ජීවිතයක් රැක අවසන් ගමන් ගිය රිස්වාන්ගේ දරුවන්ට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්

0
95

ඉහළ කොත්මලේ ජලාශයට පැන දිවි හානි කරගැනීමට උත්සාහ කළ තරුණියක් බේරාගැනීමට ගිය තරුණයෙකු පසුගිය 22 වන දින දියේ ගිලි ජීවිතක්ෂයට පත්විය.

ආපදාවක දී උපකාර කිරීමට ජාති භේද නොමැති බව පසක් කරමින් දෙමළ ජාතික තරුණිය බේරාගැනීමට කඩිනමින් ඉදිරිපත් ව මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ මුස්ලිම් ජාතික තරුණයෙක්.

අවසානයේ දී දිවි නසා ගැනීමට තැත්කළ තරුණිය බේරා ගැනුණේ සිංහල ජාතික පොලිස් නිලධාරියෙකු ගේ මැදිහත්වීමෙන්.

ඉහළ කොත්මලේ ජලාශයට පැන දිවි හානි කරගැනීමට තැත් කළ තරුණියක් බේරා ගැනීමට ‍ගිය පුද්ගලයෙක් ඊයේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්විය.

මෙලෙස මියගියේ ලිඳුල රත්නගිරි ජනපදයේ පදිංචිව සිටි හමීඩ් රිස්වාන් නැමැති 28 හැවිරිදි පුද්ගලයෙක්.

දෙදරු පියෙක් වන ඔහුට 12 හැවිරිදි දියණියක් සහ 11 හැවිරිදි පුතෙකු සිටියි.

වෘත්තියෙන් පෙදරේරු අත්උදව්කරුවෙකු ලෙස කටයුතු කළ රිස්වාන්ට දිවි අහිමිවීමත් සමඟ පවුලට තිබූ එකම ආදායම් මාර්ගය ද අද අහිමිව ගිහින්.

ඒ අනුව දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු අවසන් වනතෙක් ශිෂ්‍යත්ව පිරිනැමීමට මනුසත් දෙරණ තීරණය කර තිබේ.

දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ පෙරවරුවේ නුවරඑළිය මූලික රෝහලේදී සිදුකෙරුණු අතර දේහය ඊයේ පස්වරුවේ නිවසට ගෙන ආවේය.

දේහය පිළිබඳ අවසන් කටයුතු ලිඳුල රත්නගිරි පොදු සුසාන භූමියේදී අද සිදුකිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here