ක‍්‍රීඩා පොලීසියට සමහරු තැති අරන්

0
80

අපි කරලා තියෙන ඒවත් ඔය පොලිස් විශේෂ විමර්ශන ඒකකයට බලන්න පුළුවන්ද? එහෙම වුණොත් අපිටත් ඕකට යන්න වෙයි නේද? දැන්නම් ටිකක් අමාරු වෙයි” යැයි ජාතික ක‍්‍රීඩා සංගමයක ප‍්‍රධානියකු විමසා තිබුණි.

ක‍්‍රීඩාවට සම්බන්ධ පොලිස් විශේෂ විමර්ශන ඒකකය පසුගියදා විවෘත කිරීමත් සමඟ බොහෝ ක‍්‍රීඩා සංගම්වලට සම්බන්ධ පුද්ගලයන් තැති ගැන්වී සිටින බව දැනගන්නට තිබේ.

“ක‍්‍රීඩාවල තරග පාවාදීම, දූෂණය, නීති විරෝධී මෙහෙයවීම සහ නීති විරෝධී ඔට්ටු ඇල්ලීම වැළැක්වීම සඳහාද, වරදවල් විමර්ශනය කිරීම සඳහා විශේෂ විමර්ශන ඒකකයක් පත්කිරීම සඳහා ද සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරැණු සඳහා ද විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පතකි” ලෙස එම පනත හඳුන්වා දී තිබේ.

ඉහත කරුණු යටතේ වැරදිකරු වුවහොත් වසර 10ක සිර දඬුවමක් හෝ රුපියල් මිලියන 100ක උපරිම දඬුවම් පැනවීමේ බලය අධිකරණයට තිබේ.

ශ්‍රී ලංකා ජනතාවට ඕනෑම ක‍්‍රීඩාවක් සම්බන්ධ වැරැද්දක් හෝ දූෂණයක් සම්බන්ධයෙන් සැකයක් පවතී නම් මෙම ඒකකයට පැමිණි කළ හැකිය.

මෙම විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්‍ෂවරයා ලෙස කීර්තිමත් විමර්ශන නිලධාරියකු වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතා ද, නියෝජ්‍ය ප‍්‍රධානියා ලෙස පොලිස් අධිකාරී එස්. එම්. ජේ. සමරනායක මහතා ද, කටයුතු කරති.
ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා නිවේදනයක් නිකුත් කරමින්  පැවසුවේ සාග් ක‍්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා පාපැදි කණ්ඩායම ‘ඩවුන් හිල්’ තරගයට ඉදිරිපත් වීම සහ ඉවත්වීම පිළිබඳව සිද්ධිය පළමු පැමිණිල්ල විමර්ශන ඒකකයට ලැබෙනු ඇති බවයි.

“වුෂූ, පැසිපන්දු සහ වොලිබෝල් යන කණ්ඩායම් යන කණ්ඩායම් කත්මණ්ඩු නුවරදී ක‍්‍රියාකළ ආකාරය පිළිබ`දව පැමිණිළි ලැබී ඇති හෙයින් ඒ පිළිබ`දව සොයා බැලීමට කමිටුවක් පත්කර ඇත” යනුවෙන් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
මෙම ඒකකයට පැමිණි රැසක් ලැබෙනු ඇතැයි ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය තුළ දැඩි විශ්වාසයක් පවතී. කෙසේ වෙතත් එම පැමිණිවලට ද සෙසු ආයතනවලට කරන පැමිණිලිවලට අත්වන ඉරණම අත්නොවේ යැයි ශ්‍රී ලංකා ජනතාව ප‍්‍රාර්ථනා කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here