ජගත් විතාන සජිත් අතහැර යයි..

0
34


බස්නාහිර පළාත් සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී සමගි ජනබලවේගයේ බුලත්සිංහල සංවිධායක ජගත් විතාන මහතා එම සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

තමන් ඉදිරියේ දී සියලු දේශපාලන කටයුතු ඉවත් වන බව ද ඔහු සඳහන් කර ඇත.

සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියකින් ඔහු මේ බව දැනුම් දී තිබේ.

තමන්ගේ පවුලේ කිසිවකු හෝ ඉදිරියේදී දේශපාලන නොකරන බවද පවසන ඔහු නමුත් තමන් ආරම්භ කළ ප්‍රජා සේවා පක්ෂ භේදයකින් තොරව ඉදිරියට ද සිදුකරන බවත් එම ලිපියේ සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here