නව කතා ‌/ ‌කෙටි කතා / විවිධ

බුදුරදුන්ගේ මංගල ධර්ම දේශනාව

බරණැස ඉසිපතන නම් වූ මිගද‌ායෙහි දී ඇසළ පුර පසළොස්වක පොහොය දිනෙක බුදුරජාණන් වහන්සේ පස්වග භික්ෂුන් වහන්සේ උදෙසා ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළ සේක. එය උන්වහන්සේගේ මංගල ධර්ම දේශනාවයි. මේ එහි සම්පූර්ණ සිංහල අනුවාදයයි. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක් හි භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර මුවන්ට අභය ද‌ානය කළ හෙයින් ‘මිගද‌ාය’ නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩ වාසය […]

හිට්ලර්ගේ ප්‍රසිද්ධම කමාන්ඩෝ නිලධාරියා- ඔටෝ ස්කෝර්ට්සෙනි

දෙවන ලෝක යුධ සමයේ දී සෑම ප්‍රධාන රටක්ම පාහේ විශේෂ මෙහෙයුම්වල නිරත වුණා. මෙම මෙහෙයුම් සමහරක් පසු කලෙක දී ඉතා ප්‍රසිද්ධ වූ අතර, ඒවාට සහභාගී වූවන් සමහරෙක් ද ඒ හේතුවෙන් ම ප්‍රකට චරිත බවට පත් වුණා. මේ අය අතර ප්‍රකටම තැනැත්තෙකු ලෙස අවිවාදයෙන්ම සැලකිය හැක්කේ ජර්මන් එස්.එස්. බලකායේ නිලධාරියකු වූ ඔටෝ ස්කෝර්ට්සෙනි යි. කියවන්න​: හිට්ලර්ගේ පරමාණු […]

සෝවියට් හමුදාවන්ගේ ඔඩෙස්සා නගරය රැකගැනීමේ සටන​

දෙවන ලෝක යුධ සමයේ ජර්මනිය විසින් සෝවියට් දේශය ආක්‍රමණය කරන ලද්දේ 1941 ජූනි 22 වන දා යි. බාබරෝසා මෙහෙයුම නමින් හඳුන්වන ලද එම මෙහෙයුම ලෝක ඉතිහාසයේ දැවැන්තම යුධ මෙහෙයුමයැ  යි සැලකෙනවා. බාබරෝසා මෙහෙයුම ආරම්භ කළ පසු, හිට්ලර් තුළ වූ එක් බියක් වූයේ ක්‍රිමියාවේ සිටින සෝවියට් ගුවන් හමුදාව විසින් රුමේනියාවේ තෙල් ළිං වෙත පහර දෙනු ඇත […]

ට්‍රැක්ටරයකින් පටන්ගත් ලැම්බෝගිනි සමාගම

ලෝකයේ මෝටර් රථ නිෂ්පාදන අතරින් අතිසුඛෝපභෝගී මෝටර් රථ නිෂ්පාදනයක් ලෙස ‘‘ලැබ්බෝගිනි’’ මෝටර් රථ නාමය නම් කළ හැකිය. ලැබ්බෝගිනි යන නාමය සඳහන් කළ විගස සිහිපත්වන්නේ, ධනවතුන්ය. නො​එසේ නම් ප්‍රභූන්ය. අපේ රටේ නම් ලැබ්බෝගිනි නාමය වඩා ප්‍රකට වූයේ දේශපාලන ක්ෂේත්‍රයේදී එය කතාබහට​ ලක්වූ බැවිනි. ලැම්බෝගිනි යන නාමය කියූ විගස ප්‍රභූන් සහ ධනවතුන්ගේ නම් කියැවෙන්නේ වෙන කිසිවක් නිසා […]

දෙවන ලෝක යුධ සමයේදී කොළඹට එල්ල වූ ජපන් ගුවන් ප්‍රහාරය

ජපානය විසින් පර්ල් වරායට බෝම්බ එල්ල කිරීමෙන් අනතුරුව ඔවුන්ගෙ ඊළග ඉලක්කය වන්නේ දකුණු ආසියාව බව මිත්‍ර පාර්ශවය විසින් අනුමාන කරනවා. ඊට හේතුව වන්නේ ඔවුන් විසින් ඒ වන විටත් ඉන්දියන් සාගරයේ බටහිර දෙසට​ තම අණසක පැතිරවීමයි. අනුමානය සත්‍ය බව පසක් කරමින් ඊට දින 119කට පසු ජපන් ගුවන් හමුදාව විසින් කොළඹට ප්‍රහාරයක් එල්ල කරනවා. ඉතින් අද ලිපියෙන් […]

සියවස් දෙකක් පැරණි රොබින්සන් අන්දරය

1990 දශකයේ උපන් අයගේ ප්‍රියතම රූපවාහිනී මාලා නාටක අතරේ ජාතික රූපවාහිනීයේ විකාශනය වූ ‘රොබින්සන් අන්දරය’ ඉහළින් ම සඳහන් වෙන බවට සැකයක් නැහැ. අර්නස්ට්ගේ කඩවසම් රූපය, ක්‍රිස්ටිනාගේ හුරතල් කතාබහ වගේ ම රොබින්සන් පවුලේ උදවියට පාසන්ස් කරපු දුෂ්ටකම් අමතක අය ඉන්නවා නම් ඒ අතළොස්සක් පමණ යි. ජාතික රූපවාහිනියට ස්තූතිවන්ත වෙන්න ශ්‍රී ලංකික රසිකයන්ට සමීප වූ රොබින්සන් පවුලේ […]

චරිතෙට සෙට් වුණේ නැතිනම් අත්හැරල දානවා

කූඹියෝ නාට්‍යයෙහි ප්‍රියන්ත මහඋල්පත ලෙසින් අතිශය ජනාදරයට ලක්වූ කලණ ගුණසේකර, වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය සහ චිත‍්‍රපට නළුවෙක්, ඒ වගේම තිර රචකයෙක්, කෙටි චිත‍්‍රපටකරුවෙක්, වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්. ඒ විතරක් නෙවෙයි රංගනය උගන්වන ගුරුවරයෙක්… ඔහුගේ පිටපතකට ඔහුගේම රංගනය එක්වූ අපූරු සිනමා නිර්මාණය සූස්ති… තාමත් ප්‍රියන්ත මහඋල්පතගම ට ප්‍රතිචාර තියෙනවා නේද? ඇත්තටම කලණ ගුණසේකර ට වඩා ප්‍රියන්ත මහඋල්පතගම […]

සෝමරත්නගේ Under pant ප්‍රදර්ශනයට සූදානම්

සිනමාව විවිධ අංශ යටතේ වර්ගීකරණය කළ හැක. ඒ අතුරින් පවුලේ චිත්‍රපටවලට ප්‍රමුඛස්ථානයක් හිමිවේ. ශ්‍රී ලංකාවේ පවුලේ චිත්‍රපට කියූ සැණින් සිහිවන්නේ සෝමරත්න දිසානායකවයි. සමහරු පවසන්නේ සෝමරත්න හා රේණුකා පවුල හා ළමා පරපුර මාකට් කර මුදල් උපයන බවයි. මෙය සත්‍යයක් නොවන බව ඔප්පු කරමින් සෝමරත්න දිසානායක අපූර්ව චිත්‍රපටයක් නිර්මාණය කර ඇත. Under Pant thief නම් වූ අපූර්ව […]

හතලිස් දෙවසරක් ලිබියාව පාලනය කළ මුවම්මර් ගඩාෆි

2010 අග භාගයේ ටියුනීසියාවෙන් ආරම්භ වූ අරාබි වසන්තය නමින් නම් කෙරුණ විරෝධතා රැල්ල හේතුවෙන් බලය අහිමි වූ පාලකයන් අතර දීර්ඝතම කාලයක් සිය රට පාලනය කළ පුද්ගලයා වූයේ ලිබියාවේ මුවම්මර් ගඩාෆි ය​. 1969 දී බලයට පත් වූ හෙතෙම 2011 ඔක්තෝබරයේදී විරුද්ධවාදීන් විසින් අල්ලාගෙන මරා දමනු ලැබුණා. සමහරක් දෙනාට ගඩාෆි යනු අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් කළ වීරයකු වන අතර […]

නොබෙල් සම්මාන ලත් ඇමරිකානු ජනපති – තියඩෝර් රූස්වෙල්ට්

ලෝකයේ බලවතා ලෙස සැලකෙන ඇමරිකාවේ රාජ්‍ය නායකයා බවට පත්වීම එතරම් ලෙහෙසි කාර්යයක් නොවේ. ලෝක බලවතාගේ ජනපති බවට පත් වූ පුද්ගලයින් අතරින් සුවිශේෂී පුද්ගලයෙක් ලෙස තියඩෝර් රූස්වෙල්ට් මහතා දැක්විය හැක. පාරිසරික ක්‍රියාකාරිකයෙකු, යුද හමුදා නායකයෙකු, අග්‍ර ආණ්ඩුකාරවරයෙකු හා ඇමරිකානු ජනපති ලෙස ක්‍රියා කල මොහු ලෝකයේ වැඩිපුරම ප්‍රසිද්ධියට පත් වුයේ ඔහු විදේශිකයන් කෙරේ අනුගමනය කළ විදේශ ප්‍රතිපත්ති, […]

යුධ-බියෙන් පිඩාවට පත්වුණු සුන්දර කාශ්මීරය

කසී සලු කියාල ජාතියක් අපි අහල තිබෙනවා. කාශ්මීරය අදටත් සේද රෙදි වලට ප්‍රසිද්ධයි. කසී රට කියලා එදවස හඳුන්වා තිබෙන්නේ කාශ්මීරයයි කියලා මතයක් තිබෙනවා. බුදුන් වැඩ විසූ රාජගහනුවර පාඨලීපුත්‍රය වාරණාසී ප්‍රදේශ වලින් පසුකාලීනව බුදු දහම උතුරු ඉන්දියාවේ කාශ්මීර කොටස් කරා පැතිරෙනවා. රාජගහ නුවර, වෛශාලිය පාඨලීපුත්‍ර කියන නගර වල පිලිවෙලින් ‍පළමු දෙවන තුන්වන ධර්ම සංගායනවන් පැවැත්වෙනවා. සාර්වස්ථිවාදය […]

රෝම අධිරාජ්‍යයේ විශේෂ බලකාය – ප්‍රිටෝරියානු ආරක්ෂක හමුදාව

රෝම අධිරාජ්‍යයෙහි හොඳම සෙබලුන්ගෙන් සමන්විත වූ ප්‍රිටෝරියානු ආරක්ෂක හමුදාව අධිරාජ්‍යයාගේ පුද්ගලික ආරක්ෂාව පිණිස කටයුතු කළ බලකාය යි. අධිරාජ සමය ඇරඹීමට ද පෙර කාලය තෙක් මෙහි ඉතිහාසය දිවෙන අතර පසු කලෙක මෙම බලකාය රෝමයේ ඉතා ප්‍රබල සංවිධානයක් බවට පත් වුණා. ඇතැම් අධිරාජයින් එහි බලය සීමා කරන්නත් උත්සාහ කළා. අවසානයේ දී එක් ප්‍රබල අධිරාජයකු ප්‍රිටෝරියානු හමුදාවේ බලය […]

බෞද්ධ ආභාෂයෙන් හැඩවුණු පාකිස්ථානු කඳුකර රූමතිය – ස්වාත්

පාකිස්ථානය සාමාන්‍යයෙන් සැලකෙන්නේ මදක් වියළි පැත්තට බර, උණුසුම් දේශගුණයක් සහිත රටක් හැටියටයි. පාකිස්ථානයේ බොහෝ ප්‍රදේශ සම්බන්ධයෙන් මෙය සත්‍ය වුණත් එහි උතුරු පෙදෙසට යන විට හමු වන “ඛයිබර් පක්තුන්ක්වා” ප්‍රාන්තයේ නම් තිබෙන්නේ ඊට වඩා සෞම්‍ය කාලගුණයක්. ඓතිහාසික පේෂාවර් නගරය අගනගරය වන මෙම ප්‍රාන්තයේ සෞම්‍ය දේශගුණයට හේතුව ලෙස කර්කටක නිවර්තනයට ඉහළින් පිහිටීමත්, හිමාල කඳු පන්තියේ කෙළවරක් මෙයට […]

ඔබේ කෙස් කළඹ රැකගැනීමට ඔබ උත්සාහ කලයුත්තේ ඇයි?

මෙය කීමට තරම් දෙයක් දැයි ඔබ සිතනවා විය හැක, එහෙත් ඕනෑම ශ්‍රී ලාංකීය ගැහැණු ළමයෙකු ගෙන් අසා බලන්න, කෙස් කළඹ ගැන වද වෙවී සිටිනවාට වඩා කරන්නට වෙන වැඩ ඕනෑතරම් තිබෙන බව ඇය පවසනු නියතය. මෙසේ වීමට ප්‍රධානතම හේතුවක් වන්නේ කුඩා කල පටන් පුරුදු වී ඇති සුපුරුදු පෝනිටෙයිල් එකට හෝ කොණ්ඩා ගෙඩිය ට වඩා අමතර යමක් […]

පාට කිරීම විනෝදාංශයක් කරගැනීමෙන් ජීවිතයට ලැබෙන වාසි..

පාට කරනවා කියන එක ඇත්තටම මනසට හොඳ ප්‍රතිකාරයක්. මෙය මනෝරෝග චිකිත්සකයින් පවා යොදාගන්න එක ප්‍රතිකාර ක්‍රමයක්. කලාව පුරුදු වෙන එක එහෙමත් නැත්තම් පාට කරන්න පුරුදුවෙන එක ඇත්තටම අපිට අපේ ජීවිතයට ලොකු ප්‍රතිලාභයක් අත්කර දෙනවා. දැන් කට්ටිට හිතයි අප්පෝ පිස්සුද පාට කරන්නේ පොඩි අයනේ ලොකු අය පොඩි උන් කරන දේවල් කරනවද කියලා. ඇත්තටම පාට කරනවා කියන […]

ලංකාවට ප්‍රතිලාභ රැසක් ලැබුණු “කොළඹ ක්‍රමය

1948 වසරේ ලංකාව නිදහස ලබාගැනීමෙන් පසුව පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකු බවට පත් වුණා. එම අවධියේ ලංකාවේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජූනියස් රිචඩ් ජයවර්ධන බටහිර රටවල්වලින් ආධාර ලබාගන්නා ක්‍රමයක් ගැන කල්පනා කළා. ඒ අනුව ඔහු 1949 වසරේ දී ලංඩන් නුවර දී පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල්වල මුදල් ඇමතිවරුන්ගේ සමුළුවේ දී කරන ලද යෝජනාවක් කොළඹ ක්‍රමය ආරම්භ කිරීමට […]

පාවහන් රහිතව ඔලිම්පික් රන් පදක්කම දිනූ ඉතියෝපියානුවා – අබිබේ බිකිලා

1960 රෝම ඔලිම්පික් උළෙලේ දී පළමු වරට පාවහන් නොමැති ව ඔලිම්පික් මැරතන් තරගයට සහභාගී වූ ඉතියෝපියානුවෙක් තම රට රනින් සැරසීමට සමත් වෙනවා. ඒ ඔලිම්පික් වාර්තාවක් හා නව ලෝක වාර්තාවක් පිහිටුවමින්. මුළු මහත් අප්‍රිකානු කල්ලන්ට විශාල ගෞරවයක් එකතු කළ කළු කෙසඟ ධාවකයා වෙන කිසිවෙකුත් නොව ඉතියෝපියානු අබිබේ බිකිලා යි. මැරතන් තරග ඉසව්වෙන් පළමුවරට ඔලිම්පික් රන් පදක්කම් […]

ලොව එකම කුරු අලියා ඉන්නේ උඩවලවේ

සජීවීව දැකගත හැකි දැනට ලෝකයේ වෙසෙන එකම කුරු අලියා ලෙස සැලකෙන්නේ වලවේ කොටාය. 2013 වසරේ උඩවලව වනෝද්‍යානයෙන් මුල් වරට දැකගන්නට ලැබුණු මෙම සත්ත්වයාගේ උස අඩි හතරකි. වලවේ කොටා ජාන විකෘතියක් නිසා කුරු වූ අලියෙකි. එම කුරු තත්ත්වය disproportionate dwarfism ලෙස හඳුන්වන අතර එහිදී ශරීරාංගවල අසමාන බවක් තිබේ. ශරීරයේ අනෙකුත් කොටස්වලට වඩා අත් පා කෙටිය. සිරිපාදය,​ […]

GSP ප්ලස් හා ශ්‍රී ලංකාව

GSP ප්ලස් බදු සහනය 2023 වර්ෂය දක්වා ශ්‍රී ලංකාවට ලබා දීමට යුරෝපා සංගමය අදහස් කරන බව එම සංගමයේ ශ්‍රී ලංකා හා මාලදිවයින් නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය සභාපති, දේශපාලන, වෙළඳ හා සන්නිවේදන ප්‍රධානී තොර්ස්ටර්න් බර්ග්ෆ්‍රීඩ් පසුගිය දිනෙක සඳහන් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් යුරෝපා සංගමය වෙත අපනයනය කෙරන භාණ්ඩ සඳහා GSP ප්ලස් බදු සහනය 2023 වර්ෂය […]

මන්දගාමී අලසයා : ස්ලොත්

සත්ව ලෝකය හරිම අපූරුයි; විවිධාකාරයි. ඒ වගේම හරිම සුන්දරයි; විස්මය ජනකයි. ලොව පුරා සිටින දහස් සංඛ්‍යාත සත්ව වර්ග එකිනෙකාට වෙනස් වූ සුවිශේෂ ලක්ෂණ පෙන්නුම් කරන අතර මේ ලක්ෂණ ඇතැම් ඒවා හරිම පුදුමාකාරයි. මෙයට සත්ව ලෝකයේ ඒ ඒ සතුන් අතර දක්නට ලැබෙන විවිධ චර්යා රටා, ගති ලක්ෂණ උනත් ඇතුලත්. ලෝකයේ සිටින සත්ව වර්ග, ඔවුනොවුන්ට ආවේනික හැකියාවන්, […]

සටන් නොකර සටන් කිරීමේ කලාවක් හදුන්වා දුන් බෲස් ලී

සටන් කලාවේ (Martial Arts) පැවැත්ම උදෙසා ඒ වෙනුවෙන් මෙහෙවරක් කල පුද්ගලයින් අතරින් බෲස් ලීට හිමි වන්නේ අද්විතීය ස්ථානයක්. ඔහුට සටන් කලාවේ අද්විතීය ස්ථානයක් හිමි වන්නේ ඔහුටම ආවේණික ශක්‍යතාවයන් නිසාය. Jun Fan Gung Fu හෙවත් “බෲස් ලී ගේ කුංග් ෆූ” ලෙස තමන්ටම ආවේණික වූ ආකාරයට නව සටන් කලාවක් හඳුන්වා දෙමින් ඉන් නොනැවතී එම සටන් කලාව වැඩි […]

කතරගම දෙවියෝ ගරාජ් බාසුන්නැහැ කෙනෙක්ද

අලුතින් වාහනයක් ගත්තහම බොහෝ දෙනෙක් මුලින්ම යන්නේ කතරගම. එහෙමත් නැත්නම් වෙන මොනයම් හෝ දේවාලයකට. බාරහාර වෙලා පඬුරක් එහෙම ගැට ගහලා වාහනයට දෙවියන්ගේ ආරක්ෂාව ඉල්ලනවා. දෙවිවරුන්ට පුළුවන්ද එහෙම වාහන ආරක්ෂා කරන්න? අලුතින්ම වාහනයක් ගත්තත්, පරණ වාහනයක් අලුතෙන් ගත්තත් මුලින්ම යන්න ඕන තැනක් තියෙනවා. කතරගම වුණත් කමක් නැහැ. මඩකලපුව, යාපනේ වුණත් කමක් නැහැ. මුලින්ම යන්න ඕන අන්න […]

මුහුදු තුනක් එක් කරන කන්‍යා කුමාරි

ලෝක සිතියමේ ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් පිහිටා ඇති ආකාරය ඔබට සිතින් මවා ගනු හැකි වෙතැයි සිතමි. ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ තුඩක් වැනි කොටසට යටින් ශ්‍රී ලංකාව කුඩාවට දැකිය හැකියි. රටවල් දෙක වෙන් වන්නේ ඉන්දියානු සාගරයෙනි.    එම තුඩ වැනි කොටස ඇතැමුන් හඳුන්වන්නේ සදර්න් ටිප් ඔෆ් ඉන්දියා යනුවෙනි. එහි සරළ අරුත ‘ඉන්දියාවේ දකුණු තුඩ’ යන්න ලෙස ගත හැකිය. […]

එදා ඉමියු, අද ඔටුවන්. හෙට

මේ දිනවල ඕස්ට්‍රේලියාවේ වනාන්තරවල පැතීරී යන ලැව්ගිනි ගැන අසා ලාංකික අපි කම්පාවට පත් වීමු. ඒ ලැව්ගිනිවලට මැදි වූ සතුන් බේරා ගැනීමට ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරිපත් වූ ගිනි නිවන භටයින්ට අපි ගෞරව පුද කළෙමු. ඒ අතර, සතෙකු බේරා ගැනීමට ලැජ්ජාව මඳකට අමතක කොට තම උඩු ඇදුම් ගලවා, සතා ඒ ඇඳුමින් ඔතා අල්ලා ගෙන ගිය කාන්තාවගේ මනුස්සකම අපි […]

කැලණි පුදබිම බොදු ජනයාට රැකදුන් හෙලේනා විජයවර්ධන ළමාතැනිය

කැලණිය තරම් පැරණි ඉතිහාසයක් ඇති නගරයක් මෙරට ඇතිදැයි සිතෙන තරමට එහි ඉතිහාසය අතීතයට දිවයයි. බෝසතුන් බුදුබව ලබන්නට පෙරුම් පුරන අවදිය දක්වාම කැලණියේ ඉතිහාසය දිගු බව සනාථ කරන්නේ පන්සිය පනස් ජාතක පොතෙහි ‘‘වලාහස්ස’’ ජාතක කතාවේද කැලණිය පිළිබඳව සඳහන් වන නිසාය. පුරාණ​යේ කැලණිය තම රාජධානිය කරගත්තේ විභීෂණය. රාමායණයේ සඳහන් වන පරිදි රාම – රාවණා යුද්ධයේදී සොයුරු රාවණා […]

බැසිල්ගේ කැමැත්ත

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (පොහොට්ටුවේ) නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහා මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ප්‍රථම වරට පසුගිය බදාදා මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී විය. බැසිල් පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා ද වෙයි. මැතිවරණ සංවිධාන කටයුතු හේතුවෙන් පසුගිය සති කිහිපයම දැඩි කාර්යබහුල තත්ත්වයකින් පසුවීම හේතුවෙන් ඔහු මාධ්‍යවල පවා දැකගත හැකි නොවීය. මැතිවරණයේදී පොහොට්ටුව ඉතා විශාල ජයග්‍රහණයක් ලබනු ඇතැයි දැඩි […]

ඉස්සර පොත් හොරකම් කළේ කඩෙන් දැන් අන්තර්ජාලයෙන්

ඕනෑම පොතක් පෙරළුෑ කල එහි දෙවැනි පිටුවේ සියලුම හිමිකම් ඇවිරිණි යටතේ වගන්තියක් සඳහන් වෙයි. ඒ, ප්‍රකාශකගේ නිසි අවසරයකින් තොරව මෙම ග්‍රන්ථය සම්පූර්ණයෙන්ම හෝ එහි කොටසක් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික් ආදී කවර මාධ්‍යයකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හා ව්‍යාජ ලෙස සැකසූ පිටපත් අලෙවි කිරීම, බෙදාහැරීම සම්පූර්ණයෙන්ම තහනම් වේ යන්නය. […]

නළුවෙක් වෙන්න කලින් ගායකයෙක්

නළුවෙක් වෙන්න කලින් ගායකයෙක් ජීවත් වෙන්න ආසාවක් තියෙන්නේ මේ කලාව නිසා පොඩි අයියා කිව්වේ කලාව හරියන්නේ නැහැ ඉගෙන ඉන්න කියලා චන්ද්‍රසෝම බිංදුහේවා උපන් ගමනේ ලද ආභාසය එකතු කරන් පාසල් වේදිකාවෙන් ලද පන්නරයත් එක්ක වේදිකාවට පැමිණ, ඉන් පසු සිනමාව මෙන්ම පුංචි තිරය හරහා අපට සමීප වන චන්ද්‍රසෝම බිංදුහේවා මහතාගේ ආ ගමන් මගයි අද පිනිපලස පළමු පියවර […]

ලංකාවේ විදේශ ආකර්ශණ දිනාගත් සුන්දරම වෙරළ තීරයන්

සුන්දර ස්ථාන වලින් පිරිලා තියන ලංකාව ඈත අතීතයේ ඉදන්ම මුළු ලෝකයේම ආකර්ශණය දිනාගත් සුරපුරක්. ලංකාවට විදෙස් සංචාරකයින්ගේ ආකරශණ ලැබෙන්න ප්‍රධානම හේතුව තමයි අපේ රටේ පිහිටා තිබෙන ලස්සනම ලස්සන වෙරළ තීරයන්. ලංකාවේ සමහර අය දන්නෙත් නැහැ මෙච්චර ලස්සන මුහුදු වෙරළවල් තියනවා කියලවත්. ඉතිං අද කියනනේ මේ පුංචි මුතු ඇටේ තිබෙන සුන්දරම වෙරළවල් පහ ගැන විස්තර. නිලාවෙලි […]

කුඩ හොරාගෙන් ළමා සිත් වසඟ කළ ‘සිබිල්’

ළමා කථා ලෝකයේ ඔටුනු පලන් රැජින, සේම ලෝක ප්‍රසිද්ධ ළමා කථා සිත්තරාවිය ලෙස සිය වසකට ආසන්න කාලයක් තිස්සේ ළමා කථා සාහිත්‍යයට සහ චිත්‍ර කලාවට කළ අනුපමේය සේවය නිමා කරමින් සිබිල් වෙත්තසිංහ නම් මහා කලාකාරිනිය ඉකුත් 30 වැනිදා දැයෙන් සමු​ගත්තාය. සිබිල් නැන්දා ලෙස ළමුන් අතර මෙන්ම වැඩිහිටියන් අතර ද ජනප්‍රිය වූ අපූර්වතම මිත්තනියක වූවාය. ලෝක ප්‍රසිද්ධ […]

මුස්ලිම් අන්තවාදීන් පිළිබඳව ඥ‌ානසාර හිමිගේ හෙළිදරව්ව

ශ්‍රී ලංකාව තුළ මේ වන විටත් ක්‍රියාත්මක මුස්ලිම් අන්තවාදී සංවිධාන 43ක් පවතින බවත් ඉන් හතරක් ප්‍රධාන පාර්ශ්ව වශයෙන් කටයුතු කරන බවත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවසූහ. ඉස්ලාම් අන්තවාදී මතවාද දරන ප්‍රධාන පාර්ශ්ව හතරක් වන තබ්ලික් ජමාත් මතවාදය, වහාබ් වාදය, සලෆි […]

පෘථිවියට සමාන ‍තවත් ලොවක්

අපගේ හිරු එසේත් නැතිනම් සූර්යයා තරුවකි. පෘථිවියේ ජීවය රැඳී පවතින්නේ හිරු නිසාය. අපගේ හිරුට සමාන ආකාරයේ තරුවකින් ආලෝකමත් වන පෘථිවියට සමාන ග්‍රහලොවක් ගැන හෝඩුවාවක්, කොරෝනා ජරමර මැද පසුගිය දා අසන්න ලැබුණි. ජීවත් වීමට සුදුසු සාධක ඇතැයි විශ්වාස කෙරෙන මෙම ග්‍රහලොව පිහිටා ඇත්තේ අප සෞරග්‍රහ මණ්ඩලයට එපිටින් මන්දාකිනියකය.    තාරකා විද්‍යාඥයන් මෙම නව ග්‍රහයා නම් කර […]

ඈවරයි කීවාට ඈවර නැති ඡන්ද පෝස්ටර් යුද්දේ

මැතිවරණ කොමිසම පෝස්ටර් ගැසීම නීති විරෝධී යැයි කොතරම් කීවත් නැවත පෝස්ටර් යුද්ධයක් ආරම්භ වී තිබේ. ටීවී එකේ දැන්වීම් දැම්මත් රේඩියෝ එකේ දැන්වීම් දැම්මත් FB එකේ දැන්වීම් දැම්මත් අපේ ජනතාවගෙන් ඈත් නොවුණ ප්‍රචාරක මාධ්‍යයක් නම් පෝස්ටරයයි. ගමක, ටවුමක ප්‍රශ්නයක් ඇති වූ විට යම් පුද්ගලයකුට ගහන්නේ ‘කැලෑ පත්තර’ ය. ඒවාත් පෝස්ටර් ලෙස ඇලෙව්වත් ඒවාට ‘කැලෑ පෝස්ටර්’ කියන්නේ […]

ප්‍රේමදාස ජෝතිපාලව පැහැරගෙන යයි

ඒ, එච්.ආර්. ජෝතිපාල ගායකයාණන්ගේ උපන් දිනය වෙනුවෙන් පෙබරවාරි 12 වැනිදා පැවැත් වුණ උත්සවයකි. උත්සවය පැවැත් වුණේ ටවර් රඟහලේය. උත්සවයේ කතිකයා වූයේ කැලුම් ශ්‍රීමාල්ය. ‘‘විජය කුමාරතුංග චිත්‍රපටයක් නිෂ්පාදනය කළා, ඒකේ සින්දු කියන්න කීයක් ගන්නවාද කියලා විජය ඇහුවා ජෝතිපාලගෙන්. ජෝතිපාලට කොච්චර කේන්ති ගියාද කිව්වොත් විජේට කම්මුලට ගැහුවා. ඒ ගහපු පාරේ සැරට විජේගේ මූණේ ජෝතිපාලගේ ඇඟිලි පහම හිටියා.’’ […]

හාර ලක්ෂය’ට පාර කැපූ ටර්ෆ් කලබ් මංකොල්ලය

ඔබ පැරණි සිංහල සිනමාපට නැරඹීමට කැමති රසිකයෙක් නම් ‘හාර ලක්ෂය’ සිනමාපටය නරඹා ඇති බවට සැකයක් නැහැ. මෙරට සිනමාවේ නිර්මාණය කෙරුණු මුල්ම සැබෑ ක්‍රියාදාම සිනමාපට කිහිපය අතර එයට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයක්. විශේෂත්වය වන්නේ මෙම සිනමාපටය නිර්මාණය කෙරුනේ සත්‍ය කතාවක් පදනම් කරගෙන වීමයි. එම සිනමාපටයට පදනම් වුනේ 1949 වසරේදී සිදු වූ සුප්‍රකට ටර්ෆ් ක්ලබ් මංකොල්ලයේ කතා […]

භව ගමනෙහි ස්වකර්ම ඵල විපාක ලබන්නේ තමන්මද

ත්වයා නම් කායික මානසික ධර්මතා සමූහයක සංකලනයකි. අප මරණය යැයි කියන්නේ ශරීරය සම්පූර්ණයෙන්ම නිෂ්ක්‍රීය වූ විටය. ශරීරය අක්‍රිය වූ පමණින් මේ ධර්මතාවල ශක්තින් නිෂ්ක්‍රීය නොවේ. මේ භව ගමනේ දී එම ශක්තීන් වෙනත් විවිධ ස්වරූපයන්ගෙන් පෙනී සිටින අතර එම සංසිද්ධිය පුනර්භවය හෙවත් ප්‍රතිසන්ධිය ලෙස හඳුන්වනු ලැබේ. මේ සංසිද්ධියට අදාළව සාකච්ඡාවට භාජනය වන ගැටලු දෙකක් පැන නගී. […]

මම ආස කළේ හෙදියක් වෙන්න

70 දශකයෙන් සිනමා ගමන ආරම්භ කරලා, ලාංකීය සිනමාව වර්ණවත් කළ නළු නිළි යුවළක් තමා රෝයි – සුමනා කියන්නේ. අද වෙද්දී රෝයි ද සිල්වා මහතා නම් සිනමා ගමනින් පමණක් නොව සිය ජීවන ගමනින්ද සමුගෙන වසරකුත් ඉක්ම ගිහින්. අද පිනිපලස “මගේ පළමු පියවර” ගැන සිහිපත් කරන්නේ සිංහල සිනමාවට අනුපමේය සේවාවක් කළ ප්‍රවීණ සිනමා නිළි සුමනා අමරසිංහ. මම […]

අනාගෙන කෑම

මේ පාර මහමැතිවරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව)ට කජු කෑමක් වැනි යැයි කීම බොරුවක් නොවේ. තවත් විදියකට කිව්වොත් යූ.එන්.පී. ප්‍රමුඛ යහපාලන හිටපු ආණ්ඩුව විසින් තම පාලන කාලය තුළදී ක්‍රමක්‍රමයෙන් සකස් කරන ලද බුෆේ කෑම මේසය භුක්ති විඳීම සඳහා රාජපක්ෂලාගේ පොහොට්ටුවට ලැබිය යුත්තේ ආරාධනාවක් පමණි. අගෝස්තු 05 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසුව නිකුත්වන ප්‍රතිඵල එම ආරාධනාව […]

ප්‍රසන්නලාගේ මෛත්‍රී විරෝධයට අමරවීරගෙන් උත්තර

චිකාගෝ පාතාලයට ගෝඨාභයගෙන් සැර පිළිතුරක් පීචං මන්ත්‍රීලා ගැන චන්ද්‍රිකා කී කතාව මංගල සජිත් පිලෙන් ගියේ ඇතුළෙ ගෝරි නිසාලු මනාප අංක ප්‍රදර්ශන තහනමට පක්ෂ නායක විරෝධය සම්පන්දන්ලා රජය සමඟ කතාවට ජනවරමක් පතයි කොරෝනා මර්දනය කළේ ඡන්ද කොමිසම යැයි ජ.වි.පෙ. කියයි මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සීමිත මට්ටමකින් ආරම්භ වුවද තවමත් දැඩි ඡන්ද උණුසුමක් දක්නට නැත. මහ මැතිවරණයට තවත් […]

උදේට වැඩිවෙන හවසට අඩුවෙන ලෙඩේ

වයසට යන විට සිරුරේ දැනෙන, විවිධ වේදනා බොහෝමයි. තුනටිය කැක්කුම ඒ අතර ප්‍රධානයි. ඒ සඳහා විවිධ හේතු තිබිය හැකියි. නමුත් බහුලවම දක්නට ලැබෙන උදේට දරන්න බැරි වේදනාවක් හටගෙන ටිකෙන් ටික අඩුවෙන තුනටියේ කැක්කුම වෛද්‍යවරු හඳුන්වන්නේ ‘’ස්පොන්ඩිලෝසිස්’ (Lumbar spondylosis), නැතිනම් කටී ප්‍රදේශයේ ස්පොන්ඩිලෝසිස් රෝගය හැටියටයි. අද අපි සොයා බලමු ඒ ගැන.  මොකක්ද මේ Lumber Spondylosis රෝග […]

කොමෝඩයෙනුත් මතුවන කොරෝනා මාරකේ

කොමෝඩය සහිත වැසිකිළි ‘Flush’ කිරීමේදී විසිරෙන ජල බිඳිති ඔස්සේ කොරෝනා වැනි වෛරස් ආසාදන පැතිර යා හැකි බවට චීන විද්‍යාඥයන් පිරිසක් පසුගිය සතියේ අනතුරු ඇඟවූහ. ඒ අනුව වැසිකිළිය ෆ්ලෂ් කිරීම මගින් වේගයෙන් පිටතට විසිරී යන ජල බිඳිති මගින් කෝවිඩ්-19 ට හේතුවන කොරෝනා වෛරසය ද ඍජුව අදාළ පුද්ගලයාගේ මුහුණ වෙත මුදාහරින බව ඔවුන් කළ පර්යේෂණ මගින් හඳුනාගෙන […]

ලොව පැරණිම බයිබලය අලුතින් කියවයි!

විසිවැනි සියවසේ සිදුකළ සුවිශේෂීතම සොයාගැනීමක් වූ ‘මළමහුදේ අත්පිටපත්’ හෙවත් ‘dead sea scrolls’ පිළිබඳ නවතම සොයාගැනීමක් මීට සති දෙකකට පමණ ඉහතදී සිදුකෙරිණි. එහෙයින් එම ‘ඓතිහාසික අත්පිටපත්’ වල වටිනාකම දෙගුණ තෙගුණ වූයේ යැයි කිව හැකි අතර මේ ඒ පිළිබඳ විමසා බැලීමකි. ‘මළමහුදේ අත්පිටපත්’ හෙවත් ‘dead sea scrolls’ යනුවෙන් හැඳින්වෙන්නේ මළමුහුද අසල ඇති කුම්රාන් ගුහා සංකීර්ණයකින් සොයාගත්, ‘සම් […]

මැතිවරණ කොමිසමට විරෝධය

මැතිවරණ කොමිසමට නැවතත් දේශපාලනඥයන්ගෙන් දොස් අසන්නට සිදුවී තිබේ. මැතිවරණ කාර්යාලවල අපේක්ෂකයන්ගේ ඡායාරූප සහ මනාප අංක ප්‍රදර්ශනයට අවසර නොදීම නිසා මැතිවරණ කොමිසම විවේචනය කිරීමට දේශපාලනඥයෝ පටන්ගෙන සිටිති. පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව මැතිවරණ කාර්යාලවල තරග කරන අපේක්ෂකයන්ගේ නම් හා ඡායාරූප ප්‍රදර්ශනය තහනම්ය. එහෙත් මෙතෙක් පැවති සෑම මැතිවරණයකදී මැතිවරණ කොමිසමත් ඊට පෙර පැවැති මැතිවරණ දෙපාර්තමේන්තුවත් කාර්යාලවල ඒ ඒ […]

බස් සේවය ලෙල්ලට වැට්ටූ දේශපාලනය

මගී බස් ප්‍රවාහන සේවාව නිරන්තර කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ එහි පවතින අවිධිමත්බව, ගැටලු යනාදී කාරණා හේතුවෙනි. 1958ට පෙර ලංකාවේ මගී ප්‍රවාහන අවශ්‍යතාව සම්පූර්ණයෙන්ම සපුරා දුන්නේ පෞද්ගලික අංශයෙනි. විවිධ සමාගම් මගින් මගී ප්‍රවාහනය කිරිමේ වැඩ පිළිවෙළක් එදා තිබුණි. එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මහතා බලයට පැමිණියේ වෙනමම දර්ශනයක් ඇතිවය. ජනසතුකරණය ඔහුගේ දර්ශනයේ මූලිකාංගයක් වී තිබුණි. ඒ […]

පෙරටුගාමීන්ට පහර දුන්නාට ජනපති නොසතුටින්

දිගින් දිගටම කල්යමින් තිබූ මහ මැතිවරණය සඳහා දිනයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් පසු ගිය බද‌ාද‌ා ප්‍රකාශයට පත්කරනු ලැබුවේ අපේක්ෂකයන් පමණක් නොව රටම ඡන්දය ගැන උනන්දුවෙන් සිටියදීය. ඒ අනුව මැතිවරණය සඳහා ලබන අගෝස්තු මස 5 වැනිද‌ා නියම කෙරිණි. මාර්තු 2 වැනිද‌ා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමත් සමග ඡන්දයට දිනය නියම වූයේ අප්‍රේල් 25 වැනිද‌ාය. එහෙත් […]

කටට වෙඩි තබාගත්” කරුණාගේ පැටිකිරිය

කරුණා අම්මාන් වශයෙන් එල්.ටී.ටී.ඊ. විසින් නම් කෙරුණු විනයාගමූර්ති මුරලිදරන් යළිත් රටේ පුවත් මවන්නෙක් බවට පත්ව සිටියි. (කර්නල්) කරුණා කොටි සංවිධානයේ නැගෙනහිර හිටපු කොටි ප්‍රාදේශීය නායකයාය. 2004 වසරේදී කොටි සංවිධානයෙන් ගැලවී ගිය කරුණා ප්‍රභාකරන්ගේ කොටින්ට එරෙහිව යුද වැදී සිටි ශ්‍රී ලංකා හමුදාව සමඟ එකතු විය. කරුණා සමඟ නැගෙනහිර කොටි සාමාජිකයන් දහස් ගණනක්ද ගැලවී යාම හේතුවෙන් කොටින්ගේ […]

මිහිඳු හිමිගේ ධාතු නිධන් කළ රජගල ලෝක උරුමයකට යෝජනා වෙයි

“ගම අසල පිහිටි තේක්ක වත්තක් හරහා වැටී ඇති අඩි පාරකින් රජගලකන්ද නමැති කැලෑබද කන්දකට පැමිණේ. එහි නටබුන් අතර ස්තූපයක හා වටකුරු ගොඩනැගිල්ලක ද ගල් කුලුනු සහිත හතරැස් පායක හා නෙළා අවසන් නොකළ සෙල්මුවා බුදු පිළිමයක ද නෂ්ටාවශේෂයෝ දක්නට වෙත්. අඩි 19ක් උසැති මේ බුදුරුව අවුකන ප්‍රතිමාව සිහිපත් කරවයි.” යනුවෙන් 1959 පුරාවිද්‍යා වාර්තාවක දැක්වේ.    එදා […]

මහත්වරුන්​ගේ ක්‍රීඩාවේ මහත්මීන්ට ඇති තැන හෙළිකළ ‌පූජනීගේ මරණය

අවුරුදු තිස් තුනක් කියන්නේ ජීවිතෙන් හරියට ගත්තොත් තුනෙන් පංගුවක් වැනිය. ජීවිතය උරුම වී තිබුණේ එවන් කාලයක් බව නොදැන සිටි පූජනී ලියනගේත් හැම කෙනෙක් වාගේම අනාගතය ගැන මහ ගොඩක් දේ හිත තබාගෙන සිටියාය. ඒ අතරිනුත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් රටට වැඩක් කරන්නටත්, ගෙදර අයට තමන්ගේම කියන නිවහනක් හදා දෙන්නත් ඈ හිතේ මුලටම බලාපොරොත්තුවක් විය. ජීවිතය ටික ටික ගැළපීගෙන […]

ගෝඨාභයගේ උපන් දිනය ඡන්දයට හරස් වුණාද

ඉදිරි මහ මැතිවරණය පවත්වන්නේද නැතිද යන්න පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව පසුගිය අඟහරුවාදා සවස ප්‍රකාශයට පත්විය. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව විසුරැවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලමින් පාර්ශ්ව ගණනාවක් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම් සියල්ල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභා කරනු ලැබීය. ඒ සමඟ මැතිවරණ කොමිසමට ඉදිරි මහ මැතිවරණය තැබීම සඳහා අවශ්‍ය […]

ඉන්දියාවේ විලක් පාට වෙනස් කරලා

රහකයක් පතිත වීමෙන් හැදුණු ආවාටයකින් නිර්මාණය වූ බව සැලකෙන විලක් ඉන්දියාවේ තිබෙන බව දන්නවාද? එය හැඳින්වෙන්නේ ‘ලොනාර් විල‘ යනුවෙනි. විල පිහිටා ඇත්තේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි වෙළෙඳ නගරයේ සිට සැතපුම් 310 ක් දුරින් සහ ඕරන්ගාබාද් නුවරට නුදුරිනි. මෙම විල ඉන්දියාව සතු අබිරහසක් ලෙස ද සැලකෙයි.    මේ විල ප්‍රකට සංචාරක ආකර්ශනයක් ද වෙයි. මුම්බායි පැමිණෙන […]

මරණාසන්න මනෝ සංඥා

මරණය අභියස අතර සිටියදී මියගිය පුද්ගලයින් පැමිණ ඔවුන් සමඟ යාමට එන ලෙස කැඳවීම් කළ බවට අත්දැකීම් ඇත. එහෙත් පසුව ඔවුන්ට පිටත්ව යන ලෙස ප්‍රකාශ කළ බැව්ද ඇතැමුන් හෙළි කළහ. විවිධ සැත්කම් වලට භාජනය වූවන්ද කළ ප්‍රකාශ මගින් ඔවුන් තම සැත්කම සිදුකරන අයුරු ඉහළ සිට නැරඹූ බැව් අනාවරණය කළහ. ශල්‍යාගාරයට ගෙන ගොස් සිහි නැති කිරීමේ ඖෂධ […]

ලංකාවේ අහන ලෝකයේ දිගම වධහිංසා නඩුව

ලෝකයේ දිගම වධහිංසා නඩුව ලංකාවේය. එය තවමත් නිමා නොවී දික් ඇදෙමින් තිබේ. විමතියකි ශෝකයකි. මේ ඒ කතාවයි. මේ කාලයේ වැලි තලාවෙන් වැසී නොගිය ලසන්ත ජගත් කුමාරගේ මරණයේ කතාවයි. පසුගිය සතියේ ආසියානු මානව හිමිකම් කොමිසම සහ ශ්‍රී ලංකාවේ රයිට් ටු ලයිෆ් සංවිධානය සිදු කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයක් හරහා මෙම ඛේදවාචකයේ  තතු නැවත දෝංකාර දෙමින් තිබේ. ලොවම […]

ඩඩ්ලි හොඳ වැඩියි

ශ්‍රී ලංකාවේ බත් දුන් පියා ලෙස විරුදාවලි ලත් ඩඩ්ලි සේනානායක මහතාගේ 109 වැනි ජන්ම දින සැමරුම අදට යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි. ජීවත්ව සිටිය දී මිනිසකුගේ ගුණ ගැයීම අද සමාජයේ විරලය. මිනිසකුගේ නැති ගුණ පවා මතක් වන්නේ කෙනෙකු මියගිය පසුය. එහෙත් අද ජීවතුන් අතර නැති මේ කෘතහස්ත ලේඛකයා ඩඩ්ලි සේනානායක මහතාගේ යහගුණ දැක්කේ ඒ […]

සුපිරි රියේ පොල් විකිණේ

ලංකාවේ එක් පුද්ගලයකු අලුත් ව්‍යාපාරයක් සොයා ගත්තොත් අනිත් හැම එකාම එම ව්‍යාපාරයට අත ගසා ව්‍යාපාරය මුලින්ම ඇරඹූ පුද්ගලයාත් බංකොලොත් කර තමනුත් බංකොලොත් වීම අපේ රටේ ලක්ෂණයක් වී තිබේ. කොමියුනිකේෂන් එකක් එක් පුද්ගලයකු පාරක දැම්මොත් හැමෝම ඒ පාරේ කොමියුනිකේෂන් දාන්නේ තරගයටය. මාතර බත් කඩයක් දැම්මොත් පංචිකාවත්තේ ගොයියාත් කඩේට නම දාන්නේ මාතර බත් කඩේ කියාය. පසුගිය මාස […]

වැඩිම අලෙවිය සින්ක්

ලෝකයේ හැටහුටාමාරක් පක්ෂ ඇති එකම රට ලංකාවයි. මේ හැම පක්ෂයකටම ලකුණක්ද ඇත. ලංකාවේ තවත් පක්ෂ සාමාජිකත්වද ඉල්ලා ඇත. ඕනම පක්ෂයක් ඉදිරි මහ මැතිවරණයට තම ඡන්ද ලකුණ වෙනස් කර ගැනීමට හැකිනම් අනිවාර්යයෙන් තෝරා ගනු ඇත්තේ අත හෝදන සින්ක් එක විය යුතුය. ලංකාවට සින්ක් ගෙන්වන මහා පරිමාණ ආනයනකරුවන් සිටින්නේ කොළඹ 12 ගල්වළ නමින් හැඳින්වෙන ප්‍රදේශයේය. මේ ප්‍රදේශයේ […]

වසංගත නිසා අතීතයේ සීමා වූ ආගමික උත්සව

සමස්ත ලෝකයටම බලපා ඇති නව කොරෝනා හෙවත් කොවිඩ්-19 වසංගතය නිසා අපේ රටේ විවිධ අංශවලට බලපෑම් ඇති වී තිබෙයි. මේ අතර අපේ රටේ ආගමික උත්සවවලට හා වන්දනා ගමන්වලට ද සීමා ඇති වී ඇත. වාර්ෂික ශ්‍රී පාද වන්දනා සමයේ අවසාන මාස දෙකක කාලය මෙහි බලපෑමට ලක් විය. බෞද්ධයින්ගේ වැදගත්ම පසළොස්වක පොහොය වන වෙසක් පොහොය ගෙවී ගියේ බොහෝ […]

මෙදා පොටේ මංගල එන්න හදන්නේ මොකටද?

සජිත් ප්‍රේමදාස පාර්ශ්වයෙන් මාතරට ඡන්දය ඉල්ලන මංගල සමරවීර දෙතුන් දවසකට පෙර හිටි හැටියේ ප්‍රකාශ කළේ තමා මන්ත්‍රී දේශපාලනයෙන් සමුගන්නා බවය. දේශපාලනයේ හොඳ හැටි තෙම්පරාදු වූ නූල් සූත්තරකාරයකු ලෙස ප්‍රකට මංගලගේ මේ තීරණය ඔහුගේ තවත් අඩව්වක්දැයි ඔහුගේ අතීත දේශපාලන ක්‍රියාකාරකම් ගැන බලන විට සිතීම සාධාරණය. එබැවින් අප කල්පනා කළේ මංගලගේ මේ හදිසි වෙනස ගැන ඔහුගෙන්ම අසා […]

ඉන්දියානු කම්කරුවන් ලක්දිවට ගෙනආ කොලරා වසංගතය

ඉන්දියාවේ සිට පැමිණි කම්කරුවන්ට වියළි කලාපය හරහා යාමට තිබුණේ අති දුෂ්කර වූ ගමනකි. තම දරුමල්ලන් ද කර තියාගෙන මේ මාර්ගයේ යන බොහෝ දෙනෙක් විවිධ ලෙඩ රෝගවලට ගොදුරුව සිටියහ. බොහෝ දෙනකු අතරමග මැරී වැටුණහ. පැමිණෙන අයගෙන් මාතලේ දක්වා යාමට හැකිවූයේ කොටසකට පමණි. මේ මැරුණු මිනිසුන්ගේ මළ කඳන් මාර්ගය දෙපස විය. ඇතැම් ඒවා මිහිදන් කෙරුණු අතර ඇතැම් […]

යතුරු පැදියෙන් මඩට බැස්ස – ගයාන් සඳරුවන්

ගයාන් සඳරුවන් කිව්වම අපිට මුලින්ම මතක් වෙන්නේ රෝද දෙකක් උඩ විස්කම් පෑ අපූරු ධාවකයාය. ගයාන් මේ දවස්වල ඉන්නේ යතුරු පැදි ක්ෂේත්‍රයට සමු දීලා. ඒත් ආරංචියේ හැටියට නම් ඔහු මේ දවස්වල වෙනස්ම ක්ෂේත්‍රයක වැඩ පටන් අරන් තියෙනවා. ගයාන්ගේ අලුත් වැඩේ ගැන දැන ගන්න අපි ගයාන්ට කතා කළා. මේ දවස්වල මොකක්ද මේ කරනවා කියන අලුත් වැඩේ? පුරන් […]

රටේම හදවත් උණු වූ ඉටුකම දැන්වීම හැදුණු හැටි

දියණියට තාමත් වයස අවුරුදු හතරකි. ඈ වැඩිපුර සෙනේ පාන්නී තාත්තාටය. ඒ නිසා ඈ මග බලා සිටින්නේ තාත්තා ගෙදර එනතුරුය. එහෙත් රෝහලේ සිට ගෙදරවිත් ඔවුන්ට පෙර සේ තමන්​ගේ සෙනෙහ කැදැල්ලේ සුව විඳින්නට ලැබුණේ නැත. දොස්තර තාත්තා දකින්නට ඇස් තියාගෙන සිටි දියණිය, ගේ ළඟට ආ පියා දුටුවාය. ඈ වෙනදා සේ තාත්තා ළඟට පිම්මේ දිව යන්නට සැරසෙද්දී අම්මා […]

පිරිසිදු එජාපයක් හදන පළමු අඩිතාලම අපි දැම්මා

මහ මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත් විය. රටේ දේශපාලනය යළිත් උණුසුම් වෙමින් තිබේ. මේ ඒ දේශපාලන වටපිටාව සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂක හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සමග කළ සාකච්ඡාවකි. ප්‍රශ්නය:- තවදුරටත් ඔබත් සජීත් ප්‍රේමදාස ඇතුළු පිරිසත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෝ නොවෙයි? පිළිතුර:- එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක්ද නැද්ද කියන එක තීරණය […]

හේලි චිත්‍රපටයක් නොවේ ටෙලි නාට්‍යයක්

හේලි විද්‍යාත්මක ප්‍රබන්ධ ගණයේ ටෙලි නාට්‍යයක්. ප්‍රේමාන්විත ත්‍රාසජනක හා ක්‍රියාදාම ලක්ෂණ විදහාපාමින් මෙම ටෙලි නාට්‍යය හේලී නම් තරුණියක් වටා ගොඩනැගෙයි. ජාත්‍යන්තර දේශපාලනයේ බල අරගලය වෙනුවෙන් එක් එක් රටවල රහස් තොරතුරු ලබා ගැනීමේ අරමුණින් පුහුණු කෙරෙන මෙම තරුණිය මුහුදු මගින් වෙනත් රටකට රැගෙන යයි. නමුත් මිරිස්ස වෙරළ තීරය ආසන්නයේදී ඇය රැගත් යාත්‍රාව අනතුරකට පත්වෙයි. අනතුරු වළක්වන […]

සොහොනෙහි ලියැවුණු නොමැරෙන වැකි

රී ලංකාවේ සේම ලොව බොහෝ රටවල මළගිය ඇත්තන් වෙනුවෙන් ස්ථිරසාර මීනී වළවල් තනා ඒ ආශ්‍රිතව අපූරු සිහිවටන ලිවීම කලාවක් වශයෙන් කරනු ලබන බවක් පෙනේ. එදා අපේ රටේ මෙන්ම වෙනත් රටවලත් මළගිය අය වෙනුවෙන් මෙවැනි දේ නොකළත් බටහිරින් ආ මෙම අංගය අපේ සංස්කෘතියටත් එකතු වූ බව නම් සැබෑය.    විශේෂයෙන්ම මළගිය ඇත්තන් මිහිදන් කළ ස්ථානයේ ඔහු […]

කොටි සංවිධානයේ ම්ලේච්ඡත්වය ගැන ලොවට කියන කිලිනොච්චියේ කන්නක්කා

මෙලෙසින් ඉරිදා ලංකාදීප පුවත්පත වෙනුවෙන් අදහස් පළ කළේ කිලිනොච්චිය අක්කරායන් කුලම් ප්‍රදේශයේ පදිංචි වසන්තකුමාර් ‍ජෙයශීලි නොහොත් කොටි සංවිධානය විසින් ‘‘කන්නක්කා’’ යැයි ඇමතූ තැනැත්තියයි. ‘‘කන්නක්කා’’ යනු කොටි සංවිධානයේ කටයුතු කළද නිලඇඳුම භාවිතා නොකළ කතකි. ඒ ඇය පූජක ආරාමයක සිටි නිසාය. නමුත් ඇය විසින් 2001 වසරේ සිටම කොටි සංවිධානයේ සියලු‍ වැඩසටහන්හි අත්උදව් දී සියලු‍ කොටි නායකයින්ගේ වත […]

වෙඩි තියන්න පොලිසියට ඉගැන්වූයේ කවුද?

හම්බන්තොට හතාගල රජමහා විහාරස්ථානයේ වැඩ විසූ උණටුවැවේ සීලරතන හිමියන් දෙසතියකට ඉහතදී අපවත් වූයේ වෙඩි වැදීමෙනි. ඒ වෙඩිල්ල ආවේ පොලිස් නිලධාරියකු අත තිබූ පිස්තෝලයකිනි. හතර වරිගෙම නිවන් දකින්නට බුද්ධ චීවරය ඇඳි සීලරතන හාමුදුරුවන්ට, එම පොලිස් නිලධාරියා වෙඩි තැබුවේ අත් වැරදීමකින් බව වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමසිංහ පොලිස් කොමිසමට පවසා තිබුණි. දානයකට වැඩම කිරීම අතරතුරේදී වෑන් රියෙන් ගමන් […]

කංසා වවන්න පුළුවන්

කංසා ගහක් ගෙවත්තේ වැව්වොත් මෙකල නම් හිරේ යන වැඩකි. එහෙත් අපේ හෙළ වෙදකමට අනුව නම් කංසා මහා බලැති ඖෂධයකි. කංසා යනුවෙන් හැඳින්වූවත් මෙහි නියම නම අබිංය. අපේ පැරැන්නෝ සෞඛ්‍ය රැක ගැනීමට, රෝග සෑදීම වළක්වා ගැනීමටත් ආහාරයක යම් ගුණ වැඩිකර ගැනීමටත් කංසා ආහාරයට එකතු කරගත්තෝය. එදවස ගැමි ගෙවල්වල කංසා පැළයක් දෙකක් වගා කරගැනීම සාමාන්‍ය දෙයකි. නමුත් […]

ජනතාව වැළපෙද්දී පිස්සු නටන ලෝක නායකයෝ

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වසංගතයෙන් ලොවට එල්ල වන බලපෑම තවමත් අවසන් නැත. චීනයෙන් ඇරැඹි වයිරසයේ නව කේන්ද්‍රස්ථානයට පත් වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ ලතින් ඇමෙරිකාවය. ලතින් ඇමෙරිකාවට අයත් බ්‍රසීලය, ලොව දෙවැනියට වැඩිම ‘කොවිඩ් 19‘ ආසාදිතයන් සහ මරණ වාර්තා වන රටය. වයිරසය ඉවක්බවක් නොමැතිව ව්‍යප්ත වෙද්දී, එය මර්දනය කර ගැනීමට අසමත් වී සිටින ලෝක […]

විෂබීජනාශක වලින් අත හේදුවාම ඔක්කොම හරිද

දෙතුන් මාසයකට කලින් කතුන්ගේ හෑන්ඩ් බැග් මුදල් පසුම්බියට අමතරව තිබුණේ රූපලාවණ්‍ය උපකරණය. මුහුණ පිහිදා ගන්නට ටිෂූ කඩදාසිය. සමහර පිරිමින් නම් සාක්කුවේ ලේන්සුවක් දාගෙන ගියේය. සිගරට් බොන අයගේ සාක්කුවේ ගිනි පෙට්ටියක් හෝ ලයිටරයක් තිබුණේය. මේ දේවල්වලට අමතරව දැන් ගෑනු පිරිමි දෙපාර්ශ්වයේම සාක්කුවලට අලුත් කුප්පියක් ඇවිත් ඇත්තේය. ඒ විෂබීජනාශක දියර පිරවූ කුප්පියකි. විෂබීජනාශක දියර අපේ සාක්කුවලට ආවේ […]

මාව තේරුම් අරන්, මට සවන් දෙන්නේ එයා

වර්තමානයේ ජනප්‍රිය තරුවක් ලෙස ඉදිරි ගමනකට පියවර තබා සිටින චානුක ප්‍රබුද්ධට ළං වෙන්න හිතන අය බොහොමයි’ මගේ අඹ යහළුවා ලිපියෙන් චානුකව ප්‍රේමවන්ත​යෙක්, හිතවතෙක්, තමන්ගේ ළඟම කෙනෙක් කරගන්න හිතන අයට චානුක පිළිතුරක් ලබාදෙනවා. චානුකට ඉන්නේ ළඟම මිතුරෙක් නෙවෙයි හොඳම මිතුරියක්. ඔහුගේ හොඳම මිතුරිය ගැනයි චානුක අපට මේ විදිහට පවසන්නේ. ඉතින් ඔහුගේ මෙම හෙළිදරව්වෙන් පසුව චානුකව මිතුරෙක් […]

ප්‍රියාට රසට උයන්න පුළුවන් නිසා එහෙ ගියාම රෑට කනවා

(1) රංග උදේට නැගිටින්නේ කීයටද? කොයි තරම් නිදි මරලා ආවත් අනිවාර්යෙන් මම උදේ 7 වෙද්දි නැගිටිනවා. (2) ඉතින් ඊට පස්සේ? ඊට පස්සේ wash එකක් දාගෙන හොඳ වතුර වීදුරුවක් බොන්න අමතක කරන්නෙ නැහැ ඉතින් ඉට පස්සෙ නම් අනිවාර්යෙන් කරන්න ඔන දෙයක් තියෙනවා .එ තමයි පොඩි දෙන්නව ඉස්කෝලෙ එක්කන් යන එක. (3) දරුවො දෙන්නව ඉස්කෝලෙට දාලා ගෙදර […]

ලෝප්‍රකට ෂින්කන්සෙන් අධිවේගී දුම්රිය සමාගමේ කතාව

දුම්රිය ගමනාගමනයෙහි සංකල්පය බිහිවී ඇත්තේ 16 වැනි සියවසේදී පමණය. එහෙත් දුම්රිය සේවාව බිහි කළ පුරෝගාමියා හෙවත් දුම්රිය සේ්වාවේ පියා ලෙස හැඳින්වෙන්නේ 1781 – 1848 කාලයේදී ජීවත් වූ බ්‍රිතාන්‍ය ජාතික සිවිල් හා යාන්ත්‍රික ඉංජිනේරුවරයකුව සිටි ජෝර්ජ් ස්ටීවන්සන්ය.    1814දී පමණ පළමු දුම්රිය එංජිම ඔහු විසින් නිර්මාණය කරන ලද අතර, වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක කර වූ එම එංජිම […]

චීන බඩු නැතිව ලංකාව නැතිවෙයිද

ලංකාවේ එවුන්ට හරියට අල්පෙනෙත්තක්වත් හදාගන්න පුළුවන් දැයි, මෙරට දේශීය කර්මාන්තය ‘ලෝකල් බඩු’ ලෙස අවඥාවට ලක් කරන පුද්ගලයන්ගේ මතයයි. ඒත් ඉතිං දේශීය කර්මාන්තකරුවන්ගේ ඉලක්ක දැන් වසර 50 ක් තිස්සේ එස්කිමෝවෙක්ට ෆ්‍රිජ් එකක් විකිණීමයි. ඒත් තාම අපේ රටේ එස්කිමෝවන්ට තියා ‘ඉතියෝපියන්ස්ට’ වත් ෆ්‍රිජ් එකක් අපනයනය කරන්නේ නැත. 77 ට පෙර මෙරට බොහෝ කර්මාන්තශාලා හැඳින්වූයේ අග්නිදිග ආසියාවේ විශාලතම […]

අද්විතීය ඔපෙරා ගායකයෙක් වෙන්න ෆ්‍රෙඩීට හැකියාව තිබුණා

පසුගිය දවසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සුමංගල ශාලාවේ හරි අපූරු සංගීත සැඳැවක් පැවැත් වුණා. මෙය වෙන් වුණේ ෆ්‍රෙඩී සිල්වා මහතාගේ නමට, විශේෂත්වය වුණේ ඔහු ගැයූ ගීත බොහොමයක් නව පරපුරේ ජනප්‍රිය සහ සම්මානනීය සංගීතඥවරයෙක් වන නදීක ගුරුගේ හඬින් සහ ලෙලුම් රත්නායකගේ හඬින් නැවත රසවිඳින්නට ලැබීම. මෙය සැබවින්ම ෆ්‍රෙඩී සිල්වා යනු කවරෙක් දැයි මතුපරපුර හා සන්නිවේදනය කරවීමට ගත් […]

මගේ පෙම්වතා කලා ලෝකේ කෙනෙක්

පහුගිය වසර තුළ ටෙලි හා සිනමා ක්ෂේත්‍රයට පිවිසි තරුණ නිළියන් අතරින් ආලෝකා ධනංජනී ඉදිරියෙන් සිටිනවා. මාවනැල්ලේ ඉපදිලා ගමේ හැදිලා වැඩිලා තරු තරගයක් හරහා කොළඹ ඇවිත් ක්ෂේත්‍රයේ ඉදිරි ගමනකට අවතිර්ණ වෙලා ඉන්න ආලෝකා මේ දිනවල විකාශනය වන ටෙලි නාට්‍ය දෙකකම ප්‍රධාන චරිතවලට හිමිකාරිය වී සිටිනවා. ආලෝකාට උදාවෙලා තියෙන්නෙ කාර්යබහුල සමයක්ද? මේ දවස්වල මම රඟපාන ලංසුපතිනියෝ ස්වාධීන […]

සහරාන්ට වැඩිය රිස්වාන් මොන තරම් වෙනස්ද

මේ ලෝකය ජාති, ආගම් සීමාවන් අතික්‍රමණය කළ මනුස්සකමින් යුත් මිනිසුන්ගෙන් හිස් නැත. මිනිස්සු ජාති ආගම් වශයෙන් බෙදී අනෙක් ජාතිය විනාශ කිරීමට බෝම්බ බැඳගෙන පනිද්දී, ඒ කිසිවක් නොවිමසා, අනෙකකුට ජීවිතය දීමට ජීවිත පූජාවෙන් කටයුතු කරන්නෝ වෙති. ඒ වනාහී මිහිපිට දෙවිවරුය. එවන් දෙවිවරු මතුවන්නේ දිව්‍යලෝක පරිසරයක නොව, ව්‍යසනයේ දරුණුම තැනිනි. ඉකුත් බ්‍රහස්පතින්දා පෙරවරු 10 පසුවී විනාඩි 15ක් […]

කොරෝනා සටන අස්සේ ජන හද දිනූ ​ පොලිස් නිලධාරියා

මෙරට සුවහසක් ජනතාවගේ ආදරණීය හා ළෙන්ගතුම පොලිස් මිතුරා ඔහු බව කීම අතිශෝක්තියක් නම් නොවේ.   පොලිස් පොඩ්ඩාගේ පටන් ඉහළ නිල තල දරන පොලිස් ලොක්කන් බහුතරයකගේ ද ගෞරවයට ප්‍රසාදයට පාත්‍රවී සිටින්නේ ඔහුය.   සිත් සතන් ඇද බැඳ ගන්නාසුලු කතා බහ හා හඬ පෞරුෂය ඔහුටම ආවේණික වූවෙකි. ඔහු කරන කතා බහ දේශන පැය ගණනක් වුවද ආයාසයකින් තොරව අසා සිටිය […]

පාර පනින දරුවන්ට පාර කියන අත්තම්මා

‘මිනිස් ජීවිතයේ පරම සතුට වනුයේ සිය මරණ මංචකයේදී තමා මුළු ජීවිතයම මානව වර්ගයා වෙනුවෙන් කැප කළ බවට ඇති කර ගත හැකි තෘප්තිදායක හැඟීමයි යන්න රුසියානු විප්ලවයේ නායකයා වූ වී.අයි. ලෙනින් පවසා තිබේ.   එම කියමන යථාර්ථයක් බවට පත් කරමින් තම ජීවිත කාලයෙන් හරි අඩකටත් වඩා මානව සමාජය වෙනුවෙන් කැප කළ කාන්තාවක් සොයා අපි පසුගිය දිනක කෑගල්ල […]

කෙසෙල් ඇඳුම්

ඉස්සර අපි අවුරුද්දට ගමේ ගියේ පරණ අවුරුද්දට දිනක් හෝ දෙකක් තිබියදීය. ඒ යන විට ගමේ ඈයෝ අවුරුදු පිළිගන්නට ගජරාමෙට වැඩය. ඒ වැඩ අතරේ පුංචි අපටද සිත් ගන්නා සුලු රාජකාරියක් තිබිණ. එම රාජකාරිය නම් වළ දැමූ කෙසෙල් කැන්වලට දුම්පිබීමය. මෙය පුරුද්දට වාගේ කළත් අපි වඩාත් කැමැති ඉදුණු කෙසෙල් කන්නම නොව කෙසෙල් කොට වලින් පාරුවක් හදා වැවේ […]

වසර දහස් ගණනක් පැරණි සත්ව පොසිලයක් කුරුණෑගලින්

කුරුණෑගල කලින් කලට කුමන හෝ දෙයකට ප්‍රසිද්ධියක් උසුලයි. රටටම බලපා තිබෙන කොරෝනා වසංගතය පැතිරයාම සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කය පසුගිය දිනවල රට පුරාම කාගෙත් දැඩි කතාබහට ලක් විය.    කොරෝනා වෛරසය ආසාදනය වීම වැළැක්වීම සඳහා මුළු රටටම ඇඳිරි නීතිය පනවා තිබූ අවස්ථාවක කොරෝනා වසංගතය ජනතාවට යම් තරමකට අමතක කරමින් කුරුණෑගලින් තවත් අපූරු සිදුවීමක් වාර්තා විය. මේ පුවත ඇසූ […]

සහරාන් මද්‍රසා පාසලේදී ළමයින් ‘බෝම්බ’ කළ හැටි

පාස්කු ප්‍රහාරයේ යටගිය විමර්ශන දැන් දැන් කරළියට එමින් ඇත්තේය. වසරක් තිස්සේ එළියට නොපැමිණි තොරතුරු අනාවරණය වන්නේ යටගිය විමර්ශන යළි ඇරඹීමත් සමගය. පාස්කු විමර්ශනවලට අදාළව අලුතින්ම කියැවෙන්නේ ළමා සොල්දාදුවන් ලෙසින් අන්තවාදී ප්‍රහාර සඳහා බාල වයස්කරුවන් යොදා ගැනීම සම්බන්ධවය. ඊළාම් යුද ඉතිහාසය පුරා එල්ටීටීඊ ත්‍රස්තවාදීන් බාල වයස්කාර ළමුන්ව, ළමා සොල්දාදුවන් ලෙස පුහුණු කරන්නේ අනාගත ඉලක්ක සඳහාය. කුඩා […]

සුසන්තිකා මිස් තමයි ‘උදුම්බරා’ මට ලැබෙන්න හේතුව

උදුම්බරා’’ චිත්‍රපටයට නදීෂානිට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද? ඇත්තටම කිව්වොත් සුසන්තිකා ජයසිංහ මිස් නිසා තමයි මට උදුම්බරා චිත්‍රපටයට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ. සුසන්තිකා මිස් දවසක් මගෙන් ඇහුවා ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් සිංහල චිත්‍රපටයක් කරනවා, ඒකට සම්බන්ධ වෙන්න කැමැතිද කියලා. ඇත්තටම සුසන්තිකා මිස් එහෙම කිව්වාම මට පුදුම හිතුණා මම ජීවිතේටවත් රඟපාලා නැති නිසා. ඒ කොහොම වුණත් මම හැමදාමත් […]

අපි කවදාවත් එකිනෙකාට දොස් පවරාගෙන නැහැ

හිමායා බණ්ඩාර කියන නමට වඩා ඇය ගැන හඳුන්වන්න ගැළපෙනම නම සොනාලි ටීචර්. දෙවෙනි ඉනිම ටෙළි නාට්‍යයේ සොනාලි ටීචර්ගේ චරිතයෙන් ප්‍රේක්ෂක සිත් තුළ නවාතැන් ගත් හිමායා බණ්ඩාර ඇගේ ජීවිතයේ සමීපවන්තිය එහෙමත් නැත්නම් අඹ යාළුවා ගැන කිව්වෙ කව්රුත් නොකයූ කතාවක්. ජීවිතය කියන්නේ ඔබට එකක්, මට තවත් එකක්, තවකකුට තවත් දෙයක්. ජීවිතය අපි හැමෝටම සමානව හැමදේම තිළිණ කරන්නෙ […]

ගාල්ලෙන් සේවකයන් මාරු කළ නෙදර්ලන්ත නැවේ කතාව

මේ දිනවල බොහෝදෙනා තම තමන්ගේ රාජකාරී කරන්නේ නිවසේ සිටිමිනි. ඒ නිවසේ සිට වැඩ කරන අයට තම කටයුතු කරගෙන යාමට අවශ්‍ය පහසුකම් සපයන තවත් බොහෝ පිරිසක් සිටිති. ඔවුන්ට නිවසට වී සිටින්නට හැකියාවක් නැත. ඔවුන් සිටිය යුත්තේ වැඩ කරන ස්ථානයේය. එවැනි අය මහ පො​ෙළාව මත තම සේවා ස්ථානයේ පමණක් නොව ගුවනේත්, පොළොව අභ්‍යන්තරයේත් මහ මුහුදේත් වැඩ කරති. […]

සිංහල ජාතිය ඉලක්ක කළ කොටින්ගේ පළමු ප්‍රහාරය

එවකට වව්නියාව පොලිස් අධිකාරිවරයාව සිටි ආතර් හේරත් මහතා එල්ටීටීඊය විසින් ඝාතනය කරන ලද්දේ ඔහු අසුන් ගත් නිල ආසනයේ අටවා තිබූ බෝම්බයක් පුපුරා යාමෙන් බව හෙළි වුණි. ආරක්ෂක නිලධාරියකු මාර්ගයේ ගමන් ගනිමින් සිටියදී වෙඩි හෝ බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඝාතනය කිරීම සාමාන්‍ය දෙයක් වුවද, පොලිස් ප්‍රධානියකුගේ අසුනේ බෝම්බයක් ඇටවීම යනු සංකීර්ණ කාර්යයකි. සත්‍ය වශයෙන්ම මෙහිදී සිදුව […]

දුම්බර වතු බංගලාවේ අබිරහස

රාත්‍රිය හිමි නිශාචරයන්ට යැයි කියති. නිශාචරයන් සැරිසන රාත්‍රිය බිහිසුණු ය. එබඳු නිශාචරයන් දරුණු වන සතුන්ට හා පක්ෂී වර්ගයන්ට අයත් වුවත් අප මේ කියන්නට යන කතාවේ සැරිසැරූ නිශාචරයන් වූයේ දෙපා සතුන්ය. දිනය නිවැරදිව කිවහොත් ඒ ඉකුත් 08 වැනි සෙනසුරාදාය. වෙලාව රාත්‍රී 9.15 පසුවෙමින් තිබිණ. පළාත වසා පැතිරී තිබුණේ ඝන අඳුරකි. ඝන අන්ධකාරය මෙගම වැසියන්ට නුහුරු දෙයක් […]

මාළුපාන් කියා අපි කන්නේ ‘පාළු’ පාන්ද?

පසුගිය දිනයක කැලණි ගං ඉවුරේ පිහිටි සංචාරක නිකේතනයක සුහද හමුවක් පැවැත්විණි. ඒ සඳහා එක්ව සිටියේ බියගම කර්මාන්ත ශාලාවක සේවක සේවිකා පිරිසකි. එම සුහද හමුවේ විනෝදාංශ අතරට බොරු කීමේ තරගයක්ද එක්කොට තිබිණ. එහෙත්, එම තරගය සඳහා එක් වූ එක් සේවිකාවක් තරග විනිසුරුවන් හමුවට පැමිණියේ තම උගුර අත ගාමිනි. ‘‘මමත් මේ තරගෙට එකතු වෙන්න කියලා හිතාගෙන තමයි […]

පළිබෝධ නාශක නිසා හරකත් ලෙඩ වෙලා

2009 වර්ෂයේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන්වන කාලයේ උතුරු මැද පළාතේ මරණ බහුතරයක් සිදු වන්නේ යුද්ධයෙන් නොව වකුගඩු රෝගයෙන් බව වාර්තා විය. 2012 වර්ෂයේ ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයෝ පිරිසක් කළ පර්‌යේෂණයකින් හෙළි වූයේ උතුරු මැද පළාතේ හාරලක්ෂයකට වැඩි පිරිසක් වකුගඩු රෝගයෙන් පෙළෙන බවයි. අද වන විට මෙම රෝගය රජරටට පමණක් සීමා […]

පරණ කාර් එකතු කරන දොස්තර මහත්තයා

කිසියම් ජාතියක ඉතිහාසය වැදගත් වන්නා සේ ම, කාර් රථවල ඉතිහාසය ද ඒ තරම් ම වැදගත් යැයි සිතෙන්නේ නැතිද ? ඊට හේතුව වන්නේ කුමන රටෙක වුවද, මිනිසා ගේ දක්ෂතා, නිර්මාණශීලී හැකියාවන් එමඟින් හෙළි වන බැවිනි. එහෙත් ලංකාවේ එම තත්ත්වය වෙනස්ය. ඉතිහාසය ලෙස පිළිගන්නේ විහාර දාගැබ්, ගල් කණු ආදිය පමණි. මෙරට මුලින්ම ධාවනය වූ වාෂ්ප දුම්රිය, ට්‍රෑම් […]

මේ දිනවල ‘තණමල්විල කොල්ලෙක්’ දිහා බලාගෙන ඉන්නවා…

රොෂාන් රවීන්ද්‍ර කියන්නේ අපේ නාට්‍ය කලාව තුළ මුණ ගැහෙන විරල රංග පෞරුෂයකින් හෙබි අපූර්වතම රංගන ශිල්පියෙක්. තමන්ට ලැබුණු චරිත තුළින් ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනා ගත් ඔහු මේ දිනවල සිදු කරන්නේ තිරෙන් පිටුපස කාර්යභාරයක්. ඒ තමන් ලැබූ අත්දැකීම් සමඟින් “තණමල්විල කොල්ලෙක්” නාට්‍යය අධ්‍යක්ෂණය කරමින්. මේ දවස්වල වැඩකටයුතු මොනවද? විශේෂයක් නැහැ “තණමල්විල කොල්ලෙක්” නාට්‍ය කළා. ඒ දිහා […]

කුඹල්ඔලුව පොල්වත්තේ ජේ.ආර්ගේ ජීවිතය

වත්තේදී එතුමා වැඩිපුරම ක​ළේ පොත් කියවීම   එක්වරම බිමට පහත් වී කරන කැනේඩියානු ව්‍යායාමයක් තිබුණා. ඒක කරන්න ජේ.ආර්. හරිම කැමැතියි.   අත්තනගලු ඔය පටන් ගන්නෙත් කුඹල්ඔලුව වත්තෙන් ද?   ලංකා ඉතිහාසය හරි අපූරු එකක්. ඒ වගේම ඉතා ගැඹුරු එකක්. තවමත් නිවැරදිව අධ්‍යයනය නොකළ පුළුල් ගැඹුරකින් පිරි එකක්. එතුළ තියෙන්නේ යම් අර්ථවත්භාවයක්. පිරිපුන් ගතියක්. මේ අර්ථවත් භාවයේ තියෙන්නේ […]

ලෝකේ පුරා බඩගිනි පෝලිම්!

ලෝකය මුළුමනින්ම වෙනස් වී තිබේ. කොවිඩ්-19 වසංගතය නිසාය. මේ වෛරසය නිසා ලෝක ආර්ථිකය නට්ටං වී ඇති තරම කෙතෙක්ද යත් මේ වනවිට ලෝකයේ රටවල් ගණනාවක බඩගිනි පෝලිම් දක්නට හැකිය. නුදුරුව එන ආහාර හිඟයක සහ ලෝක දරිද්‍රතාවක ලකුණු දැන් දැන් පහළ වී හමාරය. තමන් ලෝකෙට ලොක්කා යැයි කයිවාරැ ගැසූ අමෙරිකාවේ මිලියන 30ක පමණ පිරිසකට වෛරස ව්‍යාප්තියත් සමඟ […]

නව කොරෝනා ගැන මුලින් කී ලංකාවේ දොස්තර මහත්මයා

හාර පස් මසකට ඉහතදී චීනයේ වුහාන් ප්‍රාන්තයෙන් මාරාන්තික වෛරසයක් ලොව පුරා පැතිරී යන්නට පටන් ගත්තේය. එම වෛසරය මුලින්ම හැඳින්වූයේ “නව කොරෝනා” යනුවෙනි. ඒ සමග ලංකාවේ මිනිස්සුද කොරෝනා යන වචනය සිය වාග් කෝෂයට එකතු කර ගත්තේය. එහෙත් නව කොරෝනා යන වචනය මුලින්ම කරළියට ආවේ මීට වසර හතකට පමණ පෙර ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පතක පළ වූ විද්‍යා […]

කොරෝනා වයිරසයට වැසුණු සීතල යුද්ධය

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ගෝලීය සෞඛ්‍ය හා ආර්ථික අර්බුදයක් මෙන්ම ලෝක දේශපාලනය තුළ බල අරගලයක් ද නිර්මාණය වී තිබේ. මෙම අර්බුදය නිර්මාණය වී ඇත්තේ ලෝක බලවතුන් දෙදෙනා වන ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතරයි. ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. එසේ […]

කුඩා දරුවන්ගේ ඇඳුම් මහන පල්ලේකැළේ නොබල්ස් කම්හල

මහනුවර දිස්ත්‍රික්කයේ ආයෝජන කලාපය පිහිටා තිබෙන්නේ පල්ලේකැළේ බලගොල්ලේ ය. එහි විවිධ නිෂ්පාදනවල නිරත කර්මාන්ත ශාලා බොහොමයකි. අප රටට විදේශ විනිමය උපයා දෙන මෙම කර්මාන්ත ශාලාවලින් මෙරට තරුණ තරුණියන්ට ඉහළ වැටුපක් සහිත රැකියා ලබා ගත හැකි අතර, ඔවුන්ගේ හෙට දවස එමගින් සාර්ථක කර ගැනීමටත් හැකියාව පවතින බව රහසක් නොවේ.    ඒ අනුව මෙවර “අපේ වැඩබිමෙන්” ඔබට […]

වර්තමාන නිර්මාණ රචකයන්ට සම්භාව්‍ය සිංහල සාහිත්‍යය මඟ හැර යන්න බෑ

සම්භාව්‍ය කෘති සංස්කරණය කොට ප්‍රකාශයට පත්කිරීමේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ව්‍යාපෘතිය යටතේ සංස්කරණයෙන් ප්‍රකාශිත බුත්සරණ ග්‍රන්ථය ජනගත කිරීම මෙම මස 30 වැනිදා (අද) ප. ව. 2.00ට ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී සිදුකෙරේ. සම්මානිත මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස, සම්මානිත මහාචාර්ය රෝහිණී පරණවිතාන, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. සුනිල් යන […]

වැද්දා වැටුණු වැද්දා පැණි ඇල්ල

කොළම කොළපාට ගහකොළ සහ මහා ගල්කුළුවලන් ඉන් සමන්විත මේ සුන්දර පරිසරයේ සුන්දරත්වය වැඩිකරන්න වගේ නානා ප‍්‍රකාර කුරුලු රංචු ගී ගයනවා. ඒ අතරේ සීතල සුළං රැළි ගහ කොළ මල් සොලවමින් අපේ ඇඟේ වැදිලා හීගඩු නංවමින් හමාගෙන යනවා. ඒ අතරේ අපිට මහා හඬ දීගෙන ජල පහරක් ගලා යන ආකාරය ඇහෙනවා. මේ සුන්දරත්වය විඳින්න නම් ඔබට වැද්දා පැණි […]

ගෝලීයකරණය හා සමාජ නව්‍යකරණය

ගෝලීයකරණය යනුවෙන් හඳුන්වන්නේ කුමක්දැයි විස්තර කිරීම එතරම් සරල නොවන්නේ ගෝලීයකරණය එතරම්ම සංකීර්ණ ක්‍රියාදාමයක් වන නිසාවෙනි. එසේම මෙම සංක්ලපය භාවිතය පිළිබඳව ඇති විවිධාර්ථයන් නිසාවෙන් මෙම සංකල්පය තේරැම් ගැනීම තව දුරටත් අපහසු කර ඇත. කෙසේ වුවද ගෝලීයකරණය යන සංකල්පය නිර්මාණය වන්නේ 1940 වැනි කාලයක භෘවිතයට ගැනුණු  විශ්වීය හෙවත් ගෝලිය යන සංකල්පය පදනම් කර ගනිමිනි. වර්තමානය වන විට […]

කෘගර් වනයෙන් එළියට පැමිණි සිංහයන්

ලෝක ජනගහනයෙන් බහුතර මිනිසුන් ප්‍රමාණයක් මේ වන විට ගෙවල්වලට කොටුවී සිටිති. ඒ නව කොරෝනා වසංගත තත්ත්වය හමුවේය.මේ හේතුවෙන් තරමක් නිදහස ලැබූ කොට්ඨාසයක් ලෙස වන සතුන් හැඳින්විය හැකිය. මිනිසුන් දක්නට නොමැති වීම හේතුවෙන් ඔවුන් දැන් තමන්ගේ සාමාන්‍ය දිවි පෙවත ගත කරමින් සිටින්නේය. මේද එවැනි අවස්ථාවකි. දකුණු අප්‍රිකවේ කෘගර් වනෝද්‍යානයේ තාර දැමූ මර්ගයක නිදහසේ සිංහ සෙයියාවෙන් සිටින සිංහයන්ගේ […]

සු කී මුවාවෙන් මියන්මාර හමුදාවට තැළීම

ඇමරිකාවේ වොෂින්ටන් නුවර‍ඉගෙනීමේ කටයුතුවල යෙදෙමින් සිටි මරිනා බුටිනා නමැති රුසියානු තරුණිය රුසියානු ඔත්තුකාරියකැයි චෝදනා මත අත්අඩංගුවට ගැනුණි. රොයිටර් වාර්තාකරුවන් වශයෙන් පෙනී සිටිමින් මියන්මාර් රජය හා හමුදාව ගැන වැරදි වාර්තා සැපයූ බවට චෝදනා ලැබූ බුරුම ජාතිකයින් දෙදෙනෙකු පිළිිබඳ නඩු තීන්දුව යන්ගුන් අධිකරණය විසින් ප‍්‍රකාශ කිරීමට නියමිතය. සමාන සිද්ධි දෙකක් නමුදු මියන්මාරයේ සිද්ධිය ගැන බටහිර මානව හිමිකම් […]

අවුරුදු 800,000 කට පෙර පෘථිවියට කඩා වැටුණ උල්කාපාතය

මෑත අයිස් යුගය අවසන්වීමෙන් පසුව පෘථිවියට පතිත වූ විශාලතම උල්කාපාතයෙන් ඇති වූ ආවාටය ලාඕසයේ බොලවෙන් සානුවෙන් සොයාගැනීමට විද්‍යාඥයන් කණ්ඩායමකට හැකිවී ඇති බව ‘නැෂනල් ඇකඩමි ඔෆ් සයන්සස්’’ සඟරාවේ පළවූ වාර්තාවක සඳහන් වේ.   අවුරුදු 800,000 කට පෙර පෘථිවියට කඩා වැටුණු උල්කාපාතය පතිත වූ ස්ථානය සොයා ගැනීමට පර්​ෙ‌ය්ෂකයෝ වසර කීපයක ඉහත සිට උත්සාහ කරමින් සිටියහ. ‘‘නැෂනල් ඇකඩමි ඔෆ් […]