කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් හමුවන රටවල්

0
87

ලොව පුරා කොවිඩ් ආසාදිතයන් ගණන ලක්ෂ එකසිය දෙක ඉක්මවයි.

අද වන විට ලොව පුරා රටවලින් වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන ලක්ෂ එකසිය දෙක ඉක්මවයි.

සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාවද ලක්ෂ 5 ඉක්මවයි.

සමස්ත ගෝලීය ආසාදිතයන්ගෙන් හතරෙන් එකක ප්‍රමාණයක් වාර්තා වන්නේ අමෙරිකාවෙන්.

නව කොවිඩ් ආසාදිතයන් පොකුර පාලනය කිරීම සඳහා චීනයේ බීජිං අගනුවර ආසන්නයේ පුද්ගලයන් ලක්ෂ පහක් පමණ දැඩි සංචරණ සීමාවලට යටත් කර තිබේ.

එමෙන්ම නගරයේ කොවිඩ් පරීක්ෂණ වේගවත් කිරීමටද බලධාරීන් පියවර ගෙන ඇති අතර බීජිං ජනගහණයෙන් තුනෙන් එකක් පමණ මේ වන විටත් පරීක්ෂණයට බඳුන් කර අවසන්.

කොවිඩ් ශුන්‍ය භූමියක් බවට ප්‍රකාශ කර තිබූ බීජිං නගරය යළි කොවිඩ් අවදානමට ලක්වුණේ මේ මස මැදභාගයේදී ෂින්ෆාඩි තොග වෙළඳපල ආශ්‍රිතව ආසාදිතයන් පොකුරක් හඳුනා ගැනීමත් සමගයි.

චීනයෙන් අද වන විට වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 83,500 ක්.


මේ අතර සර්බියාවේ ආරක්ෂක ඇමති අලෙක්සන්දර් වූලින්ට සහ එරට පාර්ලිමේන්තුවේ කතානායිකා මායා ගෝයිකොවිච්ට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.


අමෙරිකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන අද වන විට ලක්ෂ 26 ඉක්මවා ගොස් තිබේ.

වාර්තාවන කොවිඩ් මරණ සංඛ්‍යාව 128,437 ක්.

ඊයේ දිනයේදී එරටින් වාර්තාවී තිබුණේ කොවිඩ් මරණ 285 ක් පමණයි.

කෙසේ වෙතත් ඊයේ අමෙරිකාවෙන් ආසාදිතයන් 40,000කට වැඩි පිරිසක් හඳුනාගෙන තිබේ.

මේ අතර නිරීක්ෂණ පද්ධතියේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඊයේ දිනයේ දී ටෙනසි ප්‍රාන්තයේ කොවිඩ් දත්ත නිකුත් කර නොමැති බවත් විදෙස් වාර්තා සඳහන් කළේය.

මෙවන් පසුබිමක් තුළ රටේ තරුණ ප්‍රජාව කොවිඩ් පරීක්ෂණ සිදුකර ගැනීම සඳහා දිරිමත් කිරීමටත් මුඛ ආවරණ පැළඳීම සඳහා ජනතාව පෙළඹවීමටත් උප ජනාධිපති මයික් පෙන්ස් කටයුතු කරමින් සිටී.

————————————-

බ්‍රසීලයේ කොවිඩ් මරණ සංඛ්‍යාව 57,658 දක්වා ඉහළ දමමින් එරටින් කොවිඩ් මරණ 555 වාර්තා වී තිබුණි.

හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දහතුන් ලක්ෂ හතළිස් පන්දහසකට අධිකයි.

කොවිඩ් වෛරසයට එන්නතක් සොයාගැනීම සඳහා බ්‍රසීල රජය බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඖෂධ සමාගමක් සමගින් ගිවිසුමකට එළඹෙන බව ඊයේ නිවේදනය කළේය.


ඉන්දියාවෙන් ඊයේ වාර්තාවූ කොවිඩ් මරණ සංඛ්‍යාව 384 ක්.

ඒ සමග එරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,487 දක්වා ඉහළ ගිය අතර හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් පිරිස පන් ලක්ෂ පනස් දහසට ආසන්නයි.


අමෙරිකාවෙන් පැනවූ සම්බාධක සහ කොවිඩ් වසංගතය හේතුවෙන් ඉරානයට මේ වර්ෂය දුෂ්කරම වර්ෂය බවට පත්ව ඇතැයි ජනාධිපති හසන් රවුහානි පවසයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2018 න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත්වීමෙන් අනතුරුව ඉරානයට එරෙහිව පැනවූ සම්බාධක නිසා මතුවූ ආර්ථික ගැටළු කොවිඩ් වසංගතයත් සමග වඩාත් උග්‍රවූ බව ඔහු පෙන්වා දෙයි.


මේ අතර කොවිඩ් වසංගතය නිසා කල්දැමූ ප්‍රංශයේ මහ නගර සභා මැතිවරණයේ දෙවන වටය මේ වන විට පැවැත් වෙයි.

එහි පළමු වටයේ ඡන්ද විමසුම මාර්තු 15 වන දින පැවති නමුත් දෙවන වටයේ ඡන්ද විමසුමට කොවිඩ් වසංගතය හරස් වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here