කතානායකවරයා පියවරක් ගන්නා තුරු කාරක සභාවේ කැඳවීම ප්‍රතික්ෂේප කරනවා

0
155


පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනීසිට සාක්ෂි ලබාදෙන ලෙස යලි සිහිකැඳවීමක් කළ ද නීතිපතිවරයා කළ දැනුම්දීම සභාගත කර කතානායකවරයා ඊට ප්‍රතිචාර දක්වන තුරු කාරක සභාව හමුවේ පෙනී නොසිටින බව ශ්‍රීලනිප මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසා තිබේ.

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට ඊයේ(29) දයාසිරි ජයසේකර මහතා කැඳවා තිබුණ ද ඒ මහතා කොමිසම හමුවේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කර තිබුණි.

දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර ඇත්තේ ප්‍රහාරය සම්බන්ධව ගොනුකර ඇති නඩු 5කට කාරක සභාවේ කටයුතුවලින් බලපෑම් එල්ලවන බවත් එය නීතිපතිවරයා විසින් ජූනි 4 වැනිදා ජනාධිපති ලේකම්වරයාට දන්වා ඇති බවත්ය.

ඒ සම්බන්ධව කතානායකවරයා පියවරක් ගන්නා තුරු තමා කාරක සභාව හමුවේ පෙනී නොසිටින බව දයාසිරි ජයසේකර මහතා පවසයි.

කෙසේ වෙතත් තේරීම් කාරක සභාව මීලඟට රැස්වන දිනයේදී ද දයාසිරි ජයසේකර මහතාට පෙනීසිටින ලෙස දන්වන බව එම කාරක සභාවේදී ප්‍රකාශයට පත්විය.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here