සතියේ රස විත

අනුරාධපුරයේ ගෙවුණු දුෂ්කර ජීවිතේට මම කැමැතියි

පසුගිය වසරේ ජනප්‍රියම ටෙලි තරුව ලෙස කිරුළු පැලඳීමෙන් ඉක්බිතිව නයෝමි තක්ෂිලාගේ හෙට දවස පිළිබඳ විමසිලිමත් වූ රසික රසිකාවියන්ට ඇය කදිම පිළිතුරක් දී තිබෙනවා. ඒ තමයි රන්තිලිවැවෙහි මුතුමැණිකා. මුතුමැණිකා නිසා නයෝමිගේ ජනප්‍රියත්වය තවත් ඉහළ යමින් තිබෙන මේ කාලයේ නයෝමි මුතුමැණිකා හා තමා අතර ඇති පෑහීම් හා නොපෑහීම් ගැන කිව්වෙ මෙහෙමයි. නයෝමි මුතුමැණිකා ගැන හිතන්නෙ කොහොමද? රන්තිලිවැවේ […]

හිට්ලර් ගැන නොදත් දේ

“ඇඩෝල්ෆ් හිට්ලර්” නම ඇසූ පමණින් ඔබට සිහිවන්නේ රාජ්‍ය බලය අල්ලාගෙන ඒකාධිපති පාලනයක් ගෙන ගිය දරුණු පාලකයෙක් වන්නට ඇත. 1889 දී උපත ලද ඔහු ජර්මන් ජාතික දේශපාලඥයෙක්. අතිශය විප්ලවකාරී සහ කැරලිකාරී නායකයෙක් වන මොහු ලෝක දේශපාලන ඉතිහාසයේ ප්‍රචණ්ඩතම පාලකයායැ යි පැවසුවහොත් නිවැරදි යි. කෙතරම් දරුණු ඒකාධිපති පාලකයෙක් ලෙසින් නම් දැරුවත් ඇත්තෙන්ම මොහුගේ චරිතය හරිම අපූරු යි. […]

එදා මට හනිමුන් යන්න බෙන්ස් රථය දුන්නෙ ජෝතිපාල

රී ලංකාවෙන් මෙතෙක් බිහිවු පොතේ හැටියට, ක්‍රිකට් ක්‍රීඩා කළ ක්‍රීඩකයින් අතරින් ‘රෝයි ඩයස්’ යන නාමය, කිසිදින අමතක කළ හැකි චරිතයක් නොවෙයි. රෝයි ඩයස් යන නාමය ලෝක ක්‍රිකට් වංශ කතාවේ ලියැවී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවකු ලෙසය. ශ්‍රී ලංකාවට ටෙස්ට් තාක්ෂණය ලැබුණු පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රථම ටෙස්ට් ලකුණු දහස සම්පුර්ණ කළ පිතිකරුවා ලෙස වාර්තාව […]

තුන්වරක් සිහසුනට පත් අවසන් චීන අධිරාජයා

වසර දහස් ගණනක ඉතිහාසයක් තිබූ චීන අධිරාජ්‍යය 20 වන සියවස මුල දී කඩා වැටුණා. මෙම කඩා වැටීමට හේතු වූ ෂින්හායි විප්ලවය පිළිබඳ අප මීට පෙර ලිපියකින් විස්තර කළා ඔබට මතක ඇති. එම ලිපියේ දී අපි බොහොම කෙටියෙන් අවසන් චීන අධිරාජයා පිළිබඳ සටහනක් තැබුවා. අද අපේ බලාපොරොත්තුව මේ අධිරාජයාගේ ජීවිත කතාව විස්තර කිරීම යි. යුධ අපරාධ අධිකරණය​ දෙවන […]

ආගෝ චිත්‍රපටයට පදනම් වූ “කැනේඩියානු ගේම්” එක

පසුගිය ලිපියකින් අප ඉරානයේ ඇමරිකානු ප්‍රාණ ඇපකරු අර්බුදය ගැන සාකච්ඡා කළා. එහිදි බොහෝ දෙනෙක් විමසා සිටියේ බෙන් අෆ්ලෙක් අධ්‍යක්ෂණය කළ ඇකඩමි සම්මාන දිනූ “ ආගෝ” චිත්‍රපටයට පදනම් වූ සත්‍ය සිදුවීම ගැන යි. එම නිසා අප අද සාකච්ඡා කරන්නේ ඒ සිදුවීම් පෙළ පිළිබඳව යි. පලා ගිය ඇමරිකානුවන් සය දෙනා ඉරාන විප්ලවයේ ප්‍රධාන බලවේගය වූ අයතොල්ලා කොමේනිට […]

කාසිරංග වනාන්තරයෙන් ඇසෙන අපූරු කතා

ඇසෑම් ප්‍රාන්තය ඇත්තේ ඊසානදිග ඉන්දියාවේ ය. ඇසෑමයේ විශාලතම නගරය ගුවහාති වන නමුත් අගනුවර වන්නේ දිස්පූර් ය. ඇසෑමයේ ජනගහනය මිලියන 31 කට වැඩිය. දිස්ත්‍රික්ක 33 කින් සමන්විත ය. ඊසානදිග ඉන්දියාවේ පිහිටි ඇසෑමය පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ස්ථානයකි. තේ කර්මාන්තයට ද ප්‍රකටය. ඒ සියල්ලටම වඩා ඇසෑමය ප්‍රකට වන්නේ, වනෝද්‍යාන, උද්භිත උද්‍යාන සහ වන ජීවීන් නිසාය. ඇසෑමයේ සංචාරයක යෙදෙන්නේ […]

සකලගුරු පුෂ්පාගේ ප්‍රේමය කරළියට

ජාතික රූපවාහිනිය හරහා ප්‍රේක්ෂක සිත් වසඟ කළ නිර්මාණයක් තමයි ටිකිරි රත්නායක අධ්‍යක්ෂණය කරන සකල ගුරු කියන්නේ. කොරෝනා නිසා අතරමග නැවතුණ සකල ගුරු යළිත් විකාශය වෙන්න පටන් අරන්. අද අපි අපේ කතාබහට සම්බන්ධ කර ගත්තේ සකල ගුරුහි පුෂ්පා… නම – දිල්හානි වීරසිංහ උපන් ගම – අනුරාධපුර පවුලේ විස්තර – අම්මා තාත්තා. නංගිලා දෙන්නෙක් ඉන්නවා. පාසල – […]

හිටපු CIA ඔත්තුකරුවා අල්ලා ගැනීමට ඇමරිකාව විසින් කළ පැනමා ආක්‍රමණය

පැනමාවේ හිටපු හමුදා පාලකයා වූ මැනුවෙල් නොරියේගා ඉකුත් මැයි 29 වනදා මිය ගියා. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 83 ක් වුණා. 1980 දශකයෙන් වැඩි කොටසකදී පැනමාවේ සැබෑ පාලකයා වූ නොරියේගා දිගු කලක් තිස්සේ ඇමරිකාවේ සී.අයි.ඒ ඔත්තු සේවය සමඟ කිට්ටු සම්බන්ධයක් පැවැත්වූවා. කෙසේ නමුත් ඔහුගේ පාලනය අවසන් කළේ ද ඇමරිකානුවන් විසින් 1989 අග භාගයේදී සිදුකළ පැනමා […]

ඛේදජනක අවසානයක් සනිටුහන් කළ ඉතිහාසගත ආදර කතා

ආදර කතාවක් නොලියවුණු හදවතක් ලෝකයේ කිසිම තැනක නැහැ. කිසි දිනෙක කිසිවකුට මේ යැයි තේරුම් කර දීමට නොහැකිවුණු ආදරයේ චමත්කාරය ලෝක ඉතිහාසය පුරාවටම වගේම මිත්‍යා සහ පුරාවෘත්ත වලදීත් දිගහැරෙනවා. මීළඟට ඔබ හමුවේ දිගහැරෙන්නේ ලොව බිහිවුණා යැයි සැලකෙන අපූරුතම එහෙත්  අවසානයක් සනිටුහන් කළ ආදර කතා  කිහිපයක් පිලිබඳ තොරතුරුයි. පැරිස් සහ හෙලන් ග්‍රීක පුරාකතා එහෙමත් නැත්නම් මිත්‍යා කතා […]

මිල වැඩි වුනත් ආලේ අඩු නොවන අරක්කු

මත් වීම පිණිස පානය කරන ඇල්කොහොල් බීම වර්ග රැසකි. සංයෝගය අතින් ගතහොත් ඒ සෑම එකකම ඇත්තේ එතනෝල් මධ්‍යසාරීය ද්‍රාවණයකි. මිදි යුෂ, සතුන්ගේ කිරි, සහල්, සෝගම්, කොකෝවා, අර්තාපල් වැනි විවිධ ද්‍රව්‍ය භාවිත කොට පුරාතනයේ ලොවවටා මිනිසුන් ඇල්කොහොල් නිපදවා ගත්හ. ඒ අතරින් අප වැනි නිවර්ථන කලාපයේදී තාල වර්ගයේ කිතුල්, පොල්, පුවක්, තල් ගස් වල ලපටි මල් තලා කපා […]

වෙනස් මගක ගිය සුරූපී නිළිය- නන්දිතා දාස්

කෙට්ටු සිරුරක් සහ තියුණු නෙත් සඟලක් හිමි ඈ කෙරෙන් දිස් වනුයේ වඩා විචක්‍ෂණශීලීභාවයකි. ඉන්දියානු කාන්තාවන්ට හිමි අනර්ඝ රූ සපුවකට මෙන්ම ඈ ශෝභා සම්පන්න නාරි ලාලිත්‍යයකට ද උරුමකම් කියන්නීය. ඉන්දියාවේ පමණක් නොව විදේශයන්හි පවා ජනාදරයට පත්ව සිටින නන්දිතා දාස් නම් කලාකාරිණිය ගැනයි මේ සටහන. නන්දිතා දාස්ගේ කුඩා කාලය හා අධ්‍යාපනය නන්දිතා දාස් නම් වන අපගේ කතා […]

ලොව ලස්සනම කඳුකර දුම්රිය මාර්ගයන්

දුම්රිය ගමන තැනකින් තැනකට යන්න ලාබදායීම, සනීපදායක, ප්‍රචලිත ක්‍රමයකි. දුම්රිය ලොවට පැමිණෙන්නේ මෝටර් රථය ලොව ප්‍රචලිත වන්නටත් සියවසකට පමණ කලිනි. දුම්රිය ගමන ප්‍රවාහනයට පමණක් නොව සංචාරයට ද කදිම මාධ්‍යයක් වේ. රටතොට භූමි දර්ශන මෙන්ම අවට ජන ජීවිතය ද දැක බලාගැනීමේ අවස්ථාව දුම්රිය ගමනේ දී ලැබේ. ලොව ලස්සනම දුම්රිය මාර්ගයන් රැසකි. ඒ අතරින් ලංකාවේ දුම්රිය මාර්ගයන් […]

ලොව සොඳුරුතම සිය දිවි නසා ගැනීම

At the bottom of the Empire State Building the body of Evelyn McHale reposes calmly in grotesque bier, her falling body punched into the top of a car.” යන හැඳින්වීමත් සමගින් 1947 මැයි 12 වෙනිදා Life සගරාවේ 43 වන පිටුවේ පළ වූ සේයාරුව ලොව පුරා දැඩි අවධානයට ලක් වුණා. ලොව සුන්දරතම සිය දිවි නසා ගැනීම […]

සිනමා ශාලා විවෘත කලාට සෙනඟ එනවාද

සිංහල සිනමාව දැඩි අර්බුදකාරී මට්ටමක පවතින අවස්ථාවේ පසුගියදා සිනමා ශාලා විවෘත කරන්න පාලන අධිකාරිය තීරණය කළා. සමහරු කිව්වේ සිනමාශාලා විවෘත වුවත් ප්‍රේක්ෂකයන්ගේ පැමිණීමේ යහපත් තත්ත්වයක් සිදුනොවන බවයි. තවත් කණ්ඩායමක් ප්‍රකාශ කළේ චිත්‍රපට ශාලා වසා තැබීමෙන්ද පළක් නොවන බවයි. කොහොම නමුත් අලුත් චිත්‍රපට දෙකක් වූ නිවුස් පේපර් සහ සූස්ති ප්‍රදර්ශනය කරමින් සිනමා ශාලා විවෘත විය. මේ […]

සිංහල සංගීතයේ අනන්‍යතාව සොයා ගිය යුග පුරුෂයා – සුනිල් ශාන්ත

භාරතීය හින්දුස්ථාන් සංගීතය වෙනුවට දේශීය සංගීතයේ ලකුණ සොයා යමින් සිංහල බසට අනුව යන සංගීතයක් හදුන්වාදීමේ වෑයමක නිරත වූ සංගීත ලොවේ සිංහ ප්‍රතිරූපය බවට පත් වූ සුනිල් ශාන්තයන් පිළිබඳවයි අද අප සටහනක් තැබීමට සුදානම් වන්නේ. සිංහල ගීත සාහිත්‍යට ඔහු විසින් කළ අපමණ සේවාව හැරුණු කොට ඔහු සිය අභිමානය බිඳ නොගත්, කොන්ද කෙලින් තබාගෙන කිසිදු නිලයකට, බලයකට […]

ඩොක්ටර් හැනිබල් හෙවත් මිනීමස් කන්නා

‘ඩොක්ටර් හැනිබල්‘ කියන නම කියවිට විටත්, ඔහු ගැන දන්නා උදවියට හිතට නැගෙන්නේ කිසියම් චකිතයක්. ඔබ මෙතෙක් ඔහු ගැන නොදැන හිටියා නම්, අදින්පසු ඔබටත් ඒ හැඟීම එලෙසින් ම දැනෙනු ඇත. හැනිබල් යනු? හැනිබල් යනු නවකතාවක එන ප්‍රබන්ධ චරිතයකි. තෝමස් හැරිස් විසින් රචිත රෙඩ් ඩ්‍රැගන් නවකතාව තුළින් මුල්වරට එළිදැක්වෙන හැනිබල් චරිතය, පාඨකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් වේ. එහි ජනප්‍රියතාව කෙතෙක් ද […]

කුවේණිට පෙම් බඳින ටිං ටිං

මෑත කාලයේ තරුණයන් අතර වැඩියෙන්ම ජනප්‍රිය වෙච්ච ‘කුවේණි’ බයික් එකේ හිමිකරුවා ඔහුයි. ආදරේට කියන්නේ ‘ටිං ටිං.’ සැබෑ නම තුසිත ධනුෂ්ක රණවීර. මෝටර් බයිසිකල්වලට මෙතරම් පෙම් බඳින කතාව අපි ඔහුගෙන් විමසා සිටියා. ‘‘හුඟක් අය මාව හඳුන්වන්නේ ‘ටිං ටිං’ කියලා. ඒකට හේතුව තමයි අවුරුදු දහයකට කලින් මම අමන්දා කියන ටෙලි නාට්‍යයේ රඟපෑවා. ඒකේ මගේ චරිතය ටිං ටිං. […]

තුන්තිස් පරම්පරාවන්ට සෙවණ දුන්, එල්ට්ස් මන්දිරය

රයින් නදිය හා සබැඳි මෙසෙල් අතු ගංගාවට මුහුණලා ඇති කඳුවැටියක් මත වැජඹෙන ‘එල්ට්ස් මන්දිරය’ යන අරුතින් ජර්මානු බසින් ‘බර්ග් එල්ට්ස්’ හඳුන්වනු ලබන මධ්‍යකාලීන මාළිගාව පිහිටා ඇත්තේ ජර්මනියේ කොබ්ලෙන්ස් සහ ට්‍රියර් යන නගරයන්ට මැදි ව යි. 12 වැනි සියවසේ සිට ම එහි හිමිකාරීත්වය පවතින්නේ පුරාණ ජර්මානු රදල පවුලක් වූ එල්ට්ස් පෙළපතට අයත් සාමාජිකයන්ට වන අතර, වර්තමානයේ […]

ක්වොකා: ලොව සතුටින්ම සිටින සත්ත්වයා

ක්වොකා” කියන නම අපට ටිකක් විතර ආගන්තුක යි. ක්වොකාගේ පින්තූරයක් වුණත් දකින විට, බොහෝ දෙනා සිතන්නේ ඒ අලුත් සත්ත්වයෙකු හෝ නිර්මාණය කළ සත්ත්වයෙකු කියලා යි. ක්වොකා ඕස්ට්‍රේලියාවට ආවේණික යි. සැලකිය යුතු ක්වොකා ගහණයක් ඕස්ට්‍රේලියාවේ රොට්නෙස්ට් දූපතේ ජීවත් වෙනවා. කවුද ක්වොකා කියන්නේ? ක්වොකා, ප්‍රමාණයෙන් බළලෙකු තරම් වන, මීයෙකුගේ තරම් දිග වලිගයක්, සහ කුඩා පැටවුන් රැගෙන යාමට […]

ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන වෙනස්ම රැකියා කරා යොමු වූ ක්‍රීඩකයෝ

ක්‍රිකට් ක්‍රීඩාව හා බැඳී අපුරු කතා රැසක් අතරින් අද කතාකරන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන අතරතුර සහ විශ්‍රාම යෑමෙන් අනතුරුව වෙනස්ම රැකියාවන් සඳහා යොමු වූ ක්‍රිකට් ක්‍රීඩකයින් පිළිබඳව යි. අර්ශද් ඛාන් පකිස්තානු දඟ පන්දු යවන්නෙකු වූ අර්ශද් ඛාන් ප්‍රථම වරට පකිස්තානු පිල නියෝජනය කලේ 1993 වසරේ දී සිම්බාබ්වේ පිලට එරෙහිව යි. එතැන් සිට ටෙස්ට් එක්දින තරඟ 58ක් […]

මාව මෙතන්ට ගෙනාවේ මගේ ආදරය

නිලාන් හෙට්ටිආරච්චි ගායනා කරන ‘යන්න යනවද’ ගීතය අන්තර්ජාලයේ ලක්ෂ පනහකට වඩා පිරිසක් නරඹා තිබෙනවා. මේ නිසාම බොහෝ යුවතියන්ගේ ආදරණීය සිහින කුමරා වන්නට නිලාන්ට හැකිවෙලා. මේ නිසාමයි අපි ඔහු සමග කතාබහට එකතු වුණේ. සින්දු කියන්න අරගෙන කොච්චර කල්ද? මම දන්න කාලේ ඉඳන්ම සින්දු කියනවා. මගේ උපන් ගම වත්තල. නායකකන්ද පිරිමි විද්‍යාලයේ මූලික අධ්‍යාපනයත්, කඳාන ශාන්ත සෙබස්තියන් […]

එදා හෙළදිව මංගල ආරාධනාපත්

අතීතයෙහි මේ සිරිලක විසුවෝ ගුණ යහපත්කමින්, සමාජයීය වටිනාකම් වලින් පෝෂණය වූවෝ වෙති. මෙහි විසූ ස්වදේශීය ජනයා කුටුම්භ වශයෙන් ජීවත් වුවද, ගැහැනුන් මිනිසුන් වශයෙන් තමන් ඔවුනොවුනගේ පවුල් සංස්ථා ආරක්ෂා කරමින් ශිෂ්ට සමාජ ජන කොටසක් වශයෙන් ජීවත්වුණි.   ඉන් අනතුරුව සිරිලක යටත් විජිතයක් වශයෙන් පැවති යුගයෙහි ස්වදේශිකයන් හට රෝම ලන්දේසි නීති පද්ධතියක් ඇතිකර ඔවුනට නෛතික වශයෙන් බැඳීමක්, නීතියෙන් […]

අකාලයේ වෙන් කෙරුණු සොඳුරු මිනිසා: විජය

ජනප්‍රිය සිංහල සිනමාවේ ප්‍රධානතම බලකණු කිහිපය නම් කරන්නට යෙදුණහොත් ඒ අතරින් ඉහළම ස්ථානයක විජය කුමාරතුංග නාමය අනිවාර්යයයෙන්ම සඳහන් වෙනවා. සොඳුරු කලාකරුවෙකු හා දේශපාලඥයෙකු ලෙස පමණක් නොව ජනතාවාදී මිනිසෙකු ලෙස ඔහුගේ නාමය ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකුගේ හදවතෙහි සටහන් වී තිබෙනවා. කුරිරු ඝාතකයෙකුගේ අතින් අමානුෂික ලෙස ඝාතනය වී අදට වසර තිහක් ගත වී ඇති නමුත් ඔහුගේ ජනප්‍රිය […]

අජන්ත මෙන්ඩිස්ට වෙඩි වැදුණම දොස්තර අමු අමුවේම කළ සැත්කම

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රීඩකයින් ගැන කතා කිරීමේදී අජන්ත මෙන්ඩිස් ගැනත් කතා නොකරම බැරිය. එක් රැයකින් මුළු ක්‍රිකට් ලෝකයම, කැරම් බෝලය යවමින් සලිත කළ, පන්දු යවන්නා ලෙස අජන්ත මෙන්ඩිස් වඩා ප්‍රකට වූවේය. කණ්ඩායමේ අනෙක් සගයින් එදා ඔහුට. කතා කළේ ‘මෙන්ඩා’ යන ආදරණීය නාමයෙනි.    2008 වසරේ පැවැති ආසියානු කුසලාන තරගාවලියේදී ලකුණු 13කට කඩුළු […]

පරිසරයේ සුන්දරත්වය

කොළම කොළපාට ගහකොළ සහ මහා ගල්කුළුවලන් ඉන් සමන්විත මේ සුන්දර පරිසරයේ සුන්දරත්වය වැඩිකරන්න වගේ නානා ප‍්‍රකාර කුරුලු රංචු ගී ගයනවා. ඒ අතරේ සීතල සුළං රැළි ගහ කොළ මල් සොලවමින් අපේ ඇඟේ වැදිලා හීගඩු නංවමින් හමාගෙන යනවා. ඒ අතරේ අපිට මහා හඬ දීගෙන ජල පහරක් ගලා යන ආකාරය ඇහෙනවා. මේ සුන්දරත්වය විඳින්න නම් ඔබට වැද්දා පැණි […]

එදා ගත්ත ඉක්මන් මෝඩ තීරණ අද ගන්නේ නැහැ

උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ හැමදාමත් එක වගේ රසික හිත් ආදරයෙන් වැලඳගත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්. විටෙක දේශපාලන වේදිකාව තුළිනුත් ඔබ අතරට ආ ඇය මේ දිනවල නම් සියලු දේශපාලන රාජකාරීන්ගෙන් ඈත් වෙලා කලාවට පමණක් මුල්තැන දෙමින් කටයුතු කරනවා. කොහොමද උපේක්ෂා මේ දිනවල වැඩ කටයුතු? දැන් අවුරුදු තුනහමාරක් මගේ දුවට. ඉතින් එයා එක්ක කාලය ගත කරනවා. ඒ එක්කම චරිත් […]

ඉපදුණෙත් මිය යන්නෙත් කලාව වෙනුවෙන්මයි

වේදිකාවෙන් කලාවේ මුල් අකුරු කියවන ඔහු සිනමාව, ටෙලි නාට්‍ය හරහා ප්‍රේක්ෂකයාගේ හදවතට කතා කරන නළුවෙක් වන්නේ අතිශය ප්‍රබල තාත්වික රංගනය නිසාමයි. සුන්දර රුවක් නැතත් දක්ෂ රංගන පෞරුෂයක් ඔහු සතුයි. ඒ ගමනේ තීරණාත්මක කඩඉමකට ඔහු අද පැමිණ තිබේ. වසර පහළොවක මිතුරා කුමාර තිරිමාදුර සමග ඔහු තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරමින් ප්‍රධාන චරිතය මවන ප්‍රථම චිත්‍රපටය අභියෝගාත්මක […]

භව ගමනෙහි ස්වකර්ම ඵල විපාක ලබන්නේ තමන්මද

සත්වයා නම් කායික මානසික ධර්මතා සමූහයක සංකලනයකි. අප මරණය යැයි කියන්නේ ශරීරය සම්පූර්ණයෙන්ම නිෂ්ක්‍රීය වූ විටය. ශරීරය අක්‍රිය වූ පමණින් මේ ධර්මතාවල ශක්තින් නිෂ්ක්‍රීය නොවේ. මේ භව ගමනේ දී එම ශක්තීන් වෙනත් විවිධ ස්වරූපයන්ගෙන් පෙනී සිටින අතර එම සංසිද්ධිය පුනර්භවය හෙවත් ප්‍රතිසන්ධිය ලෙස හඳුන්වනු ලැබේ. මේ සංසිද්ධියට අදාළව සාකච්ඡාවට භාජනය වන ගැටලු දෙකක් පැන නගී. […]

කම්බාය බිම එළා එළවළු විකිණූ කොළඹ එළවළු පොළ

දඹුල්ල, මීගොඩ සහ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන ආරම්භවීමට ප්‍රථම ලංකාවේ විවිධ ප්‍රදේශවලින් එන එළවළු තොග, බස්නාහිර පළාතේ පමණක් නොව වෙනත් බොහෝ ප්‍රදේශවල සිල්ලර වෙළෙඳුන් වෙත ලැබුණේ ‘මැනිං මාර්කට්’ හි තොග වෙළෙඳපොළ හරහාය. එක් දහස් නවසිය අසූ දෙකේ මැයි මාසයේ මැනිං මාර්කට් භූමියේ එළවළු තොග වෙළෙඳ පොළ ආරම්භ වුවත්, කොළඹ එළවළු පොළ ඉතිහාසය බොහෝ ඈත අතීතයට දිව […]

රටටම ඇසුණු කුසල් මෙන්ඩිස්ගේ අනතුර

හොරේතුඩුව මුස්ලිම් දේවස්ථානය ළඟ පාර අයිනෙ කවුදෝ කෙනෙක් ෆුට් බයිසිකලයක් එක්ක බිම වැටිලා ඉන්නවා. සමහර විට කවුරුහරි හප්පලා ගිහින් වගේ පේන්නෙ… හොරේතුඩුව ප්‍රදේශය පසුකර යමින් සිටි පුද්ගලයකු තමා දුටු සිදුවීම පානදුර උතුර පොලිස් ස්ථානයේ ගේට්ටුව අසල රාජකාරියේ නිරතව සිටි නිලධාරියකු හමුවේ පවසා පිටව ගොස් තිබිණ. ඒ පසුගිය ඉරිදා අලුයම 5.10ට පමණය. අනතුර හෝ සිදුවීම කෙසේවෙතත් […]

ඒ සිදුවීම නිසා රොෂාන් එදා ක්‍රිකට් නවත්වන තරමට දුක් වුණා

අපි දෙන්නගෙ යාළුකමේ තරම තේරුණේ එදා සිටයි එදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි මහා තාප්පය ලෙස හැඳින්වුයේ ඔහුය. ඒ වෙනින් කවරකුවත් නොවේ, අසංක ගුරුසිංහ හෙවත් ආදරණීයි‘ගුරා’’ ය. එදා 96 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී සනත් – කළු වේලාසනින්ම දැවී ගිය පසු, ගුරා මහා පවුරක් වී අරවින්ද සමග ශක්තිමත් සබඳතාවකට දායක විය. ඒ ආදරණීය ගුරාගේ අද දවසේ […]

ඕලු පිපීලා කුඩු පට්ටම් වෙයි

ඕනෑම පොතක පිටකවරය විසින් අදාළ පොතට එක් කරන්නේ ආකර්ෂණයකි. පාඨකයා ඊට ඇද බැඳ ගැනීමකි. එසේම, කෘතියේ සමස්තය පිළිබඳ ඡායාවක් පාඨකයාට පෙන්වීමකි. ඊට අමතරව, පොතේ අන්තර්ගත පිටු ආරක්‍ෂා කිරීම ද කවරයට හිමිව ඇති තවත් වගකීමකි. පොත් කවර නිර්මාණය ද එසේ මෙසේ වැඩක් නොවේ. ඊට ද දක්‍ෂතාවක්, හැකියාවක් තිබිය යුතුය. නිර්මාණශීලීත්වයක් තිබිය යුතුය. කෙසේ වුවත්, ‘‘කවර’’ ගැන […]

මේනකා මගේ ජීවිතය වෙනස් කළා – රනිල් කුලසිංහ

රනිල් කුලසිංහ කියන්නේ තමන්ටම ආවේණික පෙනුම සහ රංග විලාසයත් එක්ක කලා ක්ෂේත්‍ර​ෙය ස්ථාවරත්වයක් ගොඩනගා ගත් කෙනෙක්. ඒ වගේම රනිල් විවාහ වෙලා ඉන්නෙත් සම්මානිත දක්ෂ රංගන සහ නර්තන ශිල්පිනියක් වන මේනකා පීරිස් සමග. රනිල් සහ මේනකා එකතුවෙලා නර්තන පාසලකුත් පවත්වාගෙන යනවා. ඒ අතර දැනගන්න ලැබුණා මේ දිනවල රනිල් වැඩි වශයෙන් ඉන්නේ කන්ද උඩරටට හිත යොමු කරලා […]

ක්‍රිකට් දිවියට සමුදෙන පාකිස්ථානු සුපිරි ක්‍රීඩිකාව

ලොව පුරා සීඝයෙන් කොරෝනා වසංගතය පැතිරයාම නිසා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවැත්වීමට තිබුණු තරගාවලි සියල්ලම අවලංගු වී තිබෙනවා. මෙම දිනවල ක්‍රිකට් තරග නොමැතිවීම නිසා ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් කොරෝනා මර්ධන සටනට එකතු වී තිබෙනවා. එලෙස ලෝක ක්‍රිකට් පිටියම අකර්මණ්‍ය වී තිබෙන අවස්ථාවක ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට පසුගිය දිනවල තවත් කණගාටුදායක පුවතක් පාකිස්ථානය දෙසින් අසන්නට ලැබුණා. ඒ පාකිස්ථානයෙන් බිහිවුණු […]

අවුරුදු දොළහකට කලින් අැඳපු ටීෂර්ට් තාමත් අඳිනවා

ක්‍රිකට් ක්‍රීඩාවේ අත්පොත මෙන් බඳුවූ ලෝප්‍රකට විස්ඩන් සඟරාව 21 වැනි සියවසේ, වඩාත් වටිනාම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස, මුත්තයියා මුරලිදරන් නම් කර තිබේ. ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා ලෙස, ලෝක වාර්තාවට හිමිකම් කියනු ලබන්නේ, මුත්තයියා මුරලිදරන්ය. මෙලෙසින් සියවසේ වඩාත් අගනා වටිනා ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස මුරලි, සඳහන් වීම පුද්ගලිකව ඔහු ලැබූ ජයග්‍රහණයකටත් වඩා ශ්‍රී ලංකාව මෙන්ම, ශ්‍රී ලාංකීය […]

මම ඇත්තටම අහිංසක නැහැ හැබැයි මම නපුරුත් නැහැ

දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ ආක්ෂා දෙස රසිකයන් බලන්නෙ ආදරයෙන්ද අනාදරයෙන්ද? කවද හරි ඔය හිතුවක්කාරකම්, අහංකාරකම් නපුරුකම් ඇරිලා යයි. එහෙම හිතල ආක්ෂගෙ මේ ගතිපැවතුම්වලට සමාව දෙමින් ඇයට ආදරය කරන අය බොහොමයි. ආදරය කරන්න බැරි විදිහට නපුරු වුණත් අහක දාන්න බැරි තරම් ආදරයකින් රසිකයන්ගේ හිත්වල ඉන්න මේ පුංචි කෙල්ල කවුද ඇය නෙත්මි නිෂේකා රොෂෙල් රොජර්ස් නෙත්මි කලා […]

ප්‍රසන්නලාගේ මෛත්‍රී විරෝධයට අමරවීරගෙන් උත්තර

චිකාගෝ පාතාලයට ගෝඨාභයගෙන් සැර පිළිතුරක් පීචං මන්ත්‍රීලා ගැන චන්ද්‍රිකා කී කතාව මංගල සජිත් පිලෙන් ගියේ ඇතුළෙ ගෝරි නිසාලු මනාප අංක ප්‍රදර්ශන තහනමට පක්ෂ නායක විරෝධය සම්පන්දන්ලා රජය සමඟ කතාවට ජනවරමක් පතයි කොරෝනා මර්දනය කළේ ඡන්ද කොමිසම යැයි ජ.වි.පෙ. කියයි මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සීමිත මට්ටමකින් ආරම්භ වුවද තවමත් දැඩි ඡන්ද උණුසුමක් දක්නට නැත. මහ මැතිවරණයට තවත් […]

උතුරු කොරියාවට ඝෝර රැජනක්

උතුරු කොරියානු නායකයා ගැන අසුබ ආරංචි පැතිර යන්නේ කාලාන්තරයක සිටය. ඔහු අසනීපයෙන් සිටිනා බවට මෑතකදීද විශාල ආන්දෝලනයක් ඇති විය. අබිරහස් දේශයක් හැටියට ප්‍රසිද්ධ එරට නායකයා කිම් ජොං අන් සිය බලය රැකගැනීම සඳහා තමන්ගේ සහෝදරයාවද ඝාතනය කෙරවූ බවට චෝදනා ලද තැනැත්තෙකි. යම් හෙයකින් ඔහු ගැන පැතිරයන අසුබ ආරංචි සත්‍ය වුවහොත් ඔහුගේ මුල්පුටුව හිමිවන්නට නියමිතව ඇත්තේ ඔහුගේම […]

යාළුවාගේ සුපිරි කාර් එක පස්සෙන් පන්නා අල්ලාගත්තා

ජීවිතයේ සැඳෑ සමයේ අකුරටම කළ රාජකාරී පිළිබඳව සාඩම්බර කතා කියන රටක් වටින විශ්‍රාමිකයන් අපි සොයා ගියෙමු. අද සිට ලියවෙන්නේ සුවබර විශ්‍රාම දිවියක් ගත කරන ඒ අපූරු විශ්‍රාමිකයාගේ මතක වස්තුවයි. රටම නොදත් නමුත් රටම දැනගත යුතු ඒ අපූරු අත්දැකීම් වර්තමානිකයන්ට බොහෝ කතා කියා දෙනු ඇත. ඔහු විශ්‍රාමික රේගු අධ්‍යක්ෂවරයෙකි. නමින් රන්ජන් දන්තනාරායනය. ඔහුගේ සේවා කාලය තුළදී […]

කොරෝනා කාලේ කොළඹ රෑ සමනලියන්ට කවුඩා කොටයි

ළඳුනේ ළඳුනේ ඔබේ දෑස දැක ගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ… ළඳුනේ දෙනෝදහක් අත ගත්තද සැමියෙකු නැති ළඳුනේ නෑයෙක් නෑකම නොකියන වීදි සරන ළඳුනේ.. ළඳුනේ තෙල් මල් ගෙන දෝත පුරා මුණි කුටියට පියමංවන ඔබේ දෑස දැක ගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ….ළඳුනේ පිරිමින්ගේ පාප කදට දෝස විඳින ළඳුනේ අඳුරේ පව් කරන දනා එළිය ලබන ළඳුනේ ළැම පමණක් ලොවට පෙනෙන […]

වොලිබෝල් තරුව අවුරුදු කුමාරයා වෙයි

නම – ලහිරු රශ්මික පාසල – මාදම්පේ සේනානායක විද්‍යාලය මාරවිල සේවියර් විද්‍යාලය ගම – හලාවත ආගම – බුද්ධාගම උස – අඩි 6 අඟල් 3යි ජයග්‍රහණය – දෙරණ අවුරුදු කුමරා (2020) ලහිරුගේ පාසල් කාලේ මතකද? මාදම්පේ සේනානායක විද්‍යාලයේ ඉගෙන ගත්තේ. උසස් අධ්‍යාපනය සඳහා මාරවිල සේවියර් විද්‍යාලයට යනවා. මේ වනතුරු මුළු කාලයම කැප කළේ වොලිබෝල් ක්‍රීඩාව සඳහා. […]

සිරිලකට පෙම් බැඳි සුදු ආණ්ඩුකාරයා

විකුම් සිහල පරපුර මිහි තිබෙන තුරු උතුම් රාජ ලේ ටික මගෙ සිඳෙන තුරු නෙතින් කඳුළු නොහෙලමි දිවි තිබෙන තුරු ඉතින් ආයුබෝවන් ලක්මවුනි ගරු. සුදු අධිරාජ්‍යවාදීන් තුන් සිංහලයේ අවසන් පාලකයා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඇතුළු පිරිස වෙල්ලෝරයට පිටුහල් කිරීම සඳහා නෞකාවකින් රැගෙන යද්දී එතුමාට දැනුණු හැඟීම් පැරණි කවියකු ඉස්මතු කළේ එසේය. වර්ෂ 1815 මාර්තු මස […]

අරවින්ද ක්‍රිකට් ගහපු හැටි ගැන උපුල් චන්දන කී අපූරු කතාව

‘අරවින්ද අයියා පන්දුවට පහර දෙන අවස්ථාවලදී, එහා කඩුල්ලේ හිටපු කෙනා එක්ක, එච්චර කතා කළේ නැහැ. එයාගෙ හැටි එහෙමයි. වැඩිය කතා නැහැ. පැය ගණන්, වරු ගණන්, පන්දුවට පහර දුන්නත් සද්ද නැහැ, ඕනෑ නම්, ‘‘මල්ලි හ්ම්’’ කියයි. එච්චරම තමා. එයාගෙ අවධානය සම්පූර්ණයෙන්ම තිබුණෙ, පන්දු යවන ක්‍රීඩකයා වෙතයි.   අරවින්ද අයියගේ පිතිකරණය ගැන ආයෙ අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනෙ. ලෝකයේ […]

ගම්මිරිස් ඇටෙන් කොටි බිම දැමූ

මෙතෙක් කිසිම ජනමාධ්‍යයකින් හෙළි නොකළ අප හිතවත් හල්පේ නන්දසිරි හිමියන් රහසක් සේ තබාගත් මේ කතාව. ප්‍රථම වරට ඉරිදා ලංකාදීපයට පැවසුවේ මගේ පෙරැත්ත කිරීම නිසාමය.  මා ඊට ඇලුම් කළේ ත්‍රාසය, භීතිය මෙන්ම ගුප්ත යන්ත්‍ර මන්ත්‍ර, තන්ත්‍ර වැනි ශාස්ත්‍රයන්හි ඇති විස්මිත බලය මේ කතාවේ අන්තර්ගතව ඇති නිසාමය. කුඹල්වෙල- හල්පේ නන්දසිරි හිමියන් පැවිදි වූයේ 1958 ජනවාරි 3 වනදාය. […]

කිලෝ මීටර් තිස්හත්දාහක් පිහිනා ගෙදර ගිය යෝෂි

දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවර, ‘ටූ ඕෂන්ස්’ මින්මැදුරට දුරකතන ඇමැතුම ලැබෙද්දී, එහි ප්‍රධාන විධායක නිලධාරිනී මරේකා මුසොන් සිටියේ රාජකාරි ගොන්නක් මැදය. ‘ටූ ඕෂන්ස්’ මින්මැදුර විවෘත කර වසර දෙකක් වූ අතර, දිනෙන් දින එහි පැමිණෙන සංචාරකයන් ගණන වැඩි වූවා මිසක් අඩුවක් දකින්න නොලැබුණි. කාර්ය බහුලවුවත්, ලේකම්වරිය හරහා ලැබුණු දුරකතන ඇමැතුමට මරේකා ‘හලෝ‘ කීවා ය. ‘නෝනා, අප ළඟ […]

ජීවිතේ කඩාවැටීම් පසුතැවීම් තියෙනවා

සනත් ජයසූරිය ගැන කලින් කලට කුමන කතා ඇසුණත් ඔහු ලොව එක්දින ක්‍රිකට් වෙනස් කළ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවායි. ඔහුගේ ආරම්භක පිතිකරණය, දඟපන්දු යැවීම සහ පන්දු රැකීම මෙන්ම ඔහු පිටියේ කළ හරඹ ගැන ක්‍රිකට් ලෝලීන් හොඳාකාරවම දන්නවා. ඔහුගේ දේශීය පටබැඳි නාමය “වමත් කසකාරයා”, ජාත්‍යන්තර පටබැඳි නාමය “Master-Blaster”. සනත් ජයසූරිය ගැන හඳුන්වා දෙන්නට එය හොඳටම ප්‍රමාණවත් ය. පසුගිය […]

බැඳපු දවසේ ඉඳලම තාත්තා මට හින්ට් ගැහුවා

අක්කී… සොඳුඑඅතම බිරියකට…. ඔව් සොඳුඑඅම බිරියකට අක්කී කියන මල්ලී චිචී…. ඇයි චිචී Wife ට අක්කී කියන්නේ…. මෙන්න චිචීගේ උත්තරය…. එයා එයාගේ පවුලේ අක්කිනේ… එයාට ඔක්කොම අක්කි කියන නිසා මමත් අක්කි කියනවා…. හුඟාක් අය හිතන්නේ මම අක්කි කියද්දී එයා මට වඩා වැඩිමහල් කියලා… චිචී… චිචී කවුද කියලා නොදන්න කෙනෙක් නැති තරමට චිචී කවුද කියලා දන්නවා… ඇයි […]

ප්‍රසංග හා සංදර්ශන නැතිව ජීවත්වන්නේ කොහොමද

ඇත්තටම මොකක්ද මේ වුණේ කියලා හිතාගන්නවත් බැරුව තමයි ඉන්නේ. මීට කලින් මේ තරම් භායානක තත්ත්වයකට ලෙඩක් නිසා අපි පත්වෙලා නැති තරම්. ලෝකේ බොහෝ රටවල් මේ ප්‍රශ්නෙන් පීඩාවට පත්වෙලා. මුලින්ම කියන්න ඕන. ඉක්මනින්ම මේ තත්ත්වය පහවෙලා මුළු ලෝකයම සුවපත් වෙන්න කියලා. හැමදෙනාමට වගේ අපේ රටේ අයටත් මේ තත්ත්වය තදින්ම බලපෑවා. ඒ ගැන අමුතුවෙන් විස්තර කරන්න දෙයක් […]

චීනයයි-ඉන්දියාවයි හැප්පෙන ඉන්දියාවේ බෞද්ධ පළාත

ඉන්දු චීන දේශ සීමාවේ සිදුවුණු අවි ගැටුමකින් ඉන්දීය සොල්දාදුවන් 20 දෙනකු ජීවිතක්ෂයට පත්වුණැයි පසුගිය 16 වැනිදා අසන්න ලැබුණි. ඒ අනුව, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස හුටපට මැද ඉන්දියාවත් චීනයත් අතර අර්බුදයක් හටගත්තේය. දශක ගණාවකට පසු ඉන්දු චීන දේශසීමාවේ සිදුවුණු දරුණුතම අවි ගැටුම මෙය විය. චීනය ආසියාවේ බලවතාය. ඉන්දියාව කිසිසේත් චීනයට දෙවැනි වන්නේ නැත. චීනය […]

අම්මා යකඩ ගැහැනියක්: තාත්තා යකඩ පිරිමියෙක් නොවේ

දේශපාලනය අතහැර දරුවන් වෙනුවෙන් සටන් වදින රත්නසිරි වික්‍රමනායක දියණිය කියන කතාව ළමා හිංසනයට තිත සංවිධානය හරහා තුෂ් දරුවන් වෙනුවෙන් හඬ නගන්නීය. අගමැතිවරයකුගේ දුවක්, දේශපාලනයේ ප්‍රබල චරිතයකගේ දුවක්, පියාගේ මඟ ඔස්සේ දේශපාලනයට සම්බන්ධ නොවීම ගැන ඇතැමුන් තුළ ඇත්තේ කුතුහලයකි. තුෂ් පවතින මේ දේශපාලන පරිසරයට එතරම් කැමැත්තක් දක්වන්නේ නැත. ඒ වෙනුවට ඇය තෝරාගෙන ඇත්තේ දරැවන්ගේ අයිතිවාසිකම් රුකදීමේ […]

සන්ෂයින් සුද්දා – මදූෂ් – හරක් කටා ගැන කතා

මාතර වැලිගම මිරිස්ස ධීවර වරාය ප්‍රධාන පිවිසුම් දොරටුව ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකි. ඒ ඉකුත් මැයි මස  30 වැනිදා සෙනසුරාදා උදෑසන 7.30ට පමණය. “සන්ෂයින් සුද්දට ගහල” “මැරිලා ද?” “නෑ පැනලා දුවලා ..” වැලිගම ධීවර වරාය අවට ප්‍රදේශිවාසීන්ට එදින උදෑසන අසන්නට ලැබුණේ එවැනි ප්‍රවෘත්තියකි. ඒ මොහොත වන විට ධීවර වරාය ආසන්නයේ විශාල ජනකායක් එක් රොක් වී සිටියේ […]

වලියට බර පතෝලයා

නිරන්තරයෙන් එකිනෙකට වෙනස් වූ විවිධ චරිත ඔස්සේ පුංචි තිරය හා අප සමග සම්බන්ධ වන අංජන ප්‍රියන්ජිත් මේ දිනවල අසීමිත ප්‍රේක්ෂක ආදරය දිනා ගෙන තියෙන්නේ ‘තණමල්විල කොල්ලෙක්’ නාට්‍යයේ පතෝලයාගේ චරිතය තුළින්. මේ දිනවල මොකද වෙන්නේ? මුකුත් නැහැ. මේ ටිකේ කොරෝනා නිසා සියල්ල අතරමග නැවතුණා. ඒ නිසා ගමේ ඇවිත් ඉන්නවා. කොහෙද ගම? කුලියාපිටියයි, නාරම්මලයි අතර තියෙන හොරොම්බාව […]

ජය ශ්‍රී ලංකාවට ආවේ කොරෝනාවට බයේද?

රෝහිත, රොහාන් එහෙමත් නැත්නම් ජය ශ්‍රී කිව්වම නම් නොදැන ඉන්න විදිහක් නෑ. මොකද රටේ තාරුණ්‍යයේ උන්මාදයක් වුණ අයියා මලෝ දෙන්නෙක් තමයි ජයශ්‍රී කියන්නේ. ඒ අයියා මලෝ දෙන්නගෙන් අපි අද පිනිපලස හැඩකරන්න ආරාධනා කළේ අයියට. ඒ කියන්නේ රෝහිත ජයලත්ට. රෝහිත කොහොමද මේ දවස්වල ලංකාවේ ගෙදරටම හිරවෙලා ගෙවන ජීවිතේ? මේ දවස්වල මොනවා කරන්නද.. ඉතින් ගෙදරටම වෙලා ඉන්නවා. […]

අකිලගේ දුවට නම දැම්මේ මෙහෙමයි

අකිල මොකද වෙන්නේ ඉතින්? වැඩි කාලයක් ගෙදරටම වෙලා හිටියා. ගොඩක් වැඩ කටයුතු කෙරුණේ ෆෝන් එකෙන්. කොරෝනා ලංකාවට ආපු පළවෙනි දවසෙ ඉඳන් අපි ගෙදරට වෙලා පරිස්සමෙන් හිටියා. අප්පච්චි වුණත් වැඩිය වැඩ බාරගත්තෙ නැහැ ඒ කාලෙදිත්. අපි දන්නෙ නෑනේ මේක මොන වගේ වසංගතයක්ද කියලා. ඒ නිසා බබා වෙනුවෙන්ම පරිස්සම් වෙලා ගෙදරට වෙලා හිටියා. පසුගිය දවස් දෙක තුනේ […]

ඉංග්‍රීසි කතා කළ, ඩොලර් ඉල්ලූ ලංකාවේ දරුවෙක්

පෙර භවය හෙළි කළ දරුවන් අතර විවිධ සංස්කෘතීන්ට අයත් හැසිරීම් රටා ඉදිරිපත් කළ දරුවෝ සිටිති. එවැනි සුවිශේෂි පුනර්භව හැසිරීම් රටාවක් තිබූ දරුවෙක් 2011 වසරේදී කොළඹදී උපත ලැබීය. දෙමාපියෝ ඔහුට පවන් යනුවෙන් නම් තැබීය.    උපතින් නිරෝගී දරුවෙකු වූ එම දරුවා මාස තුනක් පමණ වන විට හදිසියේ තද උණක් සෑදුණි. උණ අධික වීම නිසා ඔහුව වෛද්‍ය […]

නිලංක ඇතුලේ කූරා ජීවත් වෙනවා

තණමල් විල කොල්ලෙක් මේ දිනවල අතිෂය කතා බහට ලක්වන සාර්ථක ටෙලි නිර්මාණයක්. තණමල්විල කොල්ලෙක් හි කාගෙත් ආදරය දිනූ කොළු රෑනක්ම වේ. ඒ කොළු රෑනේ “කූරා” ගේ චරිතයට පණ පොවන රංගනවේදී නිලංක දහනායක යෞවන සම්මාන උළෙල දෙකකදී හොඳම නළුවාට හිමි සම්මානය දිනු වේදිකාවේ පෙරළිකාරයෙක්. අද කූරා හෙවත් නිලංක පිණිපලසට ගොඩ වුණා. කූරාව ටෙලි නාට්‍යයෙන් දැන ගත්තත් […]

දිනුවත් පැරදුණත් මම මහින්ද රාජපක්ෂයි

මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම් දී අදට වසර 50 සපිරෙයි. අඩසියවස තුළ ලංකාවේ සිදුවූ විපර්යාස බොහෝය. 1971 කැරැල්ලත් 1989 කැරැල්ලත් ඔහු දුටුවේය. 1976න් ඇරඹි වසර තිහක් පුරා ඇදී ගිය ලොව දරුණුම ත්‍රස්තවාදයේ කතාව මුළුමනින්ම ඔහුගේ ජීවිත කාලය තුළ දුටුවේය. 2004 ආ මහා සුනාමි ව්‍යසනය ඇතුළු ඛේදවාචකවලින් ජනතා ජීවිත විනාශ වීමද ඒවායින් රට නැගිටීමද ඔහුගේ […]

තිරිවාණ පළිඟුවෙන් හදන දියතරිප්පු ඇස් කණ්ණාඩි

ශ්‍රී ලංකාවට ආවේණික වූ කණ්ණාඩි විශේෂයකි “දියතරිප්පු” කණ්ණාඩිය. මෙය වසර 800ක පමණ ඈත ඉතිහාසයකට හිමිකම් කියයි. රජ දවස මෙම දියතරිප්පු ඇස් කණ්ණාඩි විශේෂය භාවිත කළ අතර මේවා නිෂ්පාදනය සඳහා වෙනම ජන කොට්ඨාසයක් සිටි බවත් ඔවුන් මේ වනවිට අභාවයට ගොස් ඇති අතර ජීවත්ව සිටින්නේ ඔවුන්ගේ අටවැනි පරම්පරාවයි. මෙම කර්මාන්තය අභාවයට නොයා එය රැක ගැනීමේ වගකීම පැවැරී […]

ජෙනිෆර් ලෝපේස් කෙනෙක් වෙන්න ඕනේ නැහැ – නෙහාරා පීරිස්

පුද්ගලික දිවියේ හා කලා දිවියේ 2020 වෙනුවෙත් ඇති සැලසුම් මොනවද? පුද්ගලික දිවියේත් කලා දිවියේත් අලුත් බලාපො​ෙරාත්තු දෙකක් තියෙනව. ඒ දේවල් රහසක් විදිහට තියාගන්න තමයි මම කැමති. ඒ බලාපො​ෙරාත්තු ඉටු වුණහම කියන්නම්කො. ඔබ දෙදෙනා අරඹන්න සැලසුම් කර ඇති අලුත්ම ව්‍යාපාරයත් ඇත්තේ සැඟවුණ බලාපොරොත්තු අතරද? ම්ම්… නැහැ ඒක දැන් ප්‍රසිද්ධ කාරණයක්. මේ ජනවාරි මාසයේ අපි ඩාන්සින් ස්ටුඩියෝ […]

ජෝර්ජියාව අගාධයට ගිය හැටි

අද ලෝකයේ බොහෝ රටවල සිටින්නේ රටට හෙණ පිට හෙණ ගැහුවත් සත පහක් තරම්වත් ගණන් නොගන්නා දේශපාලකයින්ය. වාග් සංග්‍රාම පවත්වා ඡන්ද කුට්ටි වැඩි කරගන්නා හොර දෙටුවන්ය. ඔවුන් සිදුකරන්නේ ඡන්ද කුට්ටිවලට ගිජුවී ජනතා ජීවිත බිලිදෙන පාහර වැඩය. මොවුන්ගෙන් බොහෝදෙනා ජනතාවගේ දුක් ගින්දර මැද්දට පැන්න රාක්ෂයින් වගේය. ඡන්ද පිට ඡන්ද හෙවත් මැතිවරණ පැවැත්වීම ඔවුන්ට ඉමහත් වරප්‍රසාදයකි. මේ වරප්‍රසාදය […]

දීර්ඝකාලීනව කලාවේ රැඳී සිටින්න අදහසක් නැහැ – ඉමාෂා

ඉමාෂා, මේ වෙනකොට සහේලි බොහොම ජනප්‍රිය චරිතයක් ? ඔව්. සහේලි ගැන ගොඩක් අය කතා කරනවා. ඒ අය බොහෝ දෙනෙක් කියනවා සහේලි ගෙනාවේ සමල්කා ඉවත්වූ නිසා කියලා. මම නම් ඒක කියන්න දන්නේ නැහැ. දෙවෙනි ඉනිම පිටපත් රචක සමන් එදිරිමුණි තමයි ඒක දන්නේ. සහේලි – අනුහස් ප්‍රේම කතාවක් තියෙයිද නැත්නම් ලිහිණිටම අයිති වෙයිද? ඒකත් මට කියන්න අමාරුයි. […]

ලොකු සැලසුම් නැති සරල නිළිය

වේදිකාවෙන්, පුංචි තිරයෙන් සහ සිනමාවෙන් සිය රංගන ප්‍රතිභාවන් දක්වා ඒ සෑම තැනකදීම සම්මානිත වෙමින් කලාවේ දිගු ගමනක පෙර මංසලකුණු තබන ගයනි ගිසන්තිකා මේ දිනවල හේමන්ත ප්‍රසාද්ගේ සිනමා ආගමනය සනිටුහන් කරන ‘උලලේනි’ තුළින් රිදී තිරයේ දැකගන්නට පුළුවන්… මේ දවස්වල කොහොමද ලැබෙන ප්‍රතිචාර? හිතුවට වඩා හොඳ ප්‍රසිද්ධියක් ලැබිලා තියෙනවා චිත්‍රපටයට. ඒ නිසා ප්‍රේක්ෂකයන්ගෙනුත් හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා. හේමන්ත […]

මගේ ජීවිතේට සහකාරියක් එපා – ධනුක දිල්ෂාන්

හොඳ පුතෙක්, ශිෂ්‍යයෙක්, යාළුවෙක්, සහෝදරයෙක්, මස්සිනා කෙනෙක් පමණක් නෙමෙයි ඉදිරියේදී හොඳ ප්‍රේමවන්තයෙක්. හැමෝටම එක වගේ ආදරය කරන, මේ කොල්ලා කවුද? ඔහු තමයි තණමල්විල දීප්ත. දැන් ගොඩක් දෙනෙක් කතා කරන්නේ දීප්ත කියලා නේද? ඔව් හැමෝම කතා කරන්නේ එහෙම තමයි. කාලයක් නිහඬව සිටියේ ක්ෂේත්‍රය ගැන කලකිරීමෙන්ද? ඔව්. මීට අවුරුදු 2 හමාරකට කලින් තීරණයක් ගත්තා මියුසික් වීඩියෝවලට සහ […]

ලංකාවේ විශ්වවිද්‍යාල ගැන පැහැදීමක් නැහැ – අනාගතයේ නීතිඥවරියක් වෙනවා

කොරෝනා තත්ත්වය නිසා නතර කළ මහී අසේනිට ආදරේ කියයිද? ටෙලි නාට්‍ය එකින් එක දැන් ආයෙමත් කරලියට පැමිණෙනවා. ලංකාවේ ජනප්‍රියම ටෙලි නාට්‍යය දෙවැනි ඉනිම නැවතත් විකාශනය වෙනකොට දෙවැනි ස්ථානය ලබාගෙන තිබූ සංගීතෙට මොකද වෙන්නේ කියලා සමහරු අහනවා. සංගීතේ නාට්‍යයේ පුංචි සුරංගනාවිය ගීත්මා බණ්ඩාරට කතා කළේ මේ ගැන තොරතුරු ටිකක් දැන ගන්නමයි. කොහොමද ගීත්මා තොරතුරු? ගෙදරට වෙලා […]

මේ රට නැති වෙයි කියන බය මගේ පපුවට තදින් දැනුණා

ඔව්,  ගොඩක් අවුරුදුවල නිර්දේශ වෙලා තියෙනවා, නමුත් හොඳම ටෙලි නළුවාට හිමි  සම්මානය හිමි වුණු පළමු අවස්ථාව. මීට පෙර සමනල සංධ්වනිය වෙනුවෙන් 2016 OCIC  සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය ලැබිලා තියෙනවා. මොකද හිතෙන්නේ ඇත්තටම  හොඳයි, මොකද මම විශ්වාස කරනවා, ඕනෙම නළුවෙක් හෝ නිළියක් ජීවිතේ එක් වතාවක්  හරි සම්මානයක් ලැබිය යුතුයි කියලා, මොකද මේ සියල්ල ලැබෙන්නේ […]

බස්වල යද්දි එද්දි මාව දකින අය මට කතා කරන්නෙ ඇරුණි කියලා

දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ අරුණිගේ චරිතයට කවුරුත් ආදරය කරන්න පටන් අරන් තියෙන රුවැත්තිය කවුරුන්ද හදිසියේම ඇවිත් හැමෝගෙම අවධානය ආදරය දිනාගනිද්දී ඈ ගැන හැමෝම විමසන්න පටන් ගත්තා. ඒ නිසාම අපිත් මේ හුරුබුහුටි යුවතිය හමුවෙලා ඔබ කව්රුන්දැයි ඇගෙන් විමසුවා. ඔබ දැනටමත් දන්නා විදිහට ඇය දෙවෙනි ඉනිමේ අරුණි වූවාට, සැබෑවට ඈ ඉෂානි විජේතුංගයි. ඉෂානිගේ තොරතුරු අපි ඇගේ වදනින්ම […]

තාත්තා කෙනෙක්ගෙ චරිතය ආසාවෙන් කරන්නෙ

1) චානුක ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කොහොමද? මම මේ ක්ෂේත්‍රයට මුලින්ම එන්නේ නිරූපණ ශිල්පියෙක් විදියට. නදීශා ඉලංගකෝන්​ගේ සැලෝන් එකේ නිරූපණ කටයුතුවල නිරත වෙන මොහොතකදී තමයි මට ශාන්ත සොයිසා මහත්මයාව මුණ ගැසෙන්නේ. ඒ මුණගැහීමෙන් තමයි මට මුල්ම ටෙලිනාට්‍ය වන ‘මිතූ’ වෙනුවෙන් සම්බන්ධ වන්නට අවස්ථාව ලැබෙන්නේ. ඒ ආරම්භය තමයි මගේ ජීවිතේ ලොකු වෙනසක් සිදු කළේ. ඉන් අනතුරුව ප්‍රියන්ත කොළඹගේ […]

ප්‍රථම රංගනය ගැන සමහරුන්ට හිතාගන්නවත් බැහැ

ෆේස් ටු ෆේස්” තිරගත වීමත් එක්කම කලා ලෝකයට පායා එන අලුත්ම තරුවක් තමයි ෂෙහානි පෙරේරා කියන්නේ. මේ දවස්වල ලැබෙන ප්‍රතිචාර සහ ඉදිරි කලා නිර්මාණ ගැනයි මේ කතාබහ…. face to face ඔබේ මුල්ම චිත්‍රපටය නේද? ඔව් මගේ පළමු චිත්‍රපටය facetoface තිරගත වුණා. ඉතින් ගොඩක් සතුටුයි. ලොකු බලාපොරොත්තුවක් ඉෂ්ට වුණා. අවුරුදු 3 1/2 පස්සෙ තමයි චිත්‍රපටය තිරගත […]

ගුවන් සේවිකා හීනය අත්හැර දමා අවුරුදු කුමාරි තරගෙට ආවා

දවසින් දවස ටෙලි තිරයට අලුත් මුහුණු එකතු වෙනව’ මෑතකදී එලෙස එකතු වුණ මුහුණු අතරින් අවිශ්කාට විසල් අවධානයක් හිමිවෙලා තියෙනව’ රසිකයන් ඇයව අවිශ්කා උමයංගි කළුබෝවිල කියන ඇගේ සැබෑ නමට වඩා ඇයව හඳුන්වන්නෙ සංගීතේ ටෙලි නාට්‍යයේ රන්දිමා එහෙමත් නැත්නම් මල්කඩේ මිස් විදිහටයි. මේ දවස්වල හැමදෙනාගෙම අලුත්ම ආදරය වන මල්කඩේ මිස් ගේ තොරතුරු ටිකක් විමසන්න අපටත් හිතුනා. අවිශ්කා […]

මේ යාළු වමෙන් ගියත් අපි දකුණේ හරිය

මේ දවස්වල බොහෝ දෙනා කාලය ගත කරන්නේ සමාජජාල සමගයි. සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල ජනප්‍රිය නළුවා බවට පත්වෙලා තියෙන්නේ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි. ඒ නිසා අපි අද පිනිපලස තුළින් ඉසුරු එක්ක කතා කළා… කොහොමද මේ දවස්වල කාලය ගතවෙන්නේ? මාර්තු 20 වෙනිදා ඉඳන් ෂූටින් මුකුත් නැති නිසා චිත්‍රපට බලන එක සහ පොත් කියවන එක තමා කරන්නේ. ඊට අමතරව […]

තමන්ට වෛර කරන ගිරිදේවි

තරුණ පරපුරේ රංගන ශිල්පිනියන් අතරේ අතිශය පැහැබර, මතු බලාපොරොත්තුව වන ශලනි තාරකා මේ දිනවල ගිරිදේවි ටෙලි නාට්‍යයේ ආශා ලෙස කැපී පෙනෙන රංගනයක් ඉදිරිපත් කරමින් සිටිනවා. සිනමා හා ටෙලි තරුවක්, නර්තන ශිල්පිනියක්, නිවේදිකාවක් සේම ගීත රචිකාවියක ලෙස ද ඉදිරි ගමනක යෙදී සිටින ශලනිගේ වර්තමානය පිළිබඳ හරවත් කතාබහක යෙදෙන්න අපි අවස්ථාව සලසා ගත්තා. කොරෝනා වසංගතය ඔබගේ කාර්යබහුල […]

භාරතයෙන් පැමිණි කඳ කුමරු සහ වල්ලි

සම්මානිත චිත්‍රපට අධ්‍යක්ෂ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නවතම සිනමා නිර්මාණය තමයි “කදිර දිව්‍යරාජ” කඳකුමරු සහ වල්ලීගේ ප්‍රේම කතාව පදනම් කරගත් මේ සිනමාපටයේ කඳකුමරු සහ වල්ලි යන ප්‍රධාන චරිතවලට පණ පොවන්නේ භාරතීය රංගන ශිල්පීන් දෙපළක් වන සමර් වෙරිමාන් සහ සොනක්ෂි රාවට්. මේ අය හමුවන්නට අපටත් අවස්ථාවක් ලැබුණා පසුගිය දවසක හම්බන්තොට රන්මිණිතැන්න නළු නිළි ගම්මානයේදී. වල්ලි මාතාවට රංගන […]

ගුවනේ හැඩකාරිය

ඇය ගුවන් සේවිකාවක්. ඒ වගේම දක්ෂ නිළියක්. රැකියාවේ කාර්ය බහුලත්වය එක්ක හොඳ නිර්මාණ කීපයකට ඇය දායක වෙනවා. පසුගියදා වසා දැමුණු ඉන්දියාවට හා ඔස්ට්‍රේලියාව වැනි රටවලට ගිහින් ශ්‍රී ලාංකිකයන් රැගෙන ඒමට ඇයත් දායක වුණා. මේ සියල්ල ගැනයි අපි අද දිනිති වල්ගම සමග කතා බහ කරන්නේ මේ දවස්වල කාලය ගත වෙන්නේ කොහොමද? මේ දිනවල සූදානමින් ඉන්නවා. මම […]

ස්ලෝවේනියාවේ ආශ්චර්ය පොස්තුමියා ගුහාව

යුගොස්ලාවියාව 1991 දී ක්‍රොඒෂියාව, සර්බියාව, ස්ලෝවේනියාව, බොස්නිසා හර්ෂගෝවිනාව, කොසෝවෝ සහ උතුරු මැසිඩෝනියාව වශයෙන් රටවල් හයකට බෙදී වෙන්විය. මින් ස්ලෝවේනියාව අද වනවිට සෙසු රටවල් පහට වඩා ආර්ථික, සමාජීය සහ දේශපාලන වශයෙන් ඉදිරියට පැමිණීමට සමත්ව සිටී.    වර්ග කිලෝ මීටර් 20,273ක විශාලත්වයකින් යුත් ස්ලෝවේනියාවේ ජනගහනය විසි ලක්‍ෂ හැට දහසකි. කාර්මික, කෘෂිකාර්මික නිෂ්පාදන, වයින්, ජලය, දැව සහ සංචාරක […]

නව තාක්ෂණය මුසුව ගොඩනැගෙන දීඝවාපී දාගැබ

නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ අඩ්ඩාලචේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි දීඝවාපියට අම්පාර නගරයෙන් අක්කරෙයිපත්තු දක්වා දිවෙන මාර්ගයේ කි.මී. 6ක් පමණ ගමන් කළවිට හමුවන වරිපතන්චේන හන්දියෙන් හැරී කි.මී. 12ක් ගමන් කිරීමෙන් පිවිසිය හැකිය. නැගෙනහිර පළාතේ විශාලතම ස්තූපය හා විශාලත්වයෙන් ලංකාවේ හතර වැනි තැන ගන්නා ස්තූපය ලෙස සැලකෙන්නේ දීඝවාපී දාගැබයි. ඉපැරැණි රෝහණ රාජධානියට අයත්ව පැවැති දීඝවාපිය දිග් වූ […]

සිරිලකට පෙම් බැඳි සුදු ආණ්ඩුකාරයා

සුදු අධිරාජ්‍යවාදීන් තුන් සිංහලයේ අවසන් පාලකයා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඇතුළු පිරිස වෙල්ලෝරයට පිටුහල් කිරීම සඳහා නෞකාවකින් රැගෙන යද්දී එතුමාට දැනුණු හැඟීම් පැරණි කවියකු ඉස්මතු කළේ එසේය. වර්ෂ 1815 මාර්තු මස 02 වනදා මහනුවර මඟුල් මඩුවේදී උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් පසු බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ ලංකාවේ ප්‍රධාන රාජ්‍ය සංකේතය වන සිංහාසනය සහ ඔටුන්න ඇතුළු […]

මාස්කින් ගැන දැන් හැමෝම ආස්කින්

පසුගියදා ඒ ඉදිරිපිට හිමිදිරියේ හිමිනමක් වඩින ලද්දේ සිවුරෙන් නහය ඇතුළු ඔහුගේ පහළ කොටස තද කරගෙනය. ඒ හිමියන්ද සමගම අසල වූ පූජා භාණ්ඩ වෙළෙඳසලකට පිවිසුණෙමි. ‘‘මේ දැන් මෙතනින් එක ගෑනු කෙනෙක් මාක්ස් එකක් නැතිව ෂෝටක් ගහගෙන ගියා. නහයෙන් කටෙන් මොනා පිටවුණාද මන්දා, බයේ බැහැ. මටත් දෙන්නකෝ මාස්ක් එකක්.’’ ‘‘ආ හාමුදුරුවනේ… තාම පහන තිබ්බෙත් නෑ. මාස්කිං ගැන […]

දෙවැනි ලෝක මහා සංග්‍රාමයේ දී වැලිකතරේ වුවද වතුර නැතිව ධාවනය කරන්නට හර් හිට්ලර් නිර්මාණය කරවූ වොක්ස්

තමන්ගේ සිතේ කලක සිටම ඇතිවූ කිසියම් ආවේගශීලි බවත් නිසා ලෝකාධිපත්‍යය ලබනු පිණිස වූ හැඟීමකින් යුතුව ජර්මනිය පාලනය කළ හර් ඇඩොල්ප් හිට්ලර් තමන්ගේ සහායට ඉතාලියේ ආඥාදායකයා වූ සිංඤෝර් බබනිටෝ මුසෝලිනි ද එකතු කර ගෙන ගෙන ගිය දෙවැනි ලෝක මහා සංග්‍රාමයට විරුද්ධව මිත්‍ර පක්ෂයේ පෙරමුණ ගත්තේ එංගලන්තයේ සර් වින්ස්ටන් චර්චිල්ය.    එසේවූ වියරු මානසිකත්වයකින් යුතුව හිට්ලර් කටයුතු […]

කොරෝනාවෙන් ලංකාවේ හිර වූ සුද්දෙක් පරිප්පු උයන්නත් ඉගෙනගෙන

ඇඳිරිනීති ඇඳිරිය මඳින් මඳ පහව යමින් තිබේ. මාස දෙකක් තිස්සේ නිවාස අඩස්සියේ සිටි අපට ද අදියරෙන් අදියර නිදහස ලැබෙනවා වැනි ය. මෙහෙව් රටේ සිරි නැරඹීමට, සිරි නරඹන ගමන් විවේක ගැනීමට, විවේක ගන්නා ගමන් ඇවිදීමට, ඇවිදින ගමන් හිරු එළිය නෑමට පැමිණි ‘සංචාරකයන්’ ද පහුගිය දෙමාසය ගත කළේ ‘හෝටල් අඩස්සියේ’ ය. රටේ තොටේ සිරි නරඹින්, ඇවිදිමින්, හිරු […]

රෝෂාන් අයියා දෙයියෙක් – ලහිරු | මට මගේ අතීතය මතක් වුණා – රොෂාන්

හම්බන්තොට සූරියවැව මීගහජඳුරෙ ළහිරු සම්පත් යූටියුබ් රසිකයන් අතර ජනප්‍රිය වුණේ එක්ස්රේ කාඩ්වලින් හදාගත් ඩ්‍රම්සෙට් එකක කළ වාදනයක් නිසා. මේ වාදකයාට අලුත්ම එකොස්ටික් ඩ්‍රම්ස් සෙට් එකක් අරන් දුන්නෙ කවුරුත් දන්න ෆ්ලෑෂ්බෑක් නායක ​රොෂාන් ප්‍රනාන්දු. එ් ගැන වගේම ෆ්ලෑෂ් බැක් ගැන අප රොෂාන් එක්ක කතා කළා. කොහොමද රොෂාන් ? “හොඳින් ඉන්නවා. මේ උත්සව සමය නිසා කාර්ය බහුලයි. […]

සේදර මැණිකේ මගේ පෙර පිනකට ලැබුන අති දැවැන්තම චරිතයක්

(1) උදාරිට එකිනෙකට වෙනස් චිත්‍රපට දෙකක රඟපාන්න අවස්ථාව ලැබුණා මේ වසරේ. අපි ඒ ගැන කතා කරමු. ඔව් චිත්‍රපට දෙකක් රූගත කිරීම් කරලා අවසානයි. වී. සිවනාදන් මහත්මයගේ ‘දෙවැනි යුද්ධය’ චිත්‍රපටය හා ජැක්සන් ඇන්තනි මහත්මයාගෙ ‘එක ගෙයි කෑම’ චිත්‍රපට තමයි ඉදිරියේදී එන්න තියෙන්නේ. දෙවැනි යුද්ධය සිනමා පටයේ පුබුදු චතුරංග එක්ක වගේම එකගෙයි කෑම චිත්‍රපටයේදී සජිත සහ අකිල […]

වසර විසිපහකට කලින් ඉතාලි ගිය දුෂ්කර ගමන

අද පුංචි ඉතාලිය ලෙස සැළකෙන වෙන්නප්පුවේ අතීත කතාව ඉතා රසවත් එකකි. චූලවංශයේ සඳහන්වෙන පරිදි ක්‍රි.ව. 1153-1186 කාලය තුළ වෙන්නප්පුව ජනාවාස වූ බව පෙනේ. එකල රජකළ පැරකුම්බා රජු තම කුමර අවධියේදී තබ්බෝව සිට පස්දුන් කෝරළය දක්වා බටහිර වෙරළබඩ වගුරු බිම් ගොවි බිම් බවට සංවර්ධනය කර වැව් 2376 ක් තැනවූ බව කියැවේ. ඒ වැව් අතුරින් මහවැව, මාදම්පේ, […]

තණමල්විල අහිංසකාවිය

තණමල්විල කොල්ලෙක්ට ආදරය කරන ධම්මි බොහෝ දෙනාගේ සිතේ පතුලටම ළංවෙලා තියෙන චරිතයක්. දුෂ්කරතාවන්ගෙන් මිරිකිලා මුහුණේ සිනා පොදක් නැති ධම්මි වැනි බොහෝ යුවතියන් මේ ලොව තවත් කොතරම් ඇත්ද? ධම්මිගේ චරිතයට පණ පොවන කසුනි කාවින්දිව මුණගැහුණේ මෙවන් චරිතයකට ළංවූ කතාව අහන්න… පුංචි තිරයට එන්නේ කොයි කාලෙද? 2014 වර්ෂයේ ප්‍රේමකුමාර ජයවර්ධන අධ්‍යක්ෂණය කරපු මාද ඔබම විය ටෙලි නාට්‍යය […]

වයස දාසයේ චන්දිමගෙන් අඩි 12000ක පිම්මක්

මේ පුතා හරිම පුතෙකි. තාත්තා හරි පුතයෙකි. අම්මාත් ඒ ජාතියේමය. අද කාලයේ බොහෝ පුතාලා උඩ නගින්නට බයය. පුතාලා උඩ නගිනවාට අම්මලා, තාත්තලා බයය. හදිස්සියකටවත් අඹගහකට, පේරගහකට, වහලයකට නැගගන්නට අද කාලේ බොහෝ පිරිමින්ට නොහැකිය. උස ගහක්, තට්ටු නිවාස වහලක් වැනි අඩි සීයක් හමාරක් වැනි තැනකට නගින එක ගැන නම් බොහෝ දෙනකුට හිතන්නටවත් බැරිය. ඇතැම් පුතුන් නොබියව […]

පෙම්වතියට තිලිණ කළ පැමෝරා සබන්

පුරාතනයේ රෙදි සේදීමටත් ඇඟ සේදීමටත් පෙනෙළ කොළ භාවිත කිරීම නතර වූයේ බටහිරින් පැමිණි සබන් නිසාය. එම කාලයේ ඈත ගම්මානයන්හි තිබොල් පොලුවල කටුවේ රඳවා තිබූ පැමෝරා සබන් මිලදී ගත් ගැමි තරුණයන් ඒවා පෙම්වතියට තිළිණ කිරීමේ කතා අප අසා ඇත. අතීතයේ ලාංකිකයන් ඇඟපත හා රෙදි පෙරෙදි සේදුවේ පෙනෙළ කොළ තැලූ ඉස්මෙනි. එම ඉස්ම දියට දමා කැලතූ විට […]

ඇමැති පුටුවෙ වාඩි වුණු රනිල් බ්‍රිතාන්‍ය අගමැති පුටුවටත් යයිද?

මෙයට වසර පනහකට හැටකට පෙර බ්‍රිතාන්‍ය බොහෝ දෙනා ජාතිවාදී වර්ණවාදීන් වූහ. හැත්තෑව දශකය හා ඊට පෙර බ්‍රිතාන්‍ය රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරී තනතුරු සියල්ලම ලැබුණේ සුදු ජාතිකයන්ටයි. නැතිනම් යුරෝපා ඇමරිකාවලින් සංක්‍රමණය වූ සුදු විජාතිකයටන්ය. රාජ්‍ය ආයතනයක රෝහලක හෝ රජයේ දෙපාර්තමේන්තුවක ඉහළම තනතුරක් ආසියා – අප්‍රිකානුවෙකුට ලැබුණා නම් ලැබු​ණේ ඉතාමත් කලාතුරකිනි. ඒ ඔහුගේ සුදුසුකම් අනුව නොදී බැරි […]

පරිසර දූෂණය අවම වී හිනැහෙන නකල්ස් වනපෙත

විශ්ව බිහිවූ දා සිටම නේක වර්ණ වලින් හැඩවී බොහෝ සුන්දරත්වයන් මිහිපිට ජීවින්ට දායාද කළ සොභාදහම විටෙක චණ්ඩ වන්නේය.    තවත් විටෙක අහිංසක ළදරුවෙක් තරමටම සුන්දර වන්නේය.    අතීතයේ සිටම ලංකා ධරණිතලය ලොව බොහෝ දෙනාගේ ආකර්ෂණයට ලක්වන්නේත් ඔවුනොවුන්ගේ නෙත් සිත් පැහැර ගන්නේත් ලංකාව තුළ පවතින විවිධ පාරිසරික ලක්ෂණ හේතුවෙන් යැයි සඳහන් කළහොත් ඔබ ඊට එකඟ වනු […]

සිකා තනිවෙයිද? – දුමින්ද ශ්‍රී කාන්ත

යූ ටියුබ් මාධ්‍යයෙන් ප්‍රේක්ෂකයන් මුවගට සිනහවක් එක්කළ ලකයි සිකයි කොරෝනා ඇඳිරි නීතිය අස්සේම අතුරුදන්වෙලා. ලකා උන්නත් සිකා නැහැ. ඇත්තටම සිකාට මොකද වුණේ සොයා බලන්න අපි දුමින්ද හර්ෂණ ශ්‍රීකාන්ත සම්බන්ධ කරගත්තා. දුමින්ද සිකාට මොකද වුණේ? මොකුත් වුණේ නැහැ. සිකා ඉන්නවා. සිකා සිකාමයි. වෙනස් වෙන්නේ නැහැ. නමුත් ඔබ උන්නේ ඔතැන නොවේ නේද? මම උන්න තැනට මොකද වුණේ […]

​කොරෝනා වසංගතයෙන් කලාකරුවන්ගේ ජීවන ක්‍රමයත් ඇහිරිලා

රටම මුහුණදී ඇති දුෂ්කර තත්ත්වය තුළ විවිධ ක්ෂේත්‍රවල කටයුතු කළ පුද්ගලයින්ගේ වෘත්තීන් අවිනිශ්චිත තත්ත්වයට පත් වී තිබේ. මේ අර්බුදය රටේ කලාකරුවන්ට බලපාන ආකාරය පිළිබඳ කලා ක්ෂේත්‍ර කීපයක ශිල්පීහු මෙසේ අදහස් දැක්වීමට එක් වූහ. ගායන ශිල්පී නිහාල් නෙල්සන්    පොදුවේ රටම මුහුණ දීලා තියෙන්නේ විශාල අර්බුදයකට ඒකෙදි හැම ක්ෂේත්‍රයකම අයට මේකෙන් ගැලවීමක් නෑ. මම කලාකරුවෙක් විදියට […]

පුලිට්සර් දිනූ අමුතු සේයාරුව

පුලිට්සර් දිනූ අමුතු සේයාරුව අන්තර්ජාතික පිළිගැනීමක් සහිත පුලිට්සර් සම්මාන ප්‍රදානය පසුගියදා පැවැත්වුණේද ඔන්ලයින් ක්‍රමයටය. එහිදී අමුතු සේයාරුවකට හොඳම සේයාරුවට හිමි සම්මානය ලැබුණි. කොවිඩ් 19 වසංගතයෙන් බේරෙන්නට මුහුණ ඇඟපත හොඳින් ආවරණය කර ගත් කාශ්මීර විරෝධතාකරුවෙකුගේ ප්‍රචණ්ඩත්වය හොඳින් නිරූපනය කෙරෙන “කැප්ෂන් ඕනෑ නැති” ආකාරයේ කතාකරන මේ සේයාරුව ඒ.පී. ආයතනයේ කාශ්මීර ඡායාරූප මාධ්‍යවේදී ඩාර් යාසීන්ගේ වික්‍රමයකි.

දවල්ට නයිටිය ඇන්දොත් දඩය දෙදාහයි

1930 වනවිට හොලිවුඩ් සිනමාවේදී මෙම ගවුමට ඉතා විචිත්‍රබවක් ගෙනදී ඇත. සිල්ක් ගවුම පැමිණෙන්නේ මෙම කාලයේදී වන අතර, ඊට පිහාටු අල්ලා සහ ලේස් එක්කොට අලංකාරව නිර්මාණය කරගෙන ඇත. හොලිවුඩ්වල ඇතිවූ මෙම විපර්යාසය, රාත්‍රී නිදන ඇඳුමට බලපෑම් ඇති කළේය. පවුල් ජිවිත අවුල් වීමටද නිදන ඇඳුම බලපාන්නේ යැයි වරක් මෙරට මහාචාර්යවරයකු පවසා තිබුණි. ඔහු මෙම රෑ ඇඳුම ඇඟලා […]

සුව විරුවන්ගේ සටන

කොවිඩ්-19 වයිරසය විසින් ලෝකය එක තැන නතර කළ දා පටන් ඔබේ ජීවිතය වෙනස් වී ඇති ආකාරය මොහොතක් කල්පනා කර බලන්න.. අපේ ආදායම සහ ආර්ථිකයේ අනාගතය අවිනිශ්චිත වී තිබේ. පාසල් වසා දමා තිබෙන නිසා දරුවන් ඇති අපට ඔවුන් නිවසේදී දවස පුරා බලාගත යුතුව ඇත. අප ගෙවල් තුළ සිරවී ඉන්නා නිසා ආහාර, ඖෂධ වැනි මූලික දේ හිඟවී […]

එයාර් සිලෝන් යානයෙන් යාපනයට ගිය ගමනක්

අපේ රටේ අභ්‍යන්තර ගුවන් සේවා අතරින් කොළඹ සහ යාපනය අතර ගුවන් සේවාව ආරම්භ කර ඇත්තේ රටේ නිදහසටත් පෙරදීය. එදා ඇරඹෙන මේ ගුවන් සේවය නවසිය අසූව මැද භාගය දක්වාම හොඳින් ක්‍රියාත්මක විය. පසුව වර්ගවාදී යුද්‍්ධය හේතුකොටගෙන වසර ගණනාවක්ම මේ ගුවන් සේවය අක්‍රිය විය. මුල් කාලයේ මේ ගුවන් සේවාව සතියකට දින හතරක් ක්‍රියාත්මක වූ අතර, මුල් කාලයේ […]

මේක භයානකයි

දේශීය සිනමාවේ සියලුම ජනප්‍රිය හා ආදායම් වාර්තාවල හිමිකරුවා ඔහුය. සිනමාව වෙනුවෙන් වැඩිම අන්තර් ජාතික සම්මාන සංඛ්‍යාවක් ඇති ලාංකික සිනමාකරුවා ඔහුය. ලක්ෂ 40 ට අධික ප්‍රේක්ෂක සංඛ්‍යාවකට හිමිකම් කියන එකම සිනමා කරුවා ද ඔහුය. අලුත් චිත්‍රපටයක් එළිදක්වන තුරු දිවයින පුරා අති බහුතරයක් ප්‍රේක්ෂක ජනතාව සහ සිනමා ශාලා හිමියන් නොඉවසිල්ලෙන් බලා සිටින්නේ නම් ඒ ඔහුගේ චිත්‍රපටයක් එන […]

සිරගෙදරින් ආ විජය මැලවුණු මුහුණකින්

ගාමිණී – මාලිනී යුගයක් තිබිණ. ඉන්පසුව ආවේ විජය – මාලිනී යුගයයි. විජය – මාලිනී පෙම්වතුන් ලෙස රඟපෑ චිත්‍රපට බෙහෙවින් ආකර්ෂණය දිනාගත්තේය. තුෂාරා, සංගීතා, මේ දෑස කුමටද? උදාහරණ කීපයක් පමණි. පසු කාලයකදී ගාමිණී – මාලිනී එකට චිත්‍රපටවල රඟ නොපෑහ. මේ නොහොඳ නෝක්කාඩුවලට විවිධ හේතු බලපෑවේය. මුල් කාලයේ ගාමිණී, විජය, මාලිනී හතර දෙනාම සූරයෝ, සැණකෙළිය ආදී චිත්‍රපටවල […]

කැමති දේ හොයන පාරිභෝගිකයෝ

තමන් කැමති දේ අනිකාටත් නිර්දේශ කිරීම මිනිස් ස්වභාවයයි. මම අහවල් කඩේ කෑම ගත්තා, හරිම රසයි. මම අහවල් පන්තිවලට ගියා, ඒ නිසයි විභාගෙ සමත් වුණේ. මම අහවල් දොස්තර ළඟට ගියාට පස්සෙ තමයි මෙච්චර කාලයක් විඳවපු ලෙඩේ හොඳ වුණේ. මෙයාකාරයෙන් අපිට හරි ගිය අනේක විධ දේවල් ගැන අනුන්ට පැවසීම නිරන්තරයෙන් අප අතින් සිද්ධ වෙන්නකි. සමහර අවස්ථාවකදී ඒ […]

කපිතාන් ටොම්ගේ අරමුදල පවුම් මිලියන 17ක් දක්වා තර වෙයි

කොරෝනාවට එරෙහිව සටනේ නිරතව සිටින බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවකයන් උදෙසා අරමුදලක් පිහිටවූ 99 හැවිරිදි කපිතාන් ටොම් මූර්ගේ උත්සාහය තව තවත් සාර්ථක වෙමින් මේ වනවිට එම අරමුදල පවුම් මිලියන 17ක් දක්වා තර වී ඇතැයි වාර්තා වෙයි. දෙවැනි ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය හමුදා කපිතාන්වරයෙකු ලෙස කටයුතු කළ ටොම් මූර් විසින් කොරෝනා වෛරසයට එරෙහි සටනේ නිරත එරට වෛද්‍යවරුන්, හෙදියන් […]

සිංහයන් එක්කත් යාළු සත්තුන්ගේ දොස්තර

මහ කැලෑවක සතුන් මැද්දේ ජීවත්වෙන්නට ලැබුණොත් එය බොහෝ දෙනකුට ඉතාමත් බියකරු අත්දැකීමක් වනු ඇත. ඒත් එය සුන්දරත්වයක් කරගෙන ජීවිතයේ සතුට කරගත්තෝ ලංකාවේත් සිටිති. පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණත් එවන් අයෙකි. ඒත් ඔහු සතුටෙනි. අක්කර පන්සීයක කැලෑවක් මැද්දේ සිංහ, කොටි, අලි, වලස්සු අැතුළු සතුන් හාර පන්සීයක් මැද්දේ ගෙවන ජීවිතය ගැන ඔහු සිටින්නේ සතුටෙනි. ඊටත් වඩා ඒ සිංහයන් […]

මට සාමාන්‍යයෙන් ෆෝන් එක නැතිව ඉන්න පුළුවන්

1.අසේකා නිතරම හෑන්ඩ්බෑග් පාවිච්චි කරනවා ද ? ඔව්. හෑන්ඩ්බෑග්වලට සහ සපත්තුවලට ලොකු කැමැත්තක් තියෙනවා. මං සාමාන්‍යයෙන් නිතරම මගේ බඩුබාහිරාදිය යන තැන්වල අමතක කරලා එන කෙනෙක්. ඒ නිසා හෑන්ඩ්බෑග් එක මට නිතරම අවශ්‍ය වෙනවා. 2.සාමාන්‍යයෙන් අසේකාගේ හෑන්ඩ්බෑග් එකේ තියෙන දේවල් මොනවා ද ? මගේ පර්ස් එක, සන්ග්ලාසස්, ෆර්පියුම්, බොඩි ස්ප්‍රේ, මින්ට්, පොඩි පෑන් එකක්, හෑන්ඩ් ෆ්‍රී […]

අපේ ජපන් ගෙවිලිය

ඒ සකුරාමල් හිනැහෙන වසන්තයයි. එම කාලයට මුළු ජපානයම අමුතු සිරියාවකින් යුතුය. ඉගෙනුමට ජපානයට ගිය උදාරාද මේ ලස්සන හදවතින් අත්වින්දාය. ඇය සරසවියේ සකුරා මල් ඉහිරුණු පාර දිගේ ඇවිද්දේ තමන්ට පහදාගත නොහැකි අපූර්ව හැඟුමක් හිතට දැනෙද්දීය. උදාරා ජපානයේ හකු​හෝ තන්කි දයිගකු විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේ 2006 වසරේදීයි. ඒ සංචාරක කළමනාකරණ පාඨමාලාවක් හැදෑරීම සඳහායි. උදාරාට ඒ වන විටත් ජපන් […]