකි. ඔයාගෙ ළමා කාලය ගැන මුලින්ම දැනගන්න කැමැතියි. ඉපදුණේ ලංකාවෙද? නැහැ, මම ඉපදුණේ ජර්මනියේ. ජීවත් වෙන්නෙත් ජර්මනියේ. පාසල් […]

හැමෝටම හංගපු රහස දැන් කියන්නද?

PINK ROOM” සශිනි තමන්ගෙ ආදරය, අත්දැකීම්, ජීවිතය, දැනුම හැමෝම එක්ක බෙදා ගන්න තැන. සශිනි ගෙ ආදරය එක්ක බැඳුණු රසික රසිකාවියො ඇයට පෙරළා ආදරය ප්‍රකාශ කළේ “PINK ROOM” ජනප්‍රියම YOU TUBE චැනලයක් බවට පත් කරමින්. සශිනි මාස කිහිපයකින් “PINK ROOM”වෙනුවෙන් අලුත් වීඩියෝවක් කළේ නෑ. නාළිකාවෙ ජනප්‍රියත්වය බිඳකින්වත් අඩු නොවුණට පුංචි නිවාඩුවක් ගන්න ඇයට සාධාරණ හේතු කිහිපයක් […]

තම ‘චරිත’ අහිමි වූ නළු නිළියෝ

චරිතයට හරියටම ගැලපෙන නළු නිළියන් තෝරා ගන්න එක සංකීර්ණ දෙයක්. ඔවුන්ගෙන් උපරිම රංගනය ලබා ගැනීමත් සෑහෙන අභියෝගයක්. මේ සියල්ලටම වඩා වැඩි අභියෝගයක් වෙන්නේ ඔවුන් දිගටම කතාමාලාව තුළ රඳවා ගන්න එක.  විවිධ හේතූන් නිසා නළු නිළියන් චරිත අත හැර දමා යනවා. ඒ වගේම සමහර නළු නිළියන්ව ඉවත් කරන්නත් අධ්‍යක්ෂවරුන්ට සිදු වෙනවා. චිත්‍රපට මාලාවක හෝ කතා මාලාවක […]

මෙගාන් දික්කසාද කර රජ පවුලේ නම්බුව රැකගන්න

රාජකීයත්වය අත් හැරීමෙන් පසු, බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජිනගේ මුනුපුරු ඔටුන්න හිමි හැරී කුමරු (35) සහ ඔහුගේ බිරිඳ මෙගාන් මාර්කල් (38) මේ වනවිට කැනඩාවේත්, ඇමෙරිකාවේත් ජීවත් වෙති. දෙදෙනා ලහිලහියේ ‘කොවිඩ්- 19’ වයිරසයෙන් ආපදාවට ලක්වූවන්ට සහන ලබා දෙන අයුරු විටින් විට අසන්න ලැබේ. රාජකීයත්වය අත් හැර, හැරී සහ මෙගාන් ඇමෙරිකාවේ පදිංචියට යෑමට තීරණය කළේ පසුගිය ජනවාරියේය. […]

මගේ පෙම්වතා කලා ලෝකේ කෙනෙක්

පහුගිය වසර තුළ ටෙලි හා සිනමා ක්ෂේත්‍රයට පිවිසි තරුණ නිළියන් අතරින් ආලෝකා ධනංජනී ඉදිරියෙන් සිටිනවා. මාවනැල්ලේ ඉපදිලා ගමේ හැදිලා වැඩිලා තරු තරගයක් හරහා කොළඹ ඇවිත් ක්ෂේත්‍රයේ ඉදිරි ගමනකට අවතිර්ණ වෙලා ඉන්න ආලෝකා මේ දිනවල විකාශනය වන ටෙලි නාට්‍ය දෙකකම ප්‍රධාන චරිතවලට හිමිකාරිය වී සිටිනවා. ආලෝකාට උදාවෙලා තියෙන්නෙ කාර්යබහුල සමයක්ද? මේ දවස්වල මම රඟපාන ලංසුපතිනියෝ ස්වාධීන […]

චීනයෙන් දරුණු ඌරු උණ මාදිලියක් එයි

මෙයට මාස 06කට පෙර චීනයේ වූහාන් පළාතෙන් අබිරහස් රෝගයක් ලෙස වාර්තා වූ කොවිඩ්-19 දැන් ලෝක වසංගතයක් වී හමාරය. එහි අනිටු විපාක ලෝකයටම පළදෙමින් පවතින අතරම, වසංගතයක් බවට පත් විය හැකි තවත් රෝගයක් චීනයෙන්ම වාර්තා වී තිබේ. ඌරන් තුළින් හඳුනාගෙන ඇති මේ නව රෝගකාරක වෛරසය ඉතා ඉක්මණින්ම වෙනස්වීම්වලට ලක්ව මිනිස් සිරුරට ඇතුළු විය හැකි බවත් එය […]

නාටාමිලාගේ මුඛ ආවරණයට පොලිස් ලොක්කෝ විදලා

කොළඹ පිටකොටුව නාටාමිවරුන්ට නොමිලයේ බෙදාදීමට ලැබුණු මුඛ ආවරණ, අත් මේස් හා සෞඛ්‍යාරක්ෂිත කබා තොගයක් ඉහළම පොලිස් නිලධාරියකු ගෙන ගිය පුවතක් කොළඹ දිසාවෙන් වාර්තා වේ. මෙම මුඛ ආවරණ ඇතුළු භාණ්ඩ තොගය පිටකොටුව වෙළෙඳ සංගමයට පරිත්‍යාග කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය හා වරාය අධිකාරිය විසිනි. ඒ පරිත්‍යාග කළ දිනයේම දේශපාලනයට නෑකමක් දරන මේ පොලිස් නිලධාරියා එම භාණ්ඩ ඇතුළත් […]

පාතාලේ කුඩු විකුණන පොලීසිය

ජනාධිපතිවරයාගේ නියෝග පරිදි මේ වනවිට ආරක්ෂක අංශ අපරාධකරැවන් පසුපස දිගටම පන්නමින් සිටියි. නීතියට වංගු ගසමින්, විවිධ තැන්වල සැඟව සිට කුඩු ජාවාරම්, කප්පම් ගැනීම්, මිනීමැරුම් සිදුකරන අපරාධකරුවන් දැන් ඉන්නේ බියෙන්ය. ඒ මෙතුවක් කල් සිදුකළ අපත වැඩවලට දැන් ඉඩකඩක් නැති නිසාය. කෙසේ වෙතත් මේ සියල්ලට ආරක්ෂක අංශ මැදිහත්ව මෙහෙයුම් සිදුකරන විට ඕනෑම තැනක මෙන් කිරිකළයට ගොම බිඳුවක් […]

මම නිදොස්කොට නිදහස්

ලංකාවේ රංගන ශිල්පීන් අතරින් සුද්දෙකුගේ පෙනුමට සමාන පෙනුමක් ඇති නළුවා වන්නේ ඔහුයි. මෙකී කාරණය මෙන්ම ඔහු තුළ ඇති රංගන හැකියාවද මෑත කාලයේ රයන් වෑන්ඩ්රෝවන් ටෙලි හා සිනමා නළුවකු ලෙස ලංකාවේ ප්‍රකට වන්නට බලපෑවා මේ අතර පසුගිය කාලයේ රයන් ඇතුළු අපේ රටේ කලාකරුවන් පිරිසක් විදෙස් රටකදි අත්අඩංගුවට පත්වන්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවකටයි මේ සම්බන්ධව විවිධ කතා මාධ්‍ය […]

යුදබිමේ පුතුගේ මරණය මවගේ සිරුරට දැනුණු හැටි

ලොකු පුතේ, කවද‌ාවත් නැති විදියට මගේ ඇඟට අමුතුම වේදනාවක් දැනෙනවා. මා මැරෙනවා තේරෙනවා. මුළු ඇඟම පණ නෑ. හෙට ඉඳලා ඔයාලව බලාගන්නේ කවුද කොහොම හරි හොඳින් ඉන්න. පොඩි මල්ලි තමයි ප්‍රශ්නෙ නේද? අනේ පුතේ කොහොම හරි එයාට SSC දක්වාවත් ඉගෙන ගන්න අත දෙන්න. ඔයා තමයි ඒ වැඩේ කරන්න ඉන්නේ. මල්ලිට හමුද‌ාවේ ඉඳන් ඒවා කරන්න බැහැනේ. කොහොම හරි […]

ලංකාවට ආපු නිසා අපේ ජීවිතේ බේරුණා

තණමල්විල කොල්ලෙක්’ ටෙලි නාට්‍යයේ අවසාන කොටස විකාශනය වන විට එහි අවසාන භාගයේ ඔබට සමීප වූ ‘නාලිකා’ සමග මොහොතක් කතා කරන්න සිතුණා. ඇය ශ්‍රීමාලි ෆොන්සේකා… කොහොමද ඔබ නාලිකා වෙන්නේ? මෙම නාට්‍යයේ සහාය අධ්‍යක්ෂ චමින්ද තමා මාව රොෂාන්ට හඳුන්වා දෙන්නේ. චමින්දයි, මමයි මීට ‘කලින් ඉස්සරහට යන්න’ නාට්‍යයේ එකට වැඩ කළා. ඔබ මීට කලින් රොෂාන්ව හඳුනාගෙන උන්නේ නැද්ද? […]

රටක් ආදරය කළ විජය

බෙන්ජමින් කුමාරතුංග රාලහාමිගේ නිවස පිහිටලා තිබුණේ උතුරු සීදුවේ කොහු මෝල පාරේ මුලටම වගේ.    එක්දහස් නවසිය පනහේ ජනවාරි මාසයේ මුල් දවස්වල මේ ගෙදර පුංචිම කොලු පැටිය මුල්වරට ඉස්කෝලේ යන්න පටන් ගත්තා. චීත්ත රෙද්දෙන් මහපු ජංගියක් ඇදගෙන හිටියේ. උර හිස් දෙකෙන් පලාපු එම ජංගියේ සිහින් පටි හතරකින් ගැට ගහලා තිබුණේ.    ගල් ලෑල්ලයි හෝඩි පොතයි එක […]

පෙර භවයේ අත්අකුරු හඳුනාගත් දරුවෝ

පෙර භවය හෙළි කළ ඇතැම් දරුවෝ පෙර පුද්ගලයින්ගේ අත් අකුරු හඳුනාගත් අවස්ථා රැසක්ද පර්​ෙ‌ය්ෂණ අතරට එක්වී තිබේ. පෙර ජීවිතය පිළිබඳව එම දරුවන් විසින් සනාථ කළ කරුණූ අතරින් අත් අකුරු හඳුනා ගැනීම් සුවිශේෂී ප්‍රබල සාක්කි බවටද පත්වී ඇත.  පුනර්භව පර්​ෙ‌ය්ෂණවලදී ලිඛිත සාක්කි ලෙස අත් අකුරු හඳුනාගත් දරුවන් කීප දෙනෙක්ම ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශ පර්​ෙ‌ය්ෂණ අතරද සිටිති. […]

ලංකාවේ ප්‍රථමවරට බර යන්ත්‍රෝපකරණයක් හදපු පානදුරේ කොල්ලෙක්

බර යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ සන්නාමයක් නිර්මාණය කිරීමට වෙහෙසෙන තරුණයෙක් ගැන මෙවර නව නිපැයුම් හපන්නු තුළින් ඔබට ගෙන එන්න සිතුවා.    ජීවිතේ අපි බොහෝ වෙලාවට උත්සාහ කරන්නේ හීන සැබෑ කරගන්න. අද අපි කතා කරන්න යන්නේත් Heavy Machine ගැන පුංචි කාලේ ඉඳලා තිබුණ හීනයක් නිසා Excavator (එක්ස්කැවේටර් යන්ත්‍රයක්) තනිව නිර්මාණය කරමින් ශ්‍රී ලංකාවේ බර යන්ත්‍රෝපකරණ […]

සීසර්ලාට මරණයඋරුමය

ලංකාවේ විවිධ උණ වර්ග තිබේ. දැන් වඩාත් බියකරු කොරෝනා උණය. එහෙත් විවෘත ආර්ථික 1977දී බිහිවීමත් සමග ලංකාවේ කොරෝනාවටත් වඩා භයානක උණක් පැවත එන බව අද බොහෝ දෙනාට අමතකය. ඒ ‘වාහන උණ’ය. ඒත් නැත්නම් ‘රථ ගාය’ වන්නේය. මේ උණට කදිම ප්‍රතිකර්මයක් පසුගියදා ගරු ජනාධිපතිතුමාගේ නිවසට හූවක දුරින් සිදු කෙරිණි. ඒ වාහනයක හිඟ වාරික ගෙවන්නට නොහැකිව තිබියදී […]

මහින්දලාගේ ක්‍රිකට් බෝම්බය

මහමැතිවරණයට තව ඇත්තේ හරියටම දවස් 45කි. බැලූ බැල්මට තවම කැම්පේන් සක්‍රීය විදියට ආරම්භ වී නැත. කොවිඩ්-19 සෞඛ්‍ය ආරක්ෂක නීති පැනවීම් හේතුවෙන් විශාල වශයෙන් මහජන රැලි පැවැත්වීමට ඉඩක් නොමැති වීමත් පොකට් මීටිං පවා සීමිත පිරිසකට පමණක් සීමාවීම හේතුවෙන්ද මහජනතාව එක්රොක් වීමෙන් හටගන්න මැතිවරණ උණුසුම මෙවර දැකගන්නට තවමත් අසීරුය. ඉදිරි කාලයේදී හෝ එවැනි උණුසුමක් දැකිය හැකිවේදැයි යන්නත් […]

ආදරය කරන්නේ මගේ තාත්තා වගේ කෙනෙක්ට

ඇයටම සුවිශේෂී වූ දස්කම් තුළින් කැපීපෙනෙන දක්ෂ රංගන ශිල්පිනියක් වගේම සුන්දර යුවතියක්. සිත් ඇද බැඳ ගන්නා සිනහවකින් හැමෝටම සංග්‍රහා කරන ඈ අනුරාධා එදිරිසිංහ. මේ දවස්වල ගෙදරට වෙලා මොකද කළේ? මේ දවස්වල ගෙදරට වෙලා විවේකයෙන් හිටියා. ගොඩක් නිදා ගත්තා. කෑම බීම හැදුවා. විශේෂයෙන් කරපු දේ තමයි ගොඩක් චිත්‍රපට බැලුවා. මොනවගේ චිත්‍රපට ද ගොඩක් බැලුවේ? මම එහෙම […]

ධාතූන් වහන්සේලා වඩිනවාද

කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ සාල වනෝද්‍යානයේ බුදුන් වහන්සේ වෙසක්පුර පසොළොස්වක පොහෝ දිනක පිරිනිවන් පානා ලදී. බුදුරජාණන් වහන්සේගේ චරිතය තුළ පිරිනිවන්පෑම් 03කි. එනම් ක්ලේශ පරිනිර්වාණය, ස්කන්ධ පරිනිර්වාණය, ධාතු පරිනිර්වාණය යන්නයි.   සම්මා සම්බුද්ධත්වයට පත්වුණ මොහො​තේ උන්වහන්සේ ක්ලේශ් පරිනිර්වාණය කරන ලදි. කුසිනාරා නුවරදි පිරිනිවීමේදී උන්වහන්සේ සම්බුදුකය ආදාහනයේදී ස්කන්ධ පරිනිර්වාණය සිදුවිය. ධාතු පරිනිර්වාණය අනාගතයේදී සිදුවීමට නියමිතය. ලොව්තුරා බුදුන්වහන්සේ පිරිනිවන් […]

දීර්ඝකාලීනව කලාවේ රැඳී සිටින්න අදහසක් නැහැ – ඉමාෂා

ඉමාෂා, මේ වෙනකොට සහේලි බොහොම ජනප්‍රිය චරිතයක් ? ඔව්. සහේලි ගැන ගොඩක් අය කතා කරනවා. ඒ අය බොහෝ දෙනෙක් කියනවා සහේලි ගෙනාවේ සමල්කා ඉවත්වූ නිසා කියලා. මම නම් ඒක කියන්න දන්නේ නැහැ. දෙවෙනි ඉනිම පිටපත් රචක සමන් එදිරිමුණි තමයි ඒක දන්නේ. සහේලි – අනුහස් ප්‍රේම කතාවක් තියෙයිද නැත්නම් ලිහිණිටම අයිති වෙයිද? ඒකත් මට කියන්න අමාරුයි. […]

පාතාලයේ සෙල්ලම්

මාලිගාවත්ත “ලක්සෙත” මහල් නිවාස සංකීර්ණයේ දස වැනි මහලේ දස වැනි නිවෙසේ පැවැති මත්පැන් සාදයකි. මත්පැන් මත්ද්‍රව්‍ය මෙන්ම කායික සැප සම්පත්වලින් ස්වයං පෝෂිතව තිබූ මෙම සාදය සංවිධානය කර තිබුණේ “පවුමි” ය. එම නිවසේ හිමිකරු වූයේ “කුම්බාන්” ය. සාදයේ අරමුණ විරසකව සිටි “රවුෆ්” සහ “කංජිපානි ඉබ්‍රාහිම්” මිතුරු කරවීමය. “දැන් පරණ කුණු ඕන නැහැ. අයියා එක්ක සමාදාන වෙමු. […]

කොරෝනා දේශීය සිනමාවට යහපතක් කළා

සිනමා කර්මාන්තය අර්බුධයක තිබුණත් සෞඛ්‍ය නීති රීති අනුව මහාචාර්ය ආරියරත්න ඇතුගලයන් තමාගේ සිනමා නිර්මාණයේ වැඩකටයුතු ආරම්භ කළා.මේ කතා බහ ඒ ගැනයි. ඔබේ කුළුඳුල් සිනමා සිත්තම වන ‘සහෝ’ හි වත්මන් තත්ත්වය? මා සරසවි ශිෂ්‍යයෙක්ව සිටි කාලේ ”සිනා කඳුළක් ” කියලා මිලි මීටර් 16 චිත්‍රපටයක් කළා. ඒ නිසා මේක මගේ කුළුඳුල් සිනමා නිර්මාණය නොවෙයි. ඉන් පසුව කළේ […]

කෙල්ලෙක් ලෙස කොළඹ ඇවිත් කොල්ලෙක් වුණ බට්ටි අක්කා

කැලෑ සටනකට ගැළපෙන ආකාරයේ ඇඳුම් ආයිත්තම්වලින් සැරසී සිටි අයෙක් අමුතු විදියේ විරු සැමරුමකට සූදානම්ව සිටියේය. මේ කියන මැයි 19දා පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට ඇති රණවිරු ස්මාරකය අබියස ජාතික රණවිරු සැමරුම් උළෙල පැවැත්වෙමින් තිබිණි. කොළඹ ගුවන් හමුදා මූලස්ථානය අසල විරු සැමරුමට තනිව එක්ව සිටි අය කවුරුන්ද යන කුතුහලය මා හට ඇති වූයේ එබැවිණි. යුද්ධය නිමාවී කලක් ගතවී […]

හූල් අයින් කරන්න හූල්ල හූල්ල ඉන්නේ ඇයි

”මම සිංහල දන්නෙ නෑ… ඒ හින්දා මට සිංහල භාෂාවෙන් ලියා තියෙන සියලුම කුණු කියවන්න බැහැ… ඒවා කියන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන සමහර මුද්‍රිත මාධ්‍යයන්… ඔවුන් දිගින් දිගටම අමු බොරු ලියමින් ඉන්නවා… ඒවා ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ යි… ඔබ ඔවුන්ට ඡන්දය නොදිය යුතුයි…” මේ කතාව ඇසුණේ දේශපාලන වේදිකාවකින් නොවේ. එම කතාව කීවෙත් කට කැඩිච්චි කතා කිරීමට […]

මගේ ආදර කතාව අවසානයි

සිහිනි ඇවිත් ලොකු කාලයක් ගතවෙන්නත් පෙරම ඔබේ සිහිනය ඇයම වුණා. හුරුබුහුටි හැඩකාර. කඳුළු බිංදුවක් තරම් අහිංසකයි. සිහිනිව ජීවත් කරවන්නේ ෂෙහානි කහඳවලමද කියලත් සමහරු ඇහුවා. අහිංසක සිහිනි ඇවිත් කෙටි කාලයකින් ඔබේ හිතට තට්ටු කරල නිහඬ වුණා. ඔන්න දැන් ආයෙමත් සිහිනි ඔබේ දෑස් මායිමට එන්න සුදානම් වෙනවා. ඒ අතරේ අපි ෂෙහානිව කතාබහකට මැදිකර ගත්තා. ලැබුණ විරාමයේ මොනවද […]

ධනවතුන්ගේ බැංකු ගිණුමට රිංගා සල්ලි සොරකම් කළ පරිගණක ‘හැකර්ලා

පසුගිය දිනවල මුහුණු පොතේ වඩාත් සංසරණය වූ පණිවුඩයක් වූයේ ”‍ඔබේ මුහුණු පොතේ ගිණුමට හෝ ඔබේ අන්තර්ජාල ලිපිනයට එන නොහඳුනන පණිවුඩ විවෘත කරන්න එපා. ඒවා විවෘත කළහොත් ඔබේ සියලු අන්තර්ජාල රහස්‍ය තොරතුරු වෙනත් අයෙකුට අනාවරණය විය හැකිය”‍ යන්නය.    මෙවැනි පණිවුඩ නොසලකා හරිමින් කටයුතු කළ ලියුම්කරු දන්නා හඳුනන කීප දෙනෙකුගේම මුහුණු පොත් ගිණුම් පසුගිය කාලයේදිී කිසියම් […]

මාස දෙකකින් මගේ සැමියා ගෙදර ආවේ නැහැ

ජනප්‍රිය චරිතයක් කියන්නේ එක්තරා දුරකට සිරගත කළ ජීවිතයක්ද එහෙමත් නැත්නම් ආශීර්වාද ලත් ජීවිතයක්ද අද කාලේ දකින්න අහන්න ලැබෙන බොහෝ කතාබහ සමග අපිට ආයෙමත් ජනප්‍රියත්වය පිළිබඳ කියවීමකට යන්න සිදුවෙලා. මේ ජනප්‍රිය ජීවිතවල ඇතුලාන්තයන් හෙළිදරව් වීමේ කලබෑගෑනිය අතරෙ අපි ජනප්‍රිය චරිතයකට ඇරියුම් කළා. ජනප්‍රියත්වය නාමයෙන් ස්වකීය ආරදණීන් වෙනුවෙන් කතා කරන්න ඇය ජනප්‍රිය ගායිකා උරේෂා රවිහාරි වික්‍රමසිංහ. මේ […]

කලුරිය කළ කළු කොටියා කොළඹ හතට එයි

නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වතුයාය අක්කර ගණනාවක් පුරා විහිදයන්නකි. වාලමලේ කෝවිල පිහිටා ඇත්තේ වතුයායේ එක් පසෙකට වෙන්නටය. එහි එළවළු වගාබිමක මද්දක් අටවා තිබුණේ වගාබිම පාළු කරන්නට එන සතකු හෝ මසට ගත හැකි සත්වයකු දඩයම් පිණිසය. එහෙත් පසුගිය මැයි 26 වැනිදා උගුලේ සිරවී දඟලමින් සිටියේ ඉතාම දුර්ලභ ගණයේ කළු කොටියෙකි. ශ්‍රීපාද රක්ෂිතය ආසන්නයේ සැරිසැරූ මෙම […]

වික්ටෝරියා කුමරිය හමුවෙන්න ආ පුංචි කුමරිය

හත් හැවිරිදි එමීලියා හුරුබුහුටි ස්වීඩන දැරියකි. ඇය බොහොම කරුණාවන්තය. ප්‍රියමනාපය. කුමරියක වන්න තිබුණා නම්, එමීලියාගේ පැතුම ද එයයි. ස්වීඩනය යුරෝපා රටකි. ස්වීඩනයට රජ කුමරියක සිටී. ඇය වික්ටෝරියාය. පසුගිය දා වික්ටෝරියා කුමරියගේ විශේෂ ඇරැයුමකට අනුව, එමීලියා රජ මාලියට කැඳවන ලදී. පුංචි එමීලියාගේ කතාව සුන්දර එකක් නොවෙයි. ඇයගේ මොළයේ ගෙඩියකි. (මෙම රෝගී තත්ත්වය හැඳින්වෙන්නේ එපෙන්ඩිමෝනා යනුවෙනි.) ඇයට […]

පුංචි තිරයේ කේන්තිකාරයා සිනමාවට – චමීර ලියනගේ

උලලේනි චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර කොහොමද? මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ හේමන්ත අයියට, මොකද හේමන්ත අයියා තමා මට කතා කළේ මෙහෙම වැඩක් තියෙනවා කියලා. ඉතින් මේ වෙද්දී ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා, ඒ වගේම කියන්න ඕනේ ලස්සන වැඩක් එක එල්ලේ බලාගෙන ඉන්න පුළුවන් චිත්‍රපටයක්, ඉස්සරහට තව ප්‍රතිචාර ලැබෙයි කියලා හිතනවා. කොහොමද මේ අවස්ථාව ලැබෙන්නේ කියලත් කියමු? හේමන්ත අයියාව […]

ජාත්‍යන්තර බොක්සිං තරග විනිශ්චයට ගිය අපේ පොලිස් පරීක්‍ෂකවරිය

තොටිල්ල පදවන දෑතින් බොක්සිං ක්‍රීඩාව තුළ බොහෝ දේ අපට කියා​ දෙන ඇය හරි අපුරු වූ ගැහැනියකි.   සියුමැලි ඇය තුළ වූ යකඩ ගැහැනිය ගැන කතා කරන්නට අද තවත් තර්ක අවශ්‍ය නැත. බොක්සිං ක්‍රීඩාව ලංකාවේ කාන්තාවන්ට අභියෝගාත්මක ක්‍රීඩාවකි. ඒ අභියෝගය ජය ගැනීමට ආත්ම ශක්තියක් යම් ගැහැනියක් තුළ ඇති වන්නේ නම් පිරිමියාට තරම් ගැහැනියට ඔරොත්තු දීමේ, දරාගැනීමේ හැකියාවක් […]

දරුවෙක් ඉල්ලා හඬා වැටෙන.. නදුනි කරුණාතිලක

නදුනි කරුණාතිලක අද ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ දවසින් දවස සිය ජනප්‍රියත්වය වැඩිකර ගනිමින් හිඳින නිළියක්. දෙවැනි ඉනිමේ මාලිකා ලෙසින් රසිකයන් අතරට පැමිණි ඇය අද පාවෙලා වලාකුළෙහි නිරාශා ලෙසින් වෙනස්ම චරිතයකට පිවිස සිටිනවා. දරුවෙක් තම කුසෙන් බිහිකරන්නට වරම් නොලද සිය සැමියාගෙන් එල්ලවන දුක්ගැහැට දරාගෙන අන් සතු දරුවකුට මාතෘ සෙනෙහස පුදන්න පාරමී පුරන නිරාශාගේ සැබෑ දිවියේ වගතුග විමසමින් […]

අවසාන තරගෙට යනකොට මට හොඳටම උණ

කාටවත් නොනැමී කාටවත් යටත් නොවී තමන්ගේ ඉලක්ක කරා යන්න යුවතියකට දැඩි ආත්ම ශක්තියක් තිබිය යුතුමයි. ගමෙන් කොළඹට ඇවිත් මේ ගෙන්දගම් පොළොවේ හැප්පෙන එක යුවතියකට ලේසි නැහැ. නමුත් ඩිෂ්නි උමාරියෝ රාජපක්ෂ තමන්ගේ හීනය ජයගත්තා. පසුගියදා පිලිපීනයේ පැවති ක්වීන් ඔෆ් ඉන්ටර්නැෂනල් ටුවරිසම් 2019 තරගයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සමස්ත තරගයේ තෙවැනි ස්ථානය හා තරග හතරක් ජයග්‍රහණය කරමින් […]

සමිතා නිහඬ ඇයි

පසුගිය දිනක රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ වෙච්ච සමිතා එරන්දතී මුදුන්කොටුව ප්‍රේක්ෂකයන්ට තමාගේ පෙම්වතා ගැන ඉඟියක් ලබාදුන්නේ තමාගේ දුරකථනයෙන් ඡායාරූපයකුත් පෙන්වමින්. ‘‘එයා මගේ පෙම්වතා. අනාගතේ අපි විවාහ වෙයි’’ යනුවෙන් ප්‍රකාශ කළ ඇය තමාගේ පණ වැනි දරුවන් දෙදෙනා ආදරයෙන් බලාගන්න කෙනෙක් සෙවූ බවත් හැඟීම්බරව පැවසුවා. මෙම වැඩසටහන නිමාවීමත් සමග බොහෝ දෙනෙක්ට සමිතාගේ පෙම්වතා කවුද යන්න සොයන්නට වුණා. මෙවන් […]

සිරගතව සිටියත් කුඩු විකුණන පාතාල නායකයා

දේශපාලනයට පිවිසෙන බහුතරයකගේ ප්‍රාර්ථනාව බවට පත්වන්නේ මැතිඇමති තනතුර නොව රටේ ජනාධිපති විය නොහැකි නම් අවම වශයෙන් අගමැති තනතුරට හෝ පත්වීමය. ඒ වෙනුවෙන් දේශපාලන ක්ෂේත්‍රයේ එකිනෙකා අතර පවතින එළිපිට කුළල් කාගැනීම් මෙන්ම සීතල යුද්ධද දැක ගත හැකිය. පාතාලයේ අත්පොත් තබන ඕනම අයෙක් තුළ ඉතා කෙටි කාලකදී ඇතිවන ප්‍රාර්ථනාවන්ද එබඳුමය. ඒ සෑම අයෙක් තුළම පවතින්නේ අනෙකා පරයා […]

මේ වගේ පාලකයෝ පත් කරනකොට දෙපාරක් සිතන්න

මාතර ඉපිද මාතර සර්වේෂස් හා මාතර රාහුල යන විද්‍යාලයන්හි අධ්‍යාපනය හදාරා ඇති කවීෂ කවිරාජ් යෞවනය ආකර්ෂණය කළ කටහඬක් හා ගායන කෞෂල්‍යයෙන් සපිරි ගායකයෙකි. පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ නියාමක ගායකයකු ලෙසද එළිමහන් සංදර්ශන වේදිකාවේ රසික ආකර්ෂණය දිනා සිටින කවීෂ කවිරාජ්ගෙ වෙනස් මගක් ගත් නැවුම් ගීයක් මේ දිනවල කතා බහට ලක්වේ. ‘රට වනසනා පාලකයන්’ ලෙස නම් කර […]

ම්..ම්… තාම එහෙම කෙනෙක් හිතලා නැහැ

ශනුට කොහොමද හෑන්ඩ් බෑග් එකක් වැදගත් වෙන්නෙ ? අනිත් ගෑනු ළමයින්ට වගේම මටත් හැන්ඩ් බෑග් එක වැදගත් වෙනවා. මගේ ඔක්කොම දේවල් දාගෙන යන්නෙ බෑග් එකේ තමයි. එ්ක නැතුව ඉතින් බැහැ. මොනවද ඔයාගෙ බෑග් එකේ අනිවාර්යයෙන්ම තියෙන දේවල්? පර්ස් එක, සන්ග්ලාස් දෙක, චුයින්ගම් බෝතලයක් එ්ක අනිවාර්යයි. පොඩි පර්ෆියුම් එකක්, පොඩි පොඩි කොණ්ඩ කටු ටිකක්, හෑන්ඩ් ෆ්රී […]

සමිතා මගෙ ඇඟට පැන්නම ඇඳත් කඩාගෙන දෙන්නම බිම වැටුණා

රංගන ශිල්පිනියක හා ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක වන ජානකී විජේරත්නගේ ජීවිතයට සමීප යෙහෙළියක් කලා ලෝකයේ දිදුළන තරුවක්. කලාකාරියක් විදිහට ලංකාවේ අතිශය ජනප්‍රිය චරිතයක්. ඔවුන් දෙදෙනාගේ මිත්‍රත්වය දැන් දශක එකහමාරකටත් එහා ගිහින් එදා වගේම අදත් ජානකී විජේරත්නයි සමිතා මුදුන්කොටුවයි අඹ යාළුවෝ. මේ සොඳුරු මිතුදම ගැන තොරතුරු කියන්නේ. ජනප්‍රිය නිළියක වන ජානකී විජේරත්නයි. සමිතයි මමයි නෑදෑයො වෙනව. හැබැයි […]

අතේ සතේ නැතුව කකුල් ගෙවෙනකල් ඇවිදල ඇති

පුංචි තිරයේ ආදරබර නිහතමානි චරිතයක් වන නයෝමි තක්ෂිලාට ස්වකීය රංගන දිවියේදී නිර්මාණ වෙනුවෙන් පුදකළා වූ සාධාරණත්වය හා වටිනාකමෙහි අස්වැන්න ඇයට හිමිවෙනවා. වසරේ වැඩිම පිරිසකගේ ආදරය දිනාගත් ටෙලි නාට්‍ය නිළිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමෙන් පසුව නයෝමි තක්ෂිලා අප හා පැවැත්වූ සුහද පිළිසඳරයි මේ. සම්මානය හිමිවීමේ මොහාතේ දැනුන සතුට කොතරම්ද? මගේ ජීවිතයේ සතුටුදායක අවස්ථා මට ලැබිලා තියෙනව. […]

මේ මගේ සීයාගේ පාරම්පරික උරුමය

පරම්පරාවෙන් ලැබුණ දේශීය සම්ප්‍රදාය ඉස්සරහට අරගෙන යන්න නොහැකි වීම නිසා බොහෝ දේවල් වර්තමානය තුළ වියැකී යනවා. අද තාරුණ්‍යය සම්ප්‍රදායට තබන ලන්සුව අඩුවීම නිසා අපේ දේශීය දේ අපට අහිමි වෙනවා. පවුලෙන් ලැබුණ සම්ප්‍රදාය තාරුණ්‍යයට රැගෙන යන්න වෙහෙසෙන යෞවනයේ සොඳුරු රුවැත්තියක් මුණ ගැසුණා. ඇය ක්‍රිස්මා මනරංගනී ජයසිංහ. ඔබ දේශීයත්වයට ආදරය කරන කෙනෙක්ද? මගේ බාහිර ස්වරූපය බලලා කතා […]

ඉතාලි ගිහින් නූලෙන් බේරුණ මහින්ද පතිරගේ

රාජ සභාවේ පුරෝහිත මේ දවස්වල සකලගුරු හි මුදලාලි බවට පත්වෙලා. හැම කාලයකම විවිධ චරිතවලින් ආදරය දිනාගෙන සිටින මහින්ද පතිරගේ ඉතාලිය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක සංචාරයකින් පසුව ලංකාවට පැමිණ සිටින ආරංචි ඔස්සේ අපි ඔහු ඇමතුවා. යුරෝපීය සංචාරයක නිරත වූවා කියල ආරංචියි… ඔව්, අපි ලංකාවට ආවේ මාර්තු 2 වැනිදා. ටෙනිසන් කුරේගේ ‘රැළිය’ වේදිකා නාට්‍ය රැගෙන අපේ නාට්‍ය […]

රෝහිතගේ පුංචි පුතුට ගැයූ ගීතය…

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රතිචාර ලබමින් සැරිසරන රෝහිත රාජපක්ෂ ගායනා කරන පුංචි පුතු මගේ කියන ගීතයේ සංගීත අධ්‍යක්ෂවරයා වන්නේ ජනප්‍රිය ගායකයෙක් සහ සංගීත අධ්‍යක්ෂවරයෙක් වන රදිෂ් වැන්දබෝනා. මේ ගීතය නිර්මාණය වුණේ කොහොමද? අපි ඒ ගැන කතා කරන්න පිනිපලසට රදිෂ්ව සම්බන්ධ කර ගත්තා. කොහොමද මේ පුංචි පුතු මගේ ගීතය නිර්මාණය වෙන්නේ? මම මෙලඩි එකක් […]

බොලිවුඩ්වල රඟපාපු ගාම්‍යයා ලංකාවට ඇවිත් ගහපු යූ ටර්න් එක

රියැලිටි තරගයක නිවේදිකාවක් ලෙසින් සමීප වූ ඇය යළි අපට හමුවන්නේ සිනමා රිදී තිරයෙන්. ඒ මේ දිනවල තිරගත වන යූ ටර්න් හි මායා ලෙසින් මායා චරිතයට ලැබෙන ප්‍රතිචාර මායා චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මායා කියන්නෙ කොහොමත් මිනිසුන්ගේ ආදරය ආකර්ෂණය ලැබෙන චරිතයක්. එය තිරපිටපත අනුව ස්වභාවික ලැබෙන දෙයක්. ඒ තුළ විශේෂ කරලා ප්‍රේක්ෂකයන්ට මං ගැන සුබවාදී […]

ගෝඨාභය නොහිටියා නම් අද අපි ඉවරයි

ගෝඨාභය නොහිටියා නම් අද අපි ඉවරයි මමත් ගෙදර පරිස්සමින් ඉන්න යන්න එපා කොහෙවත් මමත් ගෙදර මේක හරිම භයානකයි යමන් ගෙදර මොනවා කරන්නද හරි ප්‍රශ්නයක් මමත් ගෙදර’ කොරෝනාවට හැදුණ පළවැනි ගීතය නිර්මාණය කිරීමේ අයිතිය හිමිවන්නේ ෆ්ලෑෂ් බැක් රොෂාන් ප්‍රනාන්දුට. ෆේස්බුක් එකේ නොදැම්මට බොහෝ දේ කළ රොෂාන්ව මුණගැහුණේ මිනිසුන්ගේ ආකල්ප ගැන කතා කරන්නමයි… පුත්තලම් දිස්ත්‍රික්කයේ මාස ගාණක් […]

කාන්තාවන්ට හොඳම රට අයිස්ලන්තය

කාන්තාවන්ට ජීවත් වෙන්න හොඳම රට අයිස්ලන්තයයි. මේ බව කියන්නේ ලෝකයේ ස්ත්‍රී පුරුෂ පරතරය සම්බන්ධයෙන් සමීක්ෂණ පවත්වන ‘ග්ලෝබර් ජෙන්ඩර් ගැප්’ ආයතනයයි. සෑම වසරකම මෙම ආයතනය සමීක්ෂණ පවත්වමින්, කාන්තාවන්ට ජීවත් වීමට සුදුසුම රටවල ලැයිස්තුව එළිදක්වයි. මෙම 2019 වසරේ ද එම ලැයිස්තුව සකස් කර ඇති අතර, ඒ අනුව, පිටපිට 11 වැනි වතාවට ලොව කාන්තාවන්ට ජීවත් වීමට සුදුසුම රට […]

පුවත්පතකින් තේරූ පංචකල්‍යාණියෝ

ලංකාදීප පත්‍රය පුරාණ නාරි ලක්‍ෂණ පහට යළි පණ දෙයි. 1953 ‘‘මිස් ලංකා’’ තරගයෙන් මානෙල් ඉලංගකෝන්ට විශේෂ තැනක් මානෙල්ගේ උස, මනා සුන්දරත්වය, මුව මඩල, කළු වරලස තරගයේ කැපී පෙනී ඇත. මොරීන් හින්ගර්ට් 1955 ජගත් රූමතියන් අතර තුන් වැනියා වී හොලිවුඩ් චිත්‍රපටවල රඟපායි. ලංකාවට පැමිණි මොරින්ට අගමැති සර් ජෝන් ගෙන් සංග්‍රහයක්. 1955 ලංකාදීප පංචකල්‍යාණිය වූයේ මේරි බියට්‍රිස්ය. […]

මගේ දුවට කසාදේ වැරදුණා

බේරුවල, බදනගොඩ පදිංචිව සිටි හපුහෙට්ටිගේ දෝන රෝෂණී කාංචනා (28) යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙහි අවසන් වසරේ ශිෂ්‍යාවක වූවාය. ඇයට වසරකට පසුව මෙලොව එළිය දුටු ඇගේ සොයුරු රොෂාන් කලණද (27) වෛද්‍ය සිසුවකු ලෙස කළුබෝවිල රෝහලේ ප්‍රායෝගික පුහුණුව ලබමින් සිටියේය. සිය දරු දෙන්නාම වෛද්‍යවරුන් බවට පත්වීම ගැන දයානන්ද හපුහෙට්ටිගේ හා ප්‍රේමා මාලනී යුවළ පසුවූයේ මහා සතුටකිනි. දරු දෙන්නා, […]

බොලිවුඩ් සුරූපිනී සනී ලියොන්ට ගෞරව සම්මාන 3 ක්

කරෙන්ජිත් කෝර් වොහ්රා යන නමින් කවුරුත් ඇය හඳුනන්නේ නැත. කවුරුත් ඇය හඳුනන්නේ සනී ලියොන් ලෙසිනි. නිල් චිත්‍රපට නිළියක වූ කරන්ජිත් කෝර් වොහ්රා ජනප්‍රිය වූයේ ‘සනී ලියොන්’ යන නමිනි. ඇය අද බොලිවුඩය ජයගත්, බොලිවුඩ් රසික රසිකාවියන්ගේ ආදරය දිනූ, විචාරකයන්ගේ පවා පැසැසුමට ලක්වුණු සුරූපිනියකි. 38 හැවිරිදි සනී ලියොන්, විවාහ වී සිටින්නේ, නිල් චිත්‍රපට රූගත කරද්දී හමුවුණු ඩැනියෙල් […]

මීගමුව බන්ධනාගාරය සුද්ද කරන්න බලධාරීන් කල් මරද්දි තවත් හොද හොද සෙල්ලම් එලියට

මීගමුව බන්ධනාගාරය තුල බන්ධනාගාර අධිකාරිවරයාගේ මැදිහත් වීම සහ අනුදැනුම මත සිදුවන ජාවාරම් පිළිබද අරුණ අප මීට දින කිහිපයකට පෙර අපගේ වෙබ් පිටුව මගින් අනාවරණ කළා. රකරුවන් අසීමිත සැප පහසුකම් මුදලට ලබා දෙමින් කටයුතු කිරිම මීගමුව බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ ට එරෙහි ප්‍රධාන චෝදනාවයි.   කෙසේවෙතත් තොරතුරු අනාවරණයෙන් පමණක් නොනැවතුන අප අදාල කරුණු සහ චෝදනා එල්ල […]

මේකප් බොක්ස් එක නැතිවම බැහැ

.හෑන්ඩ් බෑග් එක අමන්දාට වැදගත් වෙන්නේ කොහොමද ? මගේ බෑග් එක මට ගොඩක් වැදගත්. මට හැමවෙලේම මගේ බෑග් එක ළඟ තියෙන්න ඕනෙ. මං හරිම කැමැතියි බෑග්වලට. කොයි වෙලාවෙත් මං යන තැනක බෑග් එක අරගෙන යනවා. ඒ වගේම ගණන් කරන්න බැරි තරම් බෑග්ස් ගොඩක් මං ළඟ තියෙනවා. 2.සාමාන්‍යයෙන් අමන්දාගේ බෑග් එකේ තියෙන්නේ මොනවා ද ? අනිවාර්යෙන් […]

අපි හතර දෙනා පවුලක් විදියට එකට ඉඳලා ගත්ත එකම පින්තුරය ඒක

1. Phone එකේ wallpaper එකට සහ lock screen එකට දාලා තියෙන පින්තුරය මොකක්ද? මගේ wallpaper එකට නම් තියෙන්නේ බාබී පින්තුර. Lock screen එක දැනට තියෙන්නේ මගේ එකක්. ඒකෙත් ගොඩක් වෙලාවට තියෙන්නේ බාබී පින්තුර. මං බාබි පින්තුරවලට ගොඩක් ආස කෙනෙක්. 2. Phone ගැලරි එකේ තියෙන පරණම පින්තුරවලින් ආසම එක මොකක්ද? මගේ පවුලේ පින්තුරයක්. මගේ අයියා අද […]

ධවල මන්දිරයට කොරෝනා ගෙනා තරුණිය

චීනයෙන් ඇරැඹි බවට සැලකෙන ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ඇමෙරිකාවේ ඔඩුදුවද්දී, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිර කොරෝනා වයිරස කාර්ය සාධක බළකාය ස්ථාපිත කළේය. ට්‍රම්ප් එම කාර්ය සාධක බලකායේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කළේ ඇමෙරිකන් උප ජනාධිපති මයික් පෙන්ස් ය. කාර්ය සාධක බළකායේ ප්‍රධානියා ලෙස පත් කළේ 1984 වසරේ සිට ඇමෙරිකානු ජාතික බෝවන රෝග විද්‍යායතනයේ […]

මව්වරුන්ට ලෙන්ගතු සොයිසා රෝහලේ සුරූපී හෙදිය

මේ කාලය තුළ බොහෝ සෙයින් ඇඟයීමට ලක්වන සුව විරුවන් අතරේ. කලාවේ විවිධ අංශ නියෝජනය කරන දක්ෂතා දක්වන පිරිසකුත් ඉන්නවා. මේ අද දවසේ ‘හැඩවැඩ’ කතාබහ වෙන්වන්නේ එවන් සොඳුරු යුවතියකට. ඇය නමින් ශ්‍යාමා දහනායක. කොළඹ ද සොයිසා කාන්තා ළමා රෝහලේ ඉන්න සුරූපී හෙද නිලධාරිනියක් තමයි ශ්‍යාමා කියන්නේ. 2017 වසරේ දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුළ හිමි කරගත්තෙත් ඇයයි. […]

අපරාධ සිදුවීම් වැඩිපුරම නරඹන්නේ කාන්තාවන්ලු

අපරාධ සිදුවීම් වැඩිපුරම නරඹන්නේ කාන්තාවන්ලු පසුගිය වකවානුව තුළ බොහෝ දෙනාගේ කතාබහට ලක් වූ කාරණාවක් වූයේ තරුණ ජීවිත අකාලයේ අහිමි වී යාමේ කාරණාවයි. එහෙත් ඊටත් ඉහළින් සාකච්ඡාවට බඳුන් වූයේ ඒ අපරාධ එසේ සිදුවෙද්දී එය වළකාලන්නට කිසිවකු ඉදිරිපත් නොවීමේ දුර්භාග්‍යයයි. ඇතැමකුගේ අදහස වූයේ මේ සියලු අභාග්‍ය සම්පන්න සිදුවීම් වළක්වා ගන්නට කිසිවකු මැදිහත් වූයේ නම් ඉඩ තිබුණේ නොවේද […]

ගමේ ඉඳන් ඩොලර් ගහ හොල්ලන Online Freelancing

මගේ කතා නායකයා හද්දා පිටිසර ගමක කොල්ලෙක්. ඔහු ජනිත් වික්‍රමසිංහ. ගම නාඩිගම. මහනුවර, දන්තුරේ ප්‍රදේශයට ආසන්නව පිහිටි සුන්දර ගමක්. ජනිත් කොහොමද, කතා නායකයෙක් වෙන්නෙ? වර්තමානයේ ලංකාව ඩොලර් පිපාසයෙන් හඬා වැටෙන බව අපි කවුරුත් දන්නවා. අපේ රුපියල අවප්‍රමාණය වෙන්න ප්‍රධානතම හේතුවක් තමයි අපි උපයන විදේශ විනිමය ප්‍රමාණය අඩුවීම. තවත් විදිහකින් කියනවා නම් භාණ්ඩ හා සේවා පිටරට […]

සාමාන්‍ය පෙළ ප්‍රථම ස්ථානයට ආවේ ස්පාඤ්ඤ ජාතිකයෙක්ද?

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වුණ දවසෙම ලංකාවෙම පළවැනියා වුණේ කවුද කියලා පින්්තූරයක් එක්කම පෝස්ටුවක් මුහුණු පොතට දාලා තිබුණා. ‘අ.පො.ස සාමාන්‍ය පෙළ දිවයිනේ ප්‍රථම ස්ථානය’ කියලා පෝස්ට් එකට මාතෘකාව දාල තිබුණා. ඊට යටින් ප්‍රසන්න පෙනුමක් තියෙන තරුණ ළමයෙක්ගේ ඡායාරූපය. ‘සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගත් ඔහුට කාත් කවුරුවත් නෑ. ඉන්නේ ළමා නිවාසයක. […]

දරුවන් දහසකට මෙලොව එළිය දකින්නඋදවු කළ වින්නඹු අම්මා

හිනිදුම්පත්තුවේ ප්‍රථම වින්නඹු මාතාව අවුරුදු අනූහය (96) වියේ පසුවන්නීය. නාගොඩ ගමගේ ලිසී නෝනා නම් වන ඇය 1924 පෙබරවාරි මස 27 වැනි දින හිනිදුම්පත්තුවේ නාගොඩ ගම්මානයේ උපත ලැබුවාය. අදත් නිරෝගී සුවයෙන් පසුවන ඇය තම රාජකාරි කාලය තුළදී දරුවන් දහසකට මෙලොව එළිය දැකීමට උර දුන් මාතාවකි. මේ උදාර මාතාවගේ තොරතුරු සොයා අපි පසුගිය දිනෙක ඇයගේ නිවස පිහිටි […]

‘සිඳු’ සුමංගල හිමි ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒමට පාකිස්තානය බලා පියාසර කරයි

සිඳු ටෙලි නාට්‍යයේ සුමංගල හාමුදුරුවන්ගේ චරිතයට පණ පොවන ශිරාන් සිල්වා රංගන ශිල්පියකු හා ගායකයකු ලෙස ඔබට සමීප වී සිටියද ඔහු වෘත්තියෙන් ගුවන් නියමුවෙක් වග දන්නේ සුළු පිරිසකි. කොරෝනා වසංගතය නිසා විදේශයන්හි සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් ලංකාවට රැගෙන ඒම සඳහා ලංකාවෙන් පිටත් කළ ගුවන් යානයේ ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවා ලෙස කටයුතු කරනු ලැබූයේ කපිතාන් ශිරාන් සිල්වායි. දැනට […]

යුද ඇඳුමට වැසුණු කාව්‍ය කලාව

දශක තුනකට ආසන්න කාලයක් උතුරේ ත්‍රස්තවාදී අරගලය පැවතුණි. එහිදී ඇතිවුණු බිහිසුණු තත්ත්වය කෙතරම් වන්නට ඇත්දැයි ඉතිරිව ඇති නටබුන් දෙස බැලීමෙන් වටහා ගත හැක. විනාශයට පත් ගෙවල් දොරවල්, ගොඩනැගිලිවල ඉතිරිව ඇත්තේ ගරාවැටුණු බිත්ති කොටස් පමණි. කරටිය නොමැති දැවැන්ත තල් ගස් අහසට එල්ල කරන ලද යකාගේ කාලතුවක්කු හා සමානය. අදද ඒවා දැකීමෙන් සිතට ඇතිවන්නේ බියමුසු හැඟීමකි. කිසිදු […]

අභ්‍යවකාශයේ ඉන්න ගගනගාමීන් විස්කෝතු හදලා

කිලෝමීටර් 402 ක් පමණ උඩු ගුවනේ, පෘථිවි කක්ෂයේ රැඳවූ අභ්‍යවකාශ නැවැතුම්පොළේ සිටින ගගනගාමීන් පළමු වරට විස්කෝතු සැදූ බව ඔබ දන්නවද? මෙය සුවිශේෂී සිදුවීමක් විය. මෙය අත්හදා බැලීමේ පරීක්ෂණයක් විය. මීට පෙර අභ්‍යවකාශ නැවැතුම්පොළේ මේ අයුරින් විස්කෝතු සෑදීමක් සිදු වී නැත. මෙම කටයුත්තට දායක වූයේ අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටින ගගනගාමීන් කණ්ඩායමේ ලූකා පර්මිටානෝ සහ ක්‍රිස්ටිනා කොක් […]

හිරු නොබසින අධිරාජ්‍යයේ ඇමැති පදවි ලද ලංකා පුත්‍රයා!

හිරු නොබසින අධිරාජ්‍යයේ ඇමැති පදවි ලද ලංකා පුත්‍රයා! බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පසුගිය බදාදා ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් ජයවර්ධන එරට වෙළඳ කටයුතු භාර අමාත්‍යවරයා ලෙස පත් කළේය. ඔහු නව තනතුරට පත්කිරීමට බොරිස් ජොන්සන් කටයුතු කරනු ලැබුවේ එම ධුරය දැරූ කොනර් බර්න්ස්  ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙනි. 2015 වසරේ සිට බ්‍රිතාන්‍යයේ ඊසාන දිග […]

ලංකාවේ මුල්ම හැඳුනුම්පත තියෙන්නේ සිරිමාවෝ මැතිනියට

‘‘හඳහන ගැළපුණාට වැඩක් නැහැ හැඳුනුම්පතේ අංක ගැළපෙන්නේ නැත්නම්’’ මේ පසුගියදිනවල මුහුණු පොතෙහි හුවමාරු වෙමින් පැවතුණු පෝස්ටුවකි. එවැනි සටහන් සහිත විවිධ පෝස්ටු මුහුණු පොතේ හුවමාරු වන්නට පටන් ගත්තේ ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල ජනතාවට නිවසින් බැහැරව යාම සඳහා හැඳුනුම්පතෙහි අවසාන අංකය අනුව දින වෙන් කිරීමත් සමගයි. ඒ අනුව සඳුදා දින අවසාන අංක 1ත් 2ත්ද, අඟහරුවාදා දින […]

මැකෝ – සජිත් ගැටෙති

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පිළිබඳව දිනෙන් දිනම අලුත් තොරතුරු වාර්තා වෙමින් තිබෙන තත්ත්වයක් තුළ දේශපාලනය උඩු යටිකුරු වී තිබේ. ආණ්ඩුවට මේ වන විට මුහුණදීමට ඇති ප්‍රධානතම අභියෝගය කොරෝනා වසංගතය වන අතර ඊට මුහුණදීම සඳහා හැකිතාක් තහංචි දමමින් ජනතාව වින්‍යානුකූල ක්‍රියාමාර්ගවලට යොමුකිරීමට ඉකුත් මාසය පුරාම ආණ්ඩුව කටයුතු කළේය. රට පුරා ඇඳිරි නීතිය පැනවීම, සුරාසැල්, සිනමා ශාලා වසා […]

උතුවන් කන්දේ සරදියෙල් එල්ලා මරා දැමූ හැටි

1864 මැයි 7 වැනිදා උදේ වරුවේ මහනුවර සිටි බොහෝ අයගේ නෙත් සිත් යොමුව තිබුණේ එල්ලා මරන්නාගේ කඳු ගැටය වෙතටය. එදා එල්ලා මරන්නාගේ කඳු ගැටයේ පිහිටුවා තිබූ එල්ලුම් ගහේ එල්ලා මරා දැම්මේ සරදියෙල් හා මම්මලේ මරික්කාර්ය.  ඉංග්‍රීසීන් එල්ලුම් ගහේ දෙදෙනා එල්ලා මරා දැම්මේ දහස් ගණනක පිරිසක් බලා සිටියදීය. ඉංග්‍රීසි ජාතිකයින්ට ඕනෑ වී තිබුණේ මිය යන ආකාරයන් […]

මම දැන් අසරණයි

ජනප්‍රිය වේදිකා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පී ගාමිණි අම්බලන්ගොඩ  දැඩිසේ රෝගාතුරවී ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා වෛද්‍යවරුන් විසින් එක් පාදයක කොටසක් කපා ඉවත්කර ඇති බවට ආරංචිය ලැබුණේ මෙම සිද්ධිය සිදුවී කලකට පසුවය.  එහෙත් ප්‍රමාදවී හෝ එම කලාකරුවාගේ සුවදුක් බැලීම සඳහා ලංකාදීප ‘රසවින්දන’ වෙනුවෙන් මම අම්බලන්ගොඩ පොල්වත්ත ග්‍රාමයෙහි පදිංචි ඔහු සොයා ගියෙමි. පොල්වත්ත හන්දියට පැමිණ ඔහුගේ […]

අනාවැකිය බොරුවුණොත් ජ්‍යොතිෂ්‍ය පොත්වලට ගිනි තියනවා කීවා

ෆීලන් සමූහ ව්‍යාපාරයේ සභාපති ලැනී බී ගමගේ මේ හඳහන බොහෝම බලවත් එකක්… ඔහේලා ආවේ? අපි ආවේ අපේ කරගෙන යන ව්‍යාපාරයට නමක් ගන්න. නම් ලියාගෙන ආවද.? ඔව් නම් දහයක් විතර ලියාගෙන ආවා. කෝ මෙහාට ගමු බලන්න. නක්ෂත‍්‍රකරුවා නළල රැලි කරගෙන නම් තියෙන කොල කෑල්ලේ ඇති නම් පරීක්ෂා කරමින් සිටී.. ම්ම්ම්.. ලැන්කෝමේ පළවෙනියට තියෙන නම හරියන්නේ නැහැ. […]

කොමන් මෑන්ලාගේ ගෝරිය

පොදු අරමුණක් වෙනුවෙන් ක්‍රියාකරන මිනිසුන් පිරිසක් හැඳින්වීම සඳහා භාවිතා කළ හැකි වචනය වන්නේ කණ්ඩායමක් යන්නයි. කණ්ඩායමක් අවශ්‍ය වන්නේ පුද්ගලයන්ට තනි තනිව ළඟා කරගත නොහැකි අරමුණු සහ ඉලක්ක වෙත ළඟාවීම සඳහාය. ජාතියක් යනු මෙලෙස සංවිධානය වූ පුද්ගල කණ්ඩායමකි. පුද්ගලයන්ට මෙන්ම ජාතියකට අරමුණු හා ඉලක්ක ඇති අතර එම ඉලක්ක වෙත ළඟාවීමට ජාතියක් ලෙස සංවිධානය වීම අත්‍යවශ්‍යම කරැණකි. […]