ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

0
33


COLOMBO (News 1st) :

දේශීය පුවත්

1. අගමැති මහින්ද උතුරු – මධ්‍යම අධීවේගයේ හදිස්සි නිරීක්ෂණ චාරිකාවක : අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් උතුරු – මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් ඊයේ පෙරවරුවේ නිරීක්ෂණය කරනු ලැබිණි.

2. සියලු සිනමා ශාලා ලබන 27 වැනිදා සිට යළි විවෘත කෙරේ : දිවයිනේ සියලු සිනමා ශාලා ලබන 27 වැනිදා සිට යළි විවෘත කරන බව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි.

3. ධර්ම විනය ආරක්ෂා වන පරිදි කටයුතු කරන්න… මහා නාහිමිවරු සංඝරත්නයෙන් ඉල්ලති : ශාසන චිරස්ථිතිය සඳහා ධර්ම විනය ආරක්ෂා වන පරිදි කටයුතු කරන ලෙස ත්‍රෛනිකායික මහානායකහිමිවරුන් මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටී.

4. නාවික හමුදාව යාපනයේදී මි. 6 ක ගංජා වටලයි : කේරල ගංජා කිලෝග්‍රැම් 58 ක් සමග සැකකරුවන් දෙදෙනකු යාපනය, කාකරතිව් දූපතේදී අත්අඩංගුවට ගෙන තිබේ.

5. බන්ධනාගාර අපරාධකරුවන්ගේ ක්‍රීඩා පිටියක් බවට පත්වෙලා – නීතිපති දැන් පවතින බන්ධනාගාර අපරාධකරුවන්ගේ ක්‍රීඩා පිටියක් බවට පත්ව තිබෙන බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා පවසයි.

විදෙස් පුවත් ..

1. විවෘත කළ චෙන්නායි යළි ත් ‍Lockdown : කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාමත් සමග ඉන්දියාවේ, චෙන්නායි නරගය සහ ආසන්න දිස්ත්‍රික්ක තුනක් යළි වසා දැමීමට තමිල්නාඩු ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබේ.

ක්‍රීඩා පුවත්…

1. 2011 ක්‍රිකට් ලෝක කුසලානය පාවාදීම පිළිබඳ ප්‍රකාශයට ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්ගෙන් පැමිණිල්ලක් : 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග ශ්‍රී ලංකාව පැවති අවසන් මහා තරගය මුදලට හෝ වෙනයම් දෙයකට පාවා දුන් බවත්, ඒ පිළිබදව පැහැදිලි සාක්ෂි තමන් සතුව පවතින බවත් එවකට ක්‍රීඩා ඇමති වශයෙන් කටයුතු කළ මහින්දානද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ඒස්.රුවන්චන්ද්‍ර මහතා විසින් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

2. 2011 ලෝක කුසලාන අවසන් තරගය වික්කාද? : 2011 ලොක කුසලාන අවසන් තරඟය පාවා දුන් බවට හිටපු ක්‍රිඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ නිව්ස් ලයින් සමග කල ප්‍රකාශය මේ වනවිට මහත් ආන්දෝලනයකට හේතුවී තිබේ.



උණුසුම් පුවත්

  • ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
  • කොරෝනා ආසාදිතයින් ගණන 1950යි, 1446කට සුවයි
  • මහ මුහුදට සේදී ගිය මහජන මුදල්
  • 2011 ලෝක කුසලාන අවසන් තරගය වික්කාද?
  • ”අපි බඩගින්න නිවා ගත්තෙ, දානේ කාලා” – විමල් වීරවංශ
  • ධර්ම විනය ආරක්ෂා වන පරිදි කටයුතු කරන්න… මහා නාහිමිවරු සංඝරත්නයෙන් ඉල්ලති
  • සොයිසාපුර හෝටලට වෙඩි තැබූ සැකකරුවෙකුගේ නිවසකින් අවියක්
  • කංජිපානිගේ පියාට පහදුන් 19 හැවිරිදි සැකකරුවෙක් අල්ලයි
  • ඉන්දීය මහ කොමසාරිස් අගමැති හමුවෙයි
  • නාවික හමුදාව යාපනයේදී මි. 6 ක ගංජා වටලයි



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here