දිවයින පුරා පාසල් ඇරඹේ

0
87

කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තියෙන් පසු පාසල් විවෘත කිරීමේ පළමු අදියර  ආරම්භ වුණි.

ඒ අනුව විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් පමණක් අද රාජකාරි සඳහා වාර්තා කළ අතර සිසුන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ වන්නේ ජුලි මස 06 වනදා සිටය.

මේ අතර කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මාස 03 කට වැඩි කාලයක් වසාදමා තිබූ පාසල් අද විවෘත කළේ විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා පමණි.

විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් අද පෙරවරුවේ රාජකාරි සඳහා වාර්තා කළ අතර අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පාසල් කිහිපයක සෞඛ්‍යාරක්ෂණ වැඩසටහන් නිරීක්ෂණය කළේය.

අද සිට සතියක කාලයක් පාසල්වල විෂබීජහරණය මෙන්ම කාලසටහන් සකස් කිරීම් ඇතුළු පාසල් ආරම්භයට අදාළ කටයුතු සම්පාදනය සිදුකළ යුතු වෙයි.

පාසලේ සෞඛ්‍යාරක්ෂණ වැඩපිළිවෙළ පවත්වාගෙන යාම පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කිරීම් සිදුකළ අතර දෑත් සෝදා ගැනීම සඳහා සිසුන්ට අවශ්‍ය පහසුකම් පාසල්වල ස්ථාපිත කිරීම අනිවාර්යය වේ.

සිසුන් සඳහා පාසල් විවෘත කිරීම ආරම්භ වන්නේ ජුලි මස 06 වනදා සිටය.

ඒ අනුව  13, 11 සහ 5 ශ්‍රේණිවල සිසුන්ට පමණක් එදින සිට අධ්‍යයන කටයුතු ආරම්භ කෙරේ.

10 සහ 12 ශ්‍රේණි සඳහා ජූලි මස 20 වනදා සිටත් 3, 4, 6, 7, 8 හා 9 යන ශ්‍රේණි සඳහා ජූලි මස 27 වනදා සිටත් අධ්‍යයන කටයුතු ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

1 හා 2 ශ්‍රේණි සඳහා පාසල් විවෘත වන දිනය පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැත.

මේ අතර එළැඹෙන ජූලි 06 වනදා සිට දිවා සුරැකුම් මධ්‍යස්ථානයන්හි සමස්ත ධාරිතාවම සහිතව එම මධ්‍යස්ථාන විවෘත කර පවත්වාගෙන යාමට අවසර හිමි වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here