ප්‍රවෘත්ති

හිටපු කොටි සාමාජිකයන් පුබුදුවන්න ඩයස්පෝරාව දැඩි වෑයමක

අන්තර් ජාතික දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් අය පරණ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් යළි පුබුදුවා ගැනීමට උත්සාහ දරමින් සිටියත් අපේ බුද්ධි අංශ ඉතා ශක්තිමත් නිසා එම කටයුතු පාලනය කර තිබෙන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා කීය. බෙදුම්වාදය කියන මතයේ සිටින ඇතැම් පිරිස් අදටත් එක එක ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශ කළ ආරක්ෂක ලේකම්වරයා ඊළාම් රාජ්‍යයක් සඳහා […]

හන්ගේරියාවේ අගනුවර නට්සීන්ගෙන් මුදාගැනීම

දෙවන ලෝක යුද්ධයේ අවසන් භාගයේ සිදුකෙරුණ ප්‍රකට යුධ ව්‍යාපාරයක් වූයේ බුඩාපෙස්ට් ක්‍රියාන්විතය යි. එහි අරමුණ වූයේ හන්ගේරියාවේ අගනුවර සෝවියට් පාලනය යටතට ගැනීම යි. මෙම ක්‍රියාන්විතය 1944 ඔක්තෝබර් 29 වන දා ආරම්භ කරනු ලදුව බුඩාපෙස්ට් නගරය සම්පූර්ණයෙන් අල්ලා ගැනීමෙන් අවසන් වුණා. එසේ බුඩාපෙස්ට් හි සෝවියට් පාලනය සම්පූර්ණයෙන්ම තහවුරු වූයේ 1945 පෙබරවාරි 13 වන දා යි. හන්ගේරියාව […]

ආණ්ඩුව හැදූ බැසිල්ගේ හරිගිය අනාවැකි

කරුගේ සේවය අගැයීමට මහින්දත් එක්වෙයි ඩලස්, කාංචන මගහැරි අගමැතිගේ වැලිගම ජනහමුව සජිත්, එක්ක ලතා සින්දු කියයි රනිල් කිව්ව ජනතා ඩීල් එක  පරාජය ජය මාවත කර ගනිමු යැයි වජිර කියයි  ජවිපෙ කැළඹූ හඳුන්නෙත්තිගේ පරාජය වසරේ උණුසුම්ම දේශපාලන සතිය ගෙවී ගියේය. එහෙත් සතිය මුලදී පැවැතියේ දැඩි දේශපාලන නිහැඬියාවකි. මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන්වීම ඊට හේතුව වූයේය. පොදුජන පෙරමුණ මාතර […]

නවසීලන්තයෙන් කොරෝනා මර්දනය කළ ‘යකඩ කාන්තාව’

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පසුගිය දා නවසීලන්තයට සහතිකයක් පිරිනැමුණි. ඒ, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය සාර්ථකව මර්දනය කිරීමට සමත් වූ රටක් ලෙසය. නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩන් ද පැසැසුමට ලක් කෙරුණි. ‘කොරෝනා පාලනය කර ගන්නට අපට හැකිවූයේ විනයගරුක, නීතිගරුක පුරවැසියන් සිටින නිසයි. ජනතාව සෞඛ්‍ය අංශ කී දේ විශ්වාස කළා. සෞඛ්‍ය අංශ උපදෙස් පිළිපැද්දා. නිවසින් පිට […]

ලීයෙන් තැනූ විස්මිත බෝගොඩ ලී පාලම

මිනිසා පාලම් හදන්නේ ගමනාගමනය පහසු වෙන්න. පාලමක් අවශ්‍ය වන්නේ, ගමන් මාර්ගයේ ගමනාන්තයට පෙර මොකක් හෝ බාධකයක් තියෙනවා නම් එය මගහරවා ගන්නයි. විශේෂයෙන්ම දිය පහරක් ගමන් මග හරහා වැටී තිබෙනවා නම් එයින් එතෙර වීමට ඉතා ඈත අතීතයේ පටන්ම පාලම් තැනීමට මිනිසා හුරු වුණා. බොහොම ඈත කලක ඉඳන්ම ලාංකිකයා නොයෙක් ආකාරයේ පාලම් හැදුවා. විවිධාකාර ගල් පාලම්, යකඩ […]

ගයාත්‍රි නංගි බේරාගන්න තිබුණා

සිංහලකම, බෞද්ධකම සහ රට ජාතිය වෙනුවෙන් ගමෙත්, පාසලෙත් විශ්වවිද්‍යාලය තුළත් හඬ නැගූ ආදර්ශවත් යුවතියක් වනජීවී ආරක්ෂිත කලාපයක් තුළම වල් අලි ප්‍රහාරයකට ලක්ව මියගිය ශෝචනීය පුවතක් අංගොඩ කැලණිමුල්ලෙන් වාර්තා වේ. මෙසේ මියගොස් ඇත්තේ ගයාත්‍රි පාලිකා දිල්රුක්ෂි නමැති 32 හැවිරිදි තරුණියකි. ඇය එම සිද්ධියට මුහුණ දෙන විට යාපනය කිලිනොච්චියේ තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සේවයේ නිරතව සිටියාය. ගයාත්‍රි මිලාගිරිය ශාන්ත […]

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 4ක් හදුනාගැනේ

තවත් කොවිඩ්-19 ආසාදිතයින් සිව්දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති. එම පුද්ගලයින් සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය වන අතර ඒ අනුව, මෙරට සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2828 දක්වා ඉහළ ගොස් ඇත. රෝගීන් 03 දෙනෙකු අද සුවය ලැබීමත් සමග සුවය ලැබූ සමස්ත කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 2517ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව තවත් […]

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ලොව මවිත කළ ජනපතිවරණ ජයට බලපෑ හේතූන්

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීම ඇතැම් විචාරකයන් දකින්නේ දශක ගණනාවක් තුළ එරට සිදුවූ පුදුමාකාරම දේශපාලන පෙරළිය විදියටයි. නමුත් මේ පෙරළිය එතරම්ම පුදුමයක් නොවන බව තවත් සමහරුන් පෙන්වා දෙනවා. කෙසේ වෙතත් ඇමරිකා එක්සත් ජනපදයේ වාතාවරණය මේ මැතිවරණ ප්‍රතිඵලය නිසා තවමත් පවතින්නේ උණුසුම් තත්ත්වයකයි. සුදුසුකම් ලැබූ අය අතරින් අඩකට ආසන්න ප්‍රතිශතයක් (46.6% […]

ISIS ත්‍රස්තයින්ට සිය “අගනුවර​” අහිමි වේ

ISIS හෙවත් “ඉස්ලාමික රාජ්‍යය​” ත්‍රස්ත සංවිධානය සිය “අගනුවර​” ලෙස හඳුන්වාගත් රකා නගරය සම්පූර්ණයෙන්ම මුදාගත් බව ඔක්තෝබර් 17 වනදා සිරියානු ප්‍රජාතාන්ත්‍රික බලකා (Syrian Democratic Forces – SDF) විසින් නිවේදනය කෙරුණා. මෙය ඉස්ලාමික රාජ්‍යය යයි හඳුන්වාගන්නා ත්‍රස්ත සංවිධානයට දරුණු පරාජයක් ලෙස සැළකෙන අතර​ සිරියානු කුර්දි ජාතිකයන්ගේ සහ SDF සංවිධානයට ආධාර කරන ඇමරිකා එක්සත් ජනපදයේ ජයග්‍රහණයක් ලෙස ද හඳුන්වා […]

ලංකාවේ වැඩකරන චීන කම්කරුවෝ

අපේ රටට ලැබෙන චීන ණය සහ ආධාර සමඟ එන චීන සමාගම් වගේම චීන මිනිස්සුත් දැන් දැන් හරි හරියට වැඩ කරති . රටවල් ණය නිකුත් කරන ව්‍යාපෘතිවලදී ඒ ණය යොදවන ව්‍යාපෘති කොන්ත්‍රාක් ඒ රටවලම සමාගම් වලට ලබාගන්නට ඇතැම් දියුණු රටවල් කලක සිට ක්‍රියාත්මක වන වැඩපිලිවලකි. ලංකාවේ වැඩබිම් වල සිටින චීන ජාතිකයින් බොහෝවිට පැමිණ ඇත්තේ එවැනි කොන්ත්‍රාත් […]

සසිකලාගේ ආගමනය සමඟ ඇවිලුන තමිල්නාඩු දේශපාලනය​

තමිල්නාඩුවේ ටික දිනක් තිස්සේ පැවති බල අරගලය 2017 පෙබරවාරි 16 වනදා නිමාව දුටුවේ බලාපොරොත්තු නොවූ ආකාරයෙන්. ඒ එඩපිඩි කේ. පලනිස්වාමි මහ ඇමති ලෙස දිවුරුම් දීමෙන්. සෙනසුරාදා දිනයේ පලනිස්වාමි තමන්ට ප්‍රාන්ත සභාවේ බහුතරයක් ඇති බවට සනාථ කළ යුතු වුණා. ඒ සඳහා පැවති ඡන්ද විමසීම අවස්ථා කිහිපයකදී ම උණුසුම් වුණේ ප්‍රධාන විපක්ෂය වන DMK පක්ෂයේ විරෝධතා හේතුවෙන්. […]

අල්ලස් ලබා ගත් සංවර්ධන සහකාරකවරයෙක් අත්අඩංගුවට

රියදුරු බලපත්‍ර ලිඛිත පරීක්ෂණය සමත්කර දීම සඳහා රුපියල් 5,000ක අල්ලසක් ලබාගත් හම්බන්තොට මෝටර් රථ දෙපාර්තමේන්තු කාර්යාලයේ සංවර්ධන සහකාරවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. අද දින එම කාර්යාලයේ පැවති රියදුරු බලපත්‍ර ලබාදෙන එක් දින සේවාවේ දී මෙම අල්ලස ලබාගෙන ඇති බව වාර්තා වේ. හම්බන්තොට වීරවිල ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් ලද පැමිණිල්ලක් මත අල්ලස් සහ දූෂණ විමර්ෂන කොමිෂන් සභාවේ කාන්තා ජ්‍යේෂ්ඨ […]

කාර්යබහුලත්වය නිසා සිදුවන මරණ

ජපන් ජාතිකයන් ගැන හිතද්දි ඔබට මුලින්ම මතක් වෙන්නේ කඩිසර, කිසිම කම්මැලි කමක් නැති මහන්සි වෙලා වැඩකරන ජාතියක් විදිහට වෙන්න පුළුවන්. නමුත් ඔබ දන්නවද ඔවුන්ගේ මේ පමණ ඉක්මවා වැඩ කිරීම ඇතැම්විට ඔවුන්ට මරණය ළඟා කරවන බව. ජපානය දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ විශාල දියුණුවක් ලබාගත් රටක්. අද වන විට ලෝකයේ ශක්තිමත්ම ආර්ථිකයක් තිබෙන රටක් විදිහටත් ජපානය හඳුන්වන්න […]

කොරෝනාවෙන් බැටකන තෙළිගු ජීවිත

රටතුල පැවති කොරෝනා වසංගතයත් සමග මෙරට ජන ජීවිත රැසක් බිදවැටුන අතරම මෙරට ජීවත් වන ජන කොට්ඨාශයක් වන තෙළිගු ජනතාවට ද මෙයින් විශාල බලපෑමක් එල්ලව අන්ත අසරණ තත්වයකට පත්ව ඇති බව ඔවුන් පවසති. පාරම්පරික උරුමයත් සමග තම ජීවිතය ඉදිරියට ගෙන යන තෙළිගු ජනතාව අතීතයේ සිටම සෑම ජන කොටසක් සමගම ඉතා සමීපව කටයුතු කළ පිරිසකි. විවිධ බලපෑම් […]

ළගටම එන සිතාසියක සුලමුල ගැන ඔබ දැනුවත්ද

ශ්‍රී ලංකාවේ පුරවැසියන් වන අපිට සිතාසිය කියන්නේ සුලබව අහන්න ලැබෙන වචනයක්. නමුත් වයස් භේදයකින් තොරව සිතාසි කියන වචනය ඇසූ පමණින්ම හිත තිගැස්සෙනවා කියන එක නම් රහසක් නෙවෙයි. දඩුවම් ලැබීමට තියන බිය නිසාවෙන්දෝ වරදක් කළත් නොකළත්  සිතාසියක් අපේ නමට ලැබුණොත් හිතට ඇති වෙන්නේ වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි තරමේ චකිතයක්. නමුත් කොහොමද මේ සිතාසි අපේ ළඟටම එන්නේ […]

හෙරොයින් හා මත්පෙති සමග දෙදෙනෙක් අත්අඩංගුවට

කොටුව පොලිස් වසමේ, තරු පහේ හෝටලයක් අසළ දී හෙරොයින් ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 400ක් හා මත්පෙති 5600ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. කොටුව පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුුරුදු 20ක් හා 29ක් වු වත්තල හා අංගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. සැකකරුවන් අද (26) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය […]

ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද විථි සංචාරය කෙරේ

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර අද (25) විථී සංචාරය කිරීමට නියමිතව තිබේ. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා කියා සිටියේ 25 සිට 29 වෙනිදා දක්වා කුඹල් පෙරහැර පැවැත්වෙන අතර, 30 වනදා ප්‍රථම රන්දෝලී පෙරහැරත්, ජූලි 31 වනදා ගිනි පෑගීම සහ දියකැපීමේ මංගල්‍යය අගෝස්තු 04 වනදා පැවැත්වීමට නියමිත බවයි. අවසන් රන්දෝලි මහා පෙරහැර […]

හිසරදයක්ව ඇති ලංකාවේ මොණර ගහණය

මොණරා ඉතාමත්ම අලංකාර පක්ෂියෙක්. මීට දශක ගණනාවකට පෙර වියළි කලාපයේ ගම්මාන ආශ්‍රිතව මොණරුන් සුලබව දක්නට ලැබුණේ නැහැ. නමුත් එම ප්‍රදේශවල කැලෑ බිම් ක්‍රමයෙන් එළි පෙහෙළි වන විට මොණරා ගම්මාන කරා නිතරම පැමිණෙන්නට වුණා. එලෙස ගම් වදින මොණරුන් ගොවියන්ගේ වගාවන් විනාශ කිරීම නිසා ගොවියන් අසරණ වීම පසුගිය කාල සමයේ දී නිතර අසන්නට ලැබුණු දෙයක්. ලංකාවේ මොණර […]

සඳුදා ඇරැඹෙන 11,12,13 ශ්‍රේණි සවස 3.30 දක්වා

පාසල්වල ලබන සඳුදා (27 වැනිදා) සිට ආරම්භ කෙරෙන ශ්‍රේණි සඳහා සවස 3.30 දක්වා ඉගැන්වීම් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. එම ශ්‍රේණිවලට අදාළ ගුරුවරුන් හැර වෙනත් ගුරුවරුන් පාසලට පැමිණීම අවශ්‍ය නොවන බවත් අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම විධිවිධානවලට අදාළ නව චක්‍රලේඛයක් අද (23 වැනිදා) හෝ හෙට (24 වැනිදා) නිකුත් කිරීමට නියමිතය. ලබන සඳුදා ආරම්භ කෙරෙන්නේ […]

ලොව විශිෂ්ටතම සැඟවුණු වෙඩික්කරුවා – “ධවල මරණය” හෙවත් සිමෝ හයිහා

සතුරාට නිශ්චිතවම මරණය ගෙන එන සැඟවී සිටින වෙඩික්කරුවා යන අර්ථය ඇති ස්නයිපර්කරු, සටනක ජයග්‍රහණය සඳහා අත්‍යවශ්‍ය සාධකයක් ලෙස හදුන්වා දෙන්නට පුළුවන්. හතරවන ඊළාම් යුද්ධයේදී LTTE සංවිධානයේ නායකත්වය හා ස්නයිපර්වරුන් බියෙන් සලිත කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ක්‍රෝපල් රංජිත් ප්‍රේමසිරි හෙවත් නීරෝ පිළිබඳව “වන්නි මෙහෙයුමේ සැඟවුණු වෙඩික්කරු – නීරෝ” නමින් පසුගිය දිනක ලිපියක් ගෙන ආවා ඔබට […]

සුවය ලැබූ ආසාදිතයන් 2041ක් දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයින් 06 දෙනෙක් අද (21)  පුර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2041ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වනවිට කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් 672ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි

බුද්ධි ලොක්කාගේ ලිපිය නොසැලකූ හිටපු පොලිස්පති

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා එවන ලද පූර්ව දැනුම්වත් කිරීමේ ලිපිය පිළිබඳව එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වැඩි අවධානයක් යොමු කර නැතැයි” හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකවරයකු වන කීර්ති ගජනායක මහතා පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කර ඇත.  ජාතික බුද්ධි ප්‍රධානී සිසිර […]

උඩු මහළෙන් බිමට පැන පුද්ගලයෙකු සියදිවි නසා ගනී

මත්තෙගොඩ, සමගි උයන ප්‍රදේශයේ තෙමහල් ගොඩනැඟිල්ලකින් පැන පුද්ගලයෙකු සියදිවි හානි කරගෙන තිබේ. අදාළ පුද්ගලයා සිය ඥාති නිවසකට ගොස් එහි නිවැසියන් සමග ඉහළ මාලයේ රැඳී සිටිය දී එකවර බිමට පැන ඇති බව පොලීසිය පවසයි. මියගොස් ඇත්තේ 34 හැවිරිදි මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි. අදාළ පුද්ගලයා විශාදය නමැති මානසික රෝගී තත්ත්වයෙන් පෙළෙන අයෙකු බවට ද අනාවරණය වී […]

රු. 20,000 ලබාදිය හැකි ක්‍රමය සජිත් කියයි

කොවිඩ්-19 වසංගත තත්ත්වය පැවැති සමයේ ජනතාවට රුපියල් 20,000ක සහනය ලබාදීමට හැකි ආකාරය පිළිබදව සමගි ජන බලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කොත්මලේ ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සදහන් කළේය. කොවිඩ් වසංගතයට මුහුණ දුන් රටවල් රැසක්ම මූල්‍ය උත්තේජක පැකේජය ලබාදුන් බවත්, මෙරට ජනතාවට ද එය සහන පැකේජය ලබාදීමට හැකි බව […]

විස්කි විශේෂයක් කඩදාසි බෝතලවල අලෙවි කරයි

වසර දෙසීයකට වඩා වැඩි ඉතිහාසයක් ඇති විස්කි විශේෂයක් කඩදාසි බෝතලයකට පුරවා අලෙවි කිරීමට සැලසුම් කර තිබේ. නව වෙනස සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ එම විස්කි විශේෂයේ හිමිකාරත්වය දරන ඩියාගෝ නමැති ස්කොට්ලන්ත සමාගමයි. එම විස්කි දැනට බහාලන්නේ වීදුරු බෝතල තුළය. ලබන වසරේ සිට කඩදාසි බෝතල හඳුන්වාදීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන්නට සමාගම තීරණය කර තිබේ. නව ඇසුරුම හඳුන්වා දෙන්නේ […]

මොණරාගල කොරෝනා ආසාදිතයින් 2 ක්

මොණරාගල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හදුනාගෙන ඇති බව මොණරාගල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පී ඩී කේ අධිකාරි මහතා පවසයි. කොරෝනා බවට සැක තවත් පුද්ගලයින් පස් දෙනෙකු පිළිබද තොරතුරු ලැබී ඇති බව ඔහු සඳහන් කළා. සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කටකතාවලට නොරැවටී සමජ දුරස්ථ භාවය රැක ගනිමින් කටයුතු කරන ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේනව විට ආසාදිතයින් […]

බොලිවුඩ් තරු රැසක් කොවිඩ් අවදානමේ

මෙතෙක් ගෝලීයව හඳුනාගත් වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයන් ගණන ගතවූ පැය විසි හතරේදී වාර්තා විය. අද වන විට ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන එක්කෝටි තිස් ලක්ෂය ඉක්මවා යද්දී සිදුව ඇති මරණ සංඛ්‍යාව පන් ලක්ෂ හැත්තෑ එක්දහස පසු කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වැඩිම ආසාදිතයන් පිරිසක්  වාර්තාවී ඇත්තේ අමෙරිකාව, බ්‍රසීලය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල් වලිනි. වසංගතයෙන් […]

ඡන්දෙට සෞඛ්‍ය ගැසට්ටුව ගහන්න නීතිමය බලයක් නෑ

මහ මැතිවරණය සෞඛ්‍ය නිර්දේශවලට අනුව පැවැත්වීමට අදාළ නිර්දේශ ඇතුළත් ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් නොකිරීම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාව දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව වාර්තා වේ. කොවිඩ් 19 වයිරසය හමුවේ මහ මැතිවරණය පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් නිර්දේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත බාර දෙනු ලැබූ […]

සුපිරි නළු අමිතාබ්ටත් ඔහු පුත් අභිෂේක්ටත් කොරෝනා වැළඳේ

බොලිවුඩ් සුපිරි නළු අමාතාබ් බච්චන් හා ඔහු ගේ පුත් බොලිවුඩ් නලු අභිෂේක් බච්චන්ට කෝවිඩ් 19 වෛරසය ආසාධනය වී ඇත. අමිතාබ් හා අභිෂේක්  බච්චන්ලාට  සිදු කළ  පරීක්ෂණයේදී ඔවුනට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර ඔවුන්  රෝහල් ගත කර ඇත. අද දින සිය ට්විටර් ගිනුමේ අමිතාබ් බච්චන් තමාට කෝව්ඩ් 19 වැලදී ඇති […]

ආර්.පී.ජී. සහ ගිනි අවි 100 ක් පාතාලය ළඟ

දකුණේ ප්‍රබල පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන දැනට රිමාන්ඩ් භාරයේ පසුවන කොස්ගොඩ තාරක නමැත්තාගේ හා ඔහුගේ ප්‍රධානතම ගෝලයා බව කියන ගගන නමැත්තාගේ කල්ලියේ සාමාජිකයින් ළඟ ආර්.පී.ජී. අවි සහ ස්වයංක්‍රීය ගිනිඅවි 100ක පමණ තොගයක් තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයි පාතාල මර්දන කටයුතුවල යෙදී සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්  පැවැසීය. එල්.ටී.ටී.ඊ. සංවිධානය ක්‍රියාත්මක වෙමින් පැවැති වකවානුවේ උතුරේ රහසිගත […]

සියලූම වාහනවල අපේක්ෂක ප්‍රවර්ධන ඡායාරූප ඉවත් කිරීමට පොලීසියට උපදෙස්

සියලූම වාහන හා ත්‍රීරෝද රථවල අලවා ඇති පක්ෂ, කණ්ඩායම් සහ අපේක්ෂක ප්‍රවර්ධන ස්ටිකර්, ඡායාරූප සහ විත්‍ර ඉවත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් පොලීසියට උපදෙස් දී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව දන්වා තිබේ. මැතිවරණ නීතිරීතිවලට අනුකූල නොවන අන්දමින් පෞද්ගලික බස් රථ, ත්‍රීරෝ රථ ඇතුළු පෞද්ගලික වාහනවල අපේක්ෂකයන්, පක්ෂ […]

ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1450 දක්වා ඉහළට

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1450 ඉක්මවා තිබේ. වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රමුඛ සභිකයන් රුපියල් 166,000ක්, එච්. ප්‍රියන්ති ආර්. පීරිස් මහත්මිය රුපියල් 5,000ක්, ‘A’ Group Construction & Consults හි කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු පී. ත්‍යාපරන් මහතා රුපියල් 200,000ක්, එළවළු, පළතුරු […]

සීෂෙල්ස් අධිකරණයේ ඉහළම තනතුර ලාංකිකයෙක්ට

ශ්‍රී ලංකාවේ මෙන්ම සීෂෙල්ස් හි ද පුරවැසිභාවය හිමි ඇන්තනි ප්‍රැන්සිස්‌ තිස්ස ප්‍රනාන්දු, සීෂෙල්ස්හි අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස පත්කිරීමට එරට ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා. ඔහු 2020 වසරේ ජූනි මස 1 වන දා සිට එම ධුරයේ කටයුතු ආරම්භ කරනවා. සීෂෙල්ස් ජනරජයේ අධිකරණ පද්ධතිය ගත් කළ එහි ප්‍රධානියා වන්නේ අභියාචනාධිකරණයේ සභාපතිවරයා යි. ඒ අනුව සීෂෙල්ස්හි අධිකරණ පද්ධතියේ ඉහළම විනිසුරුවරයා […]

බස්නාහිර පළාත පුරා පාතාල කල්ලි විස්සක්

පාතාලයේ දැල සිදුරු කරමින් පොලිසිය දැල එළුවේය. ඒ දැලට ලොකු මාළු මෙන්ම පොඩි මාළුද අසුවූයේ නොසිතූ ලෙසිනි. පැය කීපයක මෙහෙයුමකින් බරපතළ ගනයේ අපරාධකරුවන් අසූහය දෙනෙකු දැලට හසුවූ බව පසුගියදා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.    කොරෝනා වෛරසයේ ප්‍රහාරය යටපත් වෙද්දී පාතාලය හිස ඔසවන්නට පටන් ගත්තේ ප්‍රධාන ලෙසම කුඩු ජාවාරම පදනම් කරගෙනය. මේ ගැටුම්වලින් […]

විභාග ගැන තීන්දු ගන්න ටියුෂන් මුදලාලිලාට බැහැ

විභාග කොමසාරිස් ජනරාල්වරයා හා ආණ්ඩුව උපකාරක පංති මුදලාලිලාගෙන් විමසමින් ජාතික විභාග පැවැත්වීමට කටයුතු කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් අධ්‍යාපන අමාත්‍යංශය කොරෝනා පාළනයට වසා තැබූ පාසල් නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් විවිධ අදහස් ප්‍රකාශ කිරීම නිසා මුලු රටේම පාසල් පද්ධතිය දැඩි ව්‍යාකූල තත්ත්වයකට පත්ව ඇති බවත් ලංකා ගුරු සංගමය චෝදනා කරයි. එම සංගමය මෙම චෝදනා සිදු […]

කැබිනට් සහ රාජ්‍ය ඇමැතිවරුන්ට විෂය පැවරීම එකවරම

ඉදිරි මහ මැතිවරණයෙන් පසු අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී මෙරට කැබිනට් ඉතිහාසයේ ප්‍රථම වරට කැබිනට් අමාත්‍යවරුන්ට සමාන්තරව රාජ්‍ය අමාත්‍යවරුන්ට ද එකවර ගැසට් මගින් විෂය කාර්යයන් පැවරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.  එවිට රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විෂය කාර්යයන්ට කැබිනට් අමාත්‍යවරුනට කිසිසේත්ම ඇඟිලි ගැසීමට හෝ පාලනය කිරීමට අවස්ථාව නොලැබේ. ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගනු ලැබුවේ පසුගිය වර […]

නාකොටික් නිලධාරීන්ගේ බැංකු ගිණුම් පීරයි

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ සේවය කරන සියලුම නිලධාරීන්ගේ බැංකු ගිණුම් සහ දුරකතන සබඳතා පරීක්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. නිලධාරීන් කිහිපදෙනෙකු විසින් අල්ලාගත් මත්කුඩු තොගයක් ජාවාරම්කරුවන්ට විකිණීම නිසා පොලීසිය තුළ ඇතිව තිබෙන ගැටලු සහගත තත්ත්වය හේතුවෙන් එය නිරාකරණය කිරීම සඳහා මෙලෙස සිදුකරන බව සඳහන් වේ. කෙසේ වෙතත් හෙරොයින් සිද්ධියට අත්අඩංගුවට ගත් පිරිසකට අමතරව […]

හසලක දී මනුෂ්‍ය ඝාතනයක්

හසලක පොලිස් වසමේ මොරයාය රෝහල අසල නිවසක කාමරයක් තුළ අමානුෂික ලෙස පහර දී තුවාල ලබා සිටි පුද්ගලයෙකු මොරයාය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත. අදාළ ස්ථානයේ නිවසක පුද්ගලයෙකුට පහරදී සඟවා සිටින බවට හසලක පොලීසියට ලද තොරතුරක් මත පොලීසිය අදාළ ස්ථානයට ගොස් පරීක්ෂා කර බලා තුවාල ලබා සිටි පුද්ගලයා රොහල්ගත කිරීමට පියවර ගෙන ඇත. පසුව ඔහු මියගොස් […]

න්තාවගේ මාලය කඩාගෙන නිරුවත් ඡායාරූපත් අරන්

ඇතිමලේ කොටියාගල ප්‍රදේශයේ නිවසකට රාත්‍රී ඇතුළු වූ පුද්ගලයකු නිවසේ සිටි කාන්තාවකට පිහියක් පෙන්වා මරණීය තර්ජනය කොට ගෙල බැඳි රන් මාලය පැහැරගෙන ඇයගේ උඩුකය නිරුවත් කොට ජංගම දුරකතනයකින් රූගත කිරීමේ සිද්ධියක් පිළිබඳව ඇතිමලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි. මෙම කාන්තාව ඇතිමලේ කොටියාගල කැකුලාන ප්‍රදේශයේ පිහිටි තම දෙමව්පියන්ගේ නිවසට පැමිණ සිටියදී මෙම සිද්ධියට මුහුණ පා ඇත. නාඳුනන අයකු නිවසට […]

එම්.සී.සී. කමිටු වාර්තාව ගැන සතියක් ඇතුළත අදහස් දෙන්න

එම්.සී.සී. ගිවිසුම පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කළ ලලිතසිරි ගුණරුවන් කමිටුවේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් සතියක් තුළ සිය අදහස් ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී ඇත. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැති අතර එහිදී මෙම දැනුම් දීම සිදුකර තිබේ. සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. මෙහිදී ඇතැම් අමාත්‍යවරුන් […]

ටයරයේ දමා පුළුස්සීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් තිදෙනා රදවා ප්‍රශ්න කරන්න අවසර

දඹුල්ල ඉහල ඇරැවුල ගෝනවැව ප්‍රදේශයේ දී ටයර් දමා පුළුස්සා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් තුන්දෙනා රඳවා ගෙන ප්‍රශ්න කිරීම සඳහා දඹුල්ල මහේස්ත්‍රාත් සෙනරත් බණ්ඩාර ඉලංගසිංහ මහතා දඹුල්ල පොලීසියට අවසර ලබාදීම දුන්නේය. මාතලේ  කොට්ඨාස අපරාධ විමර්ශන අංශය  විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන දඹුල්ල පොලිසියට ඉදිරිපත් කිරීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. පසුව දඹුල්ල මූලස්ථාන පොලිස් […]

දිවා සුරැකුම් මධ්‍යස්ථාන යළි විවෘත කිරීම ජූලි 6වැනිදා

කොරෝනා වයිරසය හේතුවෙන් වසා දමා තිබූ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ජූලි 6 වැනිදා සිට යළි විවෘත කිරීමට හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඡඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ,  දිවා සුරැකුම් මධ්‍යස්ථානවල රැකවරණය දෙනු ලබන සියලු දරුවන් ගෙන්වා ගැනීම සඳහා අවසර ලබාදී ඇති බවය. කොරෝනා වයිසරයෙන් ආරක්ෂා වීම සඳහා අනුගමනය […]

MCC ගිවිසුම ගැන රජයේ ස්ථාවරයේ කිසිදු වෙනසක් නෑ -අමරවීර

මිලෙනියම් චැලේන්ජ් කෝපරේශන් ( MCC) ගිවිසුම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරයේ  කිසිඳු වෙනසක් නොමැති බව විදුලිබල හා බලශක්ති හා ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් මේ සම්බන්ධව පැහැදිළි  එකම ස්ථාවරයක සිටින බව ඒ මහතා පැවසීය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ  හම්බන්තොට පැවැති රැස්වීම් ඇමතීමෙන් පසුව මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්න කිහිපයකට පිලිතුරු දෙමිනි. […]

ඡන්දය දින ආරක්ෂාවට එස්.ටී.එෆ් 5000 ක්

මෙවර මහමැතිවරණය පැවැත්වෙන අගෝස්තු 05 වැනි දින ආරක්ෂාව සඳහා විශේෂ කාර්ය බලකායේ සෙබළුන් 5000ක් යෙදවීමට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා තීරණය කර තිබේ. මෑත ඉතිහාසයේ පළමුවරට ඡන්දය පැවැත්වෙන දිනයේ ඡන්ද ගණන් කිරීමක් මෙවර සිදු නොකෙරෙන අතර එය ඊට පසුදින (06) උදෑසන සිට ආරම්භ කිරීමට තීරණය කර ඇත. ඒ අනුව අගෝස්තු 05 වැනිදා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් […]

එතනෝල් ආනයනය තහනම් කිරීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නෑ

මෙරටට එතනෝල් ආනයනය තහනම් කිරීමට රජය ගත් තීරණයේ කිසිදු වෙනසක් නොමැති බව රජයේ සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. අමාත්‍යවරයා වැඩිදුරත් සඳහන් කළේ, එම ආනයන තහනම් හේතුවෙන් මෙතෙක් එතනෝල් ව්‍යාපාරිකයින් දේශීය එතනෝල්වල ගුණාත්මකභාවය පිළිබඳව සාවද්‍ය ප්‍රකාශ පතුරුවමින් සිටින බවයි. මේ අතර කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ආර්ථිකය යළි ශක්තිමත් කිරීම සඳහා රජය ගෙන ඇති තීරණ කිහිපයක්ම […]

සූර්යබලාගාරයකට අනුමැතිය දෙන්න හිටපු ඇමැතිවරයෙක් කෝටි 50ක් අරන්

පසුගිය ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයෙක් සූර්යබල ව්‍යාපෘතියක් අනුමත කිරීම සඳහා රුපියල් කෝටි පනහක මුදලක් ලබාගෙන ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් පැවසීය. ඊයේ (24 වැනිදා) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී විෂය භාර ඇමැති මහින්ද අමරවීර ඉදිරිපිටදීම මේ බව කී සභාපතිවරයා තමා මේ හෙළිදරව්ව කරන්නේ ඉතාම වගකීමන් යුතුව බවද පැවසීය. පසුගිය 23 වැනිදා […]

මෛත්‍රීගේ රනිල්ගේ නිවෙස්වලට සී.අයි.ඩිය යයි

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් එළඹෙන සතියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇත. පෙර දැනුම් දීමකින් පසුව ඔවුන්ගේ නිවෙස්වලට ගොස් එම ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇතැයි සඳහන් වේ. ඊට අමතරව මුදල් අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක ආර්. පාස්කරලිංගම් සහ මහජන බැංකුවේ හිටපු […]

තනි මනාප සෙල්ලමට අගමැති වැට බඳී

පක්ෂයේ අනෙක් අපේක්ෂකයන්ට මනාප නොදී තමාට පමණක් මනාප දෙන්නැයි කියමින් ඡන්ද ව්‍යාපාරයේ නොයෙදෙන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ට උපදෙස් දී ඇත. අහවලාට මනාප තියෙනවා. එයාට දෙන්න ඕන නැහැ. මට මනාපය දෙන්න කියමින් ඇතැම් අපේක්ෂකයන් මනාප සටනක යෙදී සිටින බවට තමාට වාර්තා වී ඇතැයි ද අගමැතිවරයා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ගේ රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. මැතිවරණ […]

ඉන්දීය නැවියන් පිරිසක් රැගෙන එයි

විදේශීය නැවක සේවය කිරීම සඳහා ඉන්දීය ජාතික නාවිකයන් 77 දෙනෙකු කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ. මෙම පිරිස ඉන්දියාවේ මුම්බායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6E9091 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ තුළදීම පී.සී.ආර්.පරීක්ෂණ සඳහා සම්බන්ධ කර ගැනීමට කොළඹ පෞද්ගලික රෝහලක කාර්යය මණ්ඩලයක් කටුනායක ගුවන් […]

කෝවිඩ් 19 දෙවැනි රැල්ල උතුරෙන්ද..

ලෝකය තුළ විවිධ රටවල මේ වනවිට කෝවිඩ් 19 නව කොරෝනා දෙවැනි රැල්ලක් හිස ඔසවා එමින්  ඇත. ඒ අතර මෙරට තුළ ද කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ලක් ඇති වීමේ ඉතා ඉහළ අවදානමක් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ඉකුත්දා අනතුරු ඇඟවීමක් සිදුකළේය. සෞඛ්‍ය අංශවල නිර්දේශ අනුකූලව සංචරණ සීමා ලිහිල් කර ඇතත් මේ වනවිට මෙරට […]

සඳ හිරු සෑයේ තැන්පත් කිරීමට රේගුවෙන් දුන් රත්තරන් ගැන ජනපති කොමිසමේ දී අනාවරණයක්

අනුරාධපුර සඳ හිරු සෑයේ තැන්පත් කිරිමට රේගුවෙන් ලබා දුන් රත්‍රං තොගය හිටපු ආරක්ෂක ලේකම් හා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කීමට ලබා දුන් බව පවසන්නැයි විමර්ශන නිලධාරීන් තමාට දෙවරක් බලපෑම් සිදු කළ බව විශ්‍රාමික අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයකු වන තාරක සෙනෙවිරත්න මහතා ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය කර තිබේ. යහපාලන රජ‍ය සමයේ දේශපාලන පිළිගැනිම් සිදු වූ බවට දේශපාලන පළිගැනීම් […]

ඉකුත් වසරේ මහ භාණ්ඩාගාරයේ කෝටි 19,660ක බිල්පත් ගෙවා අවසන්

ඉකුත් වසරේ නොගෙවා මහ භාණ්ඩාගාරයේ ගොඩගැසී තිබූ හිඟ බිල්පත්වලින් රුපියල් කෝටි 19,660ක බිල්පත් ගෙවා අවසන් කර ඇතැයි මුදල් අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි. ඉකුත් 2019 වසරට අදාළව රුපියල් කෝටි 15,590ක හිඟ බිල්පත් පසුගිය දෙසැම්බර් 31 වැනිදා වනවිට ලැබී තිබූ අතර ඉකුත් නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලට අදාළව රුපියල් කෝටි 8,480ක හිඟ බිල්පත් මේ වසරේ මුල් මාස කිහිපයේදී මහා භාණ්ඩාගාරයට ලැබී තිබුණු බව ද එම […]

ෂැංග්‍රිලා ප්‍රහාරයට ලංකාවෙන් සොයා නොගත් රසායනික ද්‍රව්‍ය යොදා ගෙන ඇතැයි කොමිසමට කියයි

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාවේ  ෂැංග්‍රිලා හෝටලයට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සඳහා මෙතෙක් ලංකාවෙන් සොයා නොගත් යූරියා නයිට්‍රේට් නැමැති රසායනික ද්‍රව්‍ය අඩංගු බෝම්බ නිෂ්පාදනය කර තිබෙන බව හිටපු රජයේ රස පරීක්ෂක ඒ.වැලිඅංගේ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පවත්වන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළේය. එමෙන්ම එම බෝම්බ සඳහා වැඩි දියුණු කරන ලද […]

උමා ඔය ව්‍යාපෘතියේ සේවය කරන ඉරාන සේවක පිරිසක් පැමිණේ

ඉරාන ජාතිකයින් 86 දෙනෙකු රැගෙන ඉරාන ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් ටෙහෙරාන් නුවර සිට  කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ. ඔවුන් මෙරට ක්‍රියාත්මක උමා ඔය ජල යෝජනා ක්‍රම ව්‍යාපෘතියේ සේවය කරන ඉරාන ජාතිකයන් පිරිසක් බව කටුනායක ගුවන්තොටුපළේ කාර්ය භාර නිලධාරීවරයා සදහන් කළේය. ඉරාන ගුවන් සේවයට අයත් අයි. ආර්. 5374 දරන විශේෂ ගුවන් යානයෙන් ඔවුන් […]

ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන ප්‍රමිතිගත කරන්නැයි ඉල්ලීම්

දිවයින පුරා පිහිටි ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන පන් දහසක සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක කිරීමත් සමග ඒවා ප්‍රමිතිගත කරන ලෙස ජාතික සුදුසුකම්ලාභී උපදේශකයන්ගේ සභාව විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සහ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත. සුදුසුකම් සහතික නොමැති පුද්ගලයන් ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන පවත්වාගෙන යාම නිසා පාරිභෝගිකයාට නිසි සේවාවක් නොලැබෙන බව මෙම අමාත්‍යාංශ විසින් හඳුනාගෙන ඇත. පාරිභෝගිකයාට ගුණාත්මක සේවාවක් ලබාදීමට සහ මෙම […]

බණ කියලා යාඥා කරලා උද්ඝෝෂකයෝ එළවන්න බැහැ-ආරක්ෂක ලේකම්

රට ඇරපු ගමන් රටේ ජනතාවගේ ජීවිත අවදානමකට ලක්කරමින් උසාවි නියෝගද නොතකා ඇමරිකාවට පාඩම් උගන්වන්න පැමිණි නිසා පෙරටුගාමී උද්ඝෝෂණයට එක්වූ උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගැනීමට සිදුවූ බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ‘අරුණ’ට පැවසීය. උද්ඝෝෂණ කරලා අපි ඇමරිකාවට පාඩම් උගන්වන්න, ඇමරිකාවට හැසිරෙන හැටි කියලා දෙන්න යෑමෙන් අපේ රටේ අහිංසක මිනිසුන්ගේ ජීවිත අවදානමකට ලක් වෙනවා. උද්ඝෝෂණ කිරීමට වෙන්කළ […]

සත්වෝද්‍යාන සහ වනෝද්‍යාන 15 වැනිදා සිට යළි විවෘත කෙරේ

ජාතික සත්වෝද්‍යාන, උද්භිද උද්‍යාන, වනජීවී ජාතික උද්‍යාන සහ වන සංරක්ෂණ උද්‍යාන යළි විවෘත කිරීමට තීරණය කර ඇත. වනජීවී අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සදහන් කළේ මේ මස 15 වැනිදා සිට එම ස්ථාන විවෘත කෙරෙන බවයි.

කොවිඩ් ආධාරවලට මොකද වුණේ?-රනිල් විමසයි

කොවිඩ් 19 වසංගතය පාලනය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබා දී ඇති අමෙරිකානු ඩොලර් මිලියන 230කට සිදුවූයේ කුමක්දැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ප්‍රශ්න කර සිටියි. ඔහු මේ බව පැවසුවේ අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කළුතර සහ මාතර එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන් දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්. කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය […]

කුඩා ව්‍යාපාර නඟා සිටුවන්න ණය මුදලක්

කුඩා ව්‍යාපාර නඟා සිටුවිම සඳහා සහන පොළියට ණය මුදලක් ලබාදීමට රජය තීරණය කළ බවත් එම මුදල ලබාදිම ලබන මස සිට ක්‍රියාත්මක බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. අමාත්‍යවරිය මෙම අදහස් පළ කරන ලද්දේ පසුගියදා ගලෙන්බිදුණූවැව ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවැති රැස්වීමකට සහභාගි වෙමිනි. මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසීය. “ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් […]

ඉන්දියාවේ පුරාවස්තු ගෙන යද්දී මුලතිව් මුහුදේ ගිලුණු නැව

වටිනා පුරාවස්තු රැසක් එංගලන්තයට ගෙන යමින් තිබූ නැවක් මුහුදේ ගිලී ගිය බවත් ඒ පුරාවස්තු සියල්ල මුහුදු පත්ලේ සැඟවී ගිය බවත් මෙරට ජනයා අතර ප්‍රසිද්ධ කතාවකි. නමුත් එලෙස මෙරට පුරාවස්තු ගෙන ගිය නැවක් මුහුදුබත් වීමක් ගැන කිසිදු වාර්තාවක් නැත.  1962-63 වර්ෂයේ පුරාවිද්‍යා පාලන වාර්තාවේ එවකට පුරාවිද්‍යා කොමසාරිස් චාල්ස් ගොඩකුඹුර මහතා 40 වැනි පිටුවේ මෙසේ දක්වා ඇත.  […]

කාර්යාල සේවාව දෙකට නොකැඩුවොත් ඔක්කොම අමාරුවේ

රජයේ කාර්යාල සේවා මුර දෙකක් යටතේ විවෘත නොකළහොත් එම සේවකයන් මෙන්ම ඉන් සේවාව ලබාගැනීමට පැමිණෙන මහජනතාවට මෙම සතියේ සිට බස් රථවල දැඩි තදබදයකට ලක්වීමට හැකි බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි. දැනට පෞද්ගලික අංශය උදෑසන 10 ට ආරම්භ වන නිසා රාජ්‍ය අංශය පළමු කාණ්ඩය උදෑසන 9ට ආරම්භ වී සවස 3ට අවසන් […]

එන්ගලන්තයේ සිටි ශ්‍රී ලාංකිකයින් 278 ක් කටුනායකට

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 278 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (07)  දින අලුයම ලන්ඩන් නුවර සිට  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . මෙම ගුවන් මගීන් පිරිස එංගලන්තයේ , ලන්ඩන් නුවර , හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට පැමිණි , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරණ […]

සඳුදා දුම්රිය කීපයක් ධාවනය නොවේ

ලබන සඳුදා(08) දිනයේ සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු වුවද දුම්රිය කිහිපයක් එදින ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන දෙනුවර මැණිකේ සහ ගල්කිස්ස සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන සීඝ්‍රගාමි දුම්රියන් ඇතුළු දුම්රිය කිහිපයක් එදින ධාවනය නොවන බව නායෝජ්‍ය සාමාන්‍යාධිකාරි වී.එස් පොල්වත්තගේ මහතා ප්‍රකාශ කරයි. එමෙන්ම ආසන කලින් වෙන්කර ගැනිමේ […]

ජීවන් තොණ්ඩමන් පොහොට්ටුවෙන් නුවරඑළියට?

ඉදිරි මහ මැතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට තරඟ කිරීමට හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ පුත් ජීවන් තොණ්ඩමන් මහතා නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබේ. කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේදී ජීවන් තොණ්ඩමන් මහතා නාමයෝජනා පත්‍රයට අත්සන් තැබූ බව වාර්තා වෙයි. ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතා නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් […]

මැතිවරණ ගැසට්ටුව ගැන එ.ජා.ප. මතයත් උසාවියේ මතයමයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය පිළිබඳ එක්සත් ජාතික පක්ෂය දැරූ මතය ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒකමතික තීන්දුවෙන් සනාථ වන බව එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ ඊයේ (03වැනිදා) ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට එක්සත් ජාතික පක්ෂය ක්‍රියා නොකළේ තම පක්ෂය ඒ කරුණ සම්බන්ධයෙන් වෙනත් මතයක සිටි […]

ඊයේ දිනයට ආසාදිතයින් 40ක්-32ක් විදෙස් සිට පැමිණි අයයි

ඊයේ(02) දිනය තුළ පමණක් මෙරට කොරෝනා ආසාදිතයින් 40 දෙනෙක් වාර්තා වු අතර ඉන් පුද්ගලයින් 32 ක් විදෙස් රටවල සිට මෙරටට පැමිණි අය බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එයින් ආසාදිතයින් 7 දෙනෙක් නාවික සෙබළුන් වන අතර එක් ආසාදිතයෙක් නාවික සෙබළෙක් සමඟ සමීපව ඇසුරු කළ අයෙක් බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය. මේ අනුව, […]

කොවිඩ් ගැන බොරු බිය විපක්ෂයේ වුවමනාවක්-හිටපු ජනපති මෛත්‍රිපාල

කොවිඩ් වසංගතයෙන් රටක් ලෙස අප මෙතෙක් මිදී නොමැති බව පවසමින් විපක්ෂය මැතිවරණය කල්දැමීමට ගන්නා උත්සාහය ගැන පුදුම නොවිය යුතු බවත් එය විපක්ෂයේ භුමිකාව බවත් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන පවසයි. කොරෝනා ව්‍යාප්තිය සාර්ථකව සිදු කිරීම ඔස්සේ රට සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙන බවත් විධිමත් මෙන්ම ශක්තිමත් මැතිවරණ ව්‍යාපාරයකින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමේ හැකියාව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට […]

කොවිඩි තුරන්වනතුරු පාපැදිය රත්තරන්

කොවිඩ් වසංගතය අවසන්වනතුරු පාපැදිය ඉතා උචිත ප්‍රවාහන ක්‍රමයක් ලෙස නිර්දේශ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි. එහිදී පවුලේ සාමාජිකයෙක් හැර වෙනත් පුද්ගලයන් පාපැදියේ රැගෙන යාමෙන් වළකින ලෙසද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි. පාපැදිය සමාජ දුරස්ථතාව ඇතුළු සෞඛ්‍ය නිර්දේශ අකුරටම ක්‍රියාත්මක කළ හැකි ප්‍රවාහන සේවාව බව සෞඛ්‍ය අමාත්‍යාංශය හඳුනාගෙන තිබේ.

දෙදරු පියෙක් නිවස ඉදිරියේ දී ඝාතනය වෙයි

අම්බලන්තොට රොටවල බෝගහ හන්දිය ප්‍රදේශයේ දී ඊයේ(30) රාත්‍රී පුද්ගලයෙකු ඔහුගේ ඔහුගේ නිවස ඉදිරිපිට දී තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇති බව අම්බලන්තොට පොලීසිය පවසයි. අම්බලන්තොට රොටවල බෝගහ හන්දිය ප්‍රදේශයේ තම නිවස ඉදිරිපිටදී මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 35 හැවිරිදි සනත් එදිරිසූරිය නමැති දෙදරු පියෙකි. පෞද්ගලික ආරවුලක් මත ඊයේ රාත්‍රී 9.30 ට පමණ මෙම ඝාතනය සිදුව […]

රනිල් අස්කරයි: සජිත් බෑ කියයි

එ.ජා.ප.ය සිය කෘත්‍යාධිකාරී මණ්ඩලය සිකුරාදා පෙරවරුවේ රැස් කළේය. ඊට සමගාමීව සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස හිතවාදීහු වෙනම එ.ජා.ප. කෘත්‍යාධිකාරියේ තම කණ්ඩායම සමඟ සිටින සාමාජිකයන්ගේ හමුවක් පැවැත්වීය. එ.ජා.ප. කෘත්‍යාධිකාරියේදී සජිත් පිල සමග එක්වූ මැති ඇමැතින්ට එරෙහිව විනය පියවර ගන්නට ගත් තීන්දුව අනුමත කළේය. එහෙත් සමගි ජල බලවේගයේ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ එ.ජා.ප. කෘත්‍යාධිකාරිය අනුමත […]

ඇඳිරි නීතිය උල්ලංඝණය කළ තවත් 143ක් අත්අඩංගුවට

පැය 6 ක් තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 143 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ ඇඳරි නීතිය ක්‍රියාත්මක ඊයේ (28) රාත්‍රී 10 සිට අද (29) අලුයම 4.00 දක්වා කාලය තුළ වාහන සංඛ්‍යාව 45 ක් සිය භාරයට ගත් බවයි. ඇඳරි නීතිය ක්‍රියාත්මක කළ පසුගිය මාර්තු 20 වන දා සිට අද (29) අලුයම 4.00 දක්වා කාලය […]

සේවයට කැඳවා තිබියදීත් නොපැමිණි සේවකයන් නිවාඩු ලැබුවා සේ සලකනවා

ආයතන ප්‍රධානියා විසින් සේවයට කැඳවනු ලැබ නොපැමිණි රාජ්‍ය සේවකයන් නිවාඩු ලැබුවා සේ සලකන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි ‘අරුණ’ට ඊයේ (27 වැනිදා) පැවැසීය. අමාත්‍යාංශ ලේකම්වරයා මේ බව සඳහන් කළේ පවතින තත්ත්වය මත ඇඳිරිනීතිය හෝ ගමනාගමන අපහසුතා මත සේවයට වාර්තා කිරීමට නොහැකි වූ සේවකයන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් උපදෙස් ලබා […]

කොවිඩ් රෝගීන්ට හයිඩ්‍රොක්ලෝරොක්වීන් පෙත්ත එපා-Who

කොවිඩ්-19 වයිරසය මැඬපැවැත්වීම සඳහා හයිඩ්‍රොක්ලෝරොක්වීන් ඖෂධය භාවිතය සහ අත්හදාබැලීම වහාම නතර කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දෙයි. එම සංවිධානය පවසන්නේ මැලේරියාව මර්දනය කිරීම සඳහා භාවිත කරන මෙම ඖෂධය කොවිඩ්-19 රෝගීන්ට භාවිත කිරීමෙන් එම රෝගීන් මරණයට පත්වීමේ අවදානම ඉහළ යන බවයි. එසේම මෙමගින් හෘදයාබාධ ඇතිවීමේ අවදානම ඉහළ යන බවද එම සංවිධානය ප්‍රකාශ කරයි. කෙසේ වෙතත් […]

පහල වායුගෝලය කැළඹෙයි-දිවයිනේ බොහෝ තැන්වලට තද වැසි

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වායක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අද(26) සිට ඉදිරි දින කීපයේ දී බලාපොරොත්තු විය හැකියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ , දකුණු සහ ඌව පළාත්වල ද අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවල ද විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි […]

රත්නජීවන් හූල් මැතිවරණය කල් දැමීමේ කොන්ත්‍රාත්තුව ඉටු කරනවා-ජයන්ත

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තිදෙනා අතුරින් එක් අයකු වන රත්නජීවන් හූල් මහ ඡන්දය කල් දැමීමේ කොන්ත්‍රාත්තුව ඉටු කරමින් සිටින බවට ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා චෝදනා කරයි. ඊයේ (24) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ චෝදනා කර සිටියේය. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ස්ථාපිත කරන ලද ස්වාධීන කොමිෂන් […]

ඡන්දයේ ඉදිරි වැඩට බාධාවක් නැති බව සෞඛ්‍ය විශේෂඥ මතයයි

කොරෝනා වයිරසය පැතිරයාම පාලනය කර ඇති බැවින් මහ මැතිවරණයයේ ඉදිරි කටයුතු කරගෙන යාමට සෞඛ්‍ය විශේෂඥයන්ගේ මතය අනුව කිසිදු බාධාවක් නැතැයි සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉරිදා ලංකාදීපයට පැවැසුවාය. ඉකුත් අප්‍රේල් මස 30 වැනිදායින් පසුව ගතවූ කාල සීමාව තුළ කොරෝනා ආසාදිතයන් සමාජයෙන් වාර්තා වී නැතැයි කී ඇමැතිනි වන්නිආරච්චි මහත්මිය එය ඉතා යහපත් තත්ත්වයක් යැයිද සඳහන් කළාය. […]

ඊයේ හඳුනාගත් ආසාදිතයින්ගෙන් 11ක් නාවික හමුදා සමාජිකයින්

කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් බවට ඊයේ (22) හදුනාගත් පුද්ගලයින් අතර නාවික හමුදා සාමාජිකයින් 11දෙනෙකු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඊයේ දිනය තුළ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 13 දෙනෙකු හදුනාගෙන තිබුණි. ඒ අතර මැලේසියාව සහ කුවේට් හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රැදී සිටින පුද්ගලයින් දෙදෙනෙකු ද වේ. ඒ අනුව මේ වන විට මෙරටින් හදුනාගෙන ඇති […]

CID හිටපු අධ්‍යක්ෂ ශානිට හෙට ජනපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි සිතාසි

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවේ පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා වෙත සිතාසි නිකුත් කර තිබේ. දේශපාලන පළිගැනීමක් මත තමන් වැඩ තහනමකට ලක්වූ බව පවසමින් සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ලලිත් ජයසිංහ මහතා විසින් කොමිසමට පැමිණිල්ලක් සිදුකර තිබුණි. ඊට […]

මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1027 ක් දක්වා ඉහළට

ඊයේ(19) රාත්‍රී 11.55 වන විට තවත් ආසාදිතයින් සිව් දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1027 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ දිනයේදී පමණක් වෛරස් ආසාදිතයින් 35 දෙනෙකු හඳුනා ගෙන තිබේ. ඊයේ පස්වරුවේ වෛරස් ආසාදිතයින් 28 දෙනෙකු පළමුව හඳුනා ගැණුනු අතර ඔවුන් සියලුදෙනා ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට […]

ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම අද

රට වෙනුවෙන් දිවි පිදූ විරෝධාර රණවිරුවන් සැමරීම වෙනුවෙන් සංවිධානය කෙරෙන 11 වන ජාතික රණවිරු අනුස්මරණ සැමරුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(19) පැවැත්විමට නියමිතව තිබේ. බත්තරමුල්ල ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී අද පස්වරු 04.00ට ආරම්භ වන සැමරුම් උත්සවය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ආරක්ෂක ලේකම්වරයා, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා ඇතුළු විශාල පිරිසක් සහභාගිවිමට නියමිත […]

කුවේට්හි රැකියා අහිමිවු ලාංකිකයින් ‍මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු අද සිට

කුවේට් රාජ්‍යයෙහි සේවය කිරිමේ අවස්ථාව අහිමි වූ ශ්‍රී ලාංකිකයන් සඳහා එරට විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදුසමා කාලය තුළ මෙරටට ගෙන්වා ගැනිමේ කටයුතු අද(19) සිට ආරම්භ කර තිබේ. කුවෙට් හි සිටි ශ්‍රී ලාංකිකයින් 460 දෙනෙකු පමණ මෙරටට පැමිණිමේ අපේක්ෂාවෙන් සිටින අතර ඔවුන් අදියර කිහිපයක් යටතේ මෙරටට ගෙන්වා ගැනිමට නියමිත බව විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේය. […]

විජයග්‍රහණයේ සැමරුම හෙට ජනපතිගේ ප්‍රධානත්වයෙන්

විජයග්‍රහණයේ 11 වන සැමරුම හෙට (19 වැනිදා) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රණවිරු ස්මාරකය ඉදිරිපිටදී ඉතාමත් චාම් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. ඒ අනුව පස්වරු 4ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් විජයග්‍රහණයේ සැමරුම පැවැත්වීමට නියමිතය. කොවිඩ් 19 වසංගතය පැවතියද විජයග්‍රහණයේ සැමරුම පැවැත්වීමට අවශ්‍ය සියලු […]

අදත් සුළග සමග තද වැසි

බෙංගාල බොක්ක ආශ්‍රිත අම්ෆන් සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය වීම නිසා අද (18 වැනිදා) දිනයේදී බස්නාහිර ඇතුළු පළාත් වල තද වැසි සහ සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවැති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් (අම්ෆන්) දක්වා වර්ධනය වී ත්‍රිකුණාමලයේ සිට ඊසාන දෙසින් කිලෝමීටර් 610ත් […]

කොරෝනා ආසාදිතයින් ගණන 949 දක්වා ඉහළට

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 949 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. අද මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයන් 12දෙනෙකු වාර්තා වීමත් සමඟ ආසාදිතයන් ගණන ඉහළ ගොස් තිබේ.   කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 937 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. අද මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත තවත් පුද්ගලයකු […]

මංගල චෝදනාව පිළිගනියි

ඉකුත් ජනාධිපතිවරණ සමයේදී පුත්තලමේ ලියාපදිංචි ඡන්ද දායකයන් පිරිසක් සිලාවතුර ප්‍රදේශයට ලංගම බස්රථ මගින් රැගෙන යාමට එවක මුදල් අමාත්‍යවරයා ලෙස ඊට වැයවන මුදලට තමන් අනුමැතිය ලබාදුන් බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ඔහු මේබව ප්‍රකාශ කළේ එම සිද්ධිය සම්බන්ධ විමර්ෂණ සදහා ප්‍රකාශයක් ලබාදීමට ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේදීයී. ඉකුත් ජනාධිපතිවරණ සමයේදී එවක අමාත්‍යවරයෙකු […]

කොවිඩ් නසන්න බටහිර-ආයුර්වේද හවුල් ප්‍රතිකර්මයක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූවන්ට බටහිර සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රම දෙකම භාවිත කරමින් ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වෙයි. මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි. ආයුර්වේද දෙපාර්තමේන්තු නිලධාරීන්, ආයුර්වේද පාරම්පරික වෛද්‍යවරුන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. එම වෛද්‍යවරුන් ලබාදුන් වෛද්‍ය ප්‍රතිකර්ම ක්‍රම සෞඛ්‍ය […]

දෙස් වි‌දෙස් සංචාරකයන්ට ජූලියේදී හෝටල් විවෘතයි

ජූලි මාසය වන විට සියලුම සංචාරක හෝටල් දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා විවෘත කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත. එහිදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය නිර්දේශ හෝටල් හිමියන්ට ලබාදී ඇති බව අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු පැවැසුවාය. මේ සම්බන්ධයෙන් ලබන සතියේදී විශේෂ රැස්වීමක් පැවැත්වීමට අපේක්ෂා කරන බවද ඇය සඳහන් කළාය. සංචාරක හෝටල් විවෘත කිරීම සඳහා වූ […]

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 889 ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 889 ක් දක්වා ඉහළ ගොස් තිබේ. තවත් කොවිඩ්-19 ආසාදිතයින් 5 දෙනෙක් ඊයේ(12) රාත්‍රී 11.30 වන විට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පහ වසර ශිෂ්‍යත්වයේ සිට සරසවියෙන් පිටවෙනතුරු එකම විභාග අංකයක්

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ සිට සරසවි අධ්‍යාපනය අවසන් වන තුරු ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා එකම විභාග අංකයක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. ඒ සඳහා දත්ත පද්ධතියක් සකස් කරන අතර එහි කටයුතු සියයට අනූවකින් අවසන් බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත ප්‍රකාශ කරයි. ඒ අනුව පහ වසර ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය […]

මගුල් කන්න පුළුවන්: සිප ගන්න තහනම්

මනාල යුවළ ඇතුළු අමුත්තන් සිප ගැනීම සහ අතට අත දීමෙන් වැළකී ස්පර්ශ නොවන වෙනත් ආචාර ක්‍රම භාවිත කරමින් මංගල උත්සව පැවැත්වීමේ සෞඛ්‍ය නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර ඇත. කොවිඩ් 19 වෛරසය පැතිරීම ආරම්භ වීමට ප්‍රථම මංගල උත්සව ශාලාවලට ඇතුළු කළ අමුත්තන් සංඛ්‍යාවෙන් අඩක් උත්සව ශාලාවට ඇතූළු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් […]

වසර දෙකකින්ම රැකියාව නෑ තොරණ ශිල්පීන් අසරණ වෙලා

රටේ බහුතරයක් බෞද්ධයන්ගේ ආගමික භක්තිය වර්ධනය කිරීම පිණිස විශාල ආර්ථික ප්‍රශ්‍්න දරාගනිමින් වෙසක් තොරණ ඉදිකළ ද, වසර දෙකකින් රටේ හදිසි තත්ත්වයන් මත ඒවා මහජන ප්‍රදර්ශනය වෙනුවෙන් ප්‍රදර්ශනය නොකිරීම නිසා තොරන් නිර්මාණයේ නියුතු බොහෝ පිරිසක් ආර්ථිකමය වශයෙන් අසරණ වී ඇති බව ග්‍රෑන්ඩ්පාස් ශ්‍රී වෛශාඛ්‍ය සම්බුද්ධාලෝක තොරණ කමිටුවේ ලේකම් ආර්.එම්.ඒ.පී. වරාගොඩ මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය. අඩිපනහක් උසැති […]

ඇඳිරිය කොළඹට ගම්පහට පමණයි

දැනට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේත් වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේත් ඇඳිරි නීතිය ලබන සතිය මැද සිට ඉවත් කිරීමට ඉඩ ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි. මෙම දිස්ත්‍රික්ක දෙකේ කොරෝනා ව්‍යාප්තිය පාලනය වීමත් අනතුරුදායක තත්ත්වය පහව යෑමත් නිසා එම දිස්ත්‍රික්ක දෙක සාමාන්‍ය කටයුතු සඳහා විවෘත කරන ලෙස රජයට ඉදිරිපත් වූ යෝජනාව ගැන […]

සතොස ලබන සදුදා සිට විවෘත කිරිමට සැලසුම්

දිවයිනපුරා ලංකා සතොස වෙළඳසැල් ලබන සදුදා සිට විවෘතව තැබීමට සැලසුම් කර තිඛේ. ජනතාවට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනිම සඳහා අවශ්‍ය පහසුකම් සැපයිම තවදුරටත් සිදුකරන බවයි සතොස සභාපති නුෂාඩ් පෙරේරා මහතා පැවසුවේ. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමය කරමින් කටයුතු කිරිමට සේවකයින්ට උපදෙස් ලබා දී ඇති බව සභාපතිවරයා පැවසීය.

වෙසක් පෝ දා මහර රැඳවියෝ 21 ක් නිදහස ලබති

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ මහර බන්ධනාගාරයේ රදවා සිටි සුළු වැරදි සම්බන්ධයෙන් සිර දඩුවම් විදි සිරකරුවෝ 21 දෙනෙක් නිදහස ලැබූහ. ජනාධිපතිවරයා විසින් පිරිනමනු ලබන විශේෂ රාජ්‍ය සමාව යටතේ මෙම රැදවියන් පිරිස අද(07) වෙසක් පොහෝ දිනයේ දී මෙලෙස නිදහස ලබා පිටව ගොස් ඇත. නිතී විරෝධී මත්පැන්, බීමත්ව රිය පැදවීම, සොරකම් හා නඩත්තු […]

සිසුන් රැගෙන ඒමට සිංගප්පූරුවට යානයක් පිටත්ව යයි

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 180 ක් යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (06) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය . ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 302 දරන විශේෂ ගුවන් යානය අද  උදෑසන 7.30 ට කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරුව බලා පිටත්ව […]

වසංගත කාලේ මිලියන 50ක සුරාබදු වැටලීම්

කොවිඩ් වසංගත කාලයේ සුරාබදු දෙපාර්තමේන්තුව රට පුරා සිදුකළ 2086ක් වූ වැටලීම්වලින් 1804ක්ම නීතිවිරෝධි මත්පැන් ආශ්‍රිත වැටලීම් බව වාර්තා වෙයි. නීතිවිරෝධි මත්පැන් නිෂ්පාදනය, අලෙවිය, ප්‍රවාහනය, මහ රා සන්තකයේ තබා ගැනීම වැනි වැරදි යටතේ මෙම වැටලීම් සිදුකළ බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පවසයි. මෙම වැටලීම්වලින් සැකකරුවන් 2086ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇඳිරිනීතිය අවසන් වූ […]

වාරියපොල නාවික සෙබලාගේ පියාට සහ සොයුරාට පහර දුන් අය අතර පොලිස් නිලධාරියෙකුත්

කොරෝනා වෛරසය ආසාදනය වූ නාවික හමුදා සෙබළෙකු නිවසේ සඟවාගෙන සිටින බව පවසමින් අදාළ සෙබළාගේ පියාට සහ සහෝදරයාට වාරියපොළ කුරණව ප්‍රදේශයේ දී පසුගිය (30වැනිදා) පිරිසක් පහර දී ඇත. ප්‍රහාරයෙන් තුවාල ලැබූ දෙදෙනා වාරියපොළ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. මාස අටක් වයසැති දරුවාගේ සමේ රෝගයකට අවශ්‍ය ඖෂධ රැගෙන නාවික සෙබළාගේ බිරියගේ මහ ගෙදරට ගොස් ආපසු යන අතරමඟ දී […]

මධ්‍යස්ථාන 36 ක පුද්ගලයින් 4581 ක් තවදුරටත් නිරෝධායනයේ

ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුල පුද්ගලයින් 4581 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බව කොරෝනා වෛරසය පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. පුද්ගලයින් 4903 දෙනෙකු අදාල නිරෝධායන මධ්‍යස්ථාන තුලින් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර පිටව ගොස් ඇති බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි. නිරෝධායන මධ්‍යස්ථාන 36 ක් ත්‍රිවිධ හමුදාව යටතේ පාලනය වෙයි.

වරායේ භාණ්ඩ නිදහස් කර ගැනීමට සහන කාලයක්

කොළඹ වරායේ ගොඩගැසී ඇති බහාලුම්වල පවතින භාණ්ඩ ප්‍රමාද ගාස්තුවකින් තොරව නිදහස් කර ගැනීම සඳහා වරාය අධිකාරිය අවස්ථාව ලබාදී තිබේ. ඒ අනුව ලබන 7 වැනි දා දක්වා එම අවස්ථාව හිමිවේ. එමෙන්ම වරායෙන් භාණ්ඩ නිදහස් කර ගැනීමේදී මුදල් අය කිරීම ලබන 8 වැනි දා සිට නැවත ආරම්භ කරන බව වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක මහතා සඳහන් කළේ.

දේශීය කිරිපිටි මිල ඉහළට

දේශීයව නිෂ්පාදනය කරන කිරිපිටි මිල ඉහළ නැංවීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත. හයිලන්ඩ්, නෙස්ලේ සහ පැල්වත්ත කිරිපිටි සමාගම්වලට මෙලෙස කිරිපිටි මිල ඉහළ නැංවීමට අවසර හිමිවී තිබේ. ඒ අනුව කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 945 දක්වාද, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 380 දක්වාද වැඩි කිරීමට පියවර ගෙන ඇත. මෙලෙස කිරිපිටි මිල ඉහළ නැංවීම තුළින් […]