ඉඳුරුව ගල්කන්ද ශ්‍රී විජය ධම්ම පිරිවෙනේ පරිවේණාධිපති ඝාතනය කෙරේ

0
88

ඉඳුරුව ගල්කන්ද ශ්‍රී විජය ධම්ම පිරිවෙනේ පරිවේණාධිපති පුජ්‍ය යටියන බුද්ධානන්ද හිමි  යම්කිසි පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇත.

උදෑසන විහාරස්‌ථානයට පැමිණි පිරිසක් බුද්ධානන්ද හිමි කැපුම් තුවාල සහිත ව බිම වැටී සිටින ආකාරය දැක ඒ බව කොස්ගොඩ පොලීසියට දැනුම් දී තිබේ.

පුජ්‍ය යටියන බුද්ධානන්ද හිමි 73 හැවිරිදි වියේ පසු වූ අතර යම්කිසි සොරකමකට පැමිණි පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය සිදු කළේ ද යන්න සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ පවත්වන බව අප වාර්තාකරු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here