ඉතිහාසයේ මුල්වරට කාන්තා විදුහලට පාසල් නෙට්බෝල් ශූරතාවක්

0
186


ඉතිහාසයේ මුල්වරට සමස්ත ලංකා පාසල් නෙට්බෝල් ශූරතාවලියේ 18න් පහළ ශූරතාව කොළඹ කාන්තා විදුහල හිමිකර ගනියි. කොළඹ කාන්තා විදුහල මෙලෙස ශූරතාව හිමිකර ගත්තේ කුරුණෑගල ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය ලකුණු 38 – 37ක් ලෙස පරාජයට පත්කරමිනි. කුරුණෑගලදී පෙරේදා පැවැති මෙම තරගාවලියේ අවසන් වටයේ තරග පැවැත්විණි.

පසුගිය වසරේ අනු ශූරතාව දිනාගත් කාන්තා විදුහල විශාල ප්‍රගතියක් පෙන්නුම් කරමින් ප්‍රබල ක්‍රීඩා විලාශයක් දැක්වීම කැපී පෙනුණි. කාන්තා විදුහලේ නෙට්බෝල් කණ්ඩායම මෙලෙස ඉතිහාසයේ ඉහළම දස්කම් දැක්වූයේ විදුහල්පතිනි ඊෂා ස්පෙල්ඩවින්ඩ් මහත්මියගේ මඟ පෙන්වීම හේතුවෙන් බව පුහුණුකරු දීප්ත සෙනරත් බණ්ඩාර මහතා ‘දිනමිණ‘ ට පැවැසීය. එමෙන්ම සහය පුහුණුකාරිණී පුෂ්පා නවරත්න, ක්‍රීඩා භාර ප්‍රධානී බ්‍රෙන්ඩා රාජපක්ෂ හා ක්‍රීඩා සම්බන්ධීකාරක කමලා කුලතිලක යන මහත්මීන් කැපවී ක්‍රියා කළ බව සෙනරත් බණ්ඩාර මහතා සඳහන් කළේය.

මෙම තරගාවලියේ 18න් පහළ තෙවැනි ස්ථානය මියුසියස් විදුහල සතුකර ගත්හ.

සමස්ත ලංකා පාසල් නෙට්බෝල් ශූරතාවලියේ වසර ගණනාවක් පිට පිට ශූරතා ඉසිලූ කුරුණෑගල ශුද්ධවූ පවුලේ කණ්‍යාරාමය මෙවර 16න් පහළ හා 20න් පහළ ශූරතා දෙකම හිමිකර ගත්තේය.

16න් පහළ අවසන් තරගයේදී කුරුණෑගල ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය වෙතින් ලකුණු 23-18ක් ලෙස මියුසියස් විදුහල පරාජය වූ අතර එහි තෙවැනි ස්ථානය කලුතර බාලිකාවෝ දිනා ගත්හ.

හා 20න් පහළ අවසන් තරගයේදී කුරුණෑගල ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය වෙතින් ලකුණු 40-19ක් ලෙස මහනුවර හිල්වුඩ් විදුහල පරාජය විය. තෙවැනි ස්ථානය කලුතර බාලිකා විදුහලට හිමි වූ අතර වෙනදා ප්‍රබල දස්කම් දක්වන කොළඹ විශාකා විදුහල තරගාවලියට එක්ව නොතිබිණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here