ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීමක්

0
49

ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ලෝගර් පළාතේ මෝටර් රථ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පිපිරීමෙන් හමුදා භටයන් කිහිපදෙනෙකු ඇතුළු තවත් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මිය ගිය පිරිස අතර  ළමුන් කිහිප දෙනෙක් ද වන බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු ත්‍රස්ත සංවිධානයක් විසින් භාර ගෙන නොමැත.

තම සංවිධානය ප්‍රහාරයට සම්බන්ධ නොමැති බව තලේබාන් සටන්කාමීන් ප්‍රකාශයක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here